NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

TIME / Google time-laps satellite photography project

මෑතකදී ගූගල් සමාගමේ ගූගල් අර්ත් සේවාව හා ටයිම් සඟරාව අලුත් වැඩකට අතගැසුවා. ඒ ගූගල් සමාගම සතුව ඇති ලක්ශ ගණනක් චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් සෘජු හෝ වක්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා භූමියේ සිදුවී ඇති සුවිශාල  වෙනස්කම් time-laps photography ආධාරයෙන් සජීවීකරණය කොට පෙන්වීමයි.

නිරන්තරයෙන් භූමියේ ඡායාරූප ගන්නා ලෑන්ඩ්-සැට් වැනි චන්ද්‍රිකා, වසර ගණනක් එකම භූමිභාගයක ගන්නා ලද ඡායාරූප හඳුනාගෙන ඒවා කාලානුරූපව පෙලට තබා ටයිම් ලැප්ස් ආකාරයට සකසා සජීවිකරණ රූප නිර්මාණය කලහැකි animated GIF ආකෘතියෙන් මෙම ඡායාරූප නිර්මාණය කොට තිබෙනවා.

මේ ව්‍යාපෘතිය පිලිබඳව වැඩිදුර විස්තර සඳහා ටයිම් සඟරාවේ ටයිම්-ලැප්ස් අඩවියට පිවිසෙන්න.
http://world.time.com/timelapse/

තවත් මෙවැනි සජීවකරණ රූප සඳහා ගූගල් සමාගමේ නිළ බ්ලොග් අඩවියට පිවිසෙන්න.
http://googleblog.blogspot.co.uk/2013/05/a-picture-of-earth-through-time.html







Comments

Post a Comment