අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඇමරිකාවේ සැමට නොමිලේ WiFi අන්තර්ජාල පහසුකම ලඟදීම!


අමෙරිකා එක්සත් ජනපදයේ රජයේ විදුලි සන්දේශන නියාමන කොමිසම වශයෙන් කටයුතු කරන ෆෙඩරල් විදුලිසංදේශ කොමිසම විප්ලවකාරී සැලැස්මක් රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. සුපර් වයිෆයි ජාලය ලෙස හැඳින්වෙන මෙම සැලැස්මට අනුව මුලු අමෙරිකානු භූමි ප්‍රදේශයම ආවරණය වන ලෙස දැවැන්ත, අධිවේගී වයිෆයි ජාලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා. මෙම වයිෆයි ජාලයෙන් ලැබෙන බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම මගින් අමෙරිකාවේ සියලු පුරවැසියන් හට සිය අන්තර්ජාල අවශ්‍යතා මෙන්ම  දුරකථන ඇමතුම් අවශ්‍යතාද නොමිලේ සපුරා ගත හැකි වනවා.

අමෙරිකානු ජනතාවත මහත් අභ්වෘද්ධියක් වන මෙම සුපිරි වයිෆයි ජාලයට සිය විරෝධය පල කිරීමට අමෙරිකාවේ දුරකථන සේවා සමාගම් දැනටමත් කටයුතු කොට ඇත්දේ මෙවැනි ජාලයක් නිර්මාණය වුවහොත් සිය සමාගම් දැඩි මූල්‍යමය ප්‍රපාතය කට ඇදවැටේ යයි යන බියෙන්. වසරකට ඩොලර් බිලියන 178ක් ආදයාමක් උපයන අමෙරිකානු දුරකථන සමාගම් ලොව වඩාත් ලාභ උපයන දුරකථන සමාගම් ලෙස පිලිගැනෙනවා.

දැනටමත් මෙම සමාගම් අමෙරිකාවේ විවිධ දේශපාලඥයින් හා සන්නිවේදන සේවාවලට සම්බන්ධ උසස් රාජ්‍ය නිළධාරීන් පසුපස යමින් මෙම සැලැස්ම ව්‍යර්ථ කිරීමේ වෑයමක නිරතවන බව අමෙරිකාවේ වොශින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.

ගූගල් හා මයික්‍රෝසොෆ්ට් Super WiFi සැලැස්මට සහය දෙයි... 

සිය ව්‍යාපාරික අනාගතය සුරක්ශිත කරගැනීමට දුරකථන සමාගම් සැලැස්ම කඩාකප්පල් කිරීමට අර අඳිද්දී ගූගල්, මයික්‍රෝසොෆ්ට් වැනි දැවැන්ත අධිතාක්ශණික සමාගම නියාමන කොමිසමේ වැඩපිලිවෙලට සිය පූර්ණ සහයෝගය පලකොට ඇති අතර මෙවැනි මිල රහිත වයිෆයි ජාලයකින් අමෙරිකාවේ ආර්ථිකයට හා අනාගත තාක්ශණික දියුණුවට ඇතිවිය හැකි වාසි පෙන්වාදෙමින් අමෙරිකාවේ බලසම්පන්න දේශපාලකයින් හා රාජ්‍ය නිළධාරීන්ගේ කැමැත්ත මෙම සැලැසුමට ලබාගැනීමට සඳහා මෙම සමාගම්ද විශාල ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබෙනවා.

හෙට ලොව බලවතුන් තීරණය කරන මෙම අධිතාක්ශණික සංග්‍රාමයේදී අමෙරිකාව දැනටමත් ආසියාතික හා යුරෝපීය රටවල් වලට පිටුපසින් සිටිනවා. ලොව වේගවත්ම 4G අන්තර්ජාල පහසුකම් දකුණු කොරියාවේ ජනතාවට හිමිවී ඇති අතර වැඩියෙන්ම අන්තර්ජාල පහසුකම් ව්‍යාප්තවී ඇති රට ලෙසද දකුණු කොරියාව හඳුනා ගැනෙනවා. දකුණු කොරියාවේ සැම්සුන්ග්, එල්.ජී වැනි සමාගම අමරිකාවේ ඉහලම අධිතාක්ශණික සමාගම් වලට පවා දැඩි තරඟයක් දෙන්නට තාක්ශණික ජයග්‍රහණ වෙගවත් ලෙස ලබාගැනීම හැකි ලෙස කොරියානු ජනතාව තාක්ශණ දැනුමෙන් සන්නද්ධ වන්නට එක් හේතුවක් වන්නේ කොරියානු රජය විසින් ආරම්භ කරන ලද අන්තර්ජාලය ප්‍රචලිත කිරීම වැනි වැඩපිලිවෙලවල් බව මෙම සුපිරි වයිෆයි ජාලයට සහය දෙන සමාගම් සමූහය පෙන්වා දෙනවා.

නිදහස් තරංගමාලා නවෝත්පාදන රැළ්ලක් මැවූ හැටි...

1985දී අමෙරිකානු රජය එතෙක් ගුවන්විදුලි තරංගමාලා යටත් කොට තිබූ දැඩි පාලනයෙන් නිදහස් කොට තරංගමාලා කාණ්ඩ ගණනාවක් විවිධ කාර්ය්යන් සඳහා නොමිලේ භාවිතා කිරීමට අවසර දුන්නා. මෙම නිදහස් කිරීම අනුව නොසිතූ විරූ තාක්ශණික මෙවලම් ගණනාවක් නිර්මාණය වූ බව විචාරකයින් පෙන්වා දෙනවා. රැහැන් රහිත මයික්‍රොෆෝන, නිවාසවල භාවිතාවන WiFi ජාලා, දුරස්ථ ලෙස මෝටර් රථවල දොරගුලු විවරකරන උපකරණ (remote car-door openers) වැනි නවෝත්පාදන රාශියක් 1985දී මෙම තරංගමාලා ඛන්ඩ නිදහස් කිරීමෙන් පසු  ඇතිවී තිබෙනවා. නොමිලේ අන්තර්ජාල සේවා ලබාදෙන මෙම සුපිරි වයිෆයි ජාලය මගින්ද එවැනිම නවෝත්පාදන විප්ලවයක් ඇතිවනු ඇතැයි අමෙරිකානු විදුලිසංදේශ නියාමන කොමිසම පවසනවා.





Comments

  1. නොමිලේ නෙමෙයි. හොඳ සේවයක් ලංකාවටත් ආවොත් හොඳයි

    ReplyDelete
  2. හිතවත මෙතැන දැනුම බෙදන තෝතැන්නක් වගේ නේ... එන්නං දිගටම...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete

Post a Comment