අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

USAF RECEIVES THE SECOND B-21 RAIDER STEALTH BOMBER AT EDWARDS AFB


 ඇමරිකානු ගුවන් හමුදාවේ පියාසර කරන B-21 Raider ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දෙකක් එඩ්වඩ්ස් ගුවන් හමුදා කන්දවුරට ලැබී තිබෙනවා. මේ දෙවන පූර්ව-නිෂ්පාදන (pre-production) B-21 යානය ඊයේ එඩ්වඩ්ස් වෙත පැමිණි බව පලමුවෙන්ම වාර්තා කලේ TWZ නම් ආරක්ෂක පුවත් වෙබ් අඩවියයි.

අද වන විට ලබා දී ඇති පූර්ව-නිෂ්පාදන B-21 යානා දෙකම දැන් එඩ්වඩ්ස් හි 420 වන ගුවන් පරීක්ෂණ බලඝණයට අනුයුක්ත කර ඇති අතර, 420 වන ගුවන් පරීක්ෂණ බලඝණය, B-21 ඒකාබද්ධ පරීක්ෂණ බළකායේ ප්‍රධානම පරික්ෂකයා ලෙස ක්‍රියා කරනවා.

එඩ්වඩ්ස් දිගු කලක් තිස්සේ ගුවන් හමුදා පරීක්ෂණ සහ ඇගයීම් කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇත, නමුත් 2010 දශකයේ අග භාගයේ සිට එහි පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් කරන ලද අතර මෙය බොහෝ කාලයක් නිර්මාණ අදියරේ පසුවුනු රේඩර් වැනි ස්ටෙල්ත් යානා පරීක්ෂණ හා තහවුරු කටයුතු සඳහා විය යුතුයි.

පියාසර කරන B-21 යානා දෙකට අමතරව, තවත් පියාසර නොකරන Raider ගුවන් යානා දෙකක්වත්, ස්ථිතික පරීක්ෂණ (static testing) සඳහා උපකාර කිරීමට යොදා ගැනෙනවා. තවත් පූර්ව-නිෂ්පාදන Raider යානා හතරක් Northrop Grumman සමාගමේ Plant 42 නිෂ්පාදන පරිශ්‍රයේ විවිධ ඉදිකිරීම් අවධිවල පවතිනවා. ජනවාරි මාසය වන විට, Northrop Grumman සමාගමට අමතර B-21 යානා නිෂ්පාදනය සඳහා  මූලික ආරම්භක නිෂ්පාදන කොන්ත්‍රාත්තු (initial low-rate production contracts) දෙකක් ද ලැබී තිබුණා.



Comments