Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 22 January 2014

චීනයේ Change චන්ද්‍ර ගවේෂණ යානයෙන් ගන්නා ලද සඳෙහි පැනොරාමා ඡායාරූපය......

චීනයේ ප්‍රථම සඳගමන සිහිවීම වෙනුවෙන් නිකුත්කරන ලද සමරු මුද්දර හා සමරු පදක්කම
චීනය දියත් කරන ලද "චැන්ගේ" නම් චන්ද්‍රයානය 2013 දෙසැම්බර් 14 වැනිදා සඳමතට ගොඩබසින ලදී. මෙම යානය චැන්ගේ ලෙස නම්කරන ලද්දේ චීන පුරාවෘත්තවලට අනුව සඳට අධිපති දෙවඟන වූ "චැන්ගේ" වෙනුවෙනි. කිලෝග්‍රෑම් 1200ක් බරින් යුතුවූ මෙය රොකට් මෝටර් ආධාරයෙන් සඳමතට සීරුවෙන් ගොඩබස්වන ලදී (soft landing). විද්‍යාත්මක උපකරණ හා කැමරාවලට අමතරව මෙම ලෑන්ඩරය කිලෝග්‍රෑම් 140 බර කුඩා සඳ ගවේෂණ රෝවරයක්ද රැගෙන ආ අතර එයට "යූ-ටූ" යනුවෙන් නම් තබා තිබේ.



යූ-ටූ යනු සඳ දෙවඟන වූ චැන්ගේ දෙව්දුවගේ සුරතල් හාපැටවාගේ නමවේ. යූ-ටූ යන චීන වදනේ තේරුම "jade rabbit" යන්නයි. ජේඩ් යනු කොළ පැහැති මැණික් ගල් විශේෂයකි.

මාස තුනක කාළයක් පුරා වර්ග කිලෝමීටර් 3ක ප්‍රදේශයක් ගවේෂණය කිරීම මෙහි ඉලක්කය වනවා. සූර්ය කෝෂ මගින් බලගැන්වෙන මෙය පෘථිවි දින 14ක් දිගු චන්ද්‍රයාගේ දිවා කාලයේ එක දිගටම ගවේෂණයේ යෙදෙනු ඇති අතර ඉන් පසුව එලබෙන පෘථිවි දින 14ක රාත්‍රීකාලයේදී "" හෙවත් නිද්‍රාශීලී ආකාරයෙන් ගත කරනු ඇත. එම කාලයේදී චන්ද්‍රයාගේ අධික ශීතලෙන් රෝවරයේ සූක්ශ්ම විද්‍යා උපකරණ හා පරිපථ ආරක්ශාකරමින් ඒවා උණුසුම්ව තබාගැනීමටත්, යානයේ අත්‍යවශ්‍ය පරිගණක වැනි උපකරණ ක්‍රියාත්මක කරවාගෙන තැබීමටත් අවශ්‍ය උණුසුම හා විදුලිබලය "radio isotope heater unit" හෙවත් විකිරණශීලී සමස්ථානික මගින් ක්‍රියාත්මක වන තාපකයක් මගින් ලබාදෙන ඇත.


Saturday, 18 January 2014

වර්ෂ 1908 දී මඩකලපු මුහුද අවට ගිලීගිය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ නැව සොයා ගැනේ


ඈත මුහුදේ සුන්දරත්වය විඳිමින් ගැඹුරු දියඹේ ගමන් කරන්නා වූ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඇත්තෝ මේ සොයන්නට යන්නේ තවත් සුන්දර කතාන්දරයක්‌ කියෑවෙන ගිලී ගිය නැවක්‌ පිළිබඳවය. මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස්‌ තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව සොයායන යන මෙම මුහුදු ගමන බියකරු වූ ද සොඳුරු වූද සිතුවමකි.

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ සිදු කරනු ලැබූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලීගොස්‌ තිබූ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ විශාලම නැව හඳුනා ගැනීමට පසුගියදා සමත් වූහ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ සිදු කරනු ලැබූ ගවේෂණවලදී මෙතෙක්‌ මේ ප්‍රදේශයේ ගිලීගොස්‌ තිබූ නැව් 17 ක්‌ සොයා ගැනීමට ද හැකිවී ඇති බව ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

මේ නැව සම්බන්ධයෙන් තොරතුරු පරිශීලනය කළ මේ ඒකකයේ ගවේෂණ නිලධාරී රුක්‌ෂාන් ප්‍රියනන්දන මහතා අතීත නැව් වාර්තා අධ්‍යයනය කරමින් මේ නැව 1908. 09. 26 වැනි දින මඩකලපුව නාවලඩි කලපුව අසල මුහුදේ ගිලීගොස්‌ තිබූ සර් ජෝන් ජැක්‌සන් නමැති නැව බව තහවුරු කරගෙන ඇතැයි හෙතෙම පැවසීය.

සර් ජෝන් ජැක්සන් නෞකාව ගිලීගිය ස්ථානය ... 


මේ නැව පිළිබඳව පළමු ඔත්තුව ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේ කිමිදුම්කරුවකු වන ජී. යෝගරාජා නමැති අයකු බව හෙතෙම පැවසීය.

එදා සයිගොන් ලෙස හඳුන්වනු ලැබූ වර්තමාන වියට්‌නාමයේ හෝචිමින් වරායේ සිට කොළඹ හරහා ප්‍රංශයේ මාසේලීස් වරායට සහල් සහ තිරිඟු පටවාගෙන යමින් සිටියදී නැවෙහි ගල් අඟුරු හිඟ වීම නිසා ඒවා ලබා ගැනීමට ගොඩබිම ආසන්නයට පැමිණීම හේතුවෙන් මේ නැව මෙසේ මුහුදු බත්වී ඇතැයි රුක්‌ෂාන් මහතා තවදුරටත් පෙන්වා දෙයි.

මෙය බොයිලේරු පහකින් සහ අවර පෙති දෙකකින් යුක්‌ත නැවක්‌ වුවද නැවට සම්බන්ධව එහි තිබුණේ එක්‌ අවර පෙත්තක්‌ බවත් අනෙක වෙනත් තැනක තිබී හමුවූ බවද පවසයි.

නෞකාවේ සම්පූර්ණ බර ටොන් 2767 කි. එහි කපිතාන්වරයා විලියම් ග්‍රීන් නමැත්තෙකි. නැව නිපදවා ඇත්තේ 1905 දී මහා බ්‍රිතාන්‍යයේ හෝඩන්-ඔන්-ටයින් කෝරළයේ නොදම්බර්ලන්ඩ් නැව් නිපදවන ආයතනය විසිනි. පසුව මෙය ලන්ඩනයේ වෙස්‌ට්‌ මිනිස්‌ටර් සමාගම යටතේ එම සමාගමේ නැවක්‌ ලෙස ලියාපදිංචි කර ඇති අතර එහි දිග අඩි 360 කි. පළල අඩි 47 අඟල් 6 ක්‌ සහ ගැඹුර අඩි 20 ක්‌ පමණ වේ.

මේ කාලය වනවිට මඩකලපුව ආශ්‍රිත මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියෑළෙන ලාංකික ධීවරයන්ගේ පහසුව පිණිස වෙරළේ ලාම්පු සවි කර තිබිණි. එම එළි ඔස්‌සේ මේ නැව ගමන් කිරීමේදී සලකුණු වැරදීමෙන් නැව බ්‍රීනස් ශෝල් (Brennus Shoal: shoel=ගිලුණු කොරල් කණ්ඩිය) කොරල් පරයේ වැදී අනතුර සිදුවී ඇති බවත් මීට පෙර මෙවැනිම ආකාරයේ තවත් නැවක්‌ මේ ගල් පරයේ හැපී ගිලී ගොස්‌ තිබූ බව ද පවසන රුක්‌ෂාන් මහතා එම නැවද මේ නැව අසලදී සොයා ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැවසීය. මෙම ගල් පරයට බ්‍රීනස් ශෝල් යනුවෙන් නම් තබා ඇත්තේ ඒ එම පරයේ වැදී 1881 වසරේ ජූලි 7වැනි දින මුහුදු බත්වුනු එස්.එස් බ්‍රීනස් නෞකාව සිහිවීම සඳහාය.




1908 වසරේදී කොළඹදී පැවත්වුනු, සර් ජෝන් ජැක්සන් නෞකාවේ අණතුරට පත්වූම පිලිබඳ විමර්ශණ වාර්තාවේ සාරාංශය. මෙය පවත්වන ලද්දේ එවක කොළඹ ප්‍රදේශයේ දිසා විනිසුරු වරයා වූ හර්මන් ලූස් මහතා විසිනි.

මූලාශ්‍රය : http://www.plimsoll.org/resources/SCCLibraries/WreckReports2002/19610.asp

Unique ID:19610
Description:BOT Wreck Report for 'Sir John Jackson', 1908
Creator:Board of Trade
Date:1908



"SIR JOHN JACKSON" (S.S.).

REPORT of a Court of Inquiry held by the District Judge of Colombo into the circumstances attending the wreck of the s.s. "SIR JOHN JACKSON" on a reef off Batticaloa, Ceylon, on 26th September, 1908.

1. The s.s. "Sir John Jackson," of the Port of London, of the register tonnage of 2767 tons, her Official Number being 120607, had on board a cargo of rice and maize and was on her way from Haiphong via Saigon, Sabang, Colombo and other ports to Marseilles. On the 19th September last she left Sabang, at which port 75 tons of coal were taken on although there was enough coal on board to take the ship to Colombo under ordinary circumstances.

2. The master of the ship—William Green—stated that the extra 75 tons of coal were taken on as an extra precaution.

3. After leaving Sabang the ship encountered very rough monsoon weather, strong seas and heavy currents, with the result that instead of making her usual 9 knots an hour the ship sometimes made only 3.4 knots and the voyage to Ceylon took twice as long as in moderate weather; and finding that the coal was running out the master on the 25th September abandoned the idea of making for Colombo and determined to make for Point de Galle.

4. At midnight on the 25th September finding that he had only 13 tons of coal on board the master determined to make for Trincomalee instead of Point de Galle. At 0.45 a.m. on the 26th he accordingly altered his course for Trincomalee, put out one of the boilers and steamed along with two boilers. The wind was then blowing from behind, and the ship was kept on that course till about 3.15 p.m., when land came in sight, and at 3.40 p.m. the course was altered to north north-west. At noon the master had abandoned the idea of making for Trincomalee and had determined to make for Batticaloa, as he had only 9 tons of coal left which he considered insufficient to take the ship to Trincomalee.

5. At 4.30 p.m. the course was altered to north-west north half north; at 6 p.m. to north-west half west; at 6.40 p.m. to north-west, west half west. At that time the native craft in the Batticaloa roads could be seen, though not the town of Batticaloa, and the master calculated that the ship must then have been about tour miles from the roads.

6. At 7.10 p.m. he had run his distance and should have been at Batticaloa, but was not. He then altered the course to west north-west and could see a string of lights all of the same description and with no stand out light—he reckoned he was three miles off then.

7. At 7.20 p.m. the boatswain (who had been at the lead since 6.45 p.m.), for the first time found bottom and reported "5 fathoms," and a second or so afterwards the ship, which was going "dead slow," struck. The order to stop and go full speed astern was then given, but the ship was fast on the rocks.

8. The master judged that he was then about 3 miles off, but next morning he found that he was only about 1 1/2 or 1 3/4 miles away from Batticaloa and on the Brennus Shoal, which is not marked on his chart—a blue back chart corrected up to 1905 supplied to him by the owners of the ship.

9. At the time the ship struck there were about 5 tons of coal left.

10. It seems clear that the master did everything that was possible to secure the safety of the ship. In trying to make for Batticaloa, there is no doubt he adopted the course most likely to secure that safety. Having arrived off Batticaloa with only a few tons of coal left, he could not keep out at sea throughout the night in the rough weather prevailing at the time, and he was accordingly compelled to make for the port. According to the evidence of the master and the chief officer, which there is no reason to doubt, the Batticaloa light, which should have been visible and distinguishable from the other lights, was not so on the night in question.

11. The mishap was due to an error of judgment on the part of the master in heading the ship towards the roads when he did—an error induced by the unfortunate circumstances prevailing at the time—circumstances over which he had no control.

26th October, 1908.

HERMANN A. LOOS,

Acting District Judge

(Issued in London by the Board of Trade on the 15th day of December, 1908.)

120 Wt 4 12/1908 D & S 1 34422 




Tuesday, 14 January 2014

අධිවේගී මෝටර් රථ ලොවට අලුතින් පැමිණි කොරියන් සුන්දරිය....

KIA GT4 Stinger 
අමෙරිකානු මෝටර් රථ කර්මාන්තයේ අගනගරය වන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවර දැන් පැවැත්වෙන "2014 Detroit Auto Show" හිදී කොරියානු කියා මෝටර් රථ සමාගම නවතම අධිවේගී ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් හඳුන්වාදුන්නා. ජී.ටී 4 ස්ටින්ජර් ලෙස නම් තබා ඇති මෙය මෙම මෝටර් රථ ප්‍රදර්ශණය පැමිණි බොහෝදෙනෙකුගේ සිත් ඇද ගන්නට සමත්වු බව ඩෙට්‍රොයිට් නුවරින් ලැබෙන වාර්තාවලින් පැවසෙනවා.

Rear wheel drive ආකාරයට නිර්මාණය කොට ඇති මෙය ලීටර් 2 ටර්බෝ චාර්ජ් එන්ජිමකින් බල ගැන්වෙන් අතර එය අශ්ව බල 315ක ජවයක් නිපදවනවා. ගියර් 6කින් යුතු මැනුවල් වර්ගයේ ගියර් පද්ධතියකින් සමන්විත මෙයට අධිවේගී ධාවනයේදී ඉහල කාර්යක්ශමතාවයකින් තිරිංග යෙදිය හැයි "බ්‍රෙම්බෝ" වර්ගයේ "ඩිස්ක් බ්‍රේක්" තිරිංග යොදා තිබෙනවා.

මෙම මෝටර් රථයේ සිත් ඇදගන්නා නිමැවුම හා අධිතාක්ශණික මෙවලම් හා උපාංග කොරියානු මෝටර් රථ කර්මාන්තයේ අනාගතය පිලිබඳව ඉඟියක් ලබාදෙන බව විචාරකයින් පවසනවා. දැනට කොරියානු මෝටර් රථ කර්මාන්තය ප්‍රසිද්ධවී සිටින්නේ  එදිනෙදා භාවිතයට සුදුසු වාහන ඉහල ප්‍රමිතියකින් හා සාධාරණ මිලකට පාරිභෝගිකයින් හට ලබාදීම පිලිබඳවයි. එහෙත් අනාගතයේ කොරියානු සමාගම් මිළ අධික, අධිවේගී මෝටර් රථ වෙළඳපොලට අභියෝගයක් එල්ල කරනු ඇතැයි පිලිගැනෙනවා. දැනට මෙම වෙළඳ පොලේ ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලි හා ජර්මන් නිශ්පාදකයින්.






Saturday, 4 January 2014

බීජ අයිතිය බහු ජාතික සමාගම්වලට විකිණීමට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්ට බලතලදී ගොවියා දඟගෙයි දමන යෝජිත බීජ පනත!!!


2013 යෝජිත බීජ පනතට මේ වන විටත් විරෝධතා රාශියක්‌ එල්ල වී ඇත. එසේම ඒ මගින් කරන්නට යන්නේ ගොවියාගේ සුජාත අයිතියක්‌ වන බීජ අයිතිය ප්‍රබල බහුජාතික සමාගම්වල භුක්‌තියට සවිකර දීමක්‌ බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රබල විරෝධතා සහ චෝදනා හුදු ආණ්‌ඩු විරෝධීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල බාල වැඩ ලෙස හංවඩු ගසා කිසිවකුටවත් අත සෝදා ගත නොහැක්‌කේ ජාතික නිදහස්‌ පෙරමුණ, හෙළ උරුමය වැනි ආණ්‌ඩුවේ පාර්ශවයන් විසින්ද මෙම යෝජිත බීජ පනත ප්‍රබල ලෙස ප්‍රශ්න කෙරී ඇති බැවිණි. එසේම පාරම්පරික වී ගොවිතැන රැකගැනීම වෙනුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇප කැපවී සිටින මතුගම සෙනවිරුවන් වැනි මහත්වරුන් සහ එම මහත්වරුන් නියෝජනය කරන සංවිධානද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුතු ප්‍රබල වෘත්තීය සමිති විසින්ද මෙම බීජ පනතට සිය දැඩි විරෝධය පළකර ඇත.

මොකක්ද මේ යෝජිත බීජ පනත?

යෝජිත බීජ පනතට අනුව බීජ සහ සියලුම රෝපණ ද්‍රව්‍යවල මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පත් වෙයි. ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළඟ් තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම සහ බීජ පිළිබඳව කථිකා කිරීම පවා සපුරා තහනම් වෙයි.

එනම් තම කුඹුරේ තමන්ට අවශ්‍ය බිත්තරවී හෝ වෙනත් බීජ සකසා ගැනීමට ගොවියාට ඇති අයිතිය නිශ්ප්‍රභ කරයි!! එසේ කිරීම හිරගෙයි ලැගිය යුතු වරදක් බව මෙම නව පනතින් ප්‍රකාශවෙයි!

එම කටයුතු අරඹයා කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ඇතුලු නිලධාරී මණ්‌ඩලයට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස්‌ නිලධාරීන් සතු බල තල හිමිවෙයි. එහි අරුත වන්නේ කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ අභිමතයට යම් ආකාරයකට හෝ පටහැනිව කටයුතු කරන්නන් දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත් වන බවයි. ඒ අනුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට රුපියල් 50,000 ක්‌ දක්‌වා දඩ නියම කිරීමට පමණක්‌ නොව මාස 6ක්‌ දක්‌වා සිපිරි ගෙට යෑවීමට පවා කාෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට බලය හිමිවෙයි. කුඩා බීජ පැකැට්‌ටුවක්‌ ප්‍රවාහණය කරන වාහනය පවා රාජසන්තක කිරීමටද ඔවුන්ට බලය හිමි වෙයි. බොහෝ පාර්ශවයන් විසින් මේ වන විටත් පෙන්වා දී ඇත්තේ මත්කුඩු ජාවාරම, හොර මත් දියර ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් ආදී අතිශයින් දරුණු ගණයේ අපරාධ මැඩීමටවත් පොලිසියට මේ තරම් නීත්‍යානුකූල බල තල ලබා දී නොමැති බවයි.

මේ අනුව සිදුවන්නේ බහුජාතික බීජ සමාගම්වලට, දේශීය බීජ කොම්පැණිවලට මේ රටේ ගොවීන් සතු බීජ නිපදවා ගැනීමේ අයිතිල ලබාදීමට යෙදූ කූට උපක්‍රමයක් මිස වෙන කුමක්ද?

මේ අනුව කෘශිකර්ම ජෙනරාල්, තමාට (හා නිළධාරී රොත්තට) වැඩිම පගාව/ජරාව/විදේශ සංචාර හෝ වෙනත් පඬුරු පාක්කුඩම් පුදන කොම්පැනියට බීජ නිපදවීමේ, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ අයිතිය ලබාදී ගොවියාට කළුකඩ මිලට මෙම කොම්පැණිවලින් බීජ මිළදී ගැනීම අනිවාර්ය කිරීමේ නීතිමය හැකියාව ලැබේ.

ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව අන්තර්ජාලය මුදාහල පෝස්ටරයක්

මෙවැනි පණතක් ගෙන එනවාට වඩා ගොවිතැන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කලානම් හොඳ යැයි ලේඛකයාට සිතේ.

සමස්‌ත බීජ හා සියලුම රෝපණ ද්‍රව්‍යවල පූර්ණ අයිතිකරුවා බවට කෘශිකර්ම ජෙනරාල්ගේ අවසරය ලබනා බහුජාතික සමාගම්කරුවන් පත් කිරීම වෙනුවෙන් මෙම පනත නිර්මාණය කොට ඇති බව පැහැදිලිය. පනත ආරම්භයේ දැක්‌වෙන පරිදි එහි පරමාර්ථ ගුණාත්මක බීජ සපයා දේශීය කෘෂිකර්මය නගාසිටුවීම සහ යුගයට ගැළපෙන පරිදි බීජවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම ආදිය හුදු කිඹුල් කදුළුම පමණි.

මෙවැනි පනත් පිටුපස අමෙරිකාවේ දැවැන්ත කෘශිකාර්මික බහුජාතික සමාගම් සිටින බව විකිලීක්ස් හරහා හෙලිවිය. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාවේ මොන්සාන්ටෝ සමාගමයි.

විකිලීක්ස් වලින් හෙලිදරව්වුනු අමෙරිකානු තානාපති කේබල් වලින් කියැවෙන්නේ මොන්සාන්ටෝ සමාගම ලෝකයේ බොහෝ රටවල බීජ අයිතිය තමන් සතු කරගැනීම උදෙසා රාජ්‍ය නිළධාරීන් හා මැති ඇමතිවරුන් බිලිබා ගැනීමේ නිරත වන අතර මේ සඳහා අමෙරිකානු තානාපති කාර්යාලවල පූර්ණ සහය එම සමාගම් වලට ලබාදිය යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිය තානාපති කාර්යාලවලට නියෝග කොට තිබේ.


මොන්සාන්ටෝ සමාගමට අමෙරිකානු තානාපති කාර්යාල සහය ලබාදිය යුතුබවට විකිලීක්ස් හෙලිදරව්ව පිලිබඳ වාර්තාවක්. සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.

වස විෂෙන් තොර බත්පතක්‌ සාදාගැනීමට මං පාදන්නා වූත් අතිශයින් සෞඛ්‍යාරක්‌ෂිත වූත් දේශීය සම්ප්‍රදායික බීජ එහි සුජාත අයිතිකරුවන් වූ ගොවීන්ගෙන් උදුරාගෙන ඒවා විනාශ කොට ඒවායේ ජාන අයිතියද මංකොල්ල කාගෙන බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් කීපයකට පැවරීමේ මෙම යෝජිත බීජ පනතට සියලුම බත් කන ජනතාව විසින් පාට පක්‌ෂ බේද නොසලකා එකහ`ඩින් විරුද්ධ විය යුතුය. යෝජිත 2013 බීජ පනත සම්පූර්ණයෙන්ම හකුලා ගන්නට බල කළ යුතුය. නව බීජ පනතක්‌ අවශ්‍ය නම් ගොවියාගේ බීජ අයිතිය සුරක්‌ෂිත වන පරිදි ද දේශීය ගොවියාගේ අවශ්‍යතා පරිදි ද එය සකස්‌ කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන පරිදි බීජවල ගුණාත්මකභාවය වැඩිකරගන්නට උවමනාම නම් ගොවියාගේ බීජ අයිතියට අත නොතබා ඒ ස`දහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන පරිදි 2003 බීජ පනතට අවශ්‍ය සංශෝධනයන් ද ගෙන ආ හැකිය.


ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව ලොවපුරා විරෝධතා පැවැත්වෙන අයුරු.

පිළිකා නසන මංඤොක්කා කොළ මැල්ලුම...

පිටුව #1




පිටුව #2
උපුටාගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය, නිරෝගා විශේෂාංගය

Friday, 3 January 2014

Most Downloaded Movies & TV shows on BitTorrent, 2013


අන්තර්ජාලයේ බිට් ටොරන්ට් බාගත කිරීම ජාලයක් වන "ටොරන්ට් ෆ්‍රීක්" වෙබ් අඩවිය විසින් මෙම වසර තුල වැඩියෙන්ම බාගත කරන ලැබුවාවූ චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා වල ලැයිස්තුවක් සකසා ඇත. මෙම සංස්කරණය සඳහා දත්ත 2013 ජනවාරි මාසයේ සිට 2013 දෙසැම්බර් මැදභාගය වන තෙක් සළකාබලා ඇති අතර් මෙම දත්ත උකහාගෙන ඇත්තේ අන්තර්ජාල ටොරන්ට් බාගතකිරීම් සේවාවල බාගත කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති ටොරන්ට් ගොනු (torrent files) පිලිබඳ දත්ත බාගත කරන මුදෘකාංග සඳහා (torrent download clients) ලබාදෙන "public BitTorrent trackers" ලෙස හැඳින්වන සේවාවන් ඔස්සේය.

BitTorrent tracker යනු බාගත කල හැකි ගොනු පිලිබඳව නිරන්තරව යාවත්කාලීන වෙමින් එම ගොනුවෙත ටොරන්ට් මෘදුකාංග යොමුකරන සර්වර් වර්ගයක් ලෙස සරලව පැහැදිලි කල හැක. මෙයින් "PublicBitTorrent" හා "OpenBitTorrent" යන BitTorrent tracker සේවාවන් දෙක එක්ව නිරන්තරයෙන් ටොරන්ට් ගොනු මිලියන 5ක පමණ තොරතුරු යාවත්කාලීන කරගනිමින් බාගත කරන්නන් හට ලබාදෙයි.

තවත් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ටොරන්ට් බාගතකිරීම් සඳහා භාවිතාකෙරෙන "පයරට් බේ" අඩවියට අලුතින් ඇතුලත්කරන (new uploads) ලබන ගොනු ප්‍රමාණය 50%කින් පසුගිය වසර තුල ඉහල ගොස් ඇත. මෙසේ සිදුවී ඇත්තේ අමෙරිකාව තුල නිතිවිරෝධී බාගතකිරීම් සඳහා නීතිරීති ඉතා දැඩිවෙමින් පවතින වකවානුවකය.

අමෙරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ට අනුව මෙතරම් විශාල සංඛ්‍යාවක චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා ටොරන්ට් ආධාරයෙන් නීතිවිරෝධීව බාගත කරගනු ලැබුවත් චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් ලොවේ දැවැන්තයා වන අමෙරිකාවේ චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් නිශ්පාදකයින්ගේ ආදායමේ අඩුවක් දකින්නට නොමැත. උදාහරණයක් ලෙස අමෙරිකාවේ චිත්‍රපට අලෙවියෙන් 2012 වසරේ ලැබූ ආදායම ඩොලර් බිලියන 10.8 වන අතර 2013 වසරේදී එය ඩොලර් බිලියන 10.9ක්වේ. එමෙන්ම මේ ආදායම අමෙරිකාව තුල දේශීය වෙළඳපොලෙන් ලැබූ ආදායම් පමණකි. අන්තර්ජාතික වෙළඳපොලෙන් අමෙරිකානු චිත්‍රපට අලෙවි ආදායම් මෙහි ඇතුලත් කොට නොමැත. ඒ අනුව අමෙරිකානු චිත්‍රපට හා රූපවාහිණි වැඩසටහන් නිර්මාණකරුවන් අන්තර්ජාල බාගත කිරීම් නිසා තමන්ගේ ආදායම විශාල ලෙස අඩුවෙන බවට කොතෙක් තර්ක ඉදිරිපත් කලත් එම තර්ක හා ආදායම් වාර්තා නොගැලපෙන බව මෙම පර්යේශකයින් පෙන්වාදෙයි.

2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ චිත්‍රපට

2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ රූපවාහිණී වැඩසටහන්






හම්බන්තොට හා මොණරාගල අතහැර ගාල්ලට එන මොණරු

http://upload.wikimedia.org/wikipedia/commons/2/23/Wasgamuwa_Peacock.JPG

ලංකාවේ නාගරික ප්‍රදේශවල ජීවත්වන අප මොණරුන් දකින්නේ බොහෝවිට කතරගම වන්දනාවේ යනවිටය, නැතිනම් යාල ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිටය. මොණරෙකු දැකීම, විශේෂයෙන්ම පිල්විදහාගෙන ඉන්නා මොණරෙකු දකින්නට ලැබීම සතුටක් මෙන්ම වාසනාවක් ලෙසද බොහෝදෙනා සලකති. ලේඛකයාද ඒ කුළකයට අයත්වේ.

එහෙත් අද දිවයින පුවත්පත වාර්තාකරන ආකාරයට මොණරුන් සිය නිජබිමවූත් කඳකුමරුන්ගේ වැයික්කියවූත් හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ අතහැර ගාල්ල ප්‍රදේශයට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවයක් දකින්නට තිබේ.

මේ ඒ වාර්තාවයි...

තිස්‌ස කතරගම යාල හම්බන්තොට ආදී ප්‍රදේශවල ජීවත්වූ මොනරුන් මෑතක සිට පියාසර කර පැමිණ ගාල්ල ප්‍රදේශයේ ගෙවතුවල පිහිටි ගස්‌ උඩ හා වහලවල් උඩ ගැවසෙන අයුරු දක්‌නට ලැබේ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ගාල්ල කරාපිටිය මාඉටිපෙ 3 පටුමගේ පිහිටි නිවසක වහලක්‌ උඩට මොනරකු පැමිණ සිටි ආකාරයයි මේ.


දකුණේ වියළි කලාපයේ ජීවත් වන මොනරුන් තංගල්ල, වීරකැටිය, මාතර, වැලිගම, යක්‌කලමුල්ල ඉමදුව ආදී කැලෑ ප්‍රදේශ හරහා කොට්‌ටව වන රක්‌ෂිතයට ද හියාරේ අක්‌මීමන බටදූව, ගොනාදූව, කපුහේන්පොල කැලෑ ප්‍රදේශවලටද, එම පළාත්වල ගම්මානවලටද ගාල්ල ප්‍රදේශයට ද මෙසේ මෑතක සිට මොනරුන් රංචුපිටින් පැමිණීමට පටන්ගෙන ඇත. මෙයට හේතුව දැනට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුවන ශීඝ්‍ර සංවර්ධන හා වනාන්තරවල ගස්‌ කපා විනාශ කිරීම නිසා ඇතිවන පරිසර දූෂණය විය හැකි බව පරිසරවේදියෝ පවසති.

තවද ගෝලීය උණුසුම වැඩිවීම නිසා වියළි කලාපයේ ඇති ගති දේශගුණිත ලක්‍ෂණ තෙත් කලාපයේද ඇතිවීමට පටන්ගෙන ඇත. අධිවේගී මාර්ගය හා වෙනත් මාර්ග සෑදීමේදී කඳු හා කැලෑබද ප්‍රදේශ කැපීම නිසා ඒ හරහා බාධකවලින් තොරව මොනරුන් පියඹා ඒමට නැඹුරු වී ඇත. තවද මොනරුන්ට සතුරු උපද්‍රව ඇතිකරන වෙනත් පක්‌ෂීන් හෝ සතුන් නොමැත. මේ නිසා මොනරා වනයේ හා ගම්බද ව්‍යාප්තවීමට හැකි ආධිපත්‍යක්‌ දරති.

මේ තත්ත්වය යටතේ තෙත් කලාපයේ ගම්බද කැළෑ ඉඩම්වල කූඩු සාදාගෙන බිත්තර දැමීමටද මොනර රංචු හුරුවී සිටිති. විශේෂයෙන් වියළි කලාපයට වඩා මොනරුන් ආහාර සඳහා තෙත් කලාපයේ ජීවත් වන කටුස්‌සන්, තලගොයි පැටවුන් ගෙම්බන් හා පැටවුන් උරඟයන් ආදී සතුන් කෑමට ඇබ්බැහිවීම නිසා ඉදිරියට මෙම ප්‍රදේශවල ස්‌ථිරවම මොනරුන් බෝවන තත්ත්වයක්‌ ඇතිවිය හැකිය. තවද තෙත් කලාපයේ වෙසෙන කුරුල්ලන් කූඩුවල දමන බිත්තර ද කෑමට ද මොනරුන් පුරුදුවීම නිසා පහතරට කැලෑ ප්‍රදේශ හා වන ප්‍රදේශවල ජීවත් වන පක්‌ෂීන් වර්ග පදවී යැමේ තර්ජනයකට ලක්‌වීමට ද ඉඩ ඇති බවද පරිසරවේදීහු පවසති.

කතරගම දෙවියන්ගේ වාහනය ලෙස මොනරා සලකන නිසා ගම්බද මිනිසුන් පදිංචි නිවාස ආසන්න ඉඩම්වල මොනරුන් ගැවසීම ගැන ජනතාවගේ විරුද්ධත්වයක්‌ නැත. ජනතාව මොනරුන් දැකීමද වාසනාවක්‌ ලෙස ගරුකරති.

මේ අතර අක්‌මීමන ප්‍රදේශයේ ගැමියකු තම ගෙවත්තේ කොස්‌ගසක්‌ මුදුනේ ඉදී තිබුණ වරකා ගෙඩියක්‌ කන මොනරෙකු දැක ඇත. කොස්‌ වනාන්තරවල නොමැත. මෙවැනි ආහාරවලටද අලුතින් මොනරු පුරුදු වී තිබෙන බවත් මෙයින් පෙනී යයි.

විස්‌තර හා ඡායාරූප ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක
http://www.divaina.com/2014/01/03/provin09.html

Thursday, 2 January 2014

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින වැසි [ මොනවද මේ මල් තුහින? ]


නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින (මිදුණු පිනි) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2 පමණ දක්‌වා පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සීතලක්‌ පවතින බැවින් මල් තුහින හෙවත්

ඌෂ්ණත්වය පහළ බැසීමත් වැසි නොමැති තත්ත්වයක්‌ පැවතීමත් හේතුවෙන් ජලවාෂ්ප දැඩි සීතලට මිදෙන්නට පටන් ගන්නා අතර එසේ මිදුණු පිනි තණ පත් මත ශාක මත තැන්පත්වී ඇති අයුරු මේ දිනවල දැකගැනීමට හැකි වෙයි.

තුහින හෙවත් පින්න (dew)
තුහින හෙවත් පින්න (dew) ඇතිවන්නේ වායුගෝලයේ ඇති ජලවාශ්ප ඝණීභවනයවී ජල බිංදු බවට පරිවතනය වීමෙනි. මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා පිනි තැම්පත්වන පෘෂ්ඨයේ උශ්ණත්වය (උදා: තණකොල හෝ මකුළුදැළක්) තුශාර අංකයට (dew point) වඩා පහල බැසීමෙනි. මෙය බොහෝවිට සිදුවන්නේ වළාකුළු නොමැති, පැහැදිලි අහසක් ඇති රාත්‍රීකාළයේය. අහසේ වලාකුළු නොමැතිවිට පරිසරයේ උශ්ණත්වය පහලබසින අතර එය තුශාර අංකය පසුකරමින් පහල බසිනවිට පිනි ඇතිවේ.

මල් තුහිණ හෙවත් frost 
මල් තුහිණ හෙවත් frost ඇතිවීමට නම් එය ඇතිවන පෘශ්ඨයේ උශ්ණත්වය තුශාර අංකයට වඩා අඩුමෙන්ම ජලය මිදෙන උශ්ණත්වයට වඩාද අඩුවිය යුතුය, එවිට තුහින හෙවත් පින්න මිදී අයිස් ස්ඵටික වීමෙන් () මල් තුහිණ සෑදේ.

වසර මිලියන 1.4කට පෙර ජීවත්වුනු හෝමෝ-ඉරෙක්ටස් මානවයාට නූතන මානවයාට මෙන් ආයුධ තැනිය හැකි දෑත් තිබුණාද?

හෝමෝ ඉරෙක්ටස් : ඡායාරූප අයිතිය - යේල් විශ්වවිද්‍යාලය
හෝමෝ ඉරෙක්ටස් යනු මීට වසර මිලියන 1.8කට පමණ පෙර ලොව පහලවී වසර 150,000 පමණ පෙර අභාවයට ගිය දෙපයින් ඇවිද ගිය ආදි මානවයෙකි. මොවුහු අප්‍රිකාවේ බිහිවී ඉන්දියාව හා ශ්‍රී ලංකාව දක්වා පැතිර ගියහ.

වසර මිලියන 1.5කට පෙර ශිලා ආයුධ නිපදවූ හෝමෝ ඉරෙක්ටස් එම කාලයේ සිටම ගින්දර භාවිතාකල බවටද සාක්ශි හමුවී තිබේ. එපමණක් නොව. හෝමෝ ඉරෙක්ටස් පහුරු තනාගෙන  සමුද්‍ර තරණයේ යෙදෙන්නට ඇතැයි විශ්වාසයක් පුරාවිද්‍යාඥයින් තුල පවතී.

මුලින්ම සමාජ ජීවිතයක් ගතකල ආදිමානවයා ලෙසටද හොමෝ ඉරෙක්ටස් පිදුම් ලබයි. ඔවුන්ගේ සමාජ ජීවිතය දඩයක්කරුවන් රැහැක සමාජ ජීවිතයට සමානවූ බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. නූතන මානවයාට බොහෝ සමාන ස්වරූපයක් තිබුණද හෝමෝ ඉරෙක්ටස් හට සංකීර්ණ භාශා හැකියාවක් එනම් කථාකිරීමේ හැකියාව නොතිබූ බව ඔවුන්ගේ හිස්කබල් ෆොසිල පරීක්ශාකරන විද්‍යාඥයින් අනුමාන කරයි. එහෙත් මෙම අනුමානයට විරුද්ධ මත පලකරන විද්‍යාඥයින් කණ්ඩායමක්ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව හෝමෝ ඉරෙක්ටස් හට නූතන මානවයාට තරම්ම සුමට ලෙස කථා කිරීමේ හැකියාව (එනම් ඒ සඳහා අවශ්‍ය ශබ්දය ජනනය කරන මාංශ පේශි) තිබූ බවය.

හෝමො ඉරෙක්ටස් පිලිබඳව පලවන අලුත්ම වාර්තා අනුව, නූතන මානවයාට මෙන්ම සුනම්‍ය ලෙස මෙහෙයවිය හැකි, ශක්තිමත් ඇඟිලි හා හොඳි බලය දරාගත හැකි මැණික් කටුවක් සහිත දෑත් යුගලක් හෝමෝ ඉරෙක්ටස් සතුවිය. කලින් ලැබී තිබූ ෆොසිල සාධක අනුව මෙවැනි දෑත් යුගලක් තිබූ මනවයින් පහලවූයේ මීට වසර 800,000ක් තරම් මෑතකදීය. එහෙත් නොබෝදා හමුවුනු හෝමෝ ඉරෙක්ටස් ෆොසිල වලට අනුව, හෝමෝ ඉරෙක්ටස් හටද එවැනි දෑත් යුගලක් වසර මිලියන 1.4කට පෙරද තිබී ඇත.

එනම් හෝමෝ ඉරෙක්ටස් හට සංකීරණ ආයුධ තැනීමේ හැකියවා පුරාවිද්‍යාඥයින් අනුමාන කලාට වඩා බොහෝ පෙර සිට ආදි මානවයින්ට මෙම හැකියාව තිබී ඇත.
Related Posts Plugin for WordPress, Blogger...