Related Posts Plugin for WordPress, Blogger...

Friday, 26 July 2013

වොල්වෝ සමාගම කාර් රථයක පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය කරයි.


වොල්වෝ සමාගම මෙම සූර්ය කෝෂ පැනලය නිර්මාණය කොට ඇත්තේ සුනම්‍ය, කාරයක ට්‍රන්ක් කොටසේ අසුරා තැබිය හැකි එහෙත් ක්ෂණයකින් විහිදී ගොස් විශාල වර්ගඵලයකින් යුතු සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය වන ආකාරයටය.

වොල්වෝ සමාගමේ V60 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලිය වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙය දැන පර්යේෂණ මට්ටමේ පවතින බව වාර්තාවේ. බැටරිය පූර්ණ ලෙස ආරෝපණය වූ පසු නැවත හැකිලී ට්‍රන්ක් කොටස තුල තැන්පත් වන ලෙස මෙය සකස් කොට ඇත.

දැනට V60 රථය හයිබ්‍රිඩ් ආකාරයට පෙට්‍රෝල් හා බැටරි යන දෙක මාරුවෙන් මාරුවට භාවිතා වන ආකාරයට ධාවනය කල හැකි අතර, සම්පූර්ණයෙන්ම බැටරි බලයෙන් කිලෝමීටර් 50ක් යා හැකි ආකාරයට නිපදවා ඇත. බැටරිය ආරෝපණය වීම පෙට්‍රෝල් එන්ජිමෙන් රථය ධාවනය වන විට සිදුවන අතර ඊට අමතරව ප්‍රධාන විදුලියෙන්ද (mains electricity) බැටරිය ආරෝපණය කරගත හැකිය.

මෙම සූර්ය කෝෂ පද්ධතිය සවිකල විට බැටරිය ආරෝපණය මෙම සූර්යකෝෂ මගින් කරගත හැකි නිසා ප්‍රධාන විදුලිය හෝ පැට්‍රෝල් නොමැතිව 100% සූර්ය බලයෙන් ධාවනයේ යෙදිය හැකිය.


Monday, 15 July 2013

ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඔරලෝසු පරිගණකය හඳුන්වාදීමට ලහිලහියේ සූදානම් වේ!


ඇපල් සමාගම මේ දිනවල අමෙරිකාව පුරා දැවැන්ත බඳවාගැනීමේ මෙහෙයුමක් (recruitment drive) දියත්කොට තිබෙන බව කැලිෆෝනියා මාධ්‍ය වාර්තාකරනවා. මොවුන් වැඩිවශයෙන්ම wearable computers හෙවත් සිරුරේ නැතිනම් අතේ පැළඳිය හැකි පරිගණක මෙවලම් නිර්මාණය කිරීමේ හැකියාව ඇති ඉන්ජිනේරුවන් හා පරිගණක විශේෂඥයින් විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරමින් පවතිනවා.

පැළඳිය හැකි පරිගණක නිර්මාණය මේ දින වල කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ශණික සමාගම්වල අලුත්ම ව්‍යායාමය වන අතර මේවන විට ගූගල් සමාගම සිය ගූගල් ග්ලාසස් පළඳනා පරිගණකයේ අවසන් ක්ශේෂ්ත්‍ර පරීක්ශණ නිමකරමින් සිටී. සිලිකන් නිම්නයෙන් ලැබෙන තොරතුරු අනුව ෆේස්බුක් සමාගමද පරිගණක මෙවලම් නිර්මාණයට ප්‍රවිශ්ඨවී ඇත. දැනටමත් ෆේස්බුක් සමාගම සිය දැවැන්ත දත්ත ගබඩා හා සර්වර් අංගන (server farms) සඳහා අවශ්‍ය පරිගණක සර්වර් හා දත්ත ගබඩාකරන විශාල දෘඩතැටි නිර්මාණය කොට ඇති අතර ඉදිරියේදී ෆේස්බුක් සමාගමේ බොහෝ දත්ත ගබඩා ෆේස්බුක් සමාගම විසින් නිර්මාණය කරනලද ඒවා වනු ඇත.

මේ නිසා සිලිකන් නිම්නයෙහි දක්ශ පරිගණක ඉන්ජිනේරුවන් හට ඉල්ලුම අධික වී ඇති අතර ඇපල් වැනි යෝධ සමාගමකට පවා දක්ශ ඉන්ජිනේරුවන් බඳවාගැනීම සඳහා විශේෂ වෙහෙසක් ගැනීමට සිදුවී ඇති බව පැවසේ. ඉන්ජිනේරුවන් හා පරිගණක විශේෂඥයින් ලබාගැනීමේ අලුත්ම ක්‍රමය ලෙස දක්ශ, තරුණ ඉන්ජිනේරුවන් සේවය කරන කුඩා අලුතින් පිහිටුවන ලද සමාගම් (start-up firms) ඉහල මිළ ගණන්වලට අත්පත්කරගෙන එම සමාගම් වල සිටිනා දක්ශයින් ඉහල වැටුප් හා පහසුකම් ලබාදී රඳවා ගැනීම අරඹා ඇත. ඇපල් සමාගම මෙන්ම ෆේස්බුක්, ගූගල් වැනි සමාගම්ද මෙම ක්‍රියාවලිය ආරම්භකොට ඇත.

iWatch එලිදක්වන්නේ කෙදිනකද යන්න ඇපල් සමාගම පැහැදිලිව ප්‍රකාශකොට නැතත් සමාගමේ නව බඳවාගැනීම් සිදුවන වකවානුව අනුව නිර්මාණය 2014 අවසාන භාගයේදී එලිදැක්වෙනු ඇතැයි විචාරකයින් පවසති. එමෙන්ම ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් මේ වසරේ සිට 2014 දක්වා කාළය තුලදී නව නිර්මාණ ගණනාවක් එලිදැක්වීමට තමන් සූදානම්ව සිටින බව පවසා සිටිනවා.

iWatch නිර්මාණය කෙබඳුවේද?

ඇපල් සමාගම සිය නව නිර්මාණ දොරටවඩවන දිනය වනතෙක් දැඩි රහස්‍ය භාවයකින් ආරක්ශාකිරීම සිරිතක් කොටගෙන තිබෙනවා. එබැවින් කෙසේ නිර්මාණයවනු ඇතිදැයි පිලිබඳව ඇත්තේ අනුමාන පමණයි. මෙම අනුමාන ඇසුරින් ඇපල් iWatch ඔරලෝසු පරිගණකයේ සැකසුම් කිහිපයක් පහත දැක්වෙනවා.








Sunday, 7 July 2013

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග

උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013


පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්‍රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක්‌ සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ඌණතාවය පහසුවෙන්ම වළක්‌වා ගත හැකි ඉතා අඩු මිලට ජනතාවට ලබා ගත හැකි මාංශ බෝග වලට කුඩම්මාගේ සැළකිල්ලවත් ලැබී නැත.

අප රටේ පමණක්‌ නොව සමස්‌ත ලෝකයේම ප්‍රොටීන් ඌණතාවය ඉතාම සෞඛ්‍යාරක්‌ෂිත තත්ත්වයක්‌ යටතේ වැළැක්‌වීමට තරම් ඉහළ විභවයක්‌ සහිත ඇට පියලි වර්ග හෙවත් මාංශ බෝග ගැන අප හො`දින් ඉගෙන ගත යුතුය. මේවාට නිදසුන් වන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු වර්ග, සෝයා, කොල්ලු, උ`දු, මෑ ඇට, බෝංචි ඇට, සහ දඹල ඇට ආදියයි. 

මෑ, බෝංචි සහ දඹල වල ලපටි කරල් අප රටේ බහුලව භාවිතාකරන්නේ එළවළුවක්‌ ලෙසිනි. එහෙත් ඒවායේ මෝරන ලද ඇට පියලි වර්ග ලෙස භාවිතා කළ හැකිය. ඉහත ස`දහන් පරිදි ප්‍රොටීන් අවශ්‍යතාවයද තහවුරු කරගනිමින් නිවැරදි පෝෂණයට ඇට වර්ග හෙවත් පියලි වර්ග වලින් අප රටේ සෑම දෙනාම සිතාගෙන සිටිනවාට වඩා සුවිසල් මෙහෙයක්‌ ලබාගත හැකිය. එසේ සුවිසල් මෙහෙයක්‌ ලබාගත හැක්‌කේ කෙසේද? යන්න අපි දැන් සාකච්ඡා කරමු .

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග

මෙම ඇට පියලි වර්ගවල විශාල ප්‍රොටීන් ප්‍රතිශතයක්‌ අඩංගුය. සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව පෝෂණ විද්‍යාඥයින් පවා ප්‍රොටීන් බහුල ආහාර ලෙස සළකන්නේ මස්‌, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදනයන්ය. නමුත් ඒ සියල්ලටම වඩා ඇට පියලි වර්ගවල ප්‍රොටීන් බහුලව අඩංගුය. ප්‍රොටීන් වැඩියෙන්ම ඇතැයි බොහෝ දෙනා සිතන මස්‌ සහ මාළුවල ප්‍රොටීන් ඇත්තේ 18% ක්‌ පමණි. නමුත් මෙම මාංශ භෝගවල 20% - 42% දක්‌වා ප්‍රොටීන් අඩංගුය.

මෙම ඇට පියලි වර්ග බත් සමග එකට එකම වේලට ආහාරයට ගන්නා විට සියලු ඇමයිනෝ අම්ල අඩංගු ඉතාම උසස්‌ තත්ත්වයේ ප්‍රොටීන්ද පහසුවෙන් ලබාගත හැකිය. හාල් ඇතුළු ධාන්‍ය වර්ග වල ලයිසීන් නැමති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්‌ෂ අඩුවක්‌ ඇත. 

මාංශ බෝග වල සිස්‌ටීන් සහ මෙතයොනීන් යන සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලවල සාපේක්‌ෂ අඩුවක්‌ ඇත. නමුත් බත් සහ මාංශ භෝග එකම ආහාර වේලට එකවිට ආහාරයට ගන්නා විට මෙම සාපේක්‌ෂ අඩුව අෙන්‍යාන්‍ය වශයෙන් අහෝසි වී සමස්‌ත ආහාර වේල සියලුම ඇමයිනෝ අම්ලවලින් පොහොසත් උසස්‌ තත්ත්වයේ ප්‍රොටින් ලබාදෙන තත්ත්වයට පත්වෙයි.

ලෙන්ටිල් හෙවත් පරිප්පු 
(අප පරිප්පුවල ඉංග්‍රීසි යෙදුම ලෙස ඩාල් යන්න භාවිතා කරතත් ඩාල් යනු පරිප්පුවලට හින්දි වචනයවේ )




තුන්වන වැදගත් කාරණය වන්නේ ප්‍රොටින් බහුල යෑයි සම්මත මස්‌, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදන මෙන් නොව ඇට පියලි වර්ග කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට ලබා ගත හැකි වීමයි. නිදසුනක්‌ ලෙස වටානා පරිප්පු අදත් කිලෝ ග්රෑමයක්‌ රුපියල් 160 කට පමණ මිලදී ගත හැකිය. එහි මිල සාපේක්‌ෂව අඩු නිසාම බොහෝදෙනා සිතන්නේ එහි ගුණයක්‌ නැතැයි කියාය. ලෝක මට්‌ටමෙන්ම මෙම ප්‍රොටීන් බහුල මාංශබෝග වල මිළ මස්‌ ආදි ප්‍රොටීන් බහුල යෑයි සම්මත ආහාර වලට වඩා අඩු නිසා පෝෂණ විද්‍යාඥයන් විසින් මේවා හැ`දින්වූයේ දුප්පතාගේ මස්‌ (Poor mans meat) කියාය. නමුත් මිනිසාගේ නිරෝගීභාවය නැමති ඉහළම පොහොසත්කම පිළිබ`දව සළකා බලා අප පවසන්නේ මේවා දුප්පතාගේ මස්‌ නොව පොහොසත්ම මිනිසාගේ මස්‌ (Richest mans meat) බවය. මක්‌ නිසාද යත් ප්‍රොටින් පතාගෙන මිනිසුන් වැඩි වැඩියෙන් මස්‌ කන්නට යැමෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු බොහෝ ලෙඩ රෝග වැළඳී අකාලයේදී මිය යන බැවිණි.

සත්ව ඝාතනයට අකමැතිනම් චිකන් බීෆ් මටන් නොසොයා මාංශ බෝග ආහායට ගන්න.

චික්පී (Chickpea) හෙවත් කඩල


කව්පි (Cowpea) කළු හා සුදු වශයෙන් ප්‍රබේධ දෙකකි

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශභෝග සම්බන්ධ හතරවන වැදගත් කාරණය වන්නේ ඒවා ආහාරයට එක්‌ කර ගැනීමේදී කිසිදු සත්ත්ව ඝාතනයක්‌ හෝ සත්ත්ව මාංශ හිංසනයක්‌ සිදු නොවීමයි. ප්‍රොටීන් බහුලයෑයි සම්මත මස්‌, මාළු, කිරි, බිත්තර යන සියල්ලම සත්ත්ව මාංශ ආහාර වෙයි. සත්ත්ව ආහාර ලබාගන්නට එක්‌කෝ සතුන් ඝාතනය කරන්නට සිදුවෙයි. එක්‌කෝ සතුන්ට වධ දෙන්නට සිදුවෙයි. මස්‌ සහ මාළු ගන්නට අනිවාර්යෙන්ම සත්තු ඝාතනය කළ යුතුය. කිරි සහ බිත්තර ලබාගන්නට සතුන්ට වධ දියයුතුය. අප කවුරුත් දන්නා පරිදි කිරි වැරූ විට එළදෙන යන්නේත් මස්‌ කඩේ කොක්‌කටය. බිත්තර වැරූ පසු කිකිලිය යන්නේත් මස්‌කඩේ කොක්‌කටය.

මස්‌ ඇතුළු සත්ත්ව මාංශ ආහාර අප රස කරමින් තලු මරමින් ශාක ආහාර විසි කරමින් කන බව ඇත්තය. නමුත් අප විස්‌තර කළ පරිදි සත්ත්ව මාංශ ආහාර පිටුපස ඇත්තේ සත්ත්ව ඝාතනය සහ හිංසනය පිළිබ`ද ශෝකාන්තයකි. එය අපේ ආගම ධර්මය පිළිබ`දව සැළකුවත් සංස්‌කෘතිය පිළිබ`දව සැළකුවත් සෞඛ්‍යයේ මානසික සහ ආධ්‍යාත්මික පැති සැළකුවත් ගැළපෙන තත්ත්වයක්‌ වන්නේ නැත. සත්ත්ව ඝාතනය හෝ සත්ත්ව හිංසනය වැඩි රටක්‌ හෝ සමාජයක්‌ ශිෂ්ට සම්පන්න සමාජයක්‌ ලෙස ශිෂ්ට ලෝකයා පිළිගන්නේ ද නැත. එබැවින් අපට සත්ත්ව ඝාතනයෙන් හෝ හිංසනයෙන් තොරව ප්‍රොටීන් ලබාගැනීමට ක්‍රමයක්‌ තිබෙනවා නම් ප්‍රොටීන් ලබාගැනීම ස`දහා සුදුසුම ක්‍රමය වන්නේ එයයි. එම ක්‍රමය අන් කිසිවක්‌ නොව ඇට පියලි වර්ග වැඩි වැඩියෙන් භාවිතයයි. එවිට සමාජය තුළ සත්ත්ව ඝාතනයේ හෝ හිංසනයේ වැඩිවීමක්‌ සිදුවන්නේ නැත. 

පස නිසරු කරනවා වෙනුවට සරු කරන රනිල කුළයේ මාංශ භෝග

මාංශබෝග පිළිබ`දව පස්‌වැනි වැදගත් කාරණය වන්නේ අනෙක්‌ බෝගවලින් නිසරු වන පස සාරවත් කරගැනීමට මාංශභෝග වගාව අපට උදව් කිරීමයි. සාමාන්‍යයෙන් සැළකූ විට ඕනෑම භෝග වගාවකින් පස නිසරු වීම සිදුවෙයි. නමුත් ඇට වර්ග ලබාදෙන රනිල කුලයේ ශාකවල ඇති මූලගැටිති බැක්‌ටීරියා වලින් වායුගෝලයේ ඇති නයිට්‍රජන් තිර කරමින් පස සාරවත් කර දෙයි. 

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශ බෝගවල ඇති සුවිශේෂී වැදගත්කම පිළිබ`දව ඉහත කී කරුණු සාරාංශයකට ගොනුකර දක්‌වන්නට දැන් අප සුදානම්ය. එය හො`දින් මතක තබා ගැනීමටත් ඒ අනුව කටයුතු කර නිවැරදි ලෙස ඔබේ ප්‍රොටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත් ඔබ අදිටන් කරගන්න. ඉතාම ඉහළ ප්‍රොටීන් ප්‍රතිශතයක්‌, සියලු ඇමයිනෝ අම්ලද සමගින් ඉහළ ගුණයෙන් යුක්‌තව, කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට, සත්ත්ව ඝාතනයෙන් සහ හිංසනයෙන් තොරව, වගාකරන පසත් සාරවත් කරමින් අපට ලබාදෙන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, මෑ, බෝංචි, සෝයා ඇතුළු ඇට වර්ග හෙවත් පියලි වර්ග වලිනි. එම ඉතාම හිතකර තත්ත්වයන් යටතේ අපේ ප්‍රොටීන් අවශ්‍යතාවය තහවුරු කරගැනීමට ඇති අපට ගැලපෙන හො`දම ක්‍රමය වන්නේ බත් සමග එම ඇට වර්ග හෙවත් පියලි වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමයි. එසේ නොමැතිව ඒ වෙනුවෙන් අප රටේ සෑම දෙනාම කරන්නා සේ විශාල වියදමක්‌ද දරමින් මස්‌, මාළු, කිරි, බිත්තර පිළිබ`දව අනවශ්‍ය විශ්වාසයක්‌ තබමින් ඒවා පසුපස යැම සැබවින්ම අනුවන කමකි.

Related Posts Plugin for WordPress, Blogger...