ජර්මන් හැකර්වරු අයිෆෝන් 5S "Touch ID" fingerprint scanner ආරක්ශක උපක්‍රමය බිඳහෙලන සරළ ක්‍රමයක් සොයාගනී!! වීඩියෝව අන්තර්ජාලයට මුදාහරියි!!

ඇපල් සමාගම සිය නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වාදුන්නේ මේ මස මුළදී පමණය. එහි අඩංගුකොට තිබුණු විවිධාකාර තාක්ශණයන් අතර වැඩියෙන්ම කතාබහට බඳුන්වුනේත්, ඇපල් සමාගම වැඩිපුරම කතාකලේත්, අලුත්ම ආරක්ශණ උපක්‍රමයක් වූ "ටච් අයිඩී" ලෙස හැඳින්වුනු ආරක්ශණ උපක්‍රමයයි. අයිෆෝනයේ අඩංගුකොට තිබෙන අධි-සංවේදී ඇඟිලි සළකුණු ස්කෑනරයක් මගින් ෆෝන් අයිතිකරුගේ ඇඟිලි සළකුණු කියවා සටහන් කරගන්නා අතර, ඉන්පසු එම ෆෝනය භාවිතා කල හැක්කේ එම පුද්ගලයාට පමණකි. අතිශය පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් අයිෆෝන් වැනි ස්මාර්ට් ෆෝන තුල ගබඩාවෙන නිසා මෙම ආරක්ශණ උපක්‍රමය විප්ලවීය එකක් බව කියමින් ඇපල් සමාගම උදම් අනන ලදී.

මෙම උදම් ඇනීම සති කිහිපයකට සීමා කිරීමට ජර්මනියේ සුප්‍රකට හැකර්වරුන්ගේ සමාජයක් වන Chaos Computer Club-CCC හි සාමාජිකයින් සමත්වී තිබේ. මොවුන් ඇපල් ඇඟිලි සළකුණු ආරක්ශක පද්ධතිය පරාජයකිරීම සඳහා භාවිතා කරන ලද උපක්‍රමය සරළ මෙන්ම ෆෝනයට කිසිදු හානියක් නොකොට, එයට වෙනත් උපාංග හෝ මෙවළම් සවිනොකොට සිදුකරන එකකි.

මෙහිදී පියවර 4ක් අනුගමය කරන අතර ඒවා සරලව පහත දැක්වේ;

1] ෆෝනයේ තිරය මත සටහන්වී ඇති අයිතිකරුගේ ඇඟිලි සළකුණක් අධි-විබේධන කැමරාවකින් (2400dpi) ඡායාරූප ගත කරගැනීම

2] එම ඡායාරූපය ඡායාරූප සැකසුම් වැඩසටහනක් ඇසුරින් සුපිරිසිදු කරගැනීම හා invert කිරීම

3] සකස්කරගත් ඇඟිලි සළකුණ 1200dpi විබේධනයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රයකින් ප්ලාස්ටික් ශීට් එකක මුද්‍රණය කරගැනීම

4] ලේටෙක්ස් ද්‍රවයක් මුද්‍රණය වූ ඇඟිලි සළකුණ මත අතුරා ඇඟිලිසළකුණේ පිටපතක් ලබාගැනීම

මේ ලේටෙක්ස් ද්‍රවය ඝනවීමෙන් පසුව එය ඕනෑම අයෙකුගේ ඇඟිල්ලක් මත අතුරා අයිෆෝනයේ ඇඟිලි සළකුණු සෙන්සරය මත තැබීමේදී අයිෆෝනය එය අයිතිකරුගේ ඇඟිලි සළකුණ ලෙස වටහාගෙන ෆෝනය unlock කරනු ලැබේ.

මෙය සිදුකරණ ආකාරය පිලිබඳව CCC හැකර්වරුන් අන්තර්ජාලයට මුදාහල වීඩියෝව නරඹන්න.

Comments

  1. දැං කරන්න තියෙන්නේ හැකර්ලා ටිකවත් ඇපල් කොම්පැනියටම බන්දවා ගන්න එක....

    ReplyDelete
  2. ඕක තමයි කියන්නේ හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියලා

    ReplyDelete
  3. විලි ලැජ්ජයි ඕන් ස්ටීව් ජොබ්ස් නැති උනු එකේ වීක්ස් පොයින්ට්ස් තමා ඔය

    ReplyDelete
  4. මේ ලිපි වලට දාන කමෙන්ට් ලිපිය අවසානයේ පෙනෙන්නේ නැත්තේ ඇයි. මේ ලිපියෙත් කමෙන්ට් 4යි කියලා උඩින් තිබුනට ඒක උඩ ක්ලික් කලත් පෙනෙන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment