Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 25 January 2015

මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය!!! - හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පිරිසක් ස්විට්සර්ලන්තයේ ඩේවෝස් ලෝක ආර්ථික සම්මේලනයේදී අණතුරු අඟවයි.....


"ඉතාම නුදුරු අනාගතයේදී රජයේ ආරක්ශක හා බුද්ධි අංශ පමණක් නොව දැවැන්ත පෞද්ගලික සමාගම් මගින්ද මුදා හැරෙන මදුරුවෙකු මෙන් කුඩා රොබෝ ඩ්‍රෝන යානා ඔබට නොදැනෙන්නට ඔබගේ ලේ සොරාගෙන ඔබගේ ජාන පිලිබඳ විස්තර ඔවුන්ගේ පරිගණක ජාලවලට ඇතුලත් කරගනු ඇත.... එමගින් ඔවුන් නිරන්තරයෙන්ම ඔබ කරනා දේවල්, යන එන තැන් පිලිබඳව ඔබට හොරා සෙවිල්ලෙන් සිටිනු ඇත.....

දැවැන්ත රක්ශණ සමාගම් ඔබගේ ජාන සොරෙන් අධ්‍යයනය කොට, ඔබට ඇති නිදන්ගත රෝග හඳුනාගෙන එම රෝග සඳහා ඔබ අනාගතයේදී ලබාගන්නා ප්‍රතිකාර සඳහා යන රක්ශණ වන්දි වෙනුවෙන්, එම රෝග පහලවීමට වසර ගණනාවකට පෙර සිටම ඔබගෙන් වැඩිපුර රක්ශණ වාරික මුදල් (insurance premium) අය කරගන්නවා ඇත...... 

ඔබ කාන්තාවක් නම් ඔබ නිතර බඩු ගන්නා සුපිරි වෙළඳසැල ඔබගේ කුසෙහි දරුවෙකු පිලිසිඳගෙන ඇති බව ඔබගේ පවුලට, සැමියාට පමණක් නොව සමහර විට ඔබටද පෙර දැනගනු ඇත...."

මෑත අනාගතය පිලිබඳව මේ බියකරු චිත්‍රය මවාපෑවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ශණය පිලිබඳ මහාචාර්යවරියක් වන මාගෝ සෙල්ට්සර්, ස්විටර්ලන්තයේ ඩේවෝස් නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum - Davos. Switzerland) පසුගිය බ්‍රහස්පතින්දා (22/01/2015) පැවැත්වුනු එක් වැඩමුළුවකදීය.

"දැන් ඇත්තේ මෙවැනිදේ සිදුවේවිද නැද්ද යන්න පිලිබඳ ගැටලුවක් නොවේ.....මෙම තාක්ශණය දැනටමත් ඉතා විශාල ලෙස දියුණුවෙලා.....

දැන් ඇත්තේ මෙම බියකරු සිදුවීම් වෙන්නට පටන්ගන්නේ කවදාදැයි යන්න පිලිබඳව අවධානයෙන් සිටීමයි....

මේ නිසා අපි පෞද්ගලිකත්වය පිලිබඳව දරන මතවාද වෙනස් කරන්නට අවශ්‍යයි. සැබැවින්ම මේවැනි තාක්ශණයන් නිසා පෞද්ගලිකත්වයක් කියලා දෙයක් නැත්තටම නැතිවෙනවා.....

රජයට විතරක් නෙමෙයි, බලසම්පන්න සමාගම් වලට, විදෙස් රටවල්වලට, ධනවත් පාතාලයට මෙන්ම ත්‍රස්තවාදීන්ටත් මෙම තාක්ශණය ලැබෙන එක වලක්වන්නට බැහැ...."

මෙම වැඩමුලුවට සහභාගීවූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විශේෂඥ සොෆියා රූත් පවසන ආකාරයට දැනටමත් අමෙරිකානු හා වෙනත් බටහිර බුද්ධි අංශ, විදෙස් රටවල නායකයන්ගේ ජාන තොරතුරු රැස්කිරීමේ යෙදී සිටිනවා. ඒ ඔවුන්ගේ නිරෝගීභාවය, නිදන්ගත රෝග මෙන්ම ජීවිතාපේක්ශ කාලය නිර්ණය කරගැනීම සඳහායි.

"මේ තාක්ශණය නරකට වගේම හොඳ දේට යොදාගන්නත් පුලුවන්. උදාහරණයක් ලෙසට බටහිර අප්‍රිකානු රටවල පැතිරෙන ඉබෝලා වසංගතය ගන්න. මේ අති දුශ්කර රටවල සෑම මිනිසෙකුට, ගැහැනියකට හා ළදරුවෙකුටම ඉබෝලා සඳහා ප්‍රතිවෛරස ලබාදීම සායන මගින් කරන්නට බැහැ ඒත්, ඩ්‍රෝන මදුරුවන් දහස් ගණනක් මෙම එන්නට ඇති කුඩා වයල සමග මුදාහැරියොත් එම ඩ්‍රෝන වලට පුලුවන් සෑම කෙනෙකුටම මෙම එන්නත දෙන්නට...."

Friday, 23 January 2015

පිටසක්වලින් සංඥා ඇවිත්


ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.
 ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි පාර්ක්ස් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් තරංග 6 කුත් පුවටෝ රිකෝ හි පිහිටි අරෙසිබෝ අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් එක් තරංගයකුත් බැගින් මෙම තරංග ස්පන්ද 7 අනාවරණයව තිබේ.


2007 වසරේදීද මෙවැනිම ගුවන්විදුලි තරංග ස්පන්දයක් අනාවරණය වුනු අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයින් අවසානයේ සොයාගත්තේ එම ස්පන්දයමීට වසර ගණනාවකට පෙර ග්‍රහණයවී, රේඩියෝ දුරේක්ශ වලින් ලැබෙන දත්ත ගබඩා කෙරෙන පරිගණකවල සටහන්වී තිබී සොයාගත් බවයි. එනිසා එයට ලැබුනේ අඩු වැදගත්කමකි.

නමුත් මෙවර එම ස්පන්ද නිකුත්වූ මොහොතේම වාගේ ඒවා ග‍්‍රහණය කරගැනීමට රේඩියෝ දුරේක්ෂ සමත්ව තිබේ. මෙම ස්පන්ද කවරකින් නිකුත්වූ ඒවාදැයි නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිව නොමැත.ගැමා කිරණ විහිදුමකින්,අධික ගුරුත්ව බලයක් තිබෙන තරුවකින් නිකුත්වූ කිරණ විහිදුමකින් මෙවැනි ගුවන්විදුලි තරංග ස්පන්දයන් ඇතිවිය හැකි බව පවසන ඔවුන් එසේ වුවත් ඒ බව නිසැකවම තහවුරු කරගැනීමට සාක්ෂි මද බව කියයි.


මිලි තත්පර කිහිපයක් පවතින, එහෙත් අතිශයින්ම ප්‍රභල වන මෙම රේඩියෝ තරංග නිකුත්වන විට ගැබ්ව තිබූ ශක්තිය අප සූර්යයා විසින් දිනකට පිටකරන සියලුම සූර්ය ශක්තියට සමාන බව ගණන් බලා තිබේ. පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් ලෙස මෙම ගුවන්විදුලි තරංගයන් හඳුන්වාදෙන පිරිසක්ද සිටී. මෙම තරංග නිකුත් කරන ලද්දේ ඈත එපිටපිට සක්වල දියුණු තාක්ශණයකින් යුතු පිටසක්වල ජීවීන් පිරිසක් නම්, මෙතරම් ප්‍රභල රේඩියෝ තරංග නිකුත් කිරීම සඳහා ඔවුන් යොදාගන්නා රේඩියෝ ට්‍රාන්ස්මීටරය මොනතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය.


මෙම රේඩියෝ තරංගය වසර බිලියන 5.5 ක පමණ දුර සිට පැමිණෙන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණෙන්නට හේතුවී තිබෙන්නේ මව් ප‍්‍රභවයෙන් පිට වීමේදී තරංගය සතුවූ ශක්තිය පෘථිවිය කරා ළගාවීමේදී හානිවී තිබෙන බවක් හඳුනාගැනීමට හැකිව තිබීමය.එම හානිවීම සැළකිල්ලට ගෙන තරංගය ආලෝක වර්ෂ 5.5 දුරක සිටවත් පැමිණෙන්නට ඇති බව විද්‍යාඥයින් කියයි.

එසේ නමුත් එහි මව් ප‍්‍රභවය පිහිටා ඇති තැන සොයාගැනීමට අපහසුවී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ ඉතා කෙටි කලකින් එයද සොයාගැනීමට හැකිවනු ඇති බවයි.තමන් බලාසිටින්නේ තවත් ගුවන්විදුලි තරංගයක් පෘථිවිය කරා ළගාවන තෙක් බවද එය ළඟාවූ වහාම එහි ප‍්‍රභවය සොයාගත හැකිසේ පිරික්සුම් උපකරණ සකස් කර තිබෙන බවද ඔවුන් පවසයි.



මෙම තරංග ග්‍රහණය වුනු වහාම අමෙරිකාවේ කැලිෆෝනියාවේ, ඔස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, කැරිබියන් සාගරයේ කැනේරි දූපත්වල, ජර්මනියේ හා හවායි දූපත්වල ඇති විශාල රේඩියෝ දුරේක්ශ භාවිතාකරගෙන අහස පිරික්සා මෙම තරංගවල ප්‍රභවය පිලිබඳව යම් යම් කරුණු අණාවරණය කරගෙන තිබේ. මෙම තරංග නිකුත්වූ මොහොතේ එම තරංග පැමිණි ප්‍රදේශයෙන් X-කිරණ හෝ අධෝරක්ත කිරණ තරංග නිකුත්වී නොමැති බව තහවුරු වේ. එනම් සුපර්-නෝවා ලෙස හැඳින්වෙන තාරකා පිපිරී යාම් වැනි අති ප්‍රභල රේඩියෝ තරංග නිකුත්කරන, විශ්වයේ සිදුවන ස්ව්භාවික සංසිද්ධි බොහොමයක් මෙම තරංග නිකුතුවට හේතුවී නොමැති බව විද්‍යාඥයින් පවසයි.

දැනට ගොඩනගා ඇති කල්පිතවලට අනුව මෙම තරංග සුවිශාල ඝණත්වයකින් යුතු, එහෙත් ඉතා කුඩා පරිමාවකින් යුතු නියුට්‍රෝන තාරකා හෝ කළු කුහරවලින් මෙම තරංග නිකුත්වන්නට ඇත. තවත් කල්පිතයකට අනුව මේවා පිටසක්වල දියුණු ජීවයක් විසින් තමන් පිලිබඳව සක්වල වැසියන්ට දැනුම් දීම සඳහා විටින් විට නිකුත් කරන ප්‍රභල රේඩියෝ තරංග බවයි.



Sunday, 18 January 2015

අමෙරිකානු, රුසියානු අභ්‍යවකාශ මෙහෙයුම්වල මිත්‍යා විශ්වාස 2

ඉනිමඟ යටින් ගමන් කිරීම, කණ්‌ණාඩිය බිඳීම, නිවස ඇතුළත කුඩයක්‌ ඉහළා සිටීම ආදිය බොහොමයක්‌ දෙනා සලකන්නේ අපල ගෙනෙන කාරණයන් ලෙසටයි. ඒ වගේම නොදැනුවත්වම ඇඳුමක කනපිට ඇඳීම, හිස උඩට හැරී ඇති කාසියක්‌ හමුවීම සහ පිරිසිදු ජලය පිරුණ බඳුනක්‌ ඉදිරියට හමුවීම වාසනාව ගෙනෙන නිමිත්තක්‌ ලෙස විශ්වාසයේ පවතී. මේ නිසාම වැදගත් කටයුත්තක්‌ ආරම්භ කරන විට සහ සුබ ගමනක්‌ පිටත් වන විට බොහෝ දෙනකු එවැනි මිථ්‍යා විශ්වාස සැලකිල්ලට ගෙන නොයෙකුත් සිරිත්වලට යොමු වී තිබේ. ඈත එපිට ග්‍රහලෝකවලට රොබෝ වාහන යවා පර්යේෂණ කරන යුගයක පසුවන එක්‌සත් ජනපද සහ රුසියානු අභ්‍යවකාශ ආයතන පවා මිත්‍යා විශ්වාස පිළිබඳව සැලකිලිමත් වෙයි. අභ්‍යවකාශ යානා දියත් කරන විට සහ දූත ගමන් අතරතුරේදි සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් ඔවුන් අමුතු චාරිත්‍රයන් රාශියක්‌ අනුගමනය කරයි.

සබැඳි ලිපිය;
යූරී ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් ඔහුගෙන් අභ්‍යවකාශ ගමනට ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්!! [හා අභ්‍යවකාශ මෙහෙයුම් හා සබැඳුනු වෙනත් අපූරු චාරිත්‍ර...]

අංක 13 ප්‍රසිද්ධ වී ඇත්තේ අවාසනාවන්ත අංකයක්‌ ලෙසටයි. ඒ සම්බන්ධයෙන් නාසා ආයතනයේ හැඟීම කොතරම්දැයි කිවහොත් ඇපලෝ 13 දූත ගමනින් පසුව ඔවුන් මෙහෙයුම් නම් කිරීමේදී අංක 13 යොදා ගැනිමට සිදුවන අවස්‌ථා හැකිතාක්‌ මඟහැර ඇති බවක්‌ පෙනෙන්න තිබේ. විශේෂයෙන්ම එම ආයතනයේ පරිපාලක ෙ-ම්ස්‌ බෙග්ස්‌ අංක 13 නොමැති අංක ක්‍රමයක්‌ යොදා ගැනීමට බොහෝ උනන්දු වී තිබේ. 1970 අප්‍රේල් 11 දින ඇපලෝ 13 දියත් කෙරුණේ තුන්වන වරටත් හඳ මත පා තැබීමේ දූත ගමනකටයි. නමුත් අතරමඟදි ඔක්‌සිජන් ටැංකියක්‌ පුපුරා යාම නිසා සඳ මත ගොඩ බැසීමේ කාර්යය නවතා අජටාකාශගාමීන් ආරක්‌ෂිතව ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණි. 1981 සිට 2011 දක්‌වා වූ අභ්‍යවකාශ ෂටල ගමන්වලදී ඒවා නම් කිරීම STS-1 isg STS-9 දක්‌වා කර 13 පැමිණීම වැළැක්‌වීම සඳහා 10 වන ගමනේ පටන් STS-41B, STS-41C ආදි වශයෙන් සංකීර්ණ අංකන ක්‍රමයකට ගොස්‌ තිබේ.

අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා සෝවියට්‌ අජටාකාශගාමියකු වන යූරි ගගාරීන් මහතායි. ඔහු ගෙනගිය වොස්‌ටොක්‌ 1 යානාව 1961 අප්‍රේල් 12 දින පෘථිවි කක්‌ෂය වටා වටයක්‌ සම්පූර්ණ කළේය. එම ගමන ආරම්භ කිරීම සඳහා කසකස්‌ථානයේ බයිකනෝර් කොස්‌මොෙඩ්‍රාම්හි දියත් කිරීමේ වේදිකාවට යමින් සිටියදි අතරමඟදි ඇති වූ අවශ්‍යතාවක්‌ නිසා ඔහු බසය නවතා එහි ටයර මතට මූත්‍රා කර තිබේ. අජටාකාශගාමීන්ගේ නූතන ඇඳුම් කට්‌ටලවල එවැනි ක්‍රියාවන් වළකාලමින් ඒවා උරාගන්නා ඉණකඩක්‌ ඇතුළත් කර තිබේ. එසේ වූවත් එම අභ්‍යවකාශ ගමන් මෙහෙයුම් තොටෙන් අභ්‍යවකාශගත වීමට යන ඕනෑම විටක යූරි ගගාරීන් මහතා කළ ආකාරයටම මූත්‍රා කිරීම අජටාකාශගාමීන්ගේ සම්ප්‍රදායක්‌ වී තිබේ. එම කාර්යයට සම්බන්ධ වීමට කාන්තා අජටාකාශගාමින් බැඳී නොසිටියත් ඔවුන් තමන්ගේ මූත්‍රා කෝප්පයක රැගෙන විත් ටයරයට දමන බවට දැනගන්නට තිබේ.

කශක්‌ස්‌ථානයේ අභ්‍යවකාශ තොටෙන් අභ්‍යවකාශගත වන අජටාකාශගාමීන් ගමන් ආරම්භ කිරීමට පෙර යූරි ගගාරීන් මහතාගේ පරණ කාර්යාලයේ ඇති ආගන්තුකයින්ගේ පොතේ අත්සන් තැබීම සිරිතක්‌ කර ගෙන තිබේ. එදා මෙදාතුර බයිකනෝර් කොස්‌මොෙඩ්‍රාම් සිට අභ්‍යවකාශ ගමන් ඇරඹූ සියලුම අජටාකාශගාමීන්ගේ අත්සන් එහි වේ.

එක්‌සත් ජනපදයේ අභ්‍යවකාශ ෂටල වැඩසටහන 2011 දී විශ්‍රාම ගැන්වූ නිසා පසුගිය කාලයේ ඇමෙරිකානු අජටාකාශගාමීන් අභ්‍යවකාශගත වූයේ වෙනත් දේශයක ප්‍රවාහන ක්‍රමයක්‌ ඔස්‌සේය. ඔවුන් තම දේශයේ සිට අභ්‍යවකාශ ගමන් ඇරඹූ කාලයේ පිටත්වීමට පෙර උදෑසන ආහාරය ලෙස මස්‌ පෙත්තක්‌ කිරි හා බටර් මිශ්‍ර කර තැම්බූ බිත්තර (scrambled eggs) ආහාරයට ගැනීම සිරිතක්‌ වී ඇත. ගගාරීන් මහතාගේ අභ්‍යවකාශ ගමනින් සති කීපයකට පසුව එනම් 1961 මැයි 5 ඇලන් ෂෙපර්ඩ් මහතා අභ්‍යවකාශ ගත විය. ඔහු සැලකෙන්නේ අභ්‍යවකාශගත වූ පළමු ඇමෙරිකානු අජටාකාශගාමියා ලෙසටය. ඇමෙරිකානු අජටාකාශගාමීන් අනුගමනය කළේ ඇලන් ෂෙපර්ඩ් මහතාගේ උදෑසන ආහාරයයි. වර්තමානයේ නාසා ආයතනය නැවතත් අභ්‍යවකාශ ෂටල වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටී. එය ඇරඹූ විට එම ආහාර චාරිත්‍රය සමහරවිට නැවතත් දකින්නට ලැබෙනු ඇත.

අභ්‍යවකාශ ගමන්වලදී රටකජු වාසනාව ගෙනෙන දෙයක්‌ ලෙස විශ්වාසයට පැමිණ තිබේ. 2012 අගෝස්‌තු 5 දින කියුරියොසිටි රෝවරය අඟහරු මත ගොඩබසින විට නාසා පාලන මැදිරියේ මේස කීපයකම රටකජු බෝතල් දකින්නට ලැබී තිබේ. එම සිරිත පටන්ගෙන ඇත්තේ 1960 ගණන්වල ක්‍රියාත්මක කෙරුණු නාසා ආයතනයේ JPL මධ්‍යස්‌ථානය සඳ වෙත යැවූ Ranger නම් මෙහෙයුම් මාලාවක්‌ අතරතුරේදිය. සඳ වටා ගොස්‌ සඳේ ඡායාරූප ගැනීමට එම මෙහෙයුම්වලදී බලාපොරොත්තු වූවත් දියත් කරන හෝ කක්‌ෂයේ ඇති අතරතුරේ පළමු අභ්‍යවකාශා 6 ම අසාර්ථක වී ඇත. අවසානයේ 7 වන ගමන සාර්ථක විය. පුදුමයකට මෙන් එදින කිසිවෙකු හෝ විසින් පාලන මැදිරියට රටකජු රැගෙන විත් තිබුණි. එතැන් පටන් JPL මඟින් පාලනය කෙරෙන දියත් කිරීමේ හෝ ගොඩබැස්‌සවීමේ කටයුත්තකදී අභ්‍යවකාශ ගමනේ නම සඳහන් රටකජු බෝතල් පාලන මැදිරියේ මේසවලට ගෙන ඒම සිරිතක්‌ වී තිබේ. 

රුසියානු දියත් කිරීම්වලදී රුසියානුවන් ඔක්‌තෝබර් 24 දිනය අවාසනාවන්ත දිනයක්‌ ලෙස සලකයි. 1960 ඔක්‌තෝබර් 24 දින පරීක්‌ෂණ ගමනක්‌ සඳහා සූදානම් කළ ඔවුන්ගේ R -16 මිසයිලය දියත් කිරීමේ වේදිකාව මතදි පුපරා යැමට ලක්‌විය. R -16 ( NATO reporting name SS-7 Saddler) යනු සෝවියට්‌ රුසියාවේ පළමු සාර්ථක මහද්වීප අතර ප්‍රක්‌ෂේප මිසයිලයකි. මෙයට කිලෝමීටර් 11,000ක පියාසර පරාසයක් තිබුණි. 

Chief Marshal Nedelin
පිපිරුමෙන් R-16 සංවර්ධන වැඩසටහනේ ප්‍රධානියා වූ චීෆ් මාෂල් මිට්‍රොෆෑන් නෙඩෙලින් ඇතුළුව හමුදාමය සහ කාර්මික ශිල්පීන් 100 දෙනකුට වඩා මරණයට පත්විය. මරණයට පත් වූ වැඩසටහන් ප්‍රධානියාගේ නමින් නෙඩෙලින් ව්‍යසනය ලෙසින් (Nedellin Disaster) එය හැඳින්විණි. එම සිදුවීම වසර ගණනාවක්‌ම සඟවන්නට උත්සාහ කළ අතර 1989 වන තෙක්‌ම සෝවියට්‌ රජය එය පිළිනොගත්තේය. නැවතත් 1963 ඔක්‌තෝබර් 24 දින R-9 මිසයිලය පිපිරීමට ලක්‌විය. මේ නිසා දියත් කිරීම් සඳහා නැවත ඔක්‌තෝබර් 24 දිනය කිසිම දිනක යොදා නොගනී. 

තවත් රුසියානු දියත් කිරීමේ සිරිතක්‌ වනුයේ මිනිසුන් රැගත් රුසියානු යානා දියත් කිරීම්වලදී දියත්කිරීමේ වේදිකාව වෙතට රොකට්‌ටුව රැගෙන ඒම, බැලීම අජටාකාශගාමීන්ට තහනම් වූවක්‌ වීමයි. දියත් කිරීමට පෙර පැය 48 කට කලින් දුම්රිය මඟිsන් රොකට්‌ටුව වේදිකාව වෙත ගෙන ඒම කෙරේ. ඒ වෙලාවේ අජටාකාශගාමීන් සිරිතක්‌ ලෙස කොණ්‌ඩය කපා ගැනීම කරයි. දියත් කිරීමට දිනයකට පෙර ඕතොඩොක්‌ස්‌ පූජකතුමකු විසින් ශුද්ධ වූ ජලය අජටාකාශගාමින්ට ඉස ආශිර්වාද කෙරේ. රාත්‍රියේදී අජටාකාශගාමීන් 1969 චිත්‍රපටියක්‌ වන වයිට්‌ සන් ඔෆ් ද ඩෙසර්ට්‌ බැලීමට එකතු වේ. එය ඇමෙරිකානු බටහිර චිත්‍රපටයක නැවත නිෂ්පාදනයකි.

රුසියානු දියත් කිරීමේ දිනයේදී අජටාකාශගාමීන් ශැම්පේන් රස බලා දියත් කිරීමේ වේදිකාවට පිටත්ව යාමට පෙර තම හෝටල් කාමර දොරෙහි අත්සන් තබයි. දියත් වන විට අණ දෙන නිලධාරී විසින් තෝරා ගනු ලැබූ සුරතල් සෙල්ලම් බඩුවක්‌ සෝයුස්‌ කැප්සුලයේ එල්ලීම කෙරේ. 1911 නොවැම්බර් 14 දින දියත් කළ සෝයුස්‌ TM -22 හි වූයේ ඇන්ග්‍රි බර්ඩ් සෙල්ලම් බඩුවකි. එය කැප්සුලය තුළ පාවෙනු දකින විට භූමියේ සිටින පාලන කණ්‌ඩායම විසින් අජටාකාශගාමීන් කක්‌ෂය වෙත සේන්දු වී ඇති බව දැන ගනී. 

සබැඳි ලිපිය;අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රුසියානු සෝයුස් රොකට්ටුවක් ගුවන්ගත කිරීමේ ක්‍රියාදාමය : NASA ඡායාරූප

ඇමෙරිකානු බිමේ සිට දියත් කිරීම් සිදුකරන විටත් අනුගමනය කළ චාරිත්‍ර රාශියක්‌ තිබේ. දියත් කිරීමේ වේදිකාව වෙත යන ගමනේදි ඔවුන්ගේ සිරිත වන්නේ මඟ නැවතී කඩදාසි ක්‍රීඩාවක යෙදීමයි. අණදෙන නිලධාරී පරාජය වනතුරුම ක්‍රීඩාවේ යෙදීම සිරිතකි. දියත් කිරීමට පෙර අජටාකාශගාමීන් ගන්නා උදෑසන ආහාරයේදි ශීත කළ කේක්‌ පිළිගැන්වීමත් සිරිතකි. නමුත් එය කැපීමවත් ආහාරයට ගැනීමවත් නොකෙරේ. දූත ගමන පෙන්වන ආකාරයට සැරසිලි කළ කේක්‌ එක චාරිත්‍රානුකූල පිළිගැන්වීමක්‌ පමණි. සමහරවිට එය දූත ගමනකදි මුලින්ම කේක්‌ එකක්‌ පිළිගැනAවූ අවස්‌ථාවේ එම අජටාකාශගාමීන් එය ආහාරයට නොගෙන සිටීමේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයාමක්‌ විය හැකිය. 

අභ්‍යවකාශයානයක්‌ දියත් කිරීමෙන් පසුව දියත් කිරීමේ කණ්‌ඩායම සහ අමුත්තන් ඉරිඟු පාන් සහ බෝංචිවලින් යුතු ආහාර වේලක්‌ බුක්‌ති විඳීමත් ඇමෙරිකානු බිමේ සිදු වේ. එය 1981 අප්‍රේල් 12 දින සිදුකළ නාසා ආයතනයේ පළමු අභ්‍යවකාශ ෂටල වැඩසටහනේ සිටම දකින්නට ලැබුණ චාරිත්‍රයක්‌ විය. දියත් කිරීමෙන් පසු දියත් කිරීමේ කණ්‌ඩායමේ සිටි ආධුනිකයන්ගේ කරපටි කපා දැමීමත් කෙරේ. අතීතයේ සමහර දූත ගමන්වලදී වාසනාවන්ත මංගල වස්‌තුවක්‌ යොදා ගැනීමක්‌ කර තිබේ. සඳ වෙත පරීක්‌ෂණ ගමනක යෙදුණු ඇපලෝ 10 ගමනේදි පීනට්‌ස්‌ කාටුන් චරිත වන චාලි බ්‍රවුන් සහ ස්‌නූපි බල්ලා නිල මංගල වස්‌තුව ලෙස යොදා ගෙන ඇත. 

බොහොමයක්‌ දෙනා මිථ්‍යා විශ්වාස මත පිහිටා අනුගමනය කරන පුරුදු දෙස අවඥාවෙන් බලන්න පුරුදු වී සිටියත් එක්‌සත් ජනපද සහ රුසියානු අභ්‍යවකාශ ආයතන නියුතු වී සිටින කාර්යයන්ගේ ස්‌වභාවය, පීඩනය සහ අවදානම් බව සලකා බලන විට වාසනාව ගෙනදෙන නිමිති ගැන සැලකිල්ලක්‌ දැක්‌වීම පුදුමයක්‌ නොවේ. කාලයත් සමඟ සම්මත වී ඇති සමහර චාරිත්‍ර පහසුවෙන් නැති වී යන බවක්‌ද නොපෙන්වයි. ඇතැම් විට මිනිසා අඟහරු මත පය තබන විට තව තවත් අමුතු චාරිත්‍ර එක්‌ වී තිබිය හැකිය.

අභ්‍යවකාශ ගවේෂණය පිලිබඳව ලියැවුනු තවත් ලිපි;












Friday, 16 January 2015

හිරු එලියෙන් වැඩ ගන්නෝ

හිරු එළියෙන් විදුලිය නිපදවන නෙදර්ලන්තයේ සූර්යකෝෂ මාවත

සූර්යකෝෂ මතුපිට්ට එලා, විදුලිය නිපදවීමට හැකිලෙස නිර්මාණය කල මාවතක් නොබෝදා නෙදර්ලන්තයේ  ඈම්ස්ටර්ඩෑම් අගනුවරේ තදාසන්න කුඩා නගරයක් වන ක්‍රොමෙනි නගරයේදී නොබෝදා විවෘත වුනා. මෙය බයිසිකල් පමණක් ගමන්කල හැකි "bicycle path" එකක් විධියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

විවෘත කිරීමට සහභගිවුනු නෙදර්ලන්තයේ (එනම් ඕලන්දයේ) ආර්‍රථික සංවර්ධන අමාත්‍ය හෙන්ක් කෑම්ප් මහතා හා එම මහත්මිය සයිකල් පදිමින් මාවත විවෘත කරන ආකාරයයි ඉහත ඡායාරූපයේ පෙනෙන්නේ. දැනට මීටර් 230ක් දිග මේ මාර්ගය ඉදිරියේදී තවත් දිගු කිරීමට බලාපොරොත්තු වෙනවා. දිනකට බයිසිකල් මගින් ගමන්බිමන් යන නෙදර්ලන්ත වැසියන් 2000ක් පමණ මෙම මාර්ගය භාවිතා කරනබවයි පැවසෙන්නේ.


සෝලා රෝඩ් (Solar Road) නැමති සමාගමක් මගින් නිර්මාණය කොට තිබෙන මෙම මාර්ගය සූර්ය කෝෂ එබ්බවූ කොන්ක්‍රීට් වලින් තනා, ඒ මතට ශක්තිමත් "tempered glass" වර්ගයේ වීදුරු ස්ථරයක් දමා තිබෙනවා. සිදුකරන ලද අත්හදා බැලීම් වලදී සූර්ය කෝෂවලට හානි නොවී ට්‍රැක්ටරයක් වැනි බරවාහනයකට වුවද ගමන් කලහැකි බව හෙලිවී තිබෙනවා.

Tûranor PlanetSolar | ලොව වටා හිරු බලයෙන් ගිය සූර්යකෝෂ බෝට්ටුව

ටොන් 85ක් බරැති යොට් (yacht) හෙවත් විනෝද් යාත්‍රා ගණයට අයත් මෙම නැවට වර්ග මීටර් 537ක සූර්යකෝෂ සවිකොට ඇත. කිලෝ වොට් 93ක බලයක් ඉන් ජනනය වන අතර නිපැදවෙන විදුලිය මගින් විදුලි මෝටරයක් කරකවා ප්‍රචාලනය ලබාදෙයි.

ඉතිරි විදුලිය ලිතියම්-අයන (lithium-ion) බැටරිවල ගබඩා කෙරෙන්නේ රාත්‍රීකාලයේ ප්‍රයෝජනය සඳහාය. මේ සඳහා ටොන් 8.5ක ලිතියම්-අයන බැටරි සවිකොට ඇත.

යුරෝ මිලියන 15ක් වැයකොට නිර්මාණය කල මෙම නෞකාව ජර්මනියේ කීල් නුවරදී ගොඩනැගූ අතර ඒ සඳහා බරපැන ජර්මානු ව්‍යාපාරිකයෙකු විසින් දරන ලදී. 2012 මැයි මාසයේදී තනිකරම සූර්ය බලයෙන් ලොව වටා ගමන අවසන් කිරීමට මෙයට හැකිවිය. ඒ සඳහා දින 584ක් ගතවූ අතර ඒ මුලු කාලයම සූර්ය බලයෙන් ගමන්කලේය.

දැන් මෙම නෞකාව ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්වවිද්‍යාලය මගින් පාවෙන සමුද්‍ර පර්යේෂණාගාරයක් ලෙස භාවිතා කරයි.


Thursday, 15 January 2015

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රුසියානු සෝයුස් රොකට්ටුවක් ගුවන්ගත කිරීමේ ක්‍රියාදාමය : NASA ඡායාරූප

අන්තර්ජාතික අභ්‍යවකාශ මධස්ථානයට (ISS) සිදුකල 43වැනි මෙහෙයුම මේ නොබෝදා රුසියාවේදී සෝයුස් රොකට්ටුවක් මගින් සිදුකල. අමෙරිකානු ගගනගාමී ටෙරී වර්ට්ස්, රුසියානු ගගනගාමී ඇන්ටන් ෂ්කප්ලෙරොෆ් හා ඉතාලි ගගනගාමිනී සමන්තා ක්‍රිස්ටොෆොරෙටී මෙලෙස පිටත්වී ගිය ISS ගවේෂකයින් තිදෙනායි.

රුසියාවට අයත්, කසකස්ථානයේ පිහිටි බයිකොනූර් කොස්මොඩ්‍රෝම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය මේ ගගනගාමීන් තිදෙනා හා ඔවුන් ගෙනගිය රොකට්ටුව ගුවන්ගත කිරීමට පෙර සිදුකල මෙහෙයුම් කටයුතු නාසා ආයතනය මගින් ඡායාරූපගත කොට මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

ඔවුන්ගේ පියාසැරිය 2014 නොවැම්බර් 24 සිදුවූ අතර මේවන විට ඔවුන් අභ්‍යවකාශයේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටිනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) නියොජනය කරන, ඉතාලි ජාතික පියාසර ඉන්ජිනේරු සමන්තා ක්‍රිස්ටොෆොරෙටි.

ඉතාලි ගුවන්හමුදාවේ කපිතාන්වරියක් වන සමන්තා ක්‍රිස්ටොෆොරෙටි Northrop T-38 Talon සුපර්සොනික් ජෙට් ප්‍රහාරක යානා හා AMX-A11 ගොඩබිම් ප්‍රහාරක යානා නියමුවෙකි

























නාසා ආයතනය නියෝජනය කරන පියාසර ඉන්ජිනේරු ටෙරී වර්ට්ස්

අමෙරිකානු ගුවන්හමුදාවේ කර්නල් නිළයක් දරන ටෙරී වර්ට්ස් F-16 යානා පියාසර කරන ප්‍රහාරක ජෙට් නියමුවෙකි.
























රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය (රොස්කොස්මොස්) නියෝජනය කරන සෝයුස් කමාන්ඩර් ඇන්ටන් ෂ්කප්ලෙරොෆ්. 

රුසියානු ගුවන්හමුදාවේ කර්නල් නිළයක් දරන ඇන්ටන් ෂ්කප්ලෙරොෆ් මිග්-29 ප්‍රහාරක යානා නියමුවෙකු හා ගුවන් නියමු පුහුණුකරුවෙකු වේ.
























ගගනගාමීන් රුසියානු "සොකොල්" අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසී අවසන් පුහුණුවීම් කටයුතු අතරතුර
























ගගනගාමීන් රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ හා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ නිළධාරීන් සමග


























Soyuz TMA-15M Roll Out : ගගනගාමීන් තිදෙනා ISS මධ්‍යස්ථානය වෙත ගෙනයන සෝයුස් TMA-15M රොකට්ටුව ගුවන්ගත කිරීමේ අංගනය වෙත ගෙනයන ආකාරය


















































Soyuz TMA-15A Lift Off - යෝධයෙකුගේ නික්මයාම











2015 Detroit Auto Show - උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය

උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය පසුගිය ජනවාරි 12වැනිදා අමෙරිකාවේ මෝටර් රථ කර්මාන්තයේ අගනගරය ලෙස සැලකෙන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවරදී ඇරඹුනා. තවමත් ලෝකයේ විශාලතම හා ලාභදායිම වාහන අපනයන වෙළඳපොල වන අමෙරිකානු වෙළඳපොලෙහි ගැනුම් කරුවන් ඇදබැඳ තබාගැනීම සඳහා සිය මෝටර් රථවල නවතම මාදිලි ඩෙට්‍රොයිට් ප්‍රදර්ශණයේදී ඉදිරිපත් කිරීමට ලොව පුරා මෝටර් රථ නිශ්පාදකයින් පුල පුලා සිටිනවා.

මේ එලෙස ඉදිරිපත් කරන ලද නවතම මෝටර් රථ කිහිපයක තොරතුරුයි.

2016 Sonata PHEV - Hyundai plug-in hybrid


කොරියාවේ හුන්ඩායි සමාගම සිය ප්‍රථම ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථය ලොවට හඳුන්වාදීම සඳහා ඩෙට්‍රොයිට් මෝටර් රථ ප්‍රදර්ශණය තෝරා ගත්තා. සොනාටා PHEV ලෙස නම් කොට ඇති මෙය පෙට්‍රෝල්-ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් රථයක් වන අතර, අවශ්‍ය නම් රථයේ බැටරිය විදුලි පේනුවකට සම්බන්ධ කොට චාර්ජ් කරගැනීමෙන් පූර්ණ ලෙසම ඉලෙක්ට්‍රික් කාරයක් ලෙස ධාවනය කල හැකි. මෙවැනි රථවලට ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් ලෙස හඳුන්වන්නේ මෙලෙස විදුලි පේනුවකට කාරය ප්ලග් කොට බැටරිය චාජ් කරගත හැකි බැවිනුයි.

Volkswagen Cross Coupe GTE





















ක්‍රොස් මාදිලියේ මෝටර් රථ කාරයක හා ජීප් රියක දෙමුහුමක් හෙවත් ක්‍රොස්-බ්‍රෙඩ් ලෙස නිර්මාණය කොට තිබෙනවා. සාමාන්‍ය කාරයක ඇති සියලුම සුවපහසුකම් ඇති ක්‍රොස් වාහන, ජීප් රියක් මෙන් 4X4 හැකියාව, නැතහොත් Full Time 4X4 හෝ All Wheel Drive හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය කාරයකට වඩා ශක්තිමත් ලෙස නිමවා ඇති මෙම වාහන පෙනුමෙන්ද සාමාන්‍ය කාර් රථවලට වඩා හැඩිදැඩි පෙනුමක් එන ලෙස නිර්මාණය කොට තිබෙනවා.

V6 පෙට්‍රෝල් එන්ජිමකින් බලගැන්වෙන මෙයට බැටරි බලයෙන් ක්‍රියාත්මක මෝටර් දෙකක්ද අනුගත කොට තිබෙන නිසා හයිබ්‍රිඩ් රථයක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙය ගැලුමට සැතපුම් 70ක් එනම් ලීටරයට කිලෝමීටර් 29ක ඉන්ධන කාර්යක්ශමතාවයෙක්න් යුතු බව වොක්ස්වාගන් සමාගම පවසනවා

Honda FCV Hydrogen Fuel Cell Car




















මගීන් 5දෙනෙකුට සුවපහසුව ගමන්කල හැකි මෙම රථය බලගැන්වෙන්නේ හයිඩ්‍රජන් එන්ජිමකින්. ෆියුල්-සෙල් තාක්ශණය ලෙස හැඳින්වෙන මෙම තාක්ශණය පරිසරයට ඉතාම හිතකර තාක්ශණයක්. එක්වරක් හයිඩ්‍රජන් පුරවාගත් විට කිලෝමීටර් 480ක් ගමන් කල හැකිය.

2016 වසරේදී ඉතා දැඩි පරිසර නීතිවලින් යුතු කැලිෆෝනියා ප්‍රාන්තයෙන් මෙම කාරය වෙළඳපොලට හඳුන්වාදීම ඇරඹීමට හොන්ඩා සමාගම සූදානම් වන අතර මෙම රථවලට අවශ්‍ය හයිඩ්‍රන්ජ් ඉන්ධන හල් ආරම්භ කිරීම සඳහා හොන්ඩා සමාගම අමෙරිකානු හයිඩ්‍රජන් වායු නිශ්පාදන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා.

Ford F-150 Raptor




















Range Rover HSE TD6 and Range Rover Sport HSE TD6

















Audi Q7



















Honda Aura NSX




















Nissan Infiniti Q60





Tuesday, 13 January 2015

කෘත්‍රිම බුද්ධියේ දියුණුව පාලනය කරන්න! - ලෝක ප්‍රකට විද්වත්හු සංවර්ධිත රටවලින් ඉල්ලති

ලෝක ප්‍රකට විද්වතුන්, විද්‍යාඥයින්, අධිතාක්ශණික සමාගම් ප්‍රධානීන් රැසක්, විවෘත ලිපියක් මගින් ලොව සංවර්ධිත රටවල රජයන් වෙතින් කෘත්‍රිම බුද්ධි තාක්ශණයේ සංවර්ධනය පාලනය කොට වැඩදායි කටයුතු සඳහා පමණක් එම තාක්ශණය යොදාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්, ගූගල් සමාගමේ පර්යේෂණ ප්‍රධානී පීටර් නෝවිග් , ලොව ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ රොකට්ටුව නිපදවූ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකාවිද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය මාටින් රීස්, නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ෆ්‍රෑන්ක් විල්සෙක් වැනි විද්වතුන් රැසක් මෙම විවෘත ලිපියට අත්සන් කොට තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස බී.බී.සී වැඩසටහනකට සහභාගීවූ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්, පූර්ණ කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණකයක් හෝ රොබෝවෙකු මිනිස් සංහතියේ විනාශය සිදුකරනු ඇති බවට බලවත් අණතුරු ඇඟවීමක් සිදුකලා. එපමණක් නොව, මාස කිහිපයකට පෙර අමෙරිකාවේ හෆිංටන් පෝස්ට් පුවත් පතට ලිපියක් සම්පාදනය කල ස්ටීවන් හෝකින්ස්, මැසචුසෙට්ස් තාක්ශණික විශ්වවිද්‍යාලයේ (MIT) භෞතික විද්‍යාඥයින් වන මැක්ස් ටෙග්මාක් හා විල්සෙක්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ ස්ටුවර්ට් රසල් යන විද්වතුන් සිවුදෙනා පූර්ණ ලෙසම මිනිසෙකු මෙන් සිතිය හැකි කෘත්‍රිම බුද්ධියක් නිපදවීමෙන් සිදුවිය හැකි විපාක පිලිබඳව අදහස් දැක්වූවා. ඔවුන් පවසන අන්දමට පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ සුපිරිම නීර්මාණය මෙන්ම අවසාන නිර්මාණයද විය හැකියි.

ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ (Space X) ඊලෝන් මස්ක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස MIT විශ්වවිද්‍යාලයේ ගගනවිද්‍යා හා අභ්‍යවකාශවිද්‍යා අංශයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ AeroAstro 100 සම්මන්ත්‍රණයේදී පවසා සිටියේ ලොව රජයන් එක්ව කෘත්‍රිම බුද්ධි තාක්ශණය සංවර්ධනය කිරීම සඳහා යම් සීමා පැනවිය යුතු බවයි. ඔහු පවසා සිටියේ පූර්ණ කෘත්‍රිම බුද්ධිය මානවයාගේ ඉදිරි පැවැත්මට ඇති බලවත්ම තර්ජනය බවයි.

ගූගල් සමාගමේ ඉන්ජිනේරු නිර්මාණ අංශයේ ප්‍රධානී රේ කර්ස්වෙයිල් පවසන අන්දමට කෘත්‍රිම බුද්ධිය, මානව බුද්ධිය අභිබවා යන දිනය 2045 වසරට පෙර උදාවිය හැකි බවයි. එම වසර වනවිට මිනිසාට තමාගේ සියලුම සිතුවිලි ඩිජිටල් කේත බවට හරවා පරිගණකයකට ඇතුලු කිරීමෙන් අමරණීය භාවය ලබාගෙන පරිගණක මතකයක් තුල සදාකාලික ජීවිතයකට හිමිකම් කිවහැකි වනවා.

එමෙන්ම මිනිස් මොළය අභිබවා දියුණුවන කෘත්‍රිම බුද්ධියකට, තව තවත් බුද්ධිමත් කෘත්‍රිම මනස් ඉතා වේගයෙන් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන අතර, එවිට මිනිස් බුද්ධියට කිසිසේත් සමකල නොහැකි අපරිමිත මානසික හැකියාවකින් යුතු සුපිරි බුද්ධියක් බිහිවෙනු ඇති. එවැනි බුද්ධියක් ඇති පරිගණකයක් හෝ රොබෝවෙක්, මිනිසා ගැන කෙසේ සිතනු ඇතැයි උපකල්පනය කල හැකිද?

කිසිසේත් නොහැකිය.

මිනිසුන්, මීයන් කැරපොත්තන් වැනි කරදර කාරී පලිබෝධයක් ලෙස සලකා විනාශ කරදැමීමට එවැනි බුද්ධියක් පෙළඹෙන්නට පුලුවන.

A timeline of developments in computers and robotics.
Source:LiveScience

සයිකල් පදිමු!

බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා.

සයිකලයේ වැඩට යන බ්‍රිතාන්‍ය වැසියා

උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ වැසියනට සිය රැකියාවට යෑම සඳහා බයිසිකල් පැදීම උනන්දු කිරීමට බදු රහිතව සයිකල් මිළදී ගැනීමට හැකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. Cycle Scheme ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සේවා ස්ථාන හරහා. මෙම වැඩසටහනට ඇතුලත්ව සිටින ආයතනයක සේවකයෙකුට සිය රැකියාවට බයිසිකලයෙන් පැමිණීම සඳහා බයිසිකලයක් මිලදී ගැනීමේදී 25% අවම ඉතිරියකුත් උපරිම 40%ක් ඉතිරියකුත් ලැබෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍යයේ විවිධ නගර, මහාමාර්ග වල තදබදය අඩුකර ගැනීම සඳහාත්, වායු දූෂණය අවම කරගැනීමටත්, සිය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම සඳහාත් සයිකල් පැදීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සයිකලයේ වැඩට යන ලන්ඩන් වැසියන්

මේ අතරින් ලන්ඩන් නගරය, මුලු මහත් බ්‍රිතාන්‍යයේම සයිකල් හිතකර නගරය බවට පත්කිරීමේ විශාල ව්‍යායාමයක් ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. සයිකල් පදින්නන් හට මාර්ගවල වෙනම මංතීරු ලකුණු කිරීම, සයිකල් පදින්නන්ට අනෙකුත් වාහනවල ගැටීම නිසා සිදුවන අණතුරු අවම කිරීමේ ව්‍යාපෘති, සයිකල් ආරක්ශිතව නවතා තැබිය හැකි (සොරකම් අවම වන ) ස්ථාන ස්ථාපනය කිරීම, ලන්ඩන්වල ව්‍යාපාර සිය සේවකයින් රැකියාවට සයිකලයෙන් පැමිණීම උනන්දුකිරීම සඳහා ව්‍යාපෘති මේ අතරින් ප්‍රධානයි. එපමණක් නොව, ලන්ඩන් නගර සභාව London Cycle Hire Scheme යනුවෙන් හඳුන්වන පැය 24 පුරාම ක්‍රියාත්මකවන, ඉතා අඩු මිලකට සයිකලයක් කුලියට දීමේ වැඩසටනක් 2010 සිට ක්‍රියාත්මක කරනවා. දැනට සයිලකල් 6000ක ප්‍රමාණයක් ලන්ඩන් නුවර විවිධ ස්ථාන 400කින් කුලියට ගැනීමේ හැකියාව තිබෙනවා.
 ඉතා හොඳින් නඩත්තු කරන ලද මෙම සයිකල් දවස පුරාම භාවිතා කොට නැවත භාරදීමට හැකියි. එමෙන්ම සයිකලයෙන් පාසැල් පැමිණීම සඳහා පාසල් දරුවන් හා දෙමව්පියන් උනන්දුකිරීමේ ව්‍යාපෘතියට ලන්ඩන් මහ නගර සභා ප්‍රදේශයට අයත් පාසැල් 2700ක් බඳවාගෙන තිබෙනවා.

ලංකාවේ සයිකල් පැදීම

සයිකල් පැදීම කලක් ඉතාමත් ජනප්‍රියව තිබුණු රටක් වූ ශ්‍රී ලංකාව 1980-1990 දශක වලදී සයිකල් පැදීමෙන් කෙමෙන් ඈත් වුනා.

නගරබදව සයිකල් පැදීම, බයිසිකල් රේස් වලට සහභාගී වීම, ඒවා නැරඹීම විශාල ජනකායක් සහභාගීවන විනෝදාංශයක් ව තිබුණා. සෑම කඩමණ්ඩියකම සයිකල් හදන වින්කලයක් තිබුණු අතර ඒ අසලම වාගේ සයිකල් බඩු විකුණන කඩයක් හෝ දෙකක් තිබුණාමයි. මා කුඩාකල මාගේ නිවස අසල විසූ, මට වඩා වයසින් වැඩි අයියලාට සයිකල් උන්මාදයක් තිබුණ බව මට මතකයි. ඔවුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය ස්ටෑන්ඩඩ් බයිසිකල් මිලදීගෙන, ඒවාට විවිධ උපාංග සවිකරමින් "මොඩිෆයි කොට" රේස් පැදීම මෙන්ම ගෑණු ළමයින්ට පෙනෙන්නට "වැඩ දමමින්" පැදීමත් මහත් විනෝදයක් ලෙස සැලකුවා මතකයි. මා මේ කියන කාලය 1980 දශකයේ මැද භාගය ලෙස කිව හැකියි.

එහෙත් ලාබ මෝටර් සයිකල් වල ආගමනයත් සමගම සයිකල පැදීම නගරබදින් විතරක් නෙමෙයි ගම්බදින්ද කෙමෙන් අතුරුදහන් වුනා. අද ගමක වුනත් සයිකල් පදින්නේ කිහිප දෙනෙක් පමණයි. සයිකල් වල මිල විශාල ලෙස වැඩිවීමත්, එමෙන්ම තත්වයෙන් ඉතා පහත්, නිතරම කැඩෙන ඉන්දියානු හා චීන සයිකල්  මීට හේතු වන්නට ඇති. බයිසිකලය දුප්පතාගේ වාහනය ලෙස අදහසක් සමාජය තුල මුල් බැසගැනීමද තවත් විශාල හේතුවක් වන්නට ඇති. බොහෝ දෙනෙකු දුප්පතාගේ වාහනය විකුණාදමා මෝටර් සයිකලයක් මිළදීගෙන යමක් කමක් ඇති අයගේ ගොඩට එකතුවන්නට උත්සහ කලා වන්නට පුලුවන්. සයිකල් පැදීමේ සෞඛ්‍යමය වාසි පිලිබඳව නොදැනුවත්, ආර්ථික දියුණුව වඩා වැදගත් ලෙස සළකන සමාජයක මෙය සාමාන්‍ය සිදුවීමක්.

එහෙත් මෑතක සිට ලංකාවේ නගරබද ප්‍රදේශවල සයිකල් පැදීම සඳහා උනන්දුවක් යලිත් ඇතිවෙමින් තිබෙන බව ඉතා පැහැදිලියි. නිවාඩු දිනවලදී පාන්දර ව්‍යයාම සඳහා සයිකල් පදින්නන් වැඩිවෙමින් පවතින බව දකින්නට තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ශක ආමාත්‍යාංශය ගෙන ගිය ව්‍යායාම මං තීරු / සයිකල් මං තීරු නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියද මෙයට මහත් රුකුලක්. ඔවුන් පවත්වාගෙන යන සයිකල් කුලියට දීමේ ස්ථාන (නිදහස් චතුරශ්‍රය, බෙල්ලන්විල ව්‍යායාම ප්‍රදේශය හා නුවරඑලිය ග්‍රෙගරි වැව අසල) ඉතා ජනප්‍රිය වන අතර විශාල පිරිසක් එම ස්ථානවලින් සයිකල් කුලියට ගෙන පැය කිහිපයක් සයිකල් පැදීමේ නිරතවනවා දකින්නට පුලුවන්.

කුඩා වාහනයක සයිකල් කිහිපයක් පිටත රඳවාගෙන
ගෙනගිය හැකි Cycle Carrier උපක්‍රමය
.
කොළඹ නගරයේ සයිකල් වෙළඳසැල් පවත්වාගෙන යන්නන් කිහිපදෙනෙකු හා කල කතාබහේදී, මවුන්ටන් බයිසිකල්, BMX බයිසිකල් වැනි විනෝදය හා ව්‍යායාම සඳහා භාවිතා කරන බයිසිකල් වල ඉල්ලුම ඉහල යමින් පවතින බව දැනගන්නට ලැබුණා.

එමෙන්ම සති අන්තවලදී බයිසිකල් 2-3ක් වාහනයේ දමාගෙන (නැතිනම් cycle carrier වැනි උපක්‍රමයක් මගින් වාහනයේ පිටත රඳවාගෙන ) කොළඹින් පිට කිතුල්ගල වැනි සයිකල් පැදීම සඳහා ජනප්‍රිය ස්ථාන බලා යන්නන්ගේ සංඛයාවද වැඩිවෙමින් තිබෙන බව පෙනෙනවා.

දැනට මිළමුදල් ඇත්තන් අතර පමණක් වර්ධනය වෙමින් ඇති මෙය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ වගකීමක්. මේ සඳහා ලන්ඩන් වැනි නගරවල සයිකල් ව්‍යාපෘති වලින් යම් නිදර්ශණ සපයාගත හැකියි.

ව්‍යායාම සඳහා වඩා හොඳ සයිකල පැදීමද දිවීමද?

බ්‍රිතාන්‍යයේ Men's Health සඟරාවට අනුව දිවීමට වඩා සයිකල් පැදීම යෝග්‍ය වනවා. දිවිමේදී මාංශපේෂීන්ට හානි සිදුවිය හැකි අතර මස්පිඩු වේදනාව ව්‍යායාම කාලය සීමා කරනවා. සයිකල් පැදීම "low impact" හෙවත් ශරීරයට බලපෑම අඩු ව්‍යායාමයක්. එලෙසම. මස් පිඩු වර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නන්ට, සිරුරේ පහල කොටසේ මස්පිඩු වර්ධනය සඳහා සයිකල් පැදීම ඉතා යෝග්‍යයි. දිවීම මස්පිඩු වර්ධනය සඳහා උපකාරී වන්නේ නෑ.

කෙසේ වෙතත් කැලරි දහනයේදී දිවීම ඉතා ඉදිරියෙන් සිටිනවා. විනාඩි 15ක දිවීමකදී කැලරි 200ක් දහනය වන නමුත්, විනාඩි 15ක සයිකල් පැදීමකදී දහනය වන්නේ කැලරි140ක් පමණ ප්‍රමාණයක්. එහෙත් වෙහෙසකර බවින් අඩු නිසා දිවීමට වඩා ඉතා වැඩි කාලයක් සයිකල් පැදිය හැකියි. උදාහරණයක් ලෙස මා හට එක දිගට දිවිමේ නිරතවිය හැකි කාලය විනාඩි 10-15ක් පමණ කාලයක්. ඉන්පසු අධික ලෙස වෙහෙසට පත්වනවා. එනම් කැලරි 200ක් පමණ වැයකර ගැනීමෙන් පසු සෑහෙන වේලාවක් විවේක ගැනීමට මට සිදුවනවා. එහෙත් සයිකල් පැදීමේදී මට අපහසුවකින් තොරව විනාඩි 45ක් හෝ 60ක් වුව ව්‍යායාමයේ නිරත විය හැකියි. විනාඩි 60ක් සයිකල් පැදීමෙන් මට අඩුම වශයෙන් කැලරි 500ක් වත් වැයකර ගත හැකියි. විනාඩි 10ක් 15ක් දිවීමෙන් පසු වෙහෙසට පත්වනවාට වඩා මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට සයිකල් පැදීම යෝග්‍යම ව්‍යායාමය වනවා.

එපමණක් නොව දිවීම, සයිකල් පැදීමට වඩා කොඳු ඇට පෙලට, දණහිස් වලට හා වළලුකරට හානිදායක බව සොයාගෙන තිබෙනවා. දිවීමේදී මෙම ස්ථානවලට එකදිගටම කම්පණ දරාගැනීමට සිදුවෙනවා. හොඳින් පුහුණු වන, නිවැරදි ලෙස warm-up ව්‍යායාම සිදුකොට දිවීමේ නිරතවන මළල ක්‍රීඩකයින් හට මෙය එතරම් ගැටලුවක් නොවුනත් කාර්යබහුල ජීවිත ගෙවන පුදගලයින් හට දිවීමෙන් සිදුවිය හැකි හානි, ඇතිවන වාසි වලට වඩා වැඩි බව Men's Health සඟරාව පවසනවා.





AirAsia QZ850 කළු පෙට්ටිය හමුවේ

දෙසැම්බර් 28වැනිදා මගීන් 167 දෙනෙකු සමග අතුරුදහන්වූ එයා ඒෂියා යානයේ කළු පෙට්ටිය සොයාගැනීමට ඉන්දුනීසියානු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඊයේ සමත්විය.

කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද තද තැඹිලි වර්ණයෙන් යුතු මෙහි තාක්ශණික නාමය "flight data recorder" හෙවත් පියාසැරි දත්ත රෙකෝඩරයයි.

යානයේ. අණතුර වන මොහොත තෙක්ම යානයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සියලුම දත්ත, එනම් යානය ගමන්කල වේගය, එය ගමන්කල උස හා එය මොහොතින් මොහොත වෙනස්වූ ආකාරය, යානය ගමන්කරමින් සිටි දිශාව, යානයේ විවිධ සංවේදක මගින් ලැබුණු දත්ත, නියමුවන් සිදුකල කථාබහ යානාදී බොහෝ දත්ත මෙහි සටහන් වී තිබේ.


සෑම යානයකම මෙවැනි දත්ත රෙකෝඩර් 2ක් යානයේ පිටුපසට වන්නට අඩංගුකොට තිබෙන අතර දෙකක් යොදා තිබෙන්නේ එකක් විනාශවුව හොත් අනෙකෙන් හෝ අණතුර පිලිබඳව දත්ත ලබාගත හැකි බැවිනි. කළු පෙට්ටි දෙකම සමාන්තරව සියලුම දත්ත ගබඩාකර ගනියි.

යානය පුපුරායාම හෝ කන්දක වැනි යමක ගැටීමකින් සිදුවන අතිශය විනාශකාරී අණතුරකදී පවා විනාශ නොවී දත්ත ආරක්ශා කරගත හැකිවන ලෙස නිර්මාණය කොට ඇති මේවා ඩිජිටල් තාක්ශණය මගින් පරිගණක මතක පරිපථවල දත්ත ගබඩාකර ගනී.


Monday, 12 January 2015

PRISM - එඩ්වර්ඩ් ස්නෝඩන් හෙලිකල ලොව විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම

PRISM යන කෙටි නාමය යොදා ඇත්තේ අමෙරිකානු NSA ඔත්තු සේවයත්, බ්‍රිතාන්‍යයේ GCHQ ඔත්තු සේවයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ ලෝක ව්‍යාප්ත  අන්තර්ජාල තොරතුරු රැස්කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ සේවාවකි. 

NSA හෙවත් "නැෂනල් සිකියුරිටි ඒජන්සි" යනු අමෙරිකාවේ රහස් ඔත්තු සේවා අතරින් ඉතාමත් රහසිගතව ක්‍රියාත්මක වන, 1952 ස්ථාපනය කරනලද නමුත් 1990ව දශකය වනතෙක් අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතරයක් සමාජිකයින් පවා නොදැන සිටි ඔත්තු සේවාවකි. එය පිහිටුවීමේ අරමුණ ලොව පුරා අමෙරිකාවට සතුරු රාජ්‍යවල හා සංවිධානවල ඉලෙක්ට්‍රොණික පණිවුඩ හුවමාරු, චන්ද්‍රිකා පණිවුඩ හුමවාරු හා දත්ත සම්ප්‍රේෂණ වලට රහසින් සවන්දෙමින් ඔත්තු බැලීමයි.

අමෙරිකාවේ CIA, ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් ඒජන්සි (DIA), නැෂනල් රෙකොනයිසන්ස් ඔෆිස් (National Reconnaissance Office - NRO), ජියෝ-ස්පේෂල් ඉන්ටෙලිජන්ස් ඒජන්සි (National Geospatial-Intelligence Agency - NGA) යන ප්‍රධාන ඔත්තුසේවා සමගද FBI රහස් පොලීසිය සමගද එක්ව ක්‍රියාකරයි. බ්‍රිතාන්‍යයේ GCHQ ඔත්තු සේවය ද මෙම අරමුණින්ම බ්‍රිතාන්‍යය ආරක්ශක අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ඔත්තු සේවාවකි. එය බ්‍රිතාන්‍යයේ MI5. MI6 හා ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් (DI) සේවය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

අමෙරිකානු ඔත්තු සේවා අතරින් බොහෝ දෙනෙකු නොහඳුනන  නැෂනල් රෙකොනයිසන්ස් ඔෆිස් (NRO) අමෙරිකාවේ ඔත්තු බලන චන්ද්‍රිකා සියල්ලම පාලනය කරන හා ඒවායින් තොරතුරු ලබාගෙන සියලුම ඔත්තුසේවා හා ආරක්ශක සේවාවලට බෙදාහරින ආයතනයයි. ජියෝ-ස්පේෂල්  ඉන්ටෙලිජන්ස් ඒජන්සිය අමෙරිකානු ඔත්තුසේවා හා ආරක්ශක හමුදාවලට අවශ්‍ය ඉතා නිවැරදි සිතියම් හා වෙනත් භූවිෂමතා තොරතුරු ලබාදෙන ආයතනයයි.

PRISM යන්නෙහි දිගුව Planning Tool for Resource Integration, Synchronization, and Management යන්නයි. අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩළය හා සෙනේට් සභාවටද රහසින් ක්‍රියාත්මක වූ මෙම ඔත්තු බැලීමේ මෙහෙයුම පිලිබඳව දැනුවත්ව සිටියේ සෙනෙට් සභාවේ ඔත්තුසේවා පිලිබඳ කාරක සභාවේ (Senate Intelligence Committee) ඉතා ජෙෂ්ඨ සෙනේට් සභිකයින් කිහිප දෙනෙකු හා අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ඔත්තුසේවාවල ඉහල නිළධාරීන් කිහිපදෙනෙකු පමණකි.

PRISM අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම මගින් අමෙරිකානු අන්තර්ජාල සමාගම් වන Microsoft, Yahoo, AOL, Facebook, Google, Apple, PalTalk, YouTube, Skype වල අන්තර්ජාල සර්වර් හා දත්ත හුවමාරු මධ්‍යස්ථානවලින් ලැබෙන ටෙරා-බයිට් දහස්ගණනක දත්ත ඉතා වේගයෙන් පිරිපහදු කොට, අමෙරිකානු ආරක්ශක හා ඔත්තුසේවා වලට අවශ්‍ය පුද්ගලයින්ගේ සියලුම අන්තර්ජාල කටයුතු, එනම් ඊමේල්, අන්තර්ජාල සැරිසැරීම්, සමාජ-ජාල හා වෙනත් අඩවිවල තබන සටහන්, පෞද්ගලික කථාබහ (private chat/ private messages), සකයිප් කථාබහ, අන්තර්ජාල මිලිදී ගැනීම්, තොරතුරු සෙවීම්, ඩවුන්ලෝඩ් කිරීම්, අප්ලෝඩ් කිරීම් වැනි මෙකී නොකී දහසකුත් එකක් අන්තර්ජාල ගනුදෙනු සියල්ලේම තොරතුරු ඉතා පහසුවෙන් එක් රැස්කොට ලබාදෙන වැඩසටහනකි.

ප්‍රිස්ම් වැඩසටහන පිලිබඳව ලොවට හෙලිකලේ කලක් NSA ඒජන්සියේ සේවයකල එඩ්වර්ඩ් ස්නොඩන් විසිනි. ඔහු විසින් NSA හි සේවයකරන අවධියේ සොරාගත් ප්‍රිස්ම් වැඩසටහන පිලිබඳ රහසිගත තොරතුරු ඇතුලත් ලිපිගොනු කිහිපයක් වොශිංටන් පෝස්ට් පුවත්පතට හා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට මුදා හැරීමෙනි. මෙම තොරතුරු අතර ප්‍රිස්ම් වැඩසටනේ ක්‍රියාකාරිත්වය, එයට බද්ධව ක්‍රියාකරන අමෙරිකානු අන්තර්ජාල හා තාක්ශණික සමාගම් පිලිබඳ තොරතුරු විස්තර කෙරෙන පවර්පොයින්ට් ස්ලයිඩ 41ක් ඇතුලත් PPT ගොණුවක්ද විය.

මෙම ඔත්තුබැලීමේ වැඩසටහනට නෛතික ආවරණය 2001 ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව බුෂ් රජය විසින් සම්මත කරගන්නා ලද "Protect America Act" හා "Foreign Intelligence Surveillance Act" යන පනත් වලින් ලැබී ඇත. එම පනත්වලට අනුව අමෙරිකානු සමාගම්. අමෙරිකානු ආරක්ශක අංශවලින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට බැඳී සිටී. නීතියේ විස්තර කෙරෙන ආකරයට NSA වැනි ඔත්තුසේවාවක් තමන්ට අවශ්‍ය පුද්ගලයන් හෝ ආයතනයේ තොරතුරු අදාල සමාගම් වලින් ඉල්ලා සිටීමට ප්‍රථම ඒ පිලිබඳව එම පනත් මගින් ස්ථාපනය කරන ලද නිසි බළධාරී ආයතනයෙන් අවසර ගත යුතුය.

එහෙත් ස්නෝඩන් හෙලිකල ආකාරයට හා එම හෙලිදව්ව සමග වෙනත් අයවලුන් හෙලිකල තොරතුරු වලට අනුව ඇපල්, මයික්‍රෝසොෆ්ට්, ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි සමාගම්වල පරිගණක සර්වර් වලට කෙලින්ම ඇතුලුවී අවශ්‍ය තොරතුරු කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබාගත හැකිබව හෙලිවී ඇත. NSA ඔත්තු සේවාවේ ප්‍රිස්ම් වැඩස්ටහනේ මෘදුකාංගවලට මෙම සමාගම්වල සර්වර් තුලට ඇතුලුවී ඕනෑම රහසිගත දත්තයක් ලබාගත හැකිවන ලෙස සකස්කල පසුපස දොරටු (back-door) නම් රහස් පිවිසුම් එම සමාගම් විසින් සිය කැමැත්තෙන්ම (නීතියට අවනත වීම සඳහා) සකස් කොට දී ඇති බවද හෙලිවී ඇත.

හෙලිවී ඇති තොරතුරු අනුව ණ්Sඇ ඒජන්සියේ පහල මට්ටමේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයින්ට (low level intelligence analysts) පවා ප්‍රිස්ම් පද්ධතියට ඇතුලුවී තමන් කැමති ඕනෑම පුද්ගලයෙකුගේ ඊමේල්, ෆේස්බුක් පොස්ට්, ප්‍රයිවට් චැට්, ස්කයිප් වීඩියෝ සංවාද, අන්තර්ජාල ගොනු ගබඩා සේවා (ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස්, මයික්‍රොසොෆ්ට් වන්ඩ්‍රයිව් ආදී), මයික්‍රොසොෆ්ට් අවුට්-ලුක් එක්ස්චේන්ජ් සේවාව හරහා යන ඕනෑම ඊමේල් පණිවුඩයක්, අන්තර්ජාලය හරහා යන ඕනෑම දුරකථන සංවාදයක් (VoIP calls) වැනි ක්‍රියාකාරකම්  අතිවිශාල ගණනක තොරතුරු සජීවීව, කිසිදු පූර්ව අවසර ගැනීමකින් තොරව ලබාගෙන විශ්ලේෂණය කල හැකිය.

එපණක් නොව එම බුද්ධි තොරතුරු විශ්ලේෂකයින් හට අවශ්‍යය පුද්ගලයින්ගේ සියලුම අන්තර්ජාල ක්‍රියාකාරකම්, හුවමාරු කරගන්නා තොරතුරු, ගොනු, දුරකථන පණිවුඩ හා සක්යිප් සංවාද යනාදී සියල්ල NSA දත්ත ගබඩාවල ගබඩාකරගත හැකිය.

මෙවැනි අතිවිශාල දත්ත රැස්කරගැනීමට හා විශ්ලේෂණය කිරීමට අවශ්‍ය සුපිරි පරිගණක බලය (computing power) ලබාගැනීම සඳහා 2013දී NSA ඒජන්සිය අමෙරිකාවේ යූටා ප්‍රාන්තයේ (State of Utah) ඩොලර් බිලියන 2ක වියදමින් අතිනවීන පරිගණක මධ්‍යස්ථානයක් නිමවන ලදී. මෙහි පරිගණක සර්වර් සවිකිරීම සඳහා වෙන් කොට ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 100,000ක් හෙවත් අක්කර 2.29 වපරිසයෙන් යුක්ත බව වාර්තාවන අතර මෙම සර්වර් හා සුපිරි පරිගණක සිසිල්ව තබාගැනීම සඳහා ටොන් 60,000ක් බර වායුසමන පද්ධතියක්ද ඒ සඳහා දිනකට අවශ්‍ය ජලය ගැලුම් මිලියන 1.7ත් ගබඩා කිරීම හා පොම්ප කිරීම සඳහා පහසුකම් වලින්ද යුතු බව පැවැසේ. මෙම අතිවිශාල සංකීර්ණයේ බලශක්ති අවශ්‍යතාවය මෙගා වොට් 65ක් බවද වාර්තාවේ.

මෙම මධ්‍යස්ථානයේ ගබඩාකල හැකි පරිගණක දත්ත ප්‍රමාණය සිතා ගැනීමටත් නොහැකිත තරමට විශාල බව පැවසේ. එහි ධාරිතාවය යොටා බයිට 1ක් බව පැවසේ. යොටා බයිටයක් යනු බයිට 1024 ප්‍රමාණයකි.
සංසන්දනාත්මකව ගිගාබයිටයක් බයිට 10ප්‍රමාණයකි.යොටා බයිටයක ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය A4 පිටුවල ලියූ තොරතුරු වලින් පෙන්වන්නේ නම් පිටු 500,000,000,000,000,000,000 ලියවිය හැකි තොරතුරු බවට අනුමාන කොට ඇත.

Saturday, 10 January 2015

සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය

සඳතැන්න
Photo Credit : සංචාරකයාගේ සටහන්
නුවරඑළි සංචාරයක යෙදෙන්නවුන් ගේ හදවත් ඇද බැඳගත් තවත් විශේෂිතම ස්ථාන දෙකක් තියෙනවා.  ඒ තමයි හෝටන් තැන්න සහ ලෝකාන්තය.

අද විස්තර කරන්න  හදන්නෙත්  නුවරඑළිය සමීපයේම තියන තවත් ‘තැන්නක්’ සහ ‘ලෝකාන්තයක්’ ගැනයි. ඇත්තෙන්ම මෙයත් අපේ මධ්‍යම කඳුකරයේ තියන සුවිශේෂ ස්ථානයක්. මේ පාරිසරික කලාපයේ  නම තමයි සඳතැන්න. ඒ වගේම මේ සඳතැන්න මුදුනේ සිට ඌව ද්‍රෝණිය සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ බොහොමයක් අංශක තුන්සියේ හැටේ කෝණයකින් යුතුව දැක බලාගත හැකි අපූරු ස්ථානයකුත් තියනවා.  එතැන හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමින්. මේ  අතිශය සුන්දර පාරිසරික කලාපයට, හෝටන්  තැන්නට සහ ලෝකාන්තයට ලැබුණු ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වයත්  ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මේ පාරිසරික  කලාපය මතෛක් මහජනතාවට  විවෘත නොවීම, මේ පාරිසරික කලාපය මතෛක් ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට  අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ විදිහටයි.
සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත හැකි ලෙස මෙම පාරිසරික කලාපය පිහිටා ඇති අතර අංශක 360 ක කෝණයකින් එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැක. එහි සිට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවේ. මධ්‍යම කඳුපන්තියේ ඌව බෑවුමේ පිහිටි මෙම පරිසර කලාපය පතන තණ බිමකි. එසේම ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන සුවිශේෂ ජෛව විවිධත්වය තුළ මෙරටට ආවේණික පක්ෂීන් රැසක් සහ උරග වර්ග විශේෂයන් මෙහිදී දැක ගත හැකියි.

මේ අපූරු පාරිසරික කලාපයට පිවිසීම හරිම පහසුයි.  නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ගේ‍රගරි වැව අන්තයෙන් වමට හැරිලා කිලෝමීටර් දෙකක් ගිය පසු මේ සංචාරක කලාපයේ පිවිසුමට ළංවිය හැකියි.
නුවරඑළිය සීතාවක බිජ අර්තාපල්  ගොවිපළට වයස දැනට අවුරුදු පනස් හයක් වෙනවා.  ගොවිපළ ආරම්භ කොට ඇත්තේ 1958 අවුරුද්දේ. මුහුදු මට්ටමින් අඩි එක් දහස්  හයසීයකටත් වඩා උසින් යුතු මේ  භූමි ප්‍රදේශය නුවරඑළිය නගරය ආසන්නයෙන්  ඉහළට  මතුවුණු උස් කඳුවැටියක් කේන්ද්‍ර කරගෙනයි වෙන් කොට දැක්වෙන්නේ. හෙක්ටයාර් එකසිය පනස් පහක් හෙවත් අක්කර තුන්සිය අසූ පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද පාලනය වෙනවා.  මේ භූමියේ උසම කොටස අඩි හත්දහස් තුන්සියයක් පමණ උසින් යුතුයි. ඒ කියන්නේ හෝටන් තැන්නේ උසට සමානයි.

සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය ලෙස හඳුන්වා දී ඇති මෙම මනරම් පාරිසරික පාරාදීසය තුළ දී ඔබට ඉහළ කඳුකර වනාන්තර, කඳුකර පතන් බිම් සහ එහි ෙජෙව විවිධත්වයන්  ඇතුළු කඳුකරයට ආවේණික සත්ව සහ ශාක විශේෂ රැසක් කදිමට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඉහළ කඳුකරයේ ප්‍රධාන වගාවක් වන අර්තාපල් වගාව සේම උඩරට එළවළු වගාව පිළිබඳ මනා දැනීමක් ලබා ගැනීමටත් ඔබට එහි දී කදිම හැකියාවක් ලැබෙනවා. මේක සාමාන්‍ය සංචාරකයන්ට වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්  කදිම අවස්ථාවක්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ  දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් රංචු ද මෙම භූමි භාගයේ දී දැකගත හැකියි. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ වන කහ කන් කොණ්ඩයා  ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා ශ්‍රී ලංකා මයිල ගොයා  , නිල් මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා , දෑ දෙමලිච්චා  වැනි මධ්‍යම කඳුකර වනාන්තර වලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ මෙහිදී  නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදි කර තිබෙනවා. එතැන සිට පිදුරුතලාගල මුදුනට ඇත්තේ අඩි අටසියයක විතර උසක් විතරයි.  මේ ස්ථානයේ උස ශ්‍රී පාද උඩ මළුවේ උසට සමානයි

මේක ඉතාම සංවේදී පරිසර කලාපයක්. ඒ වගේම බිජ අර්තාපල් නිෂ්පාදනය අතින් අපේ රටේ කෘෂිකර්මයට සුවිසල් මෙහෙවරක් කරන භූමි ප්‍රදේශයක්. ඒ හින්දා මේ පරිසර කලාපයට ඇතුළු වෙන හැමෝම පාරිසරික රෙගුලාසි කීපයකට යටත් විය යුතුයි. ඒවා මේ පරිසරයේත් අප හැමෝගෙමත් ‍පොදු යහපත සඳහා විද්‍යාත්මක පාරිසරික  පදනමක් මත පනවපු අණ පනත් 

මේ කදිම පාරිසරික කලාපය මනාව නැරඹීම සඳහා ඒ ගොවිපළේ ඉහළම කොටසට පිවිසිය යුතුයි. ඒ සඳහා දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් පනහකුත් දේශීය ළමුන්  සහ පාසල් සිසුන් සඳහා රුපියල් විස්සක ප්‍රවේශ ගාස්තුවකුත් අය කෙරෙනවා. දිනපතා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා විවෘතව පවත්වන මේ සඳතැන්න පාරිසරික කලාපය තුළ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්. ඒ මෙම පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා ගැනුණු විශේෂිත පියවරක්. ඒ සඳහා මෙම පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුව ළඟ රියැදුරු මාර්ගෝපදේශකයන් ද සමග සෆාරි ජීප් රථ සේවයක් ක්‍රියාත්මක වෙනවා. වැඩිහිටියන් අට දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම සෆාරී ජීප් රථයක පැය දෙකක පාරිසරික සංචාරයක් සඳහා අය කරන මුදල රුපියල් දෙදහසයි.
Photo Credit : Lakdasun
Photo Credit : Lakdasun
විශේෂ අවස්ථාවකදී හැරුණු කොට  මේ සංචාරය අතරතුරදී වාහනයෙන් බිමට බැසීමට ඉඩක් නැහැ. ඒ මෙහි ඇති ජානවල සහ පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහායි. නමුත් පිදුරුතලාගල කඳු මුදුන ‘අත ‍පොවන මානයෙන්’ පෙනෙන සඳතැන්න මුදුනේ පිහිටි නැරඹුම් අට්ටාලය පාමුල දී නම් ඔබට වාහනයෙන් බැස හිතේ හැටියට හාත්පස පරිසරය නිරීක්ෂණය කළ හැකියි. මේ පාරිසරික සහ කෘෂි සංචාරයේ උපරිම ප්‍රයෝජන ලබන්නට ඒ අවස්ථාව හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ සංචාරයේ දී මත් පැන් සහ දුම්වැටි සම්පූර්ණයෙන් තහනම් වන අතර රේඩියෝ කැසට් සීඩී ප්‍ලේයර් සංගීත සහ ක්‍රීඩා භාණ්ඩ  මේ පරිසර සංචාරයට එක් කර ගැනීමටත් අවසර නැහැ. ඒ වගේම ඉතා සංවේදී ආරක්ෂිත පාරිසරික පද්ධතියක් වන මෙහි කෑකෝ ගැසීම් වැනි අනවශ්‍ය ශබ්ද නැඟීම සහ ක්‍රීඩා කිරීම්වලටත් ඉඩක් නොමැත.

ඒ වගේම මේ පරිසර පද්ධතියෙන් සත්ව හා ශාක නිදර්ශක එකතු කිරීමත් සපුරා තහනම් කොට තිබෙනවා. ඒ වගේම මේ සියල්ල මිනිසා ඇතුළු ෙජෙව ගෝලයේ  යහපැවැත්ම තකා විද්‍යාත්මක මිනුම් දඬු ඔස්සේ ගැනුණු පරිසර හිතකාමී තීරණ බැවින් පරිසර ලෝලී ඔබත් ඒවාට ඉත සිතින් එකඟ හා අවනත වන බව අප දන්නවා.

සංචාරකයාගේ සටහන් - Moonplains Photo Album

Story Sources 1 2

Friday, 9 January 2015

2020 දී අඟහරු ගවේෂණයට සූදානම් වන Mars 2020 Rover



දැනට අඟහරු ගවේෂණයේ නිරතව සිටින කිව් රියෝසිටි රෝවරයේ සාර්ථකත්වය පදනම් කරගෙන අඟහරුවා මත ජීවය පවතීදැයි (නැතහොත් අතීතයේ පැවතුනාදැයි) නිශ්චිතව නිගමනය කරගැනීම සඳහා තවත් ගවේෂක රෝවරයක් 2020වසරේදී අඟහරුවෙත යැවීමට නාසා ආයතනය සැළසුම් කරනවා. මේ වනවිට එම රෝවරය දැන් අඟහරු මත ක්‍රියාත්මකවන කිව්රියෝසිටි රෝවරයේ අනුරුවටම නිමැවීමට තීරණය කොට තිබෙන්නේ කිව්රියෝසිටි රෝවරය හිතුවාටත් වඩා ඉතා හොඳින්, බලාපොරොත්තුවූ ජීව කාලයට වඩා දීර්ඝකාලයක් සාර්ථකව ක්‍රියාත්මක වීම නිසයි. 2020 රෝවරයේ හැඩරුව කිව්රියෝසිටි රෝවරය මෙන් වූවත් එහි ගෙනයාමට අදහස්කරන්නේ වඩාත් සංකීර්ණ පරීක්ශණ උපකරන බව නාසා මෙහෙයුම් සැළසුම් කරුවන් ප්‍රකාශකරනවා.

අඟහෘවාගේ ජීවය පිලිබඳ සාක්ශි විමසීම සඳහා රෝවරයේ ගෙනයන විද්‍යාත්මක උපකරණ කට්ටල (scientific instrument packages) හතක් පිලිබඳ දළ විස්තර ඉදිරිපත් වී තිබෙනවා.

Mastcam Z - මෙය රෝවරයේ ප්‍රධාන කැමරා පද්ධතිය වන අතර, අධිවිබේධන වර්ණ ඡායාරූප, ස්පෙට්‍රොස්කොපික් වර්ගයේ සුපිරි විබේධන ඡායාරූප මෙන්ම පැනොරාමා ඡායාරූප ගැනීමට මෙය නිමැවෙනවා. එමෙන්ම ඈත ඇති වස්තූන්වෙත zoom කොට ඡායාරූප ගැනීමේ හැකියාවද මෙයට ඇතුලත් වනු ඇති. මෙම කැමරා පද්ධතියේ නිර්මාණ කටයුතු හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජිම් බෙල් නම් විද්‍යාඥයායි. තාරකා විද්‍යාඥයෙකු හා පිටස්තර ග්‍රහලෝක පිලිබඳ විශේෂඥයෙකු වන ඔහු අඟහරු ග්‍රහයාගේ භූවිද්‍යාව හා ඛනිජ විද්‍යාව පිලිබඳ සුපතල විශේෂඥයෙකු වනවා.

SuperCam - පාෂාණ මතට ලේසර් කිරණ විහිදුවා විශේෂිත රසායණික විශ්ලේෂණ සිදුකිරීමේ හැකියාවක් ඇති මෙයට අඟහරුවාගේ පාශාණ හා ප්‍රාවරණ පාශාණවල කාබණික සංයෝග ඇතිදැයි සොයා බැලීමේ හැකියාව තිබෙනවා. මෙහි නිර්මාණය හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ අමෙරිකානු රාජ්‍ය පර්යේෂණාගාරයක් වන ලොස් ඇල්මෝස් පර්යේෂණාගාරයේ විද්‍යාඥ රොජර් වින්ස් විසිනුයි. දැනට අඟහරුවා මත ක්‍රියාත්මක කිව්රියෝසිටි රෝවරයේ කෙම්-කැම් (ChemCam) නම් රසායණික විශ්ලේෂක කැමරා පද්ධතියේ ප්‍රධාන විද්‍යාඥ තනතුර හොබවන්නේද මොහු විසිනුයි.

PIXL (Planetary Instrument for X-ray Lithochemistry) -  X කිරණ  ප්‍රතිදීප්ත වර්ණාවලීමානයක් වන මෙය අඟහරු පාෂාණ මතට ප්‍රභල x කිරණ විහිදුවා, ඉන් අණතුරුව පරාවර්තනය වන ප්‍රතිදීප්ත x කිරණවල සංයුතිය විශ්ලේෂණය කරන වර්ණාවලීමානයක් ලෙස ක්‍රියාත්මක වේ. එමගින් අඟහරු පෘශ්ඨයේ මූළද්‍රව්‍යමය සංයුතිය (elemental composition of Martian surface) විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තුවේ. මෙහි නිර්මාණයට දායකත්වය හා ප්‍රධාන විද්‍යාඥවරිය ලෙස ක්‍රියාකරනු ඇත්තේ නාසා ජෙට් ප්‍රපල්ෂන් විද්‍යාගාරයේ (NASA-JPL) ඇබිගේල් ඕල්වුඩ් විසිනුයි. ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥවරියක් වන ඇය මීට පෙර සිදුකල පර්යේෂණ මාළාවකදී වසර බිලියන 3.43 පැරණි පාෂාණ ස්ථරවල ඇති ඉපැරණි රසායණික අංශුමාත්‍රයන් (chemical traces) පරික්ශාකොට ඒවා මගින් වසර බිලියන ගණනකට පෙර පෘථිවියේ ජීවත්වූ ක්ශුද්‍රජීවීන් පිලිබඳ තොරතුරු හෙළිකරගෙන ඇත. අඟහරුවා මතද ඉපැරණි ක්ශුද්‍රජීවීන් ජීවත්වූවාදැයි සොයාබැලීමට ඇය සූදානම්වේ.

SHERLOC (Scanning Habitable Environments with Raman & Luminescence for Organics and Chemicals) - පාරජම්බූල x කිරණ ලේසර් වර්ණාවලීමානයක් හෙවත් රාමන් වර්ණාවලීමාණයක් වන මෙයට කාබණික සංයෝග හඳුනාගැනීමේ හැකියාව ඇති සංකීර්ණ උපකරණයකි. මෙහි නිර්මාණය හා එය අඟහරුවාමත ක්‍රියාත්මක කොට පර්යේෂණ සිදුකරන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ නාසා JPLවිද්‍යාගාරයේ ලූදර් බීගල් විසිනි. තාරකා භෞතිකවිද්‍යාඥයෙකු (astro physicist) වන ආචාර්ය බීගල් දැනට ක්‍රියාත්මක කිව් රියෝසිටි මෙහෙයුමේද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන විද්‍යාඥයෙකි.

MOXIE (Mars Oxygen In Situ Resource Utilization Experiment) - ඝණ ඔක්සයිඩ විද්‍යුත් විච්ඡේදනය (solid oxide electrolysis) නම් නවතම තාක්ශණයක් ආධාරයෙන් අඟහරු වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වාගෝලයෙන් ඔක්සිජන් නිපදවීමේ හැකියාව සොයා බැලීම සඳහා මෙම පර්යේෂණය නිර්මාණය කොට ඇත. අඟරු වායුගෝලයෙන් 96% කාබන්ඩයොක්සයිඩ් වන අතර අනාගත මිනිස් ගවේෂණවලදී ඔක්සිජන් නිපදවාගත හැකි ක්‍රමවේදයන් සොයාබැලීමේ පියවරක් ලෙස මෙම පර්යේෂණ උපකරණය අඟහරු වෙත යැවේ. මෙහි නිර්මාණයේ හා අඟහරු මත පර්යේෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස ක්‍රියාකරනු ඇත්තේ මැසචුසෙට්ස් තාක්ශණික ආයතනයේ මයිකල් හෙච් මහතාය.

Mars Environmental Dynamics Analyzer (MEDA) - අඟහරු මත කාළගුණ නිරීක්ශණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට නිර්මාණය කරන මෙම කාළගුණ-මාන උපකරණ පැකේජයට උශ්ණත්වය, සුළඟේ වේගය හා දිශාව, වායුගෝලීය පීඩනය, ආර්ද්‍රතාවය නිරන්තරයෙන් මැන බලමින් පෘථිවියට වාර්තා කරනු ඇත. ස්පාඤ්ඤයේ  ජාතික ගගනවිද්‍යා හා අභ්‍යවකාශ ආයතනය වන Instituto Nacional de Tecnica Aeroespacial (INTA) මගින් නිර්මාණය කරන මෙහි නිර්මාණය හා මෙහෙයවීම ස්පාඤ්ඤයේ කීර්තිමත් විද්‍යාඥයෙකු වන හොසේ රොඩ්‍රිගුවෙස් විසින් සිදුකරයි.

RIMFAX (Radar Imager for Mars' Subsurface Exploration) -පාෂාණ විනිවිදගොස් එහි ස්ථර හා ආකෘතිය පිලිබඳව තොරතුරු ලබාදෙන රේඩාර් උපකරණයක් (ground-penetrating radar) මෙය නෝර්වේ රාජ්‍යය මගින් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියකි.


ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්.

ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.

What is ISO?

ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා.

එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.





පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.

පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.



Related Posts Plugin for WordPress, Blogger...