අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

GENERAL ATOMICS MOJAVE: ප්‍රිඩේටර් ඩ්‍රෝන් එකේ නපුරු පොඩි මල්ලි


ප්‍රිඩේටර්, රීපර් වගේ ඩ්‍රෝන් ගැන ඔයලා අහලා තියෙනවා. ඒ දෙකම දැන් අවුරුදු 20ක් විතර පරණ, ඇමරිකාව ලෝකෙ පුරා කරපු නිළ හා නිළ නොවන යුද්ධ ගණනාවක hunter-killer missions වල යොදවලා තිබුණ යානා. දහස් ගණන් ත්‍රස්තවාදීන් වගේම, වැරදි ඉලක්ක කිරීම්, නොසැලකිලිමත් කම වගේ හේතු නිසා අහිංසක සාමාන්‍ය මිනිස්සු දහස් ගණනකගේ මරණ වලටත් මේ දෙකම වගකියන්න ඕනෙ කියල, ඇමරිකාවේ ඩ්‍රෝන් යුද්ධ ගැන අධ්‍යයනය කරන පර්යේෂකයින් කියනවා.

රීපර් හා ප්‍රිඩේටර් යානා දෙකම නිර්මාණය කරපු ඇමරිකාවෙ ජෙනරල් ඇටොමික්ස් සමාගම, දැන් මොහාවි (Mojave) නමින් අලුත්ම ඩ්‍රෝන් එකක් නිර්මාණය කරමින් සිටිනවා. බැලූ බැල්මට රීපර් එකක, නැතිනම් ප්‍රිඩේටර් එකක බාහිර පෙනුම තිබුණත් තවම සංවර්ධන අවස්ථාවේ (development phase) තිබෙන මේ යානයේ වෙනස්කම් රැසක් තියෙනවා

ජෙනරල් ඇටොමික්ස් CEO ලින්ඩන් බ්ලූ කියන විධියට මේ යානයේ වැදගත් වෙනස් කම්;

1] කෙටි ධාවන පථවලින් ගුවන්ගත වීමේ හැකියාව

2] ගැටුම් පවතින ප්‍රදේශවල (conflict zones), පහසුකම් අඩු, රළු ගුවන්පථ හෝ තාර පාරවල් වලින් ගුවන්ගත වීමට හැකිවීම

3] ඉතාමත්ම අඩු පහසුකම් ඇති, තාවකාලික ගුවන්පථවලට ගොඩබැස, ඉතා ඉක්මණින් ඉන්ධන හා ආයුධ ලබාගෙන නැවත ගුවන්ගත වීමේ හැකියාව

4] ඉතා දීර්ඝ කාළයක් ගුවනේ රැඳීසිටිමින් නිරීක්ෂණය කිරීමේ හැකියාව

මොහාවෙ යානයට හෙල්ෆයර් මිසයිල 12ක් හා කැමරා උපාංග රැගෙන මීටර් 300ක් තරම් කෙටි ධාවන පථයකින් ගුවන්ගත වෙන්න පුලුවන්. පරණ රීපර් ඩ්‍රෝන් එකට අඩුම ගානේ මීටර් 1000ක ගුවන් පථයක් අවශ්‍ය වෙනවා.ඒවගේම ඒ ආයුධ තොගයත් සමග ඉලක්කය තහවුරු වනතෙක් පැය 25ක් ගුවනේ රැඳී ඉන්නත් මොහාවේ ඩ්‍රෝන් එකට පුලුවන්.




Comments