2013 යෝජිත බීජ පනතට මේ වන විටත් විරෝධතා රාශියක් එල්ල වී ඇත. එසේම ඒ මගින් කරන්නට යන්නේ ගොවියාගේ සුජාත අයිතියක් වන බීජ අයිතිය ප්‍රබල බහුජාතික සමාගම්වල භුක්‌තියට සවිකර දීමක් බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රබල විරෝධතා සහ චෝදනා හුදු ආණ්‌ඩු විරෝධීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල බාල වැඩ ලෙස හංවඩු ගසා කිසිවකුටවත් අත සෝදා ගත නොහැක්‌කේ ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වැනි ආණ්‌ඩුවේ පාර්ශවයන් විසින්ද මෙම යෝජිත බීජ පනත ප්‍රබල ලෙස ප්‍රශ්න කෙරී ඇති බැවිණි. එසේම පාරම්පරික වී ගොවිතැන රැකගැනීම වෙනුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇප කැපවී සිටින මතුගම සෙනවිරුවන් වැනි මහත්වරුන් සහ එම මහත්වරුන් නියෝජනය කරන සංවිධානද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුතු ප්‍රබල වෘත්තීය සමිති විසින්ද මෙම බීජ පනතට සිය දැඩි විරෝධය පළකර ඇත.
මොකක්ද මේ යෝජිත බීජ පනත?
යෝජිත බීජ පනතට අනුව බීජ සහ සියලුම රෝපණ ද්‍රව්‍යවල මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පත් වෙයි. ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළඟ් තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම සහ බීජ පිළිබඳව කථිකා කිරීම පවා සපුරා තහනම් වෙයි.
එනම් තම කුඹුරේ තමන්ට අවශ්‍ය බිත්තරවී හෝ වෙනත් බීජ සකසා ගැනීමට ගොවියාට ඇති අයිතිය නිශ්ප්‍රභ කරයි!! එසේ කිරීම හිරගෙයි ලැගිය යුතු වරදක් බව මෙම නව පනතින් ප්‍රකාශවෙයි!
එම කටයුතු අරඹයා කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ඇතුලු නිලධාරී මණ්‌ඩලයට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් නිලධාරීන් සතු බල තල හිමිවෙයි. එහි අරුත වන්නේ කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ අභිමතයට යම් ආකාරයකට හෝ පටහැනිව කටයුතු කරන්නන් දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත් වන බවයි. ඒ අනුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට රුපියල් 50,000 ක් දක්‌වා දඩ නියම කිරීමට පමණක් නොව මාස 6ක් දක්‌වා සිපිරි ගෙට යෑවීමට පවා කාෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට බලය හිමිවෙයි. කුඩා බීජ පැකැට්‌ටුවක් ප්‍රවාහණය කරන වාහනය පවා රාජසන්තක කිරීමටද ඔවුන්ට බලය හිමි වෙයි. බොහෝ පාර්ශවයන් විසින් මේ වන විටත් පෙන්වා දී ඇත්තේ මත්කුඩු ජාවාරම, හොර මත් දියර ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් ආදී අතිශයින් දරුණු ගණයේ අපරාධ මැඩීමටවත් පොලිසියට මේ තරම් නීත්‍යානුකූල බල තල ලබා දී නොමැති බවයි.
මේ අනුව සිදුවන්නේ බහුජාතික බීජ සමාගම්වලට, දේශීය බීජ කොම්පැණිවලට මේ රටේ ගොවීන් සතු බීජ නිපදවා ගැනීමේ අයිතිල ලබාදීමට යෙදූ කූට උපක්‍රමයක් මිස වෙන කුමක්ද?
මේ අනුව කෘශිකර්ම ජෙනරාල්, තමාට (හා නිළධාරී රොත්තට) වැඩිම පගාව/ජරාව/විදේශ සංචාර හෝ වෙනත් පඬුරු පාක්කුඩම් පුදන කොම්පැනියට බීජ නිපදවීමේ, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ අයිතිය ලබාදී ගොවියාට කළුකඩ මිලට මෙම කොම්පැණිවලින් බීජ මිළදී ගැනීම අනිවාර්ය කිරීමේ නීතිමය හැකියාව ලැබේ.
 |
| ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව අන්තර්ජාලයට මුදාහල පෝස්ටරයක් |
මෙවැනි පණතක් ගෙන එනවාට වඩා ගොවිතැන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කලානම් හොඳ යැයි ලේඛකයාට සිතේ.
සමස්‌ත බීජ හා සියලුම රෝපණ ද්‍රව්‍යවල පූර්ණ අයිතිකරුවා බවට කෘශිකර්ම ජෙනරාල්ගේ අවසරය ලබනා බහුජාතික සමාගම්කරුවන් පත් කිරීම වෙනුවෙන් මෙම පනත නිර්මාණය කොට ඇති බව පැහැදිලිය. පනත ආරම්භයේ දැක්‌වෙන පරිදි එහි පරමාර්ථ ගුණාත්මක බීජ සපයා දේශීය කෘෂිකර්මය නගාසිටුවීම සහ යුගයට ගැළපෙන පරිදි බීජවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම ආදිය හුදු කිඹුල් කදුළුම පමණි.
මෙවැනි පනත් පිටුපස අමෙරිකාවේ දැවැන්ත කෘශිකාර්මික බහුජාතික සමාගම් සිටින බව විකිලීක්ස් හරහා හෙලිවිය. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාවේ මොන්සාන්ටෝ සමාගමයි.
විකිලීක්ස් වලින් හෙලිදරව්වුනු අමෙරිකානු තානාපති කේබල් වලින් කියැවෙන්නේ මොන්සාන්ටෝ සමාගම ලෝකයේ බොහෝ රටවල බීජ අයිතිය තමන් සතු කරගැනීම උදෙසා රාජ්‍ය නිළධාරීන් හා මැති ඇමතිවරුන් බිලිබා ගැනීමේ නිරත වන අතර මේ සඳහා අමෙරිකානු තානාපති කාර්යාලවල පූර්ණ සහය එම සමාගම් වලට ලබාදිය යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිය තානාපති කාර්යාලවලට නියෝග කොට තිබේ.

වස විෂෙන් තොර බත්පතක් සාදාගැනීමට මං පාදන්නා වූත් අතිශයින් සෞඛ්‍යාරක්‌ෂිත වූත් දේශීය සම්ප්‍රදායික බීජ එහි සුජාත අයිතිකරුවන් වූ ගොවීන්ගෙන් උදුරාගෙන ඒවා විනාශ කොට ඒවායේ ජාන අයිතියද මංකොල්ල කාගෙන බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් කීපයකට පැවරීමේ මෙම යෝජිත බීජ පනතට සියලුම බත් කන ජනතාව විසින් පාට පක්‌ෂ බේද නොසලකා එකහ`ඩින් විරුද්ධ විය යුතුය. යෝජිත 2013 බීජ පනත සම්පූර්ණයෙන්ම හකුලා ගන්නට බල කළ යුතුය. නව බීජ පනතක් අවශ්‍ය නම් ගොවියාගේ බීජ අයිතිය සුරක්‌ෂිත වන පරිදි ද දේශීය ගොවියාගේ අවශ්‍යතා පරිදි ද එය සකස් කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන පරිදි බීජවල ගුණාත්මකභාවය වැඩිකරගන්නට උවමනාම නම් ගොවියාගේ බීජ අයිතියට අත නොතබා ඒ ස`දහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන පරිදි 2003 බීජ පනතට අවශ්‍ය සංශෝධනයන් ද ගෙන ආ හැකිය.
ගොවීන්ගේ බීජ අයිතිය උදුරාගන්නා මොන්සාන්ටෝ සමාගමට එරෙහිව ලොවපුරා විරෝධතා පැවැත්වෙන අයුරු.
Comments
Post a Comment