අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ස්මිත්සෝනියන් සත්වෝද්‍යානයේ අලුත උපන් පැන්ඩා පැටියා!

බිහිවෙලා දවස් 3කට පස්සේ, කිරිකැටි පැන්ඩා සූප්පුවෙන් කිරිබොන හැටි
බිහිවෙලා දවස් 8කට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු 30 වැනිදා පැන්ඩා පැටවා, කූඩුවේ සී.සී.ටී.වී කැමරාවලට හසුවුන අකාරය.
පසුගිය අගෝස්තු 22වැනිදා අමෙරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට ඉතා ප්‍රීතිමත් දිනයක් වුනා. ඒ, මෙයි-සියෑන්ග් කියලා නම්කරලා තියෙන පැන්ඩා දෙන පැටවෙකු බිහිකරපු නිසා. ඉතා දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට මුහුණපාලා සිටින චීනයේ යෝධ පැන්ඩාවන් රැකගැනීම සඳහා ලොවපුරා සත්වෝද්‍යානවල පැන්ඩාවන් බිහිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.

Giant Panda Cub, Aug. 31

ස්මිත්සෝනියන් සත්වෝද්‍යානයේ ජීවවිද්‍යා සංරක්ෂණ ආයතනය (The Smithsonian's National Zoo and Conservation Biology Institute) විසින් පවත්වාගෙන යන යෝධ පැන්ඩා සංරක්ශණ මධ්‍යස්ථානයේ බිහිවුනු දෙවන පැන්ඩා පැටවායි මේ.  විසින් පවත්වාගෙන යන යෝධ පැන්ඩා සංරක්ශණ මධ්‍යස්ථානයේ බිහිවුනු දෙවන පැන්ඩා පැටවායි මේ. දැනට චීනයේ උණබට වනාන්තරවල යෝධ පැන්ඩාවන් 1,864ක් ජීවත්වන අතර තවත් 300ක් පමණ ලොවපුරා සත්වෝද්‍යානවල ජීවත්වනවා. යෝධ පැන්ඩාවුන්ගේ වාසභූමි අහිමිවීම නිසා ඉතා වේගයෙන් වඳවෙමින් යන සතුන් කොටසක්.


Giant Panda Cub, Sept. 1

. .Mei Xiang and her cub Sept. 3 
Giant panda cub exam Sept. 5 . .

Giant Panda Cub Health Check Sept. 8, 2015

. Mei Xiang and her cub Sept. 13, 2015

Mei Xiang and her cub Sept. 2

Giant panda cub exam Sept. 5

Comments