අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SEAL TEAM 6: සීල් ටීම් 6 කොමාණ්ඩෝ ඒකකයේ නිර්මාතෲ රිචර්ඩ් මාසින්කෝ මියයයි.


 සීල් ටීම් 6 කොමාණ්ඩෝ ඒකකයේ නිර්මාතෲ රිචර්ඩ් මාසින්කෝ 1958දී ඇමරිකන් නාවික හමුදාවට බැඳෙනවිට ඔහුගේ වයස අවුරුදු 18යි. වසර තුනක් රේඩියෝ යන්ත්‍ර ඔපරේටර් වරයෙකු ලෙස ක්‍රියාකල මාසින්කෝ නාවික හමුදාවේ දිය-යට පුපුරවාහැරීම් පුහුණුව (Basic Underwater Demolition School) සඳහා යොමු කරන ලද අතර 1961දී එම පාඨමාළාව සාර්ථකව අවසන් කලා.


එවක ඇමරිකන් ජනාධිපති ජෝන් එෆ් කෙනඩි වූ අතර, ඇමරිකාව වියට්නාම් යුද්ධයේ පැටලී සිටියා. වියෙට්කොං ගරිල්ලන්ට දරුණු හානි සිදුකිරීම සඳහා විශේෂ කොමාන්ඩෝ ඒකක පිහිටුවීමට ඔහු අණදුන් අතර ඇමරිකන් නාවික හමුදාව Sea, Air and Land Soldiers (SEALS) යන නමින් අතිවිශේෂ කොමාන්ඩෝ බළකායක් පිහිටවූවේ 1962දී. ඒ සඳහා දිය යට පිපුරුම් පුහුණුව ලබාසිටි මාසින්කෝද තෝරාගත්තා.

හොඳ නායකත්වයක් පෙන්වූ නිසා 1965දී කැඩෙට් නිළධාරී පුහුණු පාසැලට තෝරාගත් මාසින්කෝ එම පාඨමාළාවද සාර්ථකව අවසන් කර අතර 1967දී SEAL Team TWO නම් කණ්ඩායම සමග, වියෙට්කොං ගරිල්ලන් සිය අණසක පතුරුවාගෙන සිටි අති දුෂ්කර මීකොං ඩෙල්ටා ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කලා.

වියෙට්නාම් යුද්ධයේදී ඇමරිකන් විශේෂ බළකා ලැබූ සුවිශේෂ ජයග්‍රහණ වලින් කිහිපයක් මාසින්කෝ සටන්වැදුනු සීල් ටීම් ටූ බළකාය විසින් අත්පත්කර ගත්තා.

1979දී ඉරානයේ විප්ලවකාරී සංවිධානයක් ඇමරිකන් ඇම්බසියේ කාර්යමණ්ඩළය ප්‍රාණ ඇපයට ගත්විට ඔවුන් මුදාගැනීමේ "Operation Eagle Claw" මෙහෙයුම සම්බන්ධීකරණය කිරීමට රිචර්ඩ් මාසින්කෝද එක්වූ නමුත් එම මෙහෙයුම අසාර්ථකවුනා.

ඒ අසාර්ථකත්වයත් සමගම, සතුරු  රටවල්වල, නාගරික පෙදෙස්වල ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම් වැනි කටයුතු සඳහා විශේෂිත බළකායක් පිහිටුවීමට තීරණවූ අතර ඒ සඳහා රිචර්ඩ් මාසින්කෝ තෝරාගත්තා.


එවක සීල් ඒකක දෙකක් වූ අතර ඒවා සීල් ටීම් වන් හා සීල් ටීම් ටූ ලෙස හැඳින්වුනා. මාසින්කෝගේ රාජකාරිය වුනේ ප්‍රාණඇපකරුවන් මුදාගැනීමට විශේෂයෙන් පුහුණුකල තුන්වන සීල් ටීම් කණ්ඩායම බිහි කිරීමයි. එහෙත් මාසින්කෝ හිතාමතාම ඔහු බිහිකරන තුන්වන සීල් කණ්ඩායම සීල් ටීම් සික්ස් ලෙස හඳුන්වන්නට තීරණය කලේ විදෙස් ඔත්තුසේවාවලට සීල් කණ්ඩායම් හයක්ම තිබෙන බවට ඇඟවීමටයි.


සීල් ටීම් සික්ස් බළකාය 1980දී නිළවශයෙන් මෙහෙයුම් කටයුතුවලට එක්වූ අතර ඔවුන් සිදුකල මෙහෙයුම් වැඩි ප්‍රමාණයක් අදටත් රහසිගතයි. රිචර්ඩ් මාසින්කෝ සීල් ටීම් සික්ස් ඒකකයේ පලමු අණදෙන නිළධාරියා වූ අතර වසර තුනක් එම තනතුර හෙබවූවා.

මාසින්කෝ 1989දී විශ්‍රාම ගිය අතර විශ්‍රාම යාමෙන් පසු සීල් ටීම් මෙහෙයුම් පිලිබඳව පොත් ගණනාවක් ලියූ අතර ත්‍රාසජනක කොමාන්ඩෝ මෙහෙයුම් නිරූපනය වන රූපවාහිණී කතාමාලා හා හොලිවුඩ් චිත්‍රපටවල උපදේශකයෙකු ලෙසද ක්‍රියාකලා.




මාසින්කෝ මිය යනවිට 81වැනි වියේ පසුවුනා


Comments