අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අධිවේගී මෝටර් රථ ලොවට අලුතින් පැමිණි කොරියන් සුන්දරිය....

KIA GT4 Stinger 
අමෙරිකානු මෝටර් රථ කර්මාන්තයේ අගනගරය වන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවර දැන් පැවැත්වෙන "2014 Detroit Auto Show" හිදී කොරියානු කියා මෝටර් රථ සමාගම නවතම අධිවේගී ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් හඳුන්වාදුන්නා. ජී.ටී 4 ස්ටින්ජර් ලෙස නම් තබා ඇති මෙය මෙම මෝටර් රථ ප්‍රදර්ශණය පැමිණි බොහෝදෙනෙකුගේ සිත් ඇද ගන්නට සමත්වු බව ඩෙට්‍රොයිට් නුවරින් ලැබෙන වාර්තාවලින් පැවසෙනවා.

Rear wheel drive ආකාරයට නිර්මාණය කොට ඇති මෙය ලීටර් 2 ටර්බෝ චාර්ජ් එන්ජිමකින් බල ගැන්වෙන් අතර එය අශ්ව බල 315ක ජවයක් නිපදවනවා. ගියර් 6කින් යුතු මැනුවල් වර්ගයේ ගියර් පද්ධතියකින් සමන්විත මෙයට අධිවේගී ධාවනයේදී ඉහල කාර්යක්ශමතාවයකින් තිරිංග යෙදිය හැයි "බ්‍රෙම්බෝ" වර්ගයේ "ඩිස්ක් බ්‍රේක්" තිරිංග යොදා තිබෙනවා.

මෙම මෝටර් රථයේ සිත් ඇදගන්නා නිමැවුම හා අධිතාක්ශණික මෙවලම් හා උපාංග කොරියානු මෝටර් රථ කර්මාන්තයේ අනාගතය පිලිබඳව ඉඟියක් ලබාදෙන බව විචාරකයින් පවසනවා. දැනට කොරියානු මෝටර් රථ කර්මාන්තය ප්‍රසිද්ධවී සිටින්නේ  එදිනෙදා භාවිතයට සුදුසු වාහන ඉහල ප්‍රමිතියකින් හා සාධාරණ මිලකට පාරිභෝගිකයින් හට ලබාදීම පිලිබඳවයි. එහෙත් අනාගතයේ කොරියානු සමාගම් මිළ අධික, අධිවේගී මෝටර් රථ වෙළඳපොලට අභියෝගයක් එල්ල කරනු ඇතැයි පිලිගැනෙනවා. දැනට මෙම වෙළඳ පොලේ ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලි හා ජර්මන් නිශ්පාදකයින්.






Comments

  1. wow.........

    නියමයි.අනිත් car වලට වඩා අමුතුම ගතියක් තියනවා

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete

Post a Comment