COLOMBO CYCLE FUN RIDE - 2016

Pedal Pushers Cycling Group විසින් සංවිධානය කරන Colombo Cycle Fun Ride 2016 විනෝද සයිකල් සවාරිය මාර්තු 20වැනි ඉරිදා පැවැත්වුනා. සිවුවෙනි වතාවට පැවැත්වුනු මෙම විනෝද සයිකල් සවාරිය පෙරවරු 8.00 පමණ විහාරමහාදේවී උද්‍යානයේ එලිමහන් රංගපීඨය අසලින් ආරම්භවුනා.

බයිසිකල් පැදීම හා එමගින් ශරීර සෞඛ්‍යයට ඇති වාසි පිලිබඳව දැනුවත් කිරීම සඳහා පිහිටුවාගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙඩල් පුෂර්ස් සංවිධානය පිහිටුවනු ලැබුවේ සයිකල් පැදීම විනෝදාංශය කරගත් ලලන්ති රාජපක්ශ හා දර්ශිණී ආරියරත්න මහත්මීන් විසින් 2010 වසරේදීයි.

   
Colombo Cycle Fun Ride - March 20, 2016 from Terence Kahapola Arachchi on Vimeo.

සයිකල් පැදීමට හා පරිසර හිතකාමී ව්‍යායාමය වලට උනන්දුව දක්වන විශාල පිරිසක්ද මෙම සයිකල් සවාරියට සහභාගී වී සිටියා. තරුණ තරුණියන් මෙන්ම කුඩා දරුදැරියන්ද දෙමාපියන් සමග හරි හරියට සවාරියට සහභාගීවුනා.

RELATED POST: Colombo Cycle FUN RIDE 2015

කොළඹ නගරය වටා කිලෝමීටර් 25ක දුරක් මෙම සවාරියට අයත්වුනා. කණ්ඩායමක් ලෙස ගමන් කරන නිසාත්, තරඟයක් ලෙස නොව විනෝද සවාරියක් ලෙස පැවැත්වීම නිසා කිලෝ මීටර් 25ක දුරක් වුවත් වෙහෙස මහන්සියක් දැනුනේ නෑ.

Red Bull, Union Assurance, Spinners Cafe, Giant වැනි අනුග්‍රාහකයින් මෙවරත් කොළඹ සයිකල් සවාරියට අනුග්‍රහය දක්වා තිබුණා.

කිලෝ මීටර් 25ක සවාරිය අතරතුරදී සහභාගී වන්නන් ආරක්ශිතව මහමාර්ගයේ ගෙනයෑමේ භාරදූර වගකීම මාෂල් ලෙස හැඳින්වූ මගපෙන්වන්නන් කණ්ඩායමකට පැවරී තිබුණ අතර ගිය වසරේ මෙන්ම මෙවසරේද් මෙම මාෂල් වරුන් ඒ භාරදූර වගකීම ඉතා හොඳින් ඉටුකරමින් සියලුදෙනාටම ආරක්ශිතව සවාරිය අවසන් කිරීමට උපකාරීවුනා.

THANK YOU CCFR 2016 MARSHALS!!! - YOU GUYS AND GALS DID A WONDERFUL JOB!!!


Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments