අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

PHYSICS: අයිසැක් නිව්ටන්ගේ හිස මතට වැටුනු සුප්‍රකට ඇපල් ගෙඩිය හටගත් ගස තවමත් පවතිනවාද?

 


ෆේස්බුකියෙන් උපුටාගත් මේ පෝස්ටුවට අනුව, නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් එවූ ගස තවමත් ජීවමානය. එහෙත් බුකියේ යන බොහෝ තොරතුරු මෙන්ම මෙයද සාවද්‍ය කරුණු මත පදනම් කරගත්, හුදෙක් ලයික් ගැනීම සඳහා නිර්මාණය කල පෝස්ටුවකි.

මෙවැනි පෝස්ටුවලින් ඉගෙන ගන්නා දරුවන් බොහෝ වැරදේ ඉගෙන ගන්නා අතර, එය විශාල ගැටලුවකි.

ඒවගේම බොරු ෆේස්බුක් පෝස්ටු නිසා සමාජය තුල විවිධ කැළඹීම් හටගත් වාරද අනන්තය.

මේ පිලිබඳව කරුණු ගවේෂණය කල අපට සොයාගත හැකි වුනේ මෙය නිව්ටන් ජීවමාන කාලයේ ඔහුගේ හිසමතට වැටුනු ඇපල් ගෙඩිය හටගත් ගස නොවේ. එම ගසේ ඇටවලින් පැලවුන, එම ස්ථානයේම පැලවී තිබෙන, එම ගසෙන් පැවත එන වෙනත් ගසක් බවයි.

සාමාන්‍යයෙන් ඇපල් ගසක් අවුරුදු 30-50ත් අතර කාලයක් ජීවත් වන බව ඇපල් ගස්වල පැවැත්ව්ම සිදුකල ගවේෂණ වලින් හෙලිවී තිබෙනවා.

ඒවගේම ඇත්තටම නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් වැටුනාද යන්න පිලිබඳවත් නිශ්චිත තොරතුරක් නෑ. නිව්ටන්ගේ පොත්පත්, ලියුම් හා පර්යේෂණ පත්‍රිකාවලද, ඔහුට ගුරුත්වාකර්ෂණය පිලිබඳව අදහස මතුවූ දිනය පිලිබඳව හෝ ඇපල් ගෙඩියේ වැටීම පිලිබඳව සටහනක් නෑ.

කෙසේ වෙතත්, මූලාශ්‍ර අනුව එම සිදුවීම (එසේ සැබවින්ම වුනානම් ) නිව්ටන් වුල්ෆ්ත්‍රෝප් මැනර් මන්දිරයේ පර්යේෂණ කටයුතුවල නිරතවුනු 1665-1666 වසරවල සිදුවිය යුතුයි.

කෙසේ වෙතත්, එලෙස ඇපල් ගෙඩියක් නිවුටන්ගේ හිස මතට වැටුනානම්, එම ඇපල් ගෙඩිය හටගත් ගස 1666දී ජීවමානව තිබිය යුතු අතර අදවනවිට එම ගසට වයස අවුරුදු 358 පමණ විය යුතුයි. එහෙත් ඇපල් ගසක් එතරම් කල් ජීවත් වන බවට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නෑ.

Comments