BIKING: Safe Biking Guide - ආරක්ෂාකාරීව බයිසිකල් පදින්න හොඳ බයිසිකල් පුරුදු

 


ALWAYS SIGNAL YOUR INTENTIONS TO THE MOTORISTS
මාර්ගයේ අනෙක් රියදුරන්ට ඔබ කරන්නට සූදානම් වන දෙය දැනුම් දෙන්න. දෑත් සංඥා භාවිතා කරන්න.

AVOID DRIVER'S BLIND SPOTS

ඉදිරියෙන් යන වාහනයේ රියදුරාට නොපෙනන ස්ථාන (බ්ලයින්ඩ් ස්පොට්) කිහිපයක් තිබෙනවා. වාහනයේ පිටුපස වම් කොන හා දකුණු කොන එවැනි ස්ථාන දෙකක්. එම ස්ථානවල බයිසිකලය රඳවාගෙන පැදීම සිදු නොකරන්න.

රියදුරාට පැති කණ්ඩාඩිවලින් හෝ පිටුපස කණ්නාඩියෙන් පෙනෙන ආකාරයට බයිසිකලය තබාගෙන පදින්න.


DONT OVERTAKE IF THE VEHICLE INFRONT OF YOU IS TRYING TO TURN. SLOW DOWN. GIVE ROOM FOR IT TO TURN AND THEN MOVE FORWARD.
ඔබට ඉදිරියෙන් තිබෙන වාහනය හැරවීමට සූදානම් වන්නේ නම්, එය පසුකර ඉදිරියට ඇදෙන්නට එපා. වේගය බාල කොට, වාහනයට හරවන්නට ඉඩදී ඔබගේ ගමන යන්න.
WEAR YOUR HELMET PROPERLY. IT PROTECTS YOUR MOST VALUABLE ASSET - YOUR HEAD
රූපයේ පෙනෙන ආකාරයට හෙල්මටය නිසි පරිදි පලඳින්න. නිසි ආකාරයට, ස්ට්‍රැප් තද වන ලෙස හෙල්මටය සකස් කරගත යුතු අතර බුරුල් හෙල්මට් හා ස්ට්‍රැප් තද නොකර පලඳින් හෙල්මට් වලින් හිස ආරක්ෂා නොවේ
BEWARE OF TURNING DRIVERS FROM INTERSECTIONS AHEAD OF YOU - ONE OF THE MOST COMMON ACCIDENT CAUSING SITUATIONS
තමන් ඉදිරියෙන් ඇති මංසන්ධි වලින් තමන් දෙසට හරවන වාහන ගැන සැලකිලිමත් වෙන්න. බොහෝ අණතුරු සිදුවන අවස්ථාවකි.
BEWARE OF DRIVERS TURNING RIGHT AT AN INTERSECTION - ANOTHER COMMON ACCIDENT CAUSING SITUATIONS
මංසන්ධි වලින් දකුණට හරවන වාහන ගැන සැලකිලිමත් වෙන්න.
BEWARE OF DRIVERS OR PASSENGERS OF OF PARKED CARS SUDDENLY OPENING THE DOOR - RECEIPE FOR A HORRIBLE CRASH
නවතා ඇති වාහන අසලින්ම පැද නොයන්න. රියදුරන් හෝ මගීන් හදිසියේම, අපරික්ෂාකාරීව දොර විවෘත කල හැකිය. බරපතල අණතුරකට අතවනයි.



DONT RIDE WITH YOUR HEADPHONES - YOU WILL NOT HEAR WARNING HORNS, SHOUTS OR ANY APPROACHING VEHICLE
බයිසිකල් පැදයන විට හෙඩ් ෆෝන් පැළඳ සංගීතයට සවන්දෙමින් නොයන්න.  ඔබට අණතුරු ඇඟවීමේ නලා ශබ්ද, අණතුරු අඟවන කෑගැසීම්, පොලිස් විසිල් ශබ්ද යනාදි කිසිවක් නෑසී යන්නට පුලුවන. මෙය ඔබටත් වෙනත් වාහන හා පදිකයින්ටත් බෙහෙවින් අණතුරුදායක විය හැකිය.






Comments

  1. මම හෙල්මට් දාලම තමයි බයිසිකල් පදින්නේ. වැඩියෙන්ම බිරින්දෑ ගෙන් බර බරේ නිසා , ළමයි දෙන්න කොපමණ කීවත් අහන්නේ නැහැ. පොඩි කාලේ දැම්මට දැන් හෙල්මට් දාන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment