අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

හම්බන්තොට හා මොණරාගල අතහැර ගාල්ලට එන මොණරු

http://upload.wikimedia.org/wikipedia/commons/2/23/Wasgamuwa_Peacock.JPG

ලංකාවේ නාගරික ප්‍රදේශවල ජීවත්වන අප මොණරුන් දකින්නේ බොහෝවිට කතරගම වන්දනාවේ යනවිටය, නැතිනම් යාල ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිටය. මොණරෙකු දැකීම, විශේෂයෙන්ම පිල්විදහාගෙන ඉන්නා මොණරෙකු දකින්නට ලැබීම සතුටක් මෙන්ම වාසනාවක් ලෙසද බොහෝදෙනා සලකති. ලේඛකයාද ඒ කුළකයට අයත්වේ.

එහෙත් අද දිවයින පුවත්පත වාර්තාකරන ආකාරයට මොණරුන් සිය නිජබිමවූත් කඳකුමරුන්ගේ වැයික්කියවූත් හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ අතහැර ගාල්ල ප්‍රදේශයට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවයක් දකින්නට තිබේ.

මේ ඒ වාර්තාවයි...

තිස්‌ස කතරගම යාල හම්බන්තොට ආදී ප්‍රදේශවල ජීවත්වූ මොනරුන් මෑතක සිට පියාසර කර පැමිණ ගාල්ල ප්‍රදේශයේ ගෙවතුවල පිහිටි ගස්‌ උඩ හා වහලවල් උඩ ගැවසෙන අයුරු දක්‌නට ලැබේ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ගාල්ල කරාපිටිය මාඉටිපෙ 3 පටුමගේ පිහිටි නිවසක වහලක්‌ උඩට මොනරකු පැමිණ සිටි ආකාරයයි මේ.


දකුණේ වියළි කලාපයේ ජීවත් වන මොනරුන් තංගල්ල, වීරකැටිය, මාතර, වැලිගම, යක්‌කලමුල්ල ඉමදුව ආදී කැලෑ ප්‍රදේශ හරහා කොට්‌ටව වන රක්‌ෂිතයට ද හියාරේ අක්‌මීමන බටදූව, ගොනාදූව, කපුහේන්පොල කැලෑ ප්‍රදේශවලටද, එම පළාත්වල ගම්මානවලටද ගාල්ල ප්‍රදේශයට ද මෙසේ මෑතක සිට මොනරුන් රංචුපිටින් පැමිණීමට පටන්ගෙන ඇත. මෙයට හේතුව දැනට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුවන ශීඝ්‍ර සංවර්ධන හා වනාන්තරවල ගස්‌ කපා විනාශ කිරීම නිසා ඇතිවන පරිසර දූෂණය විය හැකි බව පරිසරවේදියෝ පවසති.

තවද ගෝලීය උණුසුම වැඩිවීම නිසා වියළි කලාපයේ ඇති ගති දේශගුණිත ලක්‍ෂණ තෙත් කලාපයේද ඇතිවීමට පටන්ගෙන ඇත. අධිවේගී මාර්ගය හා වෙනත් මාර්ග සෑදීමේදී කඳු හා කැලෑබද ප්‍රදේශ කැපීම නිසා ඒ හරහා බාධකවලින් තොරව මොනරුන් පියඹා ඒමට නැඹුරු වී ඇත. තවද මොනරුන්ට සතුරු උපද්‍රව ඇතිකරන වෙනත් පක්‌ෂීන් හෝ සතුන් නොමැත. මේ නිසා මොනරා වනයේ හා ගම්බද ව්‍යාප්තවීමට හැකි ආධිපත්‍යක්‌ දරති.

මේ තත්ත්වය යටතේ තෙත් කලාපයේ ගම්බද කැළෑ ඉඩම්වල කූඩු සාදාගෙන බිත්තර දැමීමටද මොනර රංචු හුරුවී සිටිති. විශේෂයෙන් වියළි කලාපයට වඩා මොනරුන් ආහාර සඳහා තෙත් කලාපයේ ජීවත් වන කටුස්‌සන්, තලගොයි පැටවුන් ගෙම්බන් හා පැටවුන් උරඟයන් ආදී සතුන් කෑමට ඇබ්බැහිවීම නිසා ඉදිරියට මෙම ප්‍රදේශවල ස්‌ථිරවම මොනරුන් බෝවන තත්ත්වයක්‌ ඇතිවිය හැකිය. තවද තෙත් කලාපයේ වෙසෙන කුරුල්ලන් කූඩුවල දමන බිත්තර ද කෑමට ද මොනරුන් පුරුදුවීම නිසා පහතරට කැලෑ ප්‍රදේශ හා වන ප්‍රදේශවල ජීවත් වන පක්‌ෂීන් වර්ග පදවී යැමේ තර්ජනයකට ලක්‌වීමට ද ඉඩ ඇති බවද පරිසරවේදීහු පවසති.

කතරගම දෙවියන්ගේ වාහනය ලෙස මොනරා සලකන නිසා ගම්බද මිනිසුන් පදිංචි නිවාස ආසන්න ඉඩම්වල මොනරුන් ගැවසීම ගැන ජනතාවගේ විරුද්ධත්වයක්‌ නැත. ජනතාව මොනරුන් දැකීමද වාසනාවක්‌ ලෙස ගරුකරති.

මේ අතර අක්‌මීමන ප්‍රදේශයේ ගැමියකු තම ගෙවත්තේ කොස්‌ගසක්‌ මුදුනේ ඉදී තිබුණ වරකා ගෙඩියක්‌ කන මොනරෙකු දැක ඇත. කොස්‌ වනාන්තරවල නොමැත. මෙවැනි ආහාරවලටද අලුතින් මොනරු පුරුදු වී තිබෙන බවත් මෙයින් පෙනී යයි.

විස්‌තර හා ඡායාරූප ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක
http://www.divaina.com/2014/01/03/provin09.html

Comments

  1. Defesa um excelente site sobre forças armadas do mundo inteiro.

    ReplyDelete

Post a Comment