NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HUMAN HISTORY | WWII : 1942 නොවැම්බර් මාසයේ සිදු වූ 'ඔපරේෂන් ටෝච්' (Operation Torch)

 


1942 නොවැම්බරයේදී........

1942 නොවැම්බර් මාසයේ සිදු වූ 'ඔපරේෂන් ටෝච්' (Operation Torch) හමුදා මෙහෙයුම අතරතුර ඇල්ජීරියාවේ ඔරාන් වෙරළ තීරය වෙත ගොඩබැසීමේ යාත්‍රාවකින් ගමන් කළ ඇමෙරිකානු සෙබළුන් මේ ඡායාරූපයේ පෙන්වනවා.

1942 නොවැම්බර් 8 වන දින ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා එකවර ප්‍රංශ මොරොක්කෝවට සහ ඇල්ජීරියාවට ගොඩබැසීමත් සමඟ 'ඔපරේෂන් ටෝච්' මෙහෙයුම ආරම්භ විය. මෙය දෙවන ලෝක යුද්ධයේදී ඇංග්ලෝ-ඇමෙරිකානු හමුදා විසින් දියත් කරන ලද ප්‍රථම මහා පරිමාණ නාවික සහ ගොඩබිම් ඒකාබද්ධ (Amphibious) ප්‍රහාරාත්මක මෙහෙයුම වූ අතර, බොහෝ ඇමෙරිකානු සෙබළුන්ට එය ප්‍රථම මහා පරිමාණ යුද අත්දැකීම ද විය.


ඔරාන් නගරය වෙත ළඟා වූ හමුදා, මේජර් ජෙනරාල් ලොයිඩ් ෆ්‍රෙඩෙන්ඩෝල්ගේ අණදීම යටතේ පැවති ඇමෙරිකානු මධ්‍යම කාර්යසාධක බලකායට (American Center Task Force) අයත් විය. ඔවුන්ගේ අරමුණ වූයේ අක්ෂ බලවේගයන් විසින් උතුරු අප්‍රිකාව වෙත අතිරේක හමුදා යෙදවීමට පෙර, මූලෝපායිකව වැදගත් වූ මෙම වරාය, ඒ අවට පිහිටි ගුවන් තොටුපළවල් සහ මාර්ගයන් හි බලය තහවුරු කරගැනීමයි.

මෙම ආක්‍රමණය සුවිශේෂී වීමට එක් සංකීර්ණ ගැටලුවක් බලපෑවේය; එනම් ආරම්භයේදී ඇමෙරිකානුවන් මුහුණ දුන්නේ ජර්මානු හමුදාවන්ට නොවීමයි. 

ඔරාන් නගරය එවකට පාලනය වූයේ නට්සි ජර්මනියට පක්ෂපාතවූ වීචි ප්‍රංශ (Vichy France) රජය මගින් වන අතර, ප්‍රංශ හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වළකිනු ඇතැයි මිත්‍ර පාක්ෂික අණදෙන්නන් බලාපොරොත්තු වූහ. 

නමුදු ඊට පටහැනිව, වෙරළාරක්ෂක කාලතුවක්කු බලකායන්, ගොඩබිම් හමුදාවන් සහ ප්‍රංශ යුද නැව් විසින් මිත්‍රපාක්ෂික ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා වෙත ප්‍රහාර එල්ල කරන ලදී. දින දෙකක සටනකින් පසුව, නොවැම්බර් 10 වන දින ඔරාන් නගරය යටත් විය.

'ටෝච්' මෙහෙයුම මගින් උතුරු අප්‍රිකාවේ සිටි අක්ෂ බලවේගයන්හි දෙපසම මිත්‍ර පාක්ෂික හමුදාවන් ස්ථානගත කිරීමට හැකි වූ අතර, ටියුනීසියාව, සිසිලිය සහ අවසානයේ ඉතාලි ප්‍රධාන භූමිය වෙත ගමන් කිරීමට මග පාදා දුන්නේය.

මෙයට වහාම ප්‍රතිචාර දැක්වූ ජර්මනියේ හිට්ලර්, නොවැම්බර් 11 වන දින මීට පෙර අත්පත් කර නොගෙන තිබූ වීචි ප්‍රංශ භූමිය වෙත ජර්මානු හමුදාවන්ට ඇතුළු වන ලෙස නියෝග කළේය. එමගින් ස්වාධීන වීචි පාලනයක් පැවති බවට වූ මතය සම්පූර්ණයෙන්ම නිමාවට පත් විය.

Comments