අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Amazon.com සමාගම සිය ඇනවුම් ඩ්‍රෝන යානා මාර්ගයෙන් ගැනුම්කරුවන් වෙන්ත යැවීමට සැරසෙයි.

2016 අගභාගය වනවිට සිය ගණුදෙනුකරුවන් විසින් සිදුකරන ඇණවුම් විනාඩි 30 ඇතුලත කුඩා ඩ්‍රෝනයානා මගින් ගෙදරටම ගෙනැවිත් දීමට ඇමසන්.කොම් සමාගම සැළසුම් කරමින් සිටී. මේ සඳහා කිලෝ ග්‍රෑම් 2.5ක් පමණ බරක් උසුලාගෙන පියාසර කල හැකි ඔක්ටෝකොප්ටර් (octocopter) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගැනීමට ඇමසන් සමාගම අදහස් කරගෙන සිටී. දැනට ඇමසන් සමාගම සිය ඇණවුම් ගණුදෙනු කරුවන් හට ලැබෙන්නට සලස්වන්නේ ෆෙඩ්-එක්ස් කුරියර් සමාගම හරහාය. මේ සඳහා සෑහෙන මුදලක් අමතරව ගෙවීමට ගණුදෙනුකරුවන් හට සිදුවන් අතර, එම මුදලට වඩා මුදලක් ඇමසන් සමාගම ෆෙඩ්-එක්ස් සමාගමට ඒ වෙනුවෙන් ගෙවයි. මෙම පිරිවැය අඩුකරගැනීමටත්, වඩාත් ඉක්මණින් ඇණවුම ගනුදෙනු කරුවන්හට ලැබෙන්නට සැලැස්වීමටත් ඩ්‍රෝන යානා භාවිතයෙන් හැකි බව ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ්රි බෙසෝස් මහතා පවසා සිටියි.

මේ සඳහා "Prime Air" යනුවෙන් වෙනම සමාගමක්ද ඇමසන් සමගම විසින් ස්ථාපනය කොට ඇත. මෙම ඩ්‍රෝන යානා නිර්මාණය කිරීම සඳහා ගුවන් යානා විශේෂඥයින්, රෝබෝ ඉන්ජිනේරුවන්, ගගනවිද්‍යා ඉන්ජිනේරුවන් මෙන්ම නාසා ආයතනයේ හිටපු අභ්‍යවකාශගාමියෙකුද ඇතුලු කණ්ඩායමක් මේ දිනවල ලහිලහියේ සූදානම් වෙමින් සිටින බව ඇමසන් සමාගම පවසනවා.

දැනටමත් මෙවැනි ඔක්ටෝකොප්ටර් යානා පියාසැරිවල යොදවමින් අත්හදා බැලීම් සිදුකරන බව පවසන ඇමසන් සමාගම මෙම අත්හදාබැලීම් සිදුකරන්නේ කැනඩාවේ සිටයි. මෙයට හේතුව අමෙරිකාවේ ෆෙඩරල් ගුවන්ගමන් පාලන ආයතනය (FAA) මෙම පරීක්ශණ ඇමරිකාවේ සිදුකීරීමට අවසර නොදීමයි. එහෙත් කැනේඩියානු රජය මෙම පර්යේෂණ සඳහා අවසරය මෙන්ම පූර්ණ සහයෝගයද ලබාදෙන බව ඇමසන් සමාගම පවසනවා.

මෙම ඩ්‍රෝන යානා පියාසරකරවීම සඳහා පොලොවේ සිට අඩි 200ත්-500ත් අතර ගුවන් කලාපය යොදාගැනීමට ඇමසන් සමාගම බලාපොරොත්තුවනවා. ඔවුන් පවසන අන්දමට අඩි 200 ඉක්මවූවිට ඉතා උස් ගොඩනැගිලි සීමාව පසුව යන අතර, සාමාන්‍ය ගුවන්ගමන් සීමව වන අඩි 500යේ උස සීමාවට අඩුවෙන් මෙම ඩ්‍රෝන පියාසැරි සීමාව පවතිනවා.

අමෙරිකාවේ ෆෙඩරල් ගුවන්ගමන් පාලන ආයතනය  පියාසැරිවලට තවමත් අවසර දී නැත්තේ ඒවායින් සිදුවිය හැකි අණතුරු පිලිබඳව ඔවුන් දැඩි සැළකිල්ලක් දක්වන බැවිනි. නිවෙස් වෙත භාණ්ඩ ප්‍රවාහණය කරන ඇමසන් ඩ්‍රෝනයානා ඉතා අධික ජනගහනයක් වෙසෙන ප්‍රදෙශ හරහා පහතින් පියාසර කරන බැවින් අණ්තුරුදායක බව FAA ආයතනයේ නිගමනයයි. මෙවැනි යානාවක් පාලයන් මිදී යාමෙන් මිනිසුන් ඇඟමතට හෝ නිවාසවලට කඩාවැදීමෙන් බරපතල අණතුරු සිහුවිය හැකි බව පවසන FAA තවමත් ඩ්‍රෝනයානාවල ඇති මෙවැනි අණතුරු වලක්වාගෙන පියාසර කරගැනීමේ මෙන්ම බාධක මගහැර පියාසර කිරීමේ තාක්ශණය එතරම් මුහුකුරා නොගිය තාක්ශණයක් බව පවසනවා.

FAA ආයතනය මෙන්ම යුරෝපීය ගුවන්සීමා පාලන ඒජන්සියද සිවිල් ඩ්‍රෝනයානා පියාසැරි නියාමනය කිරීමේ නීතිරීති සකසමින් සිටින බව පැවසෙනවා.

සිවිල් ඩ්‍රෝනයානා මගින් මහජනතාවගේ පුද්ගලිකත්වයටද විශාල බාධක එල්ලවිය හැකි බව අමෙරිකානු පුද්ගලිකත්ව අයිත්වාසිකම් පිලිබඳ ක්‍රියාත්මකවන ආයතන පවසනවා. උදාහරණයක් ලෙස කැමරාවක් සවිකල කුඩා ඩ්‍රෝනයානයක් පුද්ගලයෙකුගේ ගෙවත්තක සිදුවන් දෙයක් වීඩියෝ ගත කිරීම මෙවැනි පුද්ගලිකත්වයට හානි කිරීමක් බව ඔවුන් පවසනවා. මෙය පාලනය නොකලහොත් ඉතා ලාභයට ගතහැකි කුඩා ඩ්‍රෝන යානා ආධාරයෙන් ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකු යන එන තැන්, කරන කියදේ, හමුවන පුද්ගලයින් පිලිබඳව තොරතුරු රැස් කිරීමට හැකියාව ලැබෙනවා. මෙය මිනිසුන් හට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය හා සිය පුද්ගලිකත්වය ආරක්ශාකර ගැනීමට ඇති අයිතිය මරුපහරක් විය හැකි බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් සිවිල් ආයතන මගින් මෙහෙයවන ඩ්‍රෝන යානා සඳහා අමෙරිකානු ගුවන්සීමාව 2015 අග වනවිට විවෘත කිරීමට FAA ආයතනය බලාපොරොත්තුවන අතර යුරෝපීය ප්‍රජාව 2016දී මෙය සිදු කිරීමට නියමිතයි.

ඇමසන් ආයතනය සැළසුම් කරන ආකාරයට ඔවුන්ගේ කුඩා ඔක්ටෝකොප්ටර් යානාවලට ඇමසන් සමාගමට ලැබෙන ඇණවුම් වලින් 85% පමණ බෙදාහැරිය හැකියි. පැයට කිලෝමීටර් 80ක වේගයන්, ඇමසන් ගබඩා මධ්‍යස්ථානවල සිට පියාසර කරන මෙම යානා කිලෝමීටර් 20ක්-30ක් අතර දුරකට පියාසර කල හැකි අතර කිලෝග්‍රෑම් 2.5ක බරක් ගෙනයා හැකියි. බොහෝ දෙනා ඇමසන් ආයතනයෙන් ඇනවුම් කරන පොත්පත්, DVD තැටි, ලැප්ටොප් පරිගණක හා උපාංග ඉතා වේගයෙන් හා ඉතා අඩු පිරිවැයකින් බෙදා හැරීමට මෙම ඩ්‍රෝනවලට හැකිබවට ඇමසන් සමගම ගණන්බලා තිබෙනවා.

Comments