ජාත්‍යන්තර පොත් මැනිං මාර්කට් එක


මැනිං මාර්කට් කිව්වම දන්නවනේ, සූ ගාලා සෙනග, හරිම අපිලිවෙලයි, පාරිභෝගිකයෝ හූරගෙන කන, කිසිම පහසුකමක් නැති තැනක් ඒක......

2014 පොත් ප්‍රදර්ශණයට ගියේ හුඟක් කාලෙකින්. අවුරුද්ද ගානේ එතැන වන්දනා කරන අය බ්ලොග් අවකාශයේ ගොඩක් හිටියත් මම ගියේ අවුරුදු 5කට විතර පස්සේ. අවුරුදු පහකින් වෙනස් වෙලා තියෙන්නේ මොනවද? පොත් වැඩියි, සෙනග වැඩියි, වාහන වැඩියි, තද බදය වැඩියි, පෝලිම් දිගයි, පොත්වල මිලත් වැඩියි.... ඔන්න වසර පහක ප්‍රගතිය.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය සංවිධානය කරන කට්ටියගේ සංගමයට පොත් ලියන, බ්ලොග් ලියන, පත්තරව වලට, වෙබ් වලට ලියන අය කියන්නේ, පොත් මුදලාලිලාගේ සංගමය කියලා. තවත් සමහර අය කියන්නේ පොත් මුදලාලි මාෆියාව කියලා. එයාලගෙ කියුම් කෙරුම් ගැන මම හරියටම නොදන්නේ මම පොත් ලියන ලේඛකයෙක් නොවෙන හින්දා හා පොත් කර්මාණ්තයට ආගන්තුකයෙක් හින්දා. ඒත් දන්නා අය ලියන කියන දේවල් ඇත්තද නැත්තද කියලා හිතාගන්න පුලුවන් පොත් සංගමයේ කට්ටියගේ ඇනුවල් බුක් එක්සිබිශන් එකේ සංවිධානය දිහා බැලුවහම.

මේ පොත් ප්‍රදර්ශණය හෙවත් පොත් මැනිං මාර්කට් එක, නැතිනම් පොත් මාළු මාර්කට් එක පොත් ලියන මිනිස්සුන්ටවත්, පොත් කියවන, පොත් ගන්න මිනිස්සුන්ටවත් සත පහක ගෞරවයක් තියෙන එවුන් සංවිධානය කරන එකක් නෙමෙයි.

සංවිධායක බබාලාගේ ඔලමොට්ටලකම් කොච්චරද කියන එක 13වැනි සෙනසුරාද හවස ප්‍රවෘත්ති අහනකොට දැන ගන්න ලැබුණා. පොත් ප්‍රදර්ශණයේ සංවිධායකලා ප්‍රවෘත්ති නිවේදනයක් දානවා BMICH එකට එන වාහන ගාල්කරන්ඩ තැන් මදි නිසා වාහන වල එන්නෙ නැතුව, ඒ ගොල්ලෝ දාලා තියන බස්වල එන්ඩ කියලා. වාහන ගාල් කරන්නේ කොයි තැන්වලද?, කොච්චර වෙලාවකට සැරයක් එතනට බස් එනවද?, ආපහු ගිහින් දානවද? මේ කිසිම විස්තරයක් නැතුව, පූර්ව ඉල්ලීමක්, ප්‍රචාරයක් නැතුව හරියට පොත් ගන්න එන මිනිස්සු වාහන වල ඇවිල්ලා ලොකු වැරද්දක් කරනවා වගේ පුවත් පත් නිවේදන දානවා කාර්වල එන්ඩ එපා, එයාලගෙ බස් සර්විස් එකේ එන්ඩ කියලා.

අවුරුදු ගානක් ප්‍රදර්ශණේ කරලත් මුන් තාම දන්නෙ නැද්ද දැයට කිරුළටත් වඩා සෙනගක් ලංකාවේ හතර දිබ්බාගෙන්ම මේ ප්‍රදර්ශනේ බලන්ඩ එනබව? ඒ මිනිස්සු එන වාහන නවත්ත ගන්ඩ ඉඩ ගිය අවුරුදු වල තිබුනද? නෑ...

එහෙනම් මේ අවුරුද්දෙ හරි තිබුණෙ නැද්ද ඔය බස් සර්විස් එක හරියට සැලසුම් කරලා, පූර්ව ප්‍රචාර සිදුකරලා, වාහන නවත්තලා එන්ඩ පුලුවන් තැන් පැහැදිලිව පත්තර වල, ටීවී වල දාලා මිනිස්සු දැනුවත් කරන්ඩ? එහෙම කරානම් මිනිස්සු ඔය විධියට පව්ගෙවන්නේ නෑනෙ...

ඔය ජනගඟ දෝරෙ ගලන්න තව හේතුවක් තමයි ප්‍රදර්ශනේ තියන දවස් ගණනේ අඩු බව. දහය හවස පටන්ගත්තා, දහසය හවස ඉවර කලා. එතකොට ඇත්තටම දවස් හයයි. ලක්ශ ගණනක් පොත් තියෙන, ඒවා ගන්ඩ ලක්ශ ගණනක් එන ප්‍රදර්ශනේ තියෙන්නේ දවස් 6යි!!

ඉතින් පොතක් අතින් අරගෙන පිටුවක් දෙකක් පෙරලන්ඩ ලැබෙන්නේ උදේ 9ට ඇතුලට පැන ගත්තොත් විතරයි ඒත් ඉතින් ප්‍රදර්ශණ කුටි දෙක තුනක කාලෙ අරගෙන පොත් පෙරලනකොට 10.30 පැනලා. ඊට පස්සෙ ජන ගඟ...

පොතක් ගන්නවා කියන්නේ අඩුම ගණනේ පොතේ පිටකවරෙ විස්තරයේ හරි කියවලා, හැඳින්වීම, පෙරවදන බලලා, ඇතුලෙන් පිටුවක් දෙකක් කියවලා ගතයුතු තීරණයක්නේ (තමුන්ට ඕනෑ මොන පොතද කියලා හරියටම දන්නේ නැතිනම්). මේ ප්‍රදර්ශනේට ආපු අයට බලන්න ලැබෙන්නේ පිට කවරෙ පින්තූරෙයි, ගාණයි විතරයි. සමහර කුටිවල ඒකත් බෑ, ඈතින් බලාගෙන යනවා විතරයි.

BMICH ගොඩක් ගණන් බව අපි දන්නවා. පැය දෙකතුනකට ඒයාර් කන්ඩිශන් දානවනම් ලක්ශයක් ඉල්ලනවා. ඉතින් කව්ද කිව්වෙ එකේ තියන්ඩ කියලා?

ඕක තියන්න බැරිද කොළම විශ්වවිද්‍යාලය වගේ තැනක? අඩුම ගණනේ කොළම නගර සභාවයි, ගෝඨා මහත්තයාගේ UDA එකයි එක්ක එකතුවෙල ගාලු මුවදොර පිටියේ තාවකාලික කූඩාරම් ගහල ඕක කරන්න පුලුවන්නේ? නිදහස් උත්සවේට රාජ්‍ය නායකයන්ට ඉන්ඩ කූඩාරම් ගහන්න පුලුවන් තැනක පොත් ප්‍රදර්ශණයකට ඒවගේ තාවකාලික ඉදිකිරීමක් කරලා සති දෙකක්, තුනක් ඔය ප්‍රදර්ශණේ ගෙනිච්චනම් මිනිස්සු හෙමින් සීරුවෙ ඇවිල්ලා, කාලෙ ගත කරලා, වැඩිපුර පොත් ගන්නවනේ.

සේවක පඩි නඩි ගැනත් කතාකරනවා, මොකද ප්‍රදර්ශයේ කාලෙට අමතර ගෙවීමක් කරන්න වෙනවනේ. ඒකාලෙට මුදලාලිලාගේ පොත් සාප්පු වහලා, නැතිනම් බාගෙට වහලා, මොකද සේවක සේවිකාවෝ පොත් ප්‍රදර්ශණයේ වහල් සේවයට යොදවලා. ඔයිට වඩා හොඳ නැද්ද කොළඹ, ජපුර වගේ විශ්වවිද්‍යාවල ළමයි තාවකාලිකව ප්‍රදර්ශනේ වැඩ වලට අරගෙන ඒ ළමයින්ට කීයක් හරි ගෙව්වානම්? ප්‍රදර්ශනේක පොත් විකුණන එක විශ්වවිද්‍යාල ළමයෙකුට නොගැලපෙන දෙයක් නෙමෙයිනේ?

පොත් මුදලාලිලාට ඕවා ගැන හිතන්න වෙලාවකුත්, කරදර වෙන්න ඕනෑ කමකුත් නැති බව අපි දන්නවා. එයාලා පිටරට පොත් ප්‍රදර්ශණවලටත් යනවා. මේ ළඟදී කොරියාවේ ප්‍රදර්ශණේකටත් ගිහිල්ලා එයාලගෙ වෙබ්සයිට් එකේ ෆෝටෝ දාලාත් තිබුණා. කොරියාවේ පොත් ප්‍රදර්ශණෙත් මෙයාල ඕර්ගනයිස් කරපු මාළු මාර්කට් එක වගේද දන්නේ නෑ??

පොත් සංගමේ ලොකු කට්ටිය කොරියාවේ පොත් ප්‍රදර්ශනේකට ගිහින්... (C) http://www.bookpublishers.lk/
පැය දෙකතුනක් යනකොට දෝරෙ ගලන වැසිකිලි තියෙන, නහය හකුලගෙන වත් ඇතුලට යන්න බැරි තරමට චූ කක්කා පෝලිම දික්වෙන, BMICH ඒකේම ලබන අවුරුද්දෙත් පොත් ප්‍රොදර්සනේ තියයි ජනාදිපත්තුමාටම එන්ඩ කියලා. ඒයා පෝලිමේ ඉන්නේ නෑනෙ...

තව කියන්න ගොඩක් දේවල් තියෙනවා...ඒත් මොකටද? හෙට අනිද්දට තව පුවත්පත් නිවේදනයක් දායි "හරිම සක්සෙස්ෆුල් බුක් ෆෙයාර් එකක් පැවැත්තුවා....අච්චර ලක්ශ ගාණක සෙනග ආවා....මෙච්චර ගාණක් පොත් වික්කා..2014 වෙරි සක්සෙස්ෆුල්, අපි 2015දිත් මේ විදියටම පොත් කියවන ජනතාව රස්තියාදුකරනවා..." කියල

COMMENTS

මේ යන විදිහට ඉස්සරහට ඔය ප්‍රදර්ශනෙත් බහින කලාවට යයි වගේ. මොකද මේ පාර ඕකට බී.එම්.අයි.සී .එච් එක ස්පොන්සර් නොකල නිසා කඩ වල ගාන ප්‍රදර්ෂකයොන්ගෙන් අය කරාලු. ඉස්සර සුළු ගානකටලු දුන්නෙ. දැන් මේ පාර ගත්තු මහ ගාන ලබන අවුරුද්දෙ පොත් වලට එකතු වෙනවලු. අනික ඒ ගාන වැඩි වෙච්චි නිසාලු මේ පාර දවස් දහය අහයට අඩු උනේ. මේ අරාබි රටවල තියෙනව විසාල කූඩාරම්. එකක් ඔය බීඑමයිසීඑච් එක විතර. අන්න එයින් එකක් දෙකක් ඔය උන්ට දෙන කෝටියෙ ගාස්තුවෙන් ගෙනත්, අවුරුදු පතා කොළ්ඹ පිට්ටනියක ගහල ප්‍රදර්ශනේ තිබ්බනං, අව්වත් නෑ, වැස්සත් නෑ, වැඩෙත් වෙලා ගානත් ඉතුරු වෙනව. 



Comments

  1. මේ යන විදිහට ඉස්සරහට ඔය ප්‍රදර්ශනෙත් බහින කලාවට යයි වගේ. මොකද මේ පාර ඕකට බී.එම්.අයි.සී .එච් එක ස්පොන්සර් නොකල නිසා කඩ වල ගාන ප්‍රදර්ෂකයොන්ගෙන් අය කරාලු. ඉස්සර සුළු ගානකටලු දුන්නෙ. දැන් මේ පාර ගත්තු මහ ගාන ලබන අවුරුද්දෙ පොත් වලට එකතු වෙනවලු. අනික ඒ ගාන වැඩි වෙච්චි නිසාලු මේ පාර දවස් දහය අහයට අඩු උනේ.

    මේ අරාබි රටවල තියෙනව විසාල කූඩාරම්. එකක් ඔය බීඑමයිසීඑච් එක විතර. අන්න එයින් එකක් දෙකක් ඔය උන්ට දෙන කෝටියෙ ගාස්තුවෙන් ගෙනත්, අවුරුදු පතා කොළ්ඹ පිට්ටනියක ගහල ප්‍රදර්ශනේ තිබ්බනං, අව්වත් නෑ, වැස්සත් නෑ, වැඩෙත් වෙලා ගානත් ඉතුරු වෙනව.

    ReplyDelete
  2. හරියට පොතක් තෝරාගන්නනම් පොත් කඩේකට ගිහින් පොතේ පිටු චෙක තුනක් කියවන්න ඕන. මොකද පොතේ නම බලලා පොත ගන්නෙ කලින් පොත කියවලා පොත අරන් අයිති කරගන්න ආසා කෙනෙක් වෙන්න ඕන.

    ReplyDelete

Post a Comment