අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

දැන් ගූගල් නාට්ටාමි (හෙවත් Google to begin delivering fresh groceries)


ලංකාවේ අපි නොදන්නවා වුනාට ගූගල් සමාගම ඇමරිකාවේ සමහර නගරවල අන්තර්ජාල සාප්පු හා මිළදීගත් බඩු බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යනවා. අන්තර්ජාල ව්‍යාපාරික පුවත් සේවාවලට අනුව, ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් ලෙස හැඳින්වෙන මෙම සේවාව දැන් සිල්ලර බඩු (ග්‍රොසරි) බෙදෑහැරීමේ සේවාවන් සඳහා පුලුල්වෙලා.

මෙම සිල්ලර බඩු බෙදාහැරීමේ සේවාව කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරින් ආරම්භ කරන බව තමයි ගූගල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ. අමෙරිකාවේ විශාල සිල්ලර බඩු සුපිරි වෙළඳසැල් වන "හෝල් ෆුඩ්ස් - Whole Foods" හා "කොස්ට්කෝ - Costco " සුපිරි වෙළඳසැල් ජාල දෙක හා ඒකාබද්ධව මෙම ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාවේ සිල්ලර බඩු බෙදාහැරීමේ සේවාව ක්‍රියාත්මක වනවා.

ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පිවිසී, තමන් වාසය කරන ප්‍රදේශයේ තැපැල් කේතය (Zip Code/Postal Code) ඇතුලු කිරීමෙන් අනතුරුව හෝල් ෆුඩ්ස් හා කොස්ට්කෝ සුපිරි වෙළඳ සැල්වල විකුණන්නට තියෙන සිල්ලර බඩු අන්තර්ජාලය හරහා මිළදීගෙන ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාව හරහා ගෙදරටම ගෙන්නාගන්න දැන් පහසුකම් සලස්වමින් යනවා.

සිල්ලර බඩුවලට අමතරව නැවුම් එළවළු හා පළතුරුත් මෙම සේවාව හරහා ඇණවුම් කරන්නට පුලුවන් බව ගූගල් පවසනවා.

ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාවේ අන්තර්ජාල බිහිදොර
විචාරකයින් පවසන අන්දමට ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාව බිහිකරලා තියෙන්නේ ඇමසන් සමාගමේ ඇමසන් ප්‍රයිම් (Amazon Prime) සේවාවට තරඟකාරී පිලිතුරක් ලෙසින්. දැනටමත් අන්තර්ජාල වෙළඳාමේ වගේම ක්ලවුඩ් අන්තර්ජාල සේවා (Internet Cloud Services) වල දැවැන්තයෙක් ලෙස ගූගල් සමාගමට අභියෝග කරන ඇමසන් සමාගමට තවත් එක් ව්‍යාපාරික අංශයක් - එනම් පාරිභෝගික මිළදී ගැනීම් බෙදාහැරීමේ සේවාවේත් දැවැන්තයෙකු වීම වැලැක්වීම ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් සේවාවේ අරමුණ ලෙස ගැනෙනවා.

Comments