ROBOTICS: අඩුමිල මානවරූපී රොබෝවන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය ඇරඹේ


Unitree Robotics Company විසින් එහි G1 හියුමනොයිඩ් රොබෝවරයාගේ මහා පරිමාණ නිෂ්පාදන සැලැස්ම එළිදක්වා ඇති අතර, එහි මිල ඩොලර් 16,000ක් තරම්වේ.

මේ අනුව  මානවරූපී රොබෝ තාක්ෂණය පර්යේෂකයන්ට, ව්‍යාපාරවලට සහ තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ට ඉහල තාක්ෂණයේ රොබෝවක් ලබාගැනීමේ හැකියාව විවරවී තිබෙනවා.

මෙම රොබෝවරයා සංකීර්ණ චලනයන්, දියුණු දර්ශන (advanced vision) පද්ධති සහ දක්ෂ ඇඟිලි තුනේ හස්තයක් ඇතුලු ආකර්ෂණීය විශේෂාංග  සමග අලෙවිකරණ බව සමාගම පවසනවා.

උස මීටර් 1.32 ක් සහ බර කිලෝග්‍රෑම් 35 ක් වන G1 රොබෝවරයා එහි විශාලත්වය සසඳනවිට ආකර්ෂණීය හැකියාවන්ගෙන් යුතුවනවා. එය අංශක 23 ක කරකැවීමේ හැකියාවක් සමන්විත වන අතර, තත්පරයට මීටර් 2 ක් දක්වා ඇවිදීමේ වේගයක් සහිතව පැනීම, කැරකීම සහ පඩිපෙළ නැගීම වැනි සංකීර්ණ චලනයන් සඳහා ඉඩ සලසයි.

 රොබෝවරයාගේ උසස් දර්ශන පද්ධතියට Intel RealSense D435 ගැඹුර කැමරාවක් සහ Livox MID-360 lidar ඇතුළත් වන නිසා නිවැරදි පාරිසරික සංජානනය සහ සංචලනය පහසු කරනවා.

Comments