BIKING: How to make a superb hot weather re-hydration drink using Peditral (or Jeewani) - උණුසුම් කාළගුණයේ බයිසිකල් පදිනවිට ඇතිවිය හැකි විජලනය වලක්වා ගැනීමට අඩුමිල සජලන පානයක් සාදාගන්නා අයුරු
දීර්ඝ කාලයක සිට පවතින තෙල් හිඟය නිසා බොහෝ දෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩට යන්නට මෙන්ම වෙනත් කටයුතු කරගන්නට බයිසිකල් පදින්න පටන් අරගෙන.
ලංකාව වැනි උෂ්ණාධික රටක බයිසිකල් පදින විට අධික ලෙස සිරුර උණුසුම්වී දහදිය ගලනවා. වැඩියෙන් දහදිය ගැලීමෙන් සිරුර විජලනය වන්නට පුලුවන්. විශේෂයෙන්ම මැදිවයස් හා ඊට වැඩි වයස් අය විජලනය ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුයි.
As you age, your body's thirst signal diminishes - ඔබ වයස් ගතවන විට ඔබගේ සිරුරට ජලය අවශ්‍ය බවට මොළයෙන් එන සංඥාව හෙවත් පිපාසය දැනීම අඩුවෙනවා. මේ නිසා අව්වේ බයිසිකල් පදින මැදිවියේ හා ඊට වැඩි වයස්වල පුද්ගලයින් නොදැනුවත්ම විජලනයට පත්වෙන්න පුලුවන්.
ඒවගේම වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල අයටත් පිපාසය දැනීම අඩුවෙන්න පුලුවන්.
ඒ නිසා උෂ්ණාධික දිනවල බයිසිකල් පැදීම වැනි අධික ලෙස දහදිය දමන ක්‍රියාකාරකම් වල යෙදීමේදී පිපාසය දැනුනත් නැතත් නිතරම ජලය පානය කරමින් විජලනය වලක්වා ගැනීමට ක්‍රියාකල යුතුයි.
TAKE A BOTTLE OF WATER, AND TAKE SIPS FROM IT REGULARLY WHETHER YOU FEEL THIRSTY OR NOT
වතුර බෝතලයක් රැගෙන ගොස් තිබහා දැනුනත් නැතත් විටින් විට එයින් වතුර ස්වල්පය බැගින් පානය කිරීම පුරුද්දක් කර ගන්න. එකවර වතුර විශාල ප්‍රමාණයක් පානය කිරීමේදී ඇතිවන අපහසුතා (බඩ කොරවීම වැනි ) මෙලෙස ටික ටික පානය කිරීමෙන් වලක්වා ගත හැකියි.
MAKE A GREAT RE-HYDRATION DRINK USING PEDITRAL / JEEWANI - පෙඩිට්‍රාල් හෝ ජීවනී භාවිතා කර ඉතා හොඳ සජලන (rehydration) පානයක් සාදා ගනිමු
Thanks.....
ReplyDelete