මිනිස් මළ අපද්‍රවලින් පෙට්‍රෝල් හා ඩීසල් හදන ක්‍රමයක්!

Bio Crude බවට පත්කිරීමට පෙර මළ ද්‍රව්‍ය

ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දිනකට ලීටර් බිලියන 128ක පමණ මළ අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. එනම් වසරකට ලීටර් බිලියන 46,720 වල මේ අපද්‍රව්‍ය වලින් ජීව බොරතෙල් (bio crude oil) ලීටර් බිලියන 4800ක් පමණ නිපදවිය හැකි සරල ක්‍රමයක් සොයාගෙන ඇති අතර මෙම ජීව බොරතෙල් වලින් පෙට්‍රෝල්, ඩීසල් හා භූමිතෙල් නිපදවීමට හැකි බව තහවුරුවී ඇත.

අමෙරිකානු බළශක්ති දෙපාර්තමේන්තුවට අයත් Pacific Northwest National Laboratory පර්යේෂණාගාරයේ නිර්මාණය වුනු මෙම තාක්ශණය වසර මිලියන ගණනක් තුලදී ස්වභාවධර්මය විසින් මියගිය ජීවද්‍රව්‍ය (dead biomass) බොරතෙල් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය අනුකරණය කරන අතර, වසර මිලියන ගණනක් වෙනුවට මෙම සම්පූර්ණ ක්‍රියාවලිය දිනකිහිපයකින් අවසන් කොට ජීව බොරතෙල් බවට පත්කිරීමේ ක්‍රියාවලිය වේගවත් කොට ඇත.

මළ අපද්‍රව්‍ය වලින් සෑදූ ජීව බොරතෙල්
Hydrothermal liquefaction ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය අධික පීඩනයකට හා සෙන්ටිග්‍රේඩ් 348 පමණ උෂ්ණත්වයකට බඳුන් කරන අතර එම ක්‍රියාවලිය මගින් මළ අපද්‍රව්‍ය කළුපැහැති ඝණ තෛලමය කොටසකට හා ද්‍රවමය කොටසකට වෙන්වේ. ඝණ තෛලමය කොටස පොලොවෙන් ලබාගන්නා බොරතෙල් වල ගතිලක්ශණ ඇති අතර සාමාන්‍ය බොරතෙල් පිරිපහදු ක්‍රම මගින් පෙට්‍රෝල්, ඩීසල් හා වෙනත් ඉන්ධන වලට වෙන්කරගත හැකිය. ද්‍රවමය කොටසට යම් යම් උට්ප්‍රේරක යෙදීමෙන් විවිධ ප්‍රයෝජනවත් රසායණික ද්‍රව්‍ය නිපදවාගත හැකිය.

මෙම තාක්ෂණය භාවිතා කරගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ජීව බොරතෙල් නිශ්පාදනාගාරයක් ඇති කිරීම සඳහා නම් සමාගමක් තෝරාගෙන ඇති අතර 2018 වනවිට මෙම නියමු ව්‍යාපෘතියෙන් ජීව බොරතෙල් නිපදවිය හැකි බව පැවසේ.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments