Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 28 February 2017

කොටියාද? දිවියාද? ලෙපර්ඩ් කියන්නේ කොයි එකාටද?

ලංකාවේ සිටින කැළෑ බිළාලයින් වර්ග සතර (C) Sunday Times

ඉස්සර දෙමළ ත්‍රස්තවාදය තියෙන කාලේ අපි ටැමිල් ටයිගර්ලාට දෙමළ කොටි කිව්වා. ඒ වැරැද්ද අවුරුදු 30ක යුද්ධ කාලේ නිවැරදි නොකරම භාවිතා වුනා. මිනීමරණ ත්‍රස්තවාදියාට කොටියා කියනවද ව්‍යාග්‍රයා කියනවද කියන එක වැදගත් වුනේ නෑ. 

ඒත් දැන් මේ අවුල ලිහා ගන්න කාලේ ඇවිල්ලා. දැන් ලංකාවේ ඉන්නේ කකුල් හතරේ කොටි විතරයි (අපි දන්න තරමට). මෙයාලාගේ විද්‍යාත්මක නම පැන්තිරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya). මේ නම යෝජනා කලේ, ලංකාවේ කොටි, ලෝකයේ වෙනත් කොටිවර්ග එනම් ලෙපර්ඩ් නම් බිළාලයින් වර්ග වලට වඩා වෙනස් උප කුළයක් විධියට හඳුනාගත යුතු යැයි යෝජනාකල සත්ව විද්‍යාඥ දෙරණියගල මහතා විසින්. ඒ 1956 තරම් ඈතකදී. ඒ යෝජනාව විද්‍යාත්මකව තහවුරු වුනු නිසා දැන් ලෝකයාම ලංකාවේ ලෙපර්ඩ් පැන්තිරා පාර්ඩුස් කුළයේ කොටියා කියන උප-උප කුළයට අයිති බව පිලි අරගෙන පැන්තිරා පාර්ඩුස් කොටියා කියන විද්‍යාත්මක නාමය පිලි අරගෙන තියෙනවා.

සත්ව විද්‍යාඥ දෙරණියගල මහත්තයා මෙයාගෙ විද්‍යාත්මක නම විධියට පැන්තිරා පාර්ඩුස් කොටියා කියල යෝජනා කලේ ඇයි?

Sri Lanka Leopard @ Yala Block V (Weheragala, Lunugamwehera), Feb 2017 - 02.jpg

දෙරණියගල මහත්තයාට මේ බිළාලයා පැන්තිරා පාර්ඩුස් දිවියා ලෙස හැඳින්විය යුතු බවට යෝජනා නොකලේ ඇයි?

කොටියාද? දිවියාද? කියන වාදයට හොඳම උත්තරේ ලංකාවෙ විශිෂ්ඨතම සත්ව විද්‍යාඥයෙකු වන පී දෙරණියගල මහතා මේ බිළාලයා "කොටියා" කියලා නම් කලේ, මේ රටේ පුරාණයේ ඉඳලම මේ සත්වයාට භාවිතාකල සිංහල නම "කොටියා" වුනු නිසා නොවේද? කියන එකයි.

පුරාණයේ සිටම ගැමි වහරේ කොටියා කියලා හැඳින්වුනේ ඉංග්‍රීසියෙන් ලෙපර්ඩ් කියන බිළාලයාට නිසා දෙරණියගල මහත්තයා මේ සත්වයා ලංකාවට සුවිශේෂී ලෙපර්ඩ් බිළාලයෙක් බව අවබෝධකරගෙන එයාට "පැන්තීරා පාර්ඩුස් කොටියා" කියලා යෝජනා කලා. 

එතකොට ටයිගර්?

ටයිගර් හෙවත් ව්‍යාග්‍රයා සිරස් අතට ඉරි වැටුනු විශාල බිළායෙකි.
ටයිගර් කියන්නේ, සිරස් අතට ඉරි වැටුනු, ප්‍රමාණයෙන් කොටියාට වඩා ඉතා විශාල, බිහිසුණු බිළාලයෙක්. දැන් ලංකාවේ ව්‍යාග්‍රයින් නැතත්, ඈත අතීතයේ ලංකාවේ ව්‍යාග්‍රයින් සිටි බවට ෆොසිල සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා.

ලංකාවේ ජීවත් වුණු පුරාතන ව්‍යාග්‍රයින් ගැන වඩා පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙනවා. වැඩි පොසිල ගණනක් හමු වෙලා තියෙන නිසා වඩාත් ගැඹුරින් කෙරුණු අධ්‍යයනයන් පවා සොයා ගන්න පුළුවන්.

Panthera tigris කියලා හඳුන්වන මේ පුරාතන ව්‍යාග්‍ර විශේෂය ලංකාවේ විසූ බව පොසිල සහ අනු පොසිල 9ක් ඇසුරෙන් තහවුරු වෙලා තිබෙනවා. මෙයින් හතරක කාබන් කාල නිර්ණ දත්ත ඇසුරෙන් මේ ව්‍යාග්‍ර විශේෂය මීට වසර 14,000 – 17,000කට ඉහත කාලයේ ජීවත් වූ බව දක්වන්න පුළුවන්. 

ඒ අනුව පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා සිංහයා සිටි කාලයට වඩා ඉතා මෑතකදී මේ ව්‍යාග්‍ර විශේෂය ජීවත් වී ඇති බවයි. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව මේ ව්‍යාග්‍රයින්ගේ පොසිල කිහිපයක් බලංගොඩ මානවයා “ඉවතලන ආහාර පාන දැමූ ස්ථාන” වලට ඉතා ආසන්නයෙන් දැක ගන්න ලැබෙන නිසා එකල මිනිසුන් මේ කොටියන්ව ආහාර පිණිස දඩයම් කරන්න ඇති බවත් තහවුරු කරගන්න පුළුවන්. (උදාහරණයකට අපි කුණු දමන තැනක තියෙන කුකුල් මස් කටු වලින් අපි කුකුළන් මස් පිණිස ආහාරයට ගත්තු බව තහවුරු කර ගන්නවා වගේ)

මේ පොසිල වැඩි හරියක් සොයා ගනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතවයි. 

කොටියාට අමතරව ලංකාවේ සිටින අනෙක් කැළෑ බිළාලයින්

කොටියාට අමතරව ලංකාවේ දකින්නට ලැබෙන වනාන්තරයේ ජීවත්වන බළල් පවුලේ සාමාජිකයින්   (wild cats of Sri Lanka) අතර;

* හඳුන් දිවියා  - Fishing Cat (Prionailurus viverrinus)
* දිවියා - Jungle Cat (Felis chaus)
* වල් බළලා - Rusty Spotted Cat (Prionailursus rubiginous)

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

කොටියා දැක්කද?

යාල කොටියෙක් දැක්කා කියලා පණිවුඩයක් ආපු හැටියේ එතනට රොක්වෙන සෆාරි ජීප්
යාල, විල්පත්තු වගේ ජාතික වනෝද්‍යානයක සංචාරයක යන හැමෝගෙම ආසාව කොටියෙක් බලාගන්න එක. කොටි බලන්නම යාල, විල්පත්තු යන කොටි ලෝලීන් විශාල පිරිසකුත් ලංකාවේ ඉන්නවා.   අඩි දෙක තුනක් දිග, ලොකු ටෙලිෆොටෝ ලෙන්ස් හයිකරපු, හයි-එන්ඩ් කැමරා අරගෙන එන මේ අය දැක්කම අඳුරගන්න ලේසියි. සමහර අය හරිම අමාරුවෙන් වනජීවී එකෙන් පාලනය වන, වනෝද්‍යාන ඇතුලේ තියෙන කෑම්පිං සයිට්, නවාතැන් පොලවල් වෙන් කරගෙන වනෝද්‍යාන ඇතුලේම රෑ නවතින්නේ වැඩි හරියක්ම කොටියා දැක ගන්න, ඡායාරූප ගත කරගන්න.

ඇත්තම කියනවානම් කොටියා නිශාචර දඩයක්කාරයෙක් හින්දා එයාගෙ ක්‍රියාකාරකම් බලන්න හොඳම වෙලාවල් වෙන්නේ පාන්දර හා ඇඳිරි වැටීගෙන එන කාළය. ඒ නිසා, කොටි බලන එක විනෝදාංශයක් කරගෙන ඉන්න, අතමිට සරු අය, මහන්සිවෙලා, වියදම් කරලා කොහොමහරි යාල, විල්පත්තු, ලුණුගම් වෙහෙර වගේ කොටි දැකගන්න පුලුවන් වනෝද්‍යාන ඇතුලේ බංගලා වෙන් කරගන්නවා.

පසුගිය සතියේ දිගු සති අන්තයේ කතරගම ගිහිල්ලා යාල පැත්තටත් ගිය මේ ලේඛකයාටත් වෙහෙරගල ජලාශය පිහිටලා තියෙන යාල බ්ලොක් 5 කියන අඩවියේදී කොටියා දැක ගන්න අවස්ථාවක් ලැබුණා. මීට කලින් මම කොටියා දැකලා තිබුණේ විල්පත්තුවේදී.

Sri Lanka Leopard @ Yala Block V (Weheragala, Lunugamwehera), Feb 2017 - 02.jpg
වෙහෙරගලදි දැකගන්නට ලැබුණු කොටි ධේනුව

පැන්තීරා පාර්ඩුස් කියල කුළයට අයිති කොටි (ඉන්ග්‍රීසියෙන් ලෙපර්ඩ්) කියල බිළාල වර්ගයන් කිහිපයක්ම ඉන්නවා. ඉන්දියානු කොටියා, අප්‍රිකනු කොටියා, අරාබියානු කොටියා, පර්සියානු කොටියා, උතුරු-චීන කොටියා, අමූර් කොටියා (රුසියාව), ඉන්දුචීන කොටියා (අග්නිදිග ආසියාව), ජාවා කොටියා හා ශ්‍රී ලංකා කොටියා වශයෙන් කොටි වර්ග ගණනාවක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කොටියා,  ලංකාවටම ආවේණික වූ උප විශේෂයක් වන අතර පැන්තීරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මොවුන් ඉන්දියානු කොටියන්ට වඩා මදක් වෙනස්.

ලංකාවේ තෙත්, වියලි හා ශුෂ්ක යන කලාප තුනේම පැතිරී සිටින කොටියා ලංකාවටම ආවේණික උප විශේෂයක් ලෙස මුලින්ම හඳුනාගත්තේ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සත්ව වේදියෙකු වෙන පී දෙරණියගල මහතා විසිනුයි. ඔහු විසින් 1956 ලියන ලද "The Ceylon leopard, a distinct subspecies" නිබන්ධනයේ ලංකා කොටියාගේ සුවිශේෂී ලක්ෂණ දක්වා තිබෙනවා.

ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, ගෝණා වැනි සතුන් ද ගොදුරු කරගනී.

විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවල‍ට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු කුළු හරකුන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. කොටියා විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.

මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.

ලංකාවේ වැඩිම කොටි ගහණය වාර්තා වන්නේ යාල හා විල්පත්තු ප්‍රදේශවලින්ය.

මගේ කොටි ෆොටෝ ඇල්බම් එක

Sri Lankan Leopard (Kotiya)

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Wednesday, 22 February 2017

ට්‍රම්පච්චිගෙ චන්දෙ ගැන අපේ ඇත්තන්ගේ උණ.

ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉහළ උනන්දුව ශ්‍රී ලංකාවෙන්! ගූගල් කියයි

අද පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අන්තර්ජාල සෙවුම්වලදී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ උන්නදුවක් වාර්තා වී තිබේ.

එනම්, පසුගිය සතිය තුළ ගූගල් සෙවුම් යන්ත්‍රයේ ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් සිදුකළ සෙවුම්වලදී ශ්‍රී ලංකාව 24% ක උනන්දුවක් පෙන්වමින්, දකුණු ආසියානු කලාපයේ මෙම මැතිවරණය සම්බන්ධයෙන් ඉහළම උනන්දුවක් දක්වන රට බවට පත්ව තිබේ.

එහිදී, දකුණු ආසියානු කලාපයේ අප අසල්වාසී ඉන්දියාව පෙන්වා ඇත්තේ 18% ක උනන්දුවකි. එමෙන්ම පාකිස්තානය 10% ක උනන්දුවකි පෙන්වා ඇති අතර, ආසියානු කලාපයෙන්ම තායිවානය පමණක් 33% ක ඉහළ උනන්දුවක් පෙන්වා තිබේ. අනෙක් බොහෝ ආසියානු රටවල් ශ්‍රී ලංකාව දක්වා ඇති උනන්දුවට පහළ අගයක් වාර්තා කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවෙන් පරිභාහරිව එරට මැතිවරණය සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වා ඇති රට බවට කැනඩාව පත්ව සිටී. ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් කැනඩා ජනතාවගේ අන්තර්ජාල සෙවුම්වල පවතින උනන්දුව 100% කි. මීට අමතරව, ඝානාව 96% ක උනන්දුවක්, උගන්ඩාව 88% ක උනන්දුවක්, නයිජීරියාව 80% ක උනන්දුවක්, නවසීලන්තය 79% ක උනන්දුවක්, අයර්නල්තය 77% ක උනන්දුවක් ආදී වශයෙන් පෙන්වා ඇති බව ගූගල් දත්ත පෙන්නුම් කරයි.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 20 February 2017

ලඟදීම එනවා: අමිහිරි මතකයන් DELETE කිරීමේ හැකියාව

පෙමවතා/පෙම්වතිය හැරයාමෙන් ඇතිවූ අමිහිරි මතකයන් ගෙන් පීඩා විඳිනවාද? අමිහිරි ළමාවියේ කුරිරු මතක සටහන් තවමත් වද දෙනවාද?

සහනය ලඟදීම!

දැනට අමිහිරි මතකයන් මකා දැමීම විද්‍යා ප්‍රබන්ධවලට සීමාව තිබුණත්, නොබෝ දිනකින්ම මෙම අමිහිරි මතකයන් සදහටම මකාදැමිය හැකිවන බව විද්‍යාඥයින් පවසනවා. අමිහිරි මතකයන් රඳාගන්නා නියුරෝන විනාශකර දැමීමේ ක්‍රමයක් මීයන් ආශ්‍රයෙන් කල පර්යේෂණවලින් සොයාගෙන තිබෙන අතර ඒ අනුව, නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අමිහිරි මතකයන්ද මකා දැමීමට හැකිවනු ඇති.

එපමණක් නොව යුධ බිමේ සිට ආපසු පැමිණෙන යුධ සෙබළුන් හට දැඩි මානසික පීඩා ගෙන එන post-traumatic stress disorder (PTSD)  නම් දැඩි ආතතියෙන් පසු ඇතිවන මානසික ව්‍යාධියට මෙන්ම මත්ද්‍රව්‍ය ඇබැහියෙන් මිදීමටද මෙම තාක්ෂණය භාවිතා කල හැකි බව පැවසෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Saturday, 18 February 2017

වසර 1400 පෙර කුරිරුලෙස ඝාතනය කෙරුණු පික්ට් ගෝත්‍රිකයෙකුගේ සැබෑ මුහුණ දැක ගන්න

පික්ට් ගෝත්‍රිකයාගේ ඇටසැකිල්ල හමුවූ ආකාරය

පික්ට්වරු යනු යකඩ යුගයේ අවසානයේ (Late Iron Age) සිට මධ්‍යතන යුගයේ මුල්කාලය (Early Medieval) තුල උතුරුදිග ස්කොට්ලන්තයේ ජීවත්වුනු මානව ගෝත්‍රයකි. පික්ටිෂ් ලෙස හැඳින්වෙන දැන් අභාවයට ගිය භාශාවක් කතාකල මොවුන් බ්‍රිතාන්‍යයේ ආදිතම වැසියන් කොටසකි. අශ්වයින්, බැටළුවන් හා ඌරන් ඇතිකල මොවුන් තිරිඟු, බාර්ලි, රයි හා ඕට්ස් වැනි ධාන්‍ය වගාකරමින් ගම්මානවල ජීවත්වූ මොවුන් උතුරු ස්කොට්ලන්තයේ කුඩා රාජධානි කිහිපයක්ද ඇතිකර ගත්තේය. 

උතුරු බ්‍රිතාන්‍යයේ පික්ට්වරුන් පැතිර සිටි ප්‍රදේශය හා මෙම පුද්ගලයාගේ අස්ථි හමුවූ බ්ලැක් අයිල් ප්‍රදේශය.
රණකාමීන්වූ පික්වරු, ඔවුන් ගැන මතකය ඉතිහාසයෙන් මැකීයන්නට පෙර බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත්කරගෙන සිටි රෝමන් වරුන්හා දරුණු ලෙස සටන් වැදුනු බවට ඉතිහාසයේ සටහන් වනවා.දරුණු ගති පැවතුම් ඇති දරුණු වනචාරී ගොත්‍රයක් ලෙස රෝමන් ඉතිහාසඥයින් විසින් හඳුන්වනු ලැබූ පික්ට්වරුන්ට පින්සිදුවන්නට ස්කොට්ලන්තය ඇතුලත් උතුරු බ්‍රිතාන්‍යය යටත්කර ගැනීමට රෝමන් හමුදාවලට හැකිවුනේ නෑ. පික්ට්වරුන්ට ඒ නම ලබාදුන්නේ රෝමන්වරුන් විසින්. පික්ට් යන රෝමන් වචනයේ තේරුම මුහුණ/ඇඟපත පින්තාරුකරගෙන සිටින්නන් යන්නයි. පික්ට්වරුන් ප්‍රසිද්ධ වන තවත් එක් කරුණක් වන්නේ උතුරු ස්කොට්ලන්තයේ අධික ශීතල දේශගුණයේ වුවද සටන්වදිද්දී සම්පූර්ණයෙන්ම නිරුවතින් යුධබිමට පැමිණ බිහිසුණු ලෙස සටන් කිරීමයි.

පික්ට් රණකාමියෙකුගේ චිත්‍රයක්
කාළයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම ජනගෝත්‍රයේ එක් පුද්ගලයේකුගේ හිස්කබලකින් ඔහු ජීවත්ව සිටියදී කෙසේ සිටින්නට ඇතිදැයි අනුමාන කෙරෙන ආකාරයේ මුහුණු ආකෘතියක් නිර්මාණය කිරීමට ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් සමත්වී තිබෙනවා.

පුරාවිද්‍යාව, අධිකරණ වෛද්‍ය තාක්ෂණය (forensic technology) හා ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් මෙම පුද්ගලයාගේ හිස්කබලේ හැඩය හා ප්‍රමාණයන් අනුව ඔහුගේ මුහුණේ මාංශපේෂි හා සම තිබෙන ආකාරය විද්‍යාත්මකව ගණන්බලා, ඩිජිටල් ග්‍රැෆික් තාක්ෂණයෙන් එම දත්ත පරිගණකයට කවා එමගින් මෙම රුව නිර්මාණය කොට තිබෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Friday, 17 February 2017

මුහුණුපොත ආක්‍රමණය කල දම්පාට Trash Dove

මේ දවස්වල මුහුණුපොත ආක්‍රමණය කරලා තියෙන ට්‍රෑෂ් ඩව් ලෙස හඳුන්වන දම්පාට සජීවී ස්ටිකරය නිර්මාණය කරලා තියෙන්නේ සිඩ් වෙයිලර් කියන ෆේස්බුක් ග්‍රැෆික් නිර්මාණයේ යෙදෙන අමෙරිකානු තරුණිය. ඇය මෙම ස්ටිකර් නිර්මාණය කරලා තියෙන්නේ 2016දී වුනත් මේවා එකපාරටම ජනප්‍රිය වෙන්න අරගෙන තියෙන්නේ 2017 ජනවාරියේ තායිලන්තයේ ෆේස්බුක් ගිණුම් කිහිපයක පාවිච්චි වෙන්න ගත්තට පස්සෙ. දැන් මිලියන ගණනක් ෆේස් බුක් කොමෙන්ටුවල ඔලුව බිම ඇණගන්න දම් පරෙවියා ඉන්නවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

කෘත්‍රිම බුද්ධි අභියෝග ජයගැනීමට මිනිසා යන්ත්‍ර හා බද්ධවිය යුතුයි - Tesla / Space X අධිපති ඊලෝන් මස්ක්

පසුගිය සතියේ ඩුබායි හිදී පැවැත්වුනු "2017 World Government Summit " සමුලුවේදී දේශණයක් පැවැත්වූ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අධිපති හා ස්පේස් එක්ස් රොකට් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක්, මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම තහවුරු කරගැනීමට නම් අනිවාර්යයෙන්ම මානවයින් යන්ත්‍ර හා බද්ධව දෙමුහුන් මානවයින් බිහිවිය යුතු බව පැවසුවා.

ඉතා ඉක්මණින්ම කෘත්‍රිම බුද්ධිය මානව බුද්ධිය අභිබවා යනු ඇති බවත් එවිය මෙලොව ඉහලම සුපිරි බුද්ධිමතුන් කෘත්‍රිම බුද්ධි පරිගණක වන බවත් මෙවැනි අවස්ථාවක යල්පැනගිය වර්ගයක් නොවන්නටනම් මානව මොළය කෘත්‍රිම බුද්ධි පරිගණක හා බද්ධකොට මිනිස් මොලය හා කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ඒකාබද්ධකල හැකි අතුරුමුහුණත් (interface) තාක්ෂණයක් බිහිකල යුතු බවටත් මස්ක් යෝජනා කරනවා. එසේ නොමැතිව අතිශය බුද්ධිමත් පරිගණක හා තරඟ කිරීමට කිසිදු හැකියාවක් මානවයින්ට නොලැබෙනු ඇති.

නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි පරිගණක හා බුද්ධිමත් රොබෝවන් නිසා අතිවිශාල රැකියා වියුක්තියක් ඇති වන බවට දැනටමත් අනාවැකි පලකොට තිබෙන අතර මිනිසාට කල හැකි බොහෝදෑ ඉතා හොඳින් කිරීමට පරිගණකවලට හැකිවන යුගයක මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කොට මානව ජීවිතවලට අරුතක් හා පලදායි කාර්යභාරයක් ලබාගත හැකි එකම ක්‍රමය පරිගණක යන්ත්‍ර හා බද්ධකොට ඒවායේ ශක්තිය මිනිස් මොළයට ලබාගෙන ඒ අනුව පරිගණකවලට ඇති හැකියාවට වඩා ඉහලින් සිටීම බව මස්ක් ගේ යෝජනාවේ සඳහන් වෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

1939දී, දෙවන ලෝක යුද්ධය හිනිපත්තේ සිටියදී පිටසක්වල ජීවය ගැන කල්පිත ඉදිරිපත් කල බ්‍රිතාන්‍ය අගමැති සර් වින්සන්ට් චර්චිල්

ඒ 1939 වසරයි. නට්සිවාදය යුරෝපය පුරා පැතිරෙමින් තිබූ අවධියයි. එකල ලොව බලවත්ම රාජ්‍යය මෙන්ම විශාලතම අධිරාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. නට්සි ව්‍යාප්තිය එකල යුගයේ ගැටලුව වී තිබුණත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සර් වින්සන්ට් චර්චිල් ලියා තබා මෑතකදී අවධානයට ලක්වුනු ලිපියක, එතරම් කාර්ය බහුල ඒ යුගයේදීත්, සර් වින්සන්ට් චර්චිල් පිටසක්වල ජීවය පිලිබඳ සිතමින් තිබූ බවට කාරනා හෙලිවී තිබෙනවා.

"Are we alone in this universe? -අප මේ විශ්වයේ තනිවමද?" යන සිරස්තලයෙන් යුතු පිටු 11ක එම ලිපිය, විද්‍යාත්මක පුහුණුවක් නොතිබූ දේශපාලඥයෙකු විසින් ලියන ලද්දක් යයි සිතීමටත් අපහසු තරමේ නූතන චින්තනයෙන් පිරී තිබෙන බව එය අධ්‍යයනය කල විශේෂඥයින් පවසනවා.

චර්චිල්ගේ ලිපියේ එක් පරිච්ඡේදයක මෙසේ සටහන් කොට තිබෙනවා. "මානවයා වන අප මෑතකදී ලබාගත් සුවහසක් ජයග්‍රහණයන් හා දියුණුව කෙතෙක් වුවත්, මේ සුවහසක් විශ්වයේ ජීවත්වන, සිතිය හැකි එකම ජීවීන් අප බවත්, අපගේ ශාරීරික හා මානසික සංවර්ධනය විශ්වයේ ඇතිවී ඇති එකම උපරිම පරිනාමය බවටත් සිතීම අපහසුයි" 

චර්චිල් මෙය ලියන යුගයේදී විශ්වයේ වෙනත් තාරකා වටා, සූර්යයා මෙන් සෞරග්‍රහ මණ්ඩල තිබෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොවූ අතර, එම විශ්‍යාත්මක සාක්ෂි ලැබුනේ මෑතකදී අභ්‍යවකාශ ගතකරන ලද කෙප්ලර් අභ්‍යවකාෂ නිරීක්ෂණ යානයෙන් ලැබුණු දත්ත මගිනි. එසේ වුවද, චර්චිල් ඉතා තර්කාණුකූලව සුවසක් විශ්වයේ බිලියන ගණනක් තාරකාවටා අනිවාර්යයෙන් පෘථිවිය මෙන් ග්‍රහයන් ඇති බවට අනුමාන කල අතර, ඒවායින් ද්‍රව ජලය ඇති ග්‍රහලෝකවල ජීවය ඇතිවිය හැකි බවට කල්පිතයක් ඉදිරිපත් කරනවා.

චර්චිල් ලියා ඇති ආකාරයට "අප දන්නා ජීවයට ජලය අත්‍යාවශ්‍ය බැවින්, ජීවය ඇතිවිය හැක්කේ ජලය ඇති ග්‍රහලෝක වලයි..."

අදටත් නාසා ආයතනය හා යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය, අඟහරු වැනි ග්‍රහයන් මත ජීවිය සොයාගැනීම සඳහා මූලිකම නිරීක්ෂණය ලෙස ජලය ඇතැයි සැළකෙන ස්ථාන තෝරා ගන්නවා. ඒ අනුව 1939 තරම් ඈතකදී, දේශපාලඥයෙකුවූ චර්චිල් මොනතරම් පරිනත විද්‍යාත්මක චින්තනයකට හිමිකම් කීවෙක්දැයි සිතාගත හැකියි. 

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

අපේ සුකොයි SU-35 යානයට ඕනෑම ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යානයක් හා සටන්වැද දිනන්න පුලුවන්! - රුසියාව

සුකොයි SU-35 යනු රුසියාවේ නවීනතම බහු කාර්ය සටන්වදින යානයකි. තනි නියමුවෙකු මගින් මෙහෙයවන මෙම යානය බ්‍රිතාන්‍ය ටයිෆූන් ප්‍රහාරක යානා වලට වඩා විශාලත්වයෙන් මෙන්ම වේගයෙන්ද වැඩි අතර වැඩි අවිආයුධ ප්‍රමාණයක්ද ගෙනයා හැකිය.

මක් 2.25ක උපරිම වේගයකින් පොලවට කිලෝමීටර් 11ක් ඉහල අහසේ පියාසරකල හැකි මෙම යානයට කිලෝමීටර් 1600ක දුරක් ගමන්කල හැකිය.යානයේ ප්‍රධාන අවිආයුධ අතර ගුවන්සටන් වලදී යොදාගත හැකි මිලිමීටර් 30 මැෂින් තුවක්කුව ප්‍රධානය.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Thursday, 16 February 2017

ලොව ප්‍රථම රොබෝ ටැක්සි සේවය ඩුබායි වෙතින්!

රියැදුරන් රහිත ටැක්සි සේවාවක් හඳුන්වාදීමේ අරමුණින් ඩුබායි රජය ඇමරිකාවේ ටෙස්ලා සමාගමෙන් ටෙස්ලා Model S හා Model X මෝටර් රථ 200ක් මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ඩුබායි රජයට අයත් "Dubai Taxi Corporation" හි සේවය යෙදවීම සඳහායි මෙම රථ මිළදිගෙන තිබෙන්නේ.

2016 වසරේ සිට නිපදවෙන සෑම ටෙස්ලා රථයකටම රියදුරන් රහිතව ධාවනය කිරීම සඳහා අවශ්‍ය දෘඩාංග (hardware) හා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග (AI software) සහිතව නිපදවන බව ටෙස්ලා සමාගම පසුගිය වසරේ ප්‍රකාශකලා.

මුලින් රියදුරෙකු, රියදුරු අසුනේ හිඳිමින් මෙම ටැක්සි ස්වයංක්‍රීයව ධාවනය කරවන අතර පසුව රියදුරා මුලුමනින්ම ඉව්ත් කෙරෙනු ඇති. 

2020 වනවිට ඩුබායි නගරය ලොව ප්‍රමුඛතම අධිතාක්ෂණික නගරය කිරීමේ සැලැස්මට අනුව මෙම රොබෝ ටැක්සි සේවාව ආරම්භවුනු ඇති.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Monday, 13 February 2017

Ford සමාගම කෘත්‍රිම බුද්ධි නිර්මාණ සමාගමකට ඩොලර් බිලියනයක ආයෝජනයක් සපයයි!

Argo AI නැමති නව සමාගමකට (startup company) ඇමරිකාවේ ෆෝර්ඩ් මෝටර් රථ සමාගම ඩොලර් බිලියනයක් ආයෝජනය කොට තිබෙනවා. මෙම සමාගම ආරම්භකල පීටර් රැන්ඩර් හා බ්‍රයන් සැලෙස්කි මෝටර් රථ සඳහා කෘත්‍රිම බුද්ධි පරිගණක නිර්මාණයේ පුමුඛයින් දෙදෙනෙකු බව පැවසෙනවා. සැලෙස්කි වසර ගණනාවක් ගූගල් ස්වයංධාවන මෝටර් රථ ව්‍යාපෘථියේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි විශේෂඥයා ලෙස කටයුතු කල අතර රැන්ඩර් ඌබර් (Uber) සමාගමේ ස්වයංධාවන මෝටර් රථ ව්‍යාපෘථියේ ප්‍රධානියෙකු වූවා.

ටෙස්ලා සමාගම හා ගූගල් සමාගම ස්වයංධාවන මෝටර් රථ තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටි අතර ටෙස්ලා සමාගම 2016න් පසු අලෙවි කරන මෝටර් රථ සියල්ලම කෘථිම බුද්ධි ස්වයංධාවන තාක්ෂණය සමග නිපදවන බව නිළ වශයෙන් ප්‍රකාෂ කලා. මේ සමගම අමෙරිකානු හා වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් කෘත්‍රිම බුද්ධි ධාවන තාක්ෂණයන් නිර්මාණයට කරන ආයෝජන වේගවත් කොට තිබෙනවා.

මේ වන විට ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමද කෲස් (Cruise) නමින් හැඳින්වෙන කෘත්‍රිම බුද්ධි ධාවන තාක්ෂණ සමාගමක ඩොලර් බිලියනයක් ආයෝජනය කොට තිබෙනවා.