අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ෆේස්බුක් 360 ඡායාරූප



2016 සිට ෆේස්බුක් සමාජ-ජාල අඩවිය අංශක 360ක් දර්ශණය වන සර්වදිශාදර්ශක ඡායාරූප (panoramic photography ) හඳුන්වාදෙන්නට පටන් ගත්තා. මේ වෙනුවෙන් ජූනි 9 වැනිදා ෆේස්බුක් පෝස්ටුවක් දැමූ මාර්ක් සකර්බර්ග් පවසන්නේ ඡායාරූප රසවින්දනය වඩාත් ඉහල මානයකට ගෙනයාම සඳහා මෙම නවාංගය හඳුන්වාදුන් බවයි. 

සකර්බර්ග්ගේ පෝස්ටුව සමගම නිව්යෝර්ක් නගරයේ අලුතින් ඉදිකරන ලද ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණේ සිට නිව්යෝර්ක් නගරයේ සර්වදිශා දර්ශක ඡායාරූපයක් එකතුකොට තිබුණා.

මෙවැනි 360 ඡායාරූප නිර්මාණය සඳහා ඔබට 360 කැමරා ඇප් එකක් අවශ්‍ය වනවා.





Comments