Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 30 May 2013

පීසා ඇණවුම් කරන්නාක් මෙන් ගුවන් ප්‍රහාර ඇණවුම් පහසු කරන්නට කල්බලන පෙන්ටගනය සතුරන්ට සයිබර් ප්‍රහාර එල්ලකිරීම Angry Birds ක්‍රීඩාවමෙන් පහසුකරන්නට සැරසේ!


අද පවතින තාක්ශණය අනුව සතුරු රටකට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම, විශේෂයෙන්ම චීනය, රුසියාව වැනි පරිගණක තාක්ශණය අමෙරිකාව තරමටම දියුණු රටවල්වලට එල්ලකොට සාර්ථක ප්‍රථිපල ලබාගැනීම අපහසුය. පරිගණක තාක්ශණයේ කෙළ පැමිණි විශේෂඥයින්, පෙන්ටගනයේ පරිගණක පවා හැක් කිරීමට තරම් දක්ශ හැකර්වරුන් මාස ගණන් ගතකරමින් නිර්මාණය කරන මෙම සයිබර් ප්‍රහාර වල සාර්ථකත්වය පිලිබඳ අනාවැකි කිව නොහැකි තරමට සයිබර් ප්‍රහාර ක්‍රියාදාමය සංකීර්ණ වන අතර සතුරාගේ රේඩාර්, ගුවන්යානා නාශක මිසයිල පද්ධති වැනි වැදගත් ඉලක්ක අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර යොදාගෙන් සාර්ථක ප්‍රථිපල ලැබී ඇති අවස්ථා අල්පය.

DDOS වැනි සයිබර් ප්‍රහාර නිසා මුලුමහත් අන්තර්ජාලයම මන්දගාමීවූ බවට ප්‍රවෘත්තිවල පලවන අතරේ අතිදක්ශයින් මාස ගණනාවක් සැළසුම්කොට එල්ල කරන සයිබර් ප්‍රහාර අපේක්ශිත ප්‍රථිපල නොලබන බව කියනාවිට ඔබ එය පිලිගැනීමට මැළිවන්නට පුලුවනි. එහෙත් රේඩාර් පද්ධතියක් හෝ ගුවන්යානා නාශක මිසයිල පද්ධතියක්, නැතහොත් සතුරු ගුවන් කඳවුරක ගුවන්ගමන් පාළණය කරන පාළණ කුළුනේ කටයුතු අඩපණකල හැකි අන්දමේ සයිබර් ප්‍රහාර එල්ලකිරීම වෙබ් සර්වරයකට පහරදී වෙබ් අඩවිය මකාදැමීම හෝ සමාගමක සර්වර් තුලට ඇතුලුවී දත්ත සොරාගැනීමට වඩා සංකීර්ණය.


වෙබ් සර්වර් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ භාවිතාවන සර්වර් හැකර්වරුන් හට ඉතා හුරුපුරුදු වින්ඩෝස්, ලීනක්ස්, යුනික්ස්, ඇපෑචී වැනි මෙහෙයුම් පද්ධතිවල දිවෙන නමුත් ආරක්ශක අංශ මගින් භාවිතාකරණ පරිගණක මෙවලම් හා සර්වර් යුධ කටයුතු සඳහාම නිමැවුනු විශේෂිත පරිගණක මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග මත ක්‍රියාකරයි. අපර හුරුපුරුදු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවා අමෙරිකානු හා නේටෝ රටවල් වල ආරක්ශක අංශවල භාවිතයා සඳහා  "Windows Military Edition" නමින් දැඩි ආරක්ශක විදිවිධාන සහිතව නිර්මාණය කොට ඇත. මෙවැනි මෙහෙයුම් පද්ධති හා පරිගණක ජාල අවුල්කොට දැමීම එතරම් පහසු නැත.

ආරක්ශක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සයිබර් ප්‍රහාර ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වීමට නම් ඒවා සාමාන්‍ය යුධ අවියක් මෙන් අවශ්‍ය මොහොතේදී පහසුවෙන් භාවිතා කිරීමට හා ඒවායින් සිදුකල හැකි හානිය කල්තබා ඇස්තමේන්තු කල හැකි විය යුතුය. එනම් සයිබර් ප්‍රහාරයක් මිසයිල ප්‍රහාරයක් හෝ ජෙට් යානා යොදා සිදුකරන ප්‍රහාරයක් මෙන් ඉතා ඉක්මණින් සිදුකල හැකි විය යුතුය.

එහෙත් විවිධ ආරක්ශණ උපක්‍රම වලින් ආරක්ශිත පරිගණක ජාලයකට හෝ පරිගණක පද්ධතියකට පහරදීම සඳහා එයට සුදුසුම ප්‍රහාරක උපක්‍රමයක් යොදා ගත යුතුය. මෙවැනි තාක්ශණික ඥාණයක් යුධ සෙනෙවියන් හට නොමැත.

පරිගණක තාක්ශණය පිලිබඳ ඉහල දැනුමක් නොමැති යුධ සෙනෙවියන් හට අවශ්‍ය ඕනෑම මොහොතක භාවිතයට ගත හැකි ප්‍රායෝගික අවියක් බවට පත්කිරීමේ අරමුණ සඳහායි සයිබර් ප්‍රහාර විඩියෝ ක්‍රීඩාවක් මෙන් ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හා පහසුවෙන් හැසිරවීමට හැකිවෙන ආකාරයට නිර්මාණය කරන්නට පෙන්ටගනය උත්සහ කරන්නේ.


මෙලෙස ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, එහෙත් ඉතා බලසම්පන්න සයිබර්  ප්‍රහාරක අවියක් හා එහි අතුරු මුහුණත (user interface) නිර්මාණය සඳහා පෙන්ටගනය අමෙරිකාවේ සිටිනා දක්ශතම පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන්, සජීවීකරණ විශේෂඥයින් හා සංකීර්ණ පරිගණක ජාලයක සම්බන්ධතා හා දත්ත හුවමාරුවන ආකාරය සජීවී ග්‍රැෆික් දසුන් ආකාරයට දර්ශණය කිරීම (data and network visualisation) සඳහා විශේෂඥවූ සමාගම්ද යොදාගෙන තිබෙනවා.

සබැඳි ලිපි:

Plan X : පෙන්ටගනයේ සයිබර් යුධ සැළස්ම


ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!


Tuesday, 28 May 2013

Cars of Fast & Furious 6

Dodge Charger SRT8


අමෙරිකාවේ ක්‍රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්‍රයිව් හා 4වීල් ඩ්‍රයිව් යන පහසුකම් දෙකම සහිත  රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි  2012 මාදිලියේ රථයක් චිත්‍රපටයේ දැක්වෙයි.

V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් සමන්විතය.

අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය කොට ඇති මෙය බ්‍රෙම්බෝ මාදිලියේ ඩිස්ක් බ්‍රේක් පද්ධතියකින්, ඉලෙක්ට්‍රොණිකව පාලණය වන සස්පෙන්ශන් පද්ධතියකින් හා වෙනත් නවීන පුපාංග රාශියකින් සමන්විතය.

BMW M5


5 Series මාදිලියේ බී.එම්.ඩබලිව් රථයක් වන මෙය අශ්වබල 520, ලීටර් 4.4 V8 වර්ගයේ turbo එන්ජිමකින් සමන්විතය. 7 speed, dual clutch වර්ගයේ ගියර පද්ධතියක් යොදා ඇති මෙම රථයද අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මානය කොට ඇත.

Dodge Challenger


ක්‍රයිස්ලර් සමාගමේ තවත් නිශ්පාදනයක් වන ඩොජ් චැලෙන්ජර් "muscle cars" හෙවත් කුඩා, එහෙත් අධිබල/ අධිවේගී ධාවනය සඳහා නිර්මාණය කොට ඇති කාරයකි. Retro style හෙවත් පැරණි පෙනුමක් ඇති ලෙස නිර්මාණය කොට ඇති ඩොජ් චැලෙන්ජර් මාදිලියේ අලුත්ම මොඩලය වසර 2013 මොඩලයයි.

අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති V8 එන්ජිමකින් සමන්විත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 286ක සුපිරි වේගයකි.

Mustang Shelby GT500
ෆෝර්ඩ් සමාගම මගින් අධිවේගී ධාවන ලෝලීන් සඳහා නිර්මාණය කොට ඇතිඔ මස්ටැන්ග් ශෙල්බි GT500 රථය අශ්වබල 660ක ජවයක් ඇති, ලීටර් 5.8ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ මැනුවල් ට්‍රාන්ස්මිශන් එන්ජිමකින් සමන්විතය.

පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයක් ලඟාකරගත හැකි මෙම රථයේ එන්ජිම සුපර්-චාර්ජරයකින් වේගවත් කොට ඇත.

Aston Martin DB9


සුප්‍රකට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කරන DB9 මාදිලිය ලීටර් 5.9ක ධාරිතාවයකින් යුතු, අශ්වබල 510යේ V12 එන්ජිමකින් සමන්විතය.  උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් වන අතර නවත්වා ඇති DB9 රථයකට පැයට කිලෝමීටර් 100ක වේගයකට ලඟාවීමට ගතවන්නේ තත්පර 4.5ක් පමණි.



Sunday, 26 May 2013

යුධ බිමේදී ගුවන් සහය (close air-support) ලබාගැනීම ඇමතුමක්දී පීසා ඇණවුම් කිරීම මෙන් පහසුකරන්නට ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව සැරසේ.



වේලාව       : පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකි
ප්‍රදේශය      : ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්‍රදේශය
මෙහෙයුම   : අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකි
බළඇණිය   : එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බළකා ඒකකයක්

ස්ටාෆ්-සාජන්ට් රොබර්ට් රොඩ්‍රිගුවේස්, අල්ඛයිඩා සටන් නායකයා සොයා ගිය අමෙරිකානු විශේෂ බළකා අනුඛණ්ඩයේ J-TAC හෙවත් Joint Terminal Attack Controller වරයාගේ කාර්යය පැවරී තිබුණි. J-TAC ගේ කාර්යය වනුයේ යුධ මෙහෙයුම් වලදී ගුවන් සහය ඉල්ලීම හා එම යානාවලට නිවැරදි ඉලක්කය ලබාගැනීම සඳහා සටන් පෙරමුණේ සිට නියමුවාට මගපෙන්වීමයි.

තම අරමුණ වූ අල්ඛයිඩා සටන් නායකයා සොයා යන ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්‍රිගුවේස් ගේ විශේෂ බළකා අනුඛණ්ඩය තමන් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේ හතරවටින් වෙඩි හා රොකට් ප්‍රහාර එල්ලවන විටයි. තලේබානුවන් ගහන කුප්‍රකට ඇෆ්ඝනිස්ථානයේ ස්වැට් නිම්නයේ ජනශුන්‍ය ප්‍රදේශයක සිටි ඔවුන් සිය කඳවුරෙන් සැතපුම් ගණනාවක් ඈතින් සිටි අතර පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම වටකොට සියගණනක් තලේබාන්වරුන් සිටින බව හතරවටින් එල්ලවන වෙඩි වරුසාවෙන් පැහැදිලි වුනා.

තමන් කොටුවී සිටින බව බළ ඇණියේ නායකයා කඳවුරට දැන්වූවත් උදව්වක් බලාපොරොත්තු නොවූයේ කඳවුරේ අණදෙන නිළධාරියාට එළිය වැටෙන තෙක් කිසිවක් නොකල හැකිබව හොඳින් දැන සිටි නිසායි.මෙවැනි අවස්ථාවලදී කොටුවුනු බළ ඇණියකට ඇති එකම පිහිට ගුවන් සහය පමණක්ම වන අතර දිවා-රාත්‍රී ගොඩබිම් ප්‍රහාර සඳහා අනුවර්තන කරන ලද A10 තන්ඩර්බෝල්ට් ගොඩබිම් ප්‍රහාරක යානා අමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබෙනවා. පාබල හමුදා සහය වෙනුවෙන්ම නිර්මාණය කොට ඇති ඒ10 තන්ඩර්බෝල්ට් ගොඩබිම් ප්‍රහාරක යානයේ ප්‍රධාන මැශින් තුවක්කුව අමතරව බෝම්බ හා මිසයිල වලින් මෙන්ම රාත්‍රී මෙහෙයුම් සඳහා නයිට් විශන් පද්ධතියකින්ද සන්නද්ධ වනවා.

පාබල හමුදාවලට ගුවන් සහය ලබාදීමේ අරමුණින්ම නිර්මාණය කොට ඇති  A10 තන්ඩර්බෝල්ට් යානය දැවැන්ත මැශින් තුවක්කුවකින් මෙන්ම බෝම්බ, මිසයිල හා රොකට් වෙඩි වලින්ද සමන්විතය.
J-TAC ගේ වගකීම වන්නේ A10 නියමුවාට මගපෙන්වමින් යානයේ සවිකොට ඇති අතිවිශාල ගැට්ලිං මැශින් තුවක්කුවේ මාරාන්තික ප්‍රහාර නිවැරදිව සතුරා දෙසට යොමුකිරීමයි. J-TAC රාජකාරිය ඉතා බැරෑරුම් වන අතර ජේටැක් වෙතින් සිදුවන සුලු වැරදීමකින් වුවද A10 යානයේ දැවැන්ත මැශින් තුවක්කු ප්‍රහාරය සතුරාට වෙතට වෙනුවට තම භටයන් වෙතටම එල්ලවන්නට පුලුවන්. රාත්‍රියකදී ජේටැක් ගේ රාජකාරිය තවත් බැරෑරුම් වනවා.

A10 යානයේ මිලිමීටර් 30 x 175 උණ්ඩයකට යුධ ටැංකියක් පසාරු කරගෙන යාමේ හැකියාව තිබෙනවා.
මේවන විට රොඩ්‍රිගුවෙස්ගේ කුඩා අණුඛන්ඩයේ සෙබලුන් පස්දෙනාගේ පතරොම් ඉවරවෙමින් පැවති අතර ගුවන් සහය නොලැඹුණහොත් තවත් පැයකට වඩා ජීවත්විය නොහැකිබව සියලුදෙනට වැටහී තිබුණා.නායකයාගේ අණ අනුව රොඩ්‍රිගුවෙස් සිය ජේටැක් රාජකාරිය ඉටුකරමින් ගුවන් සහය ඉල්ලූ අතර නියමුවන්ට තමන් සිටින ප්‍රදේශය ඝණ අඳුරේ හඳුනාගැනීමට හැකිවන සියලු තොරතුරු ලබාදුන්නා. A10 යානා එම ප්‍රදේශයට ලඟාවූවිට ඒවා සතුරන් වෙත යොමුකිරීමට ඔහු සූදානමින් සිටියත් කඩිනමින් ඉල්ලා සිටි ගුවන් සහය ප්‍රමාදවන බව Swat Valley ප්‍රදේශය භාර ගුවන් හමුදා පියාසර පාලන නිළධාරියා දන්වා සිටියා.

විශේෂ බළකා J-TAC නිළධාරියෙකු සිය උපකරණ සමග
"Where's f***ing air support JTAC? we are running out of ammo!" අණදෙන නිළධාරියා තරහින් විමසා සිටියත් ස්ටාෆ්-සාර්ජන්ට් රොඩ්‍රිගුවේස්ට සිදුකළ හැකිවූයේ දිගින් දිගටම ගුවන්කඳවුර ඇමතීම පමණයි.

සාජන්ට් රොඩ්‍රිගුවෙස් හා ඔහුගේ සගයින්ගේ වාසනාවට පතරොම් අවසන් වන්නට පෙර A10 ගොඩබිම් ප්‍රහාරක යානාවක කන් බිහිරිකරන එන්ජින් ශබ්දය ඇසෙන්නට වූ අතර මොහොතකින් යානයේ නියමුවාවූ කපිතාන් බ්‍රයන් එරික්සන් සිය මගපෙන්වන්නා වූ ජේටැක්ව අමතන ආකාරය රොඩ්‍රිගුවෙස්ගේ රේඩියෝ රිසීවරය තුලින් ඇසෙන්නට වුනා.

ඒ මොහොතේ සිට පාන්දර 6 පසුවන තෙක් A10 නියමු කපිතාන් එරික්සන්  හා විශේෂ බළකා සාජන්ට් රොඩ්‍රිගුවෙස් එක්ව ගුවන් ප්‍රහාර 70ක් තලේබාන් සටන්කාමින් වෙත එල්ල කල අතර අතිශය නිවැරදිව එල්ලවුනු එම ප්‍රහාර හමුවේ තලේබාන් සටන්කාමීන් 270කට අධික මියගිය බව තහවුරුවුනා.

පාබල හමුදා සහයක ගුවන් ප්‍රහාර ප්‍රමාදවන්නේ ඇයි?

පාබල හමුදා මෙහෙයුම් සිදුවන ප්‍රදේශයක ගොඩබිම් ප්‍රහාරයක් එල්ලකිරීමට පෙර කටයුතු රාශියක් සිදුවෙනවා. ජේටැක් ලබාදෙන ඉලක්ක ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ අණදෙන නිළධාරීන් සිතියමක සළකුණු කරන අතර ඒවා නිවැරදි දැයි සොයාබැළෙනවා. ප්‍රදේශයට ඉහලින් පියාසර කරමින් තිබෙන ඩ්‍රෝනයානා හා වෙනත් ඔත්තුබලන ගුවන්යානා වලින් ලැබෙන වීඩියෝ හා ඡායාරූප ගුවන් ඡායාරූප විශේෂඥයින්ගේ විමර්ශණයට ලක්වන අතර ඔවුන්ගේ නිගමණ ගුවන් මෙහෙයුම් අණදෙන නිළධාරීන්හට ලැබෙනවා. අමෙරිකාව හෝ නේටෝව විදෙස් රටක සිදුකරන ප්‍රහාරයක් නම් ආරක්ශක දෙපාර්ථමේන්තු නීතිඥයින් එම ප්‍රහාරය අන්තර්ජාතික නීතිරීති හා සම්මුතීන්හට එකඟදැයි සළකා බළනවා. මෙවැනි සංකීර්ණ ක්‍රියාදාමයකට පසු ගුවන් සහය අනුමත වන නිසා උදවු ඉල්ලූ මොහොතේ සිට අවමය පැය භාගයකුත් උපරිමය පැය දෙක-තුනකුත් ලෙස ගුවන් සහය ප්‍රමාදවන්නට පුලුවන්.

අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන DARPA ආයතයනයේ Persistent Close Air Support (P-CAS) සැළසුම

P-CAS සැළසුමට අනුව පාබල සහයක ගුවන් ප්‍රහාරය මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම යුධපෙරමුණේ සිටින ජේටැක් නිළධාරියාට ලබාදීමට සැළසුම් කරන අතර, ප්‍රහාරය එල්ලකිරීමට මිනිස් නියමුවෙකු වෙනුවට රොබෝ නියමුවෙකු යොදනලද එනම් නියමු රහිත ලෙස අනුවර්තනය කරන ලද ඒ10 තන්ඩර්බෝල්ට් යානා යොදවනු ඇත. මේ අනුව ජේටැක් නිළධාරියාට රොබෝ ඒ10 යානයට කෙලින්ම අණදිය හැකි අතර පහරදිය යුත්තේ කුමන අවි වලින්ද, කුමන ස්ථානයන් හටද යන්න සිය ටැබ්ලට් පරිගණකය හරහා තීරණය කල හැකිය.

මෙවැනි බරපතල තීන්දු ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු, ඒ10 වැනි බලසම්පන්න ගුවන්යානයක ප්‍රහාරක අවි නිවැරදිව පාලනය කල හැකි තාක්ශණයන් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වනවා.

P-CAS සැළසුමට අනුව ජේටැක් නිළධාරියාවෙත පාබල හමුදා සහයක ප්‍රහාරවල පූර්ණ වගකීම පැවරීමට නම් වැඩිදියුණු කලයුතු තාක්ශණයන් හඳුනාගෙන තිබෙනවා.

1. පූර්ණ ලෙස යාවත්කාලීනවූ සතුරු හමුදා, මිතුරු හමුදා හා සිවිල් ජනයා සිටිය හැකි ප්‍රදේශ නිවැරදිව පෙන්වන ඩිජිටල් සිතියම්.

2. මෙවැනි සිතියම් නිරන්තරව යාවත්කාලීන කිරීම සඳහා තොරතුරු එක් රැස් කලහැකි සෙන්සර්, කැමරා හා ඩ්‍රෝන යානා වැඩිදියුණු කිරීම.

3. තොරතුරු ලබාගෙන, ස්වයංක්‍රීයව සංගෘහිත කොට සිතියම් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය

4. යුධ බිමතුල අධිවේගයෙන් දත්ත හුවමාරුකල හැකි, සැහැල්ලු, අඩු බල බැටරිවලින් ක්‍රියාත්මක වන දත්ත සම්ප්‍රේශණ තාක්ශණ නිර්මාණය/වැඩිදියුණු කිරීම.

5. සෙබලෙකුට අතේ රැගෙනයා හැකි, ඒ10 වැනි ප්‍රහාරක යානයක් පාලනය කල හැකි මෘදුකාංග ධාවනය කල හැකි ප්‍රභල පරිගණක හා තොරතුරු විශාල ප්‍රමණයක් දර්ශණය කලහැකි, කුඩා එහෙත් අධිවිබේධන වීඩියෝ ඩිස්ප්ලේ නිර්මාණය.

Persistent Close Air Support (PCAS) ව්‍යාපෘතියට අනුව යුධබිමේ සිටින ජේටැක් නිළධාරියාට ගුවන්සහය ලබාදෙන ඒ10 යානයට (හෝ වෙනත් ඩ්‍රෝන යානාවකට) ප්‍රහාරය එල්ලවිය යුතු ස්ථාන පිලිබඳ GPS ඛංඩාංක කෙලින්ම යැවිය හැකිවන අතර යානය සතු අවි ආයුධ පිලිබඳ පූර්ණ විස්තර යානයේ පරිගණකය මගින් ජේටැක් ගේ පරිගණකය වෙත ලබාදේ.

එමෙන්ම යානයේ සංවේදක හා රේඩාර් වලට දර්ශණය වන සතුරු බළඇණි, වාහන, යුධ ටැංකි, තුවක්කු අට්ටාල වැනි සියල්ලම යානයේ පරිගණකය මගින් සජීවීව ජේටැක්ගේ පරිගණක තිරයට ලබාදේ. ඒ අනුව ජේටැක්ට යානයේ පරිගණකයට විවිධ ඉලක්ක හා ඒවාට පහරදිය යුතු ආයුධ පිලිබඳව අණ දිය හැකි අතර ජේ ටැක් ගෙන් ප්‍රහාර විධානය ලැබෙන තෙක් යානය සිය සංවේදක මගින් එම ඉලක්ක නොකඩවා tracking කරමින් පහරදීමට සූදානමින් සිටිනු ඇත.

ඒ අනුව සතුරාට මහත් විනාශයක් ගෙනදිය හැකි ඒ10 තන්ඩර්බෝල්ට් යානය වැනි සුපිරි ජෙට්යානයක් සිය පෞද්ගලික ඩ්‍රෝන යානයක් මෙන් භාවිතා කරන්නට ජේටැක් නිළධාරියාට හැකිවනු ඇත.





Sunday, 12 May 2013

TIME / Google time-laps satellite photography project

මෑතකදී ගූගල් සමාගමේ ගූගල් අර්ත් සේවාව හා ටයිම් සඟරාව අලුත් වැඩකට අතගැසුවා. ඒ ගූගල් සමාගම සතුව ඇති ලක්ශ ගණනක් චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් සෘජු හෝ වක්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා භූමියේ සිදුවී ඇති සුවිශාල  වෙනස්කම් time-laps photography ආධාරයෙන් සජීවීකරණය කොට පෙන්වීමයි.

නිරන්තරයෙන් භූමියේ ඡායාරූප ගන්නා ලෑන්ඩ්-සැට් වැනි චන්ද්‍රිකා, වසර ගණනක් එකම භූමිභාගයක ගන්නා ලද ඡායාරූප හඳුනාගෙන ඒවා කාලානුරූපව පෙලට තබා ටයිම් ලැප්ස් ආකාරයට සකසා සජීවිකරණ රූප නිර්මාණය කලහැකි animated GIF ආකෘතියෙන් මෙම ඡායාරූප නිර්මාණය කොට තිබෙනවා.

මේ ව්‍යාපෘතිය පිලිබඳව වැඩිදුර විස්තර සඳහා ටයිම් සඟරාවේ ටයිම්-ලැප්ස් අඩවියට පිවිසෙන්න.
http://world.time.com/timelapse/

තවත් මෙවැනි සජීවකරණ රූප සඳහා ගූගල් සමාගමේ නිළ බ්ලොග් අඩවියට පිවිසෙන්න.
http://googleblog.blogspot.co.uk/2013/05/a-picture-of-earth-through-time.html







Wednesday, 8 May 2013

පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් පියාසර කල X-51A WaveRider


අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරක යානයක් නිපදවීමේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිහිනය සැබෑවීමේ පෙරමග ලකුණු පෙන්වමින් X-51A වේව්-රයිඩර් ලෙස නම්කොට ඇති   නියමුරහිත පර්යේෂණ ගුවන් යානය නොබෝදා පැසිෆික් සාගරයට ඉහලින් සිදුකරණ ලද පරීක්ෂණ පියාසැරියකදී ශබ්දයේ වේගය මෙන් 5ගුණයක් එනම් පැයට කිලෝමීටර් 6000ක සුපිරි වේගයක් ලඟාකර ගත්තා.

ඔහායෝ ප්‍රාන්තයේ ව්‍රයිට් පැටර්සන් ගුවන් හමුදා මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන ගුවන් හමුදා පර්යේෂණාගාරය මගින් නිර්මාණය කල X-51A යානය බලගැන්වුනේ ජෙට් එන්ජින් තාක්ශණයේ නවතම නිර්මාණයක් වන ස්ක්‍රැම් ජෙට් වර්ගයේ එන්ජිමකින්. ජෙට් එන්ජින් තාක්ශණයේ ලොව අංක එකේ සමාගමක් වන Prat & Whitney Rocketdyne සමාගම මගින් නිර්මිත මෙම ස්ක්‍රැම් ජෙට් වර්ගයේ එන්ජිමකට ශබ්දයේ වේගය මෙන් පස්ගුණයේ සිට දසගුණය දක්වා, එනම් පැයට කිලෝමීටර් 12,000 පමණ වේගයක් ලබාගත හැකියි. X-51A යානයේ පරීක්ශණ පියාසැරි 3ක් මීට පෙර පවත්වා ඇති අතර ඉන් පලමු පියාසැරිය හැරෙන්නට අනෙක් දෙකම අසාර්ථක වුනේ ස්ක්‍රැම් ජෙට් එන්ජිම නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන්.

බෝයිං ගුවන්යානා සමාගමේ "Phantom Works - ෆැන්ටම් වර්ක්ස්" නම්වූ පර්යේෂණ මට්ටමේ රහසිගත යුධ ගුවන්යානා (experimental black-budget aircraft) නිර්මාණ බියුරෝව මගින් නිර්මාණය කොට ඇති X-51A යානය දැනට අඩි 14ක් දිගැති කුඩා යානාවක් වුවත්, පරීක්ෂණ පියාසැරිය මුලුමනින්ම සාර්ථක වූ නිසා, ස්ක්‍රැම් ජෙට් තාක්ශණය ප්‍රායෝගිකව ප්‍රහාරක යානා සඳහා යොදාගත හැකි බව තහවුරු වුනු බව "ෆැන්ටම් වර්ක්ස්" පර්යේෂණ බියුරෝවේ අධ්‍යක්ශක ඩැරල් ඩේවිස් පවසා තිබෙනවා. මෙම පරීක්ශණ පියාසැරියේදී X-51A යානය විනාඩි තුනක් වැනි කෙටි කාළයක් තුල කිලෝමීටර් 370ක් වැනි අතිවිශාල දුරක් ගමන්කිරීම දැවැන්ත තාක්ශණික ජයග්‍රහණයක් බවත්, එමගින් අමරිකානු යුධ ගුවන්යානා තාක්ශණයේ නව පිම්මක් ඇති කරන බවත් ඔහු සඳහන් කරනවා.

පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් ගිය X-51A පියාසැරියේ තොරතුරු

ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් යනු සුපර්-සොනික් රැම් ජෙට් යන්නේ කෙටි යෙදුමයි. රැම් ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක කිරීමට නම් ගුවන් යානයක් ගමනේ යෙදිය යුතු වනවා. එනම් රැම් ජෙට් එන්ජිමකට ගුවන් යානයක් ධාවන පථයේ සිට ගුවන් ගත කරවීමේ හැකියාවක් නෑ. ඒ අනුව සාමාන්‍ය ටර්බෝ ජෙට් එන්ජිමක් ආධාරයෙන් ගුවන් ගත වන යානයක වේගය ගුවනේදී වැඩිකරගැනීම සඳහායි රැම් ජෙට් එන්ජින් භාවිතා වන්නේ. ස්ක්‍රැම්-ජෙට් හෙවත් සුපර්සොනික් රැම් ජෙට් එන්ජිමක් පණගැන්වීම සඳහා එය සවිකල යානය ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කලයුතු වනවා.


X-51 කුඩා නියමු රහිතා යානයක් බැවින් මෙම පියාසැරිය සඳහා එය B-52 බෝම්බ ප්‍රහාරක යානාවක් තටුවක රඳවා ඉහල අහසට ගෙන යනු ලැබුවා. අඩි 50,000ක් ඉහලින් යානය B-52 යානයෙන් මුදවා හැරි අතර තත්පර කිහිපයක් නිදහසේ පහලට වැටුනු යානයට සම්බන්ධ කර ඇති රොකට් බූස්ටරය දැල්වීම සිදුවූයේ යානය B-52 මව් යානයත් අතර විශාල පරතරයක් ඇතිවුනු පසුවයි.

රොකට් බූස්ටරය මගින් තත්පර 26ක් තුල X-51 යානය මක් 4ක වේගයකට ගෙන යනු ලැබූ අතර යානයේ ස්ක්‍රැම් ජෙට් එන්ජිම පණගැන්වූයේ රොකට් බූස්ටරය යානයෙන් වෙන්වුනු පසුවයි. ස්ක්‍රැම් ජෙට් එන්ජිම යානයේ වේගය හයිපර්සොනික් වේගය, එනම් මක් 5කට ඉහල වේගයකට ගෙන ගිය අතර විනාඩි 6කට පසු යානයේ ඉන්ධන අවසන්වී ගියා. මෙම විනාඩි 6ක කාළය තුල යානය ස්ක්‍රැම් ජෙට් එන්ජිමේ බලයෙන් කිලෝ මීටර් 370 දුරක් ගමන්කොට තිබුණා.

මෙතරම් අධිවේගී යානා නිපදවන්නට එක්සත් ජනපදය  උත්සහ කරන්නේ ඇයි?

පෙන්ටගනයේ මධ්‍යකාලීන එනම්, ඉදිරි අවුරුදු 5-8 තුලදී සපුරාගන්නට උත්සහ දරන ඉලක්කයක් වනුයේ "prompt global strike capability" හෙවත් ඉතා කෙටිකාළයක් තුල ලොව ඕනෑම ස්ථානයකට දැවන්ත ප්‍රහාරයක් එල්ලකිරීමේ හැකියාවයි. දැනට වුවද අමෙරිකාවට ලොව ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කල හැකි නමුත්, ඒ සඳහා යම් කාළයක් ගතවනවා. උදාහරණයක් ලෙස 1998දී ඔසාමා බින් ලාඩන් සිටින ස්ථානය පිලිබඳව ඉතා නිවැරදි ඔත්තුවක් සී.අයි.ඒ ඔත්තුසේවයට ලැබුණද එම තොරතුර ඔස්සේ බින් ලාඩන් සැඟවී සිටින ස්ථානයට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ලකරන්නට විනාඩි 80ක කාළයක් ගතවුනා. එම කාළය තුලදී ප්‍රහාරය පිලිබඳව තොරතුරක් පකිස්ථානු ඔත්තුසේවයේ බින් ලාඩන් හිතවාදීන් හරහා ඔහුට ලැබුණු අතර ඔහු වහාම එම ස්ථානයෙන් පලා ගියා. මිසයිල ප්‍රහාරය වදින විට ඔසාමා සිටියේ එම ස්ථානයෙන් සැතපුම් ගණනාවක් ඈතින්.

පෙන්ටගනයට හා අමෙරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අනුව මෙවැනි ප්‍රහාරයක් සාර්ථක කරගන්නට නම් තොරතුර ලැබී විනාඩි 15කට අඩු කාළයකදී ප්‍රහාරය එල්ල කල යුතුයි. එමෙන්ම විදෙස් ඔත්තුසේවාවන් හරහා සතුරාට ප්‍රහාරය පිලිබඳව තොරතුරු ලැබීම වලක්වන්නට නම් ප්‍රහාරය එල්ල කරන ගුවන් යානය හෝ කොමාන්ඩෝ බළකාය අමෙරිකා එක්සත් ජනපදය තුල පිහිටුවා ඇති ගුවන් හමුදා කඳවුරකින් පිටත්විය යුතුයි. විදෙස් රටවල තිබෙන අමෙරිකානු කඳවුරු දෙසට විදෙස් ඔත්තුසේවාවන් නිරන්තරව ඇසගසාගෙන තොරතුරු සොයමින් සිටීම මෙයට හේතුවයි.

අමෙරිකාවෙන් පිටත්වන ගුවන් යානයක් විනාඩි 15වැනි කෙටිකාළයක් තුලදී ලොව ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ලකිරීමට නම් එම යානය මක් 10ක එනම් පැයට කිලෝමීටර් 12,000ක පමණ වේගයෙන් පියාසරකල යුතුයි.

X-51A ව්‍යාපෘතිය හා එවැනි අනෙක් අධිවේගී ගුවන්යානා ව්‍යාපෘති මගින් සපුරාගන්නට අදහස් කරන්නේ මේ ඉලක්කයයි. එනම් අමෙරිකාවෙන් පිටත්වී විනාඩි 15ක් ඇතුලත ලොව ඕනෑම ස්ථානයකට බෝම්බ දමන්නට හෝ කොමාණ්ඩෝ බලඇණියක් ගොඩබස්වීමේ හැකියාව පෙන්ටගනය වෙත ලබාගැනීමයි.

සබැඳි ලිපි....

1] පැයට කිලෝමීටර් 21,000ක වේගයෙන් ගමන්ගත් අමෙරිකානු පර්යේශණ ගුවන්යානයක් පුපුරා යයි!

2] X-37B අමෙරිකන් ගුවන් හමුදාවේ රහසිගත අභ්‍යවකාශ ශටලය

3] ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!

4] SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැනකට හමුදා ඛණ්ඩයක් යැවිය හැකි අමෙරිකානු අභ්‍යවකාශ යුධ සැළස්ම

x-51 හයිපර්සොනික් ව්‍යාපෘතිය පිලිබඳ වාර්තාමය වීඩියෝව



Related Posts Plugin for WordPress, Blogger...