අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

යුරෝපය සීතලෙන් ගැහෙද්දී පෝරණුවේ තැම්බෙන අපි



නිළවශයෙන් ශීත සෘතුව අවසන් වුවද යුරෝපය තවමත් ශීතලෙනි. ලන්ඩනයේ සෙ.ග්‍රේ 12කි, පැරීසිය සෙ.ග්‍රේ 11කි, රුසියාවේ මොස්කව් නුවර සෙ.ග්‍රේ -1කින් වෙවුලමින් සිටී. උතුරු ඇමරිකාවද එසේමය. නිව්යෝර්ක් නගරය සෙ.ග්‍රේ 01කි. රටේ අනෙක් පැත්තේ ඇති ලොස් ඇන්ජලීස් නුවර සෙ.ග්‍රේ 12කි.


ඒත් ලංකාවේ?

ලංකාව පෝරණුවකි. කුරුණෑගල සෙ.ග්‍රේ 35ක දැඩි උණුසුමකින් දැවෙයි. රටේ බොහෝ තැන් වල උණුසුම සෙ.ග්‍රේ 32ක 33 අතරය. යාන්තමට සහනයක් ඇත්තේ නුවර එළිය පැත්තේ පමණකි. සෙ.ග්‍රේ 24ක සෞම්‍ය උෂ්ණත්වයක් ඒ පැත්තෙන් වාර්තාවේ.



මෙයට හේතු විස්තර කෙරෙන ලිපියක් අද (22/03/2016) මව්බිම පුවත්පතේ පලවී තිබුණා. මේ එම ලිපියෙන් උපුටා ගැනීමකි.

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවක් දැඩි උණුසුමක පවතින අතර පසුගිය දින කිහිපයේදී පමණක් උපරිම උෂ්ණත්වය රත්නපුර, කුරුණෑගල, යාපනය, මහඉලුප්පල්ලම, වවුනියාව, අනුරාධපුර හා පොළොන්නරුව, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී. ඒ අනුව දැනට වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වය ඇති නගර ලෙස පහත නගර හඳුනාගෙන ඇත.

* කුරුණෑගල - 37.9
* අනුරාධපුර - 37.8
* මහඉලුප්පල්ලම - 37.7
* වවුනියාව - 37.00
* යාපනය - 36.3
* රත්නපුර - 36.1
* පොළොන්නරුව - 36.1
* මොනරාගල - 36.0

මීට අමතරව ඉතා ඉහල උෂ්ණත්වයන් මේ නගරවලින්ද වාර්තාවී ඇත.


මත්තල - 34.5
කටුනායක - 33.5
කටුගස්තොට - 35.2
කොළඹ - 31.4
හලාවත - 30.2
ගාල්ල - 32.2
හම්බන්තොට - 32.1
මන්නාරම - 33.2
නුවරඑළිය - 24.1
පොතුවිල් - 32.0
පුත්තලම - 33.5
රත්මලාන - 33.5
ත්‍රිකුණාමලය - 32.8


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව සාමාන්‍යයෙන් පවතින සෙල්සියස් අංශකයට වඩා අංශක 2ක හෝ 3ක උෂ්ණත්වයක් මේ දිනවල වැඩි වී ඇති අතර පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවීමත් සමඟ අන්තර් මෝසම් සක්‍රිය නොවීම මේ කාලගුණික තත්ත්වයට හේතුව සහේතුකවී ඇත.

සාමාන්‍යයෙන් මේ දිනවල උණුසුම වැඩි වුවද පසුගිය වර්ෂවලදී අන්තර්මෝසම් සක්‍රිය වීම හේතුවෙන් උණුසුම දැඩි ලෙස බල නොපෑවද මේ වසරේදී අන්තර් මෝසම් සක්‍රිය නොවීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඍජුවම දැනෙන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ උෂ්ණත්වය අප්‍රේල් මස අවසානය වනතුරුම පැවැතිය හැකි බවද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහව යනු ලබන්නේ මැයි මසදී අන්තර් මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ බවද අවධාරණය කෙළේය.

කුරුණෑගල ඇතුගල පර්වතයේ පැළුමක් ඇතිවීමට උෂ්ණත්වය ඍජුවම බලපා ඇති බවට තොරතුරු මේවන තුරු වාර්තා නොවී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පවතින දැඩි උෂ්ණත්වය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද දැඩිව බලපාන බවත් මේ තත්ත්වය ලබන මාසය වනතුරු පවතින බැවින් සමේ රෝග තත්ත්වයක් ඇතිවිය හැකි බවද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

කුඩා දරුවන්ගේ සමේ දහදිය බිබිළි මේ තත්ත්වය යටතේ ඇති විය හැකි බැවින් කුඩා ළමයින් විනාඩි 20-30ක කාලයක් ජලයේ තැබීමෙන් මේ තත්ත්වය අවම කරගත හැකි බවද ඒ මහතා 'මව්බිම'ට කීවේය. මේ තත්ත්වය යටතේ දැඩිලෙස දහදිය වහනය වීම නිසා විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වැඩිපුර ජලය පානය කිරීමට වගබලා ගත යුතු බවද ළමා රෝග පිළිබඳ විශේෂඥ දීපාල් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කෙළේය.


Recent Posts Widget




----------------------------------------------------------------------------------------------------------

Comments

  1. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල සඳහා විද්‍යා ප්‍රබන්ධ අංශයේ සම්මානයක් සඳහා ඔබේ ලිපයක් නිර්දේශ වී ඇත. කරුණාකර එම ඉසව්වට ඔබේ පැමිණීම ස්ථිර කරන්න. සියලු විස්තර පහත ලින්ක් එකෙන්.

    http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html

    ReplyDelete

Post a Comment