TERROR / OPERATION HORNET'S NEST : ISIS නායක අබු බකර් අල් බැග්ඩෑඩී ඊශ්‍රායල් Mossad ඒජන්තයෙක්ද?




































ඉබ්‍රහිම් අවාඩ් ඉබ්‍රහිම් අල් බඩ්‍රී හෙවත් අබු බකර් අල් බැග්ඩැඩී 

මේ ලේ පිපාසිත ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ නායකයාය. දහස් ගණන් අහිංසකයින්ගේ ලේ තවරාගත් දෑත් ඉහලට ඔසවා දෙවියන් යදින මනුසතාය. මොහු කවුද?

නිල වාර්තා යයි පිලිගන්නා වර්තා අනුව මොහු 1971 ඉරාකයේ උපන්නෙකි. සුන්නි ඉස්ලාම් ආගම අදහයි. බැග්ඩෑඩ් ඉස්ලාමීය විශ්වවිද්‍යාලයෙන් ඉස්ලාම් දහම හා කොරාණය පිලිබඳව උපාධියක් ඇතැයි කියවේ. ඔහුගේ සොයුරන් සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවේ සේවයකල අතර ඉරාක හමුදාවට බැඳීමට උත්සහකලද ඇස්පෙනීමේ දුර්වලතාවයක් නිසා ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ බව කියැවේ. 

ඇමරිකන් බුද්ධි වාර්තාවලට අනුව මොහුට ඉස්ලාම් දහම පිලිබඳව ආචාර්ය උපාධියක් පවා ඇත.

තැම්පත්, කුලෑටි චරිතයක් බව පැවසෙන බැග්ඩෑඩී 2003දී ඇමරිකානු හමුදා ඉරාකයට කඩාවදින විට මුස්ලිම් පල්ලියක පූජකවරයෙකු ලෙස සිටිබව නිලවාර්තාවල සඳහන් වෙනවා.

ඇමරිකන්  ආක්‍රමණයෙන් පසු මොහු "Jamaat Jaysh Ahl al-Sunnah wa-l-Jamaah (JJASJ)" නම් රැඩිකල් ආගමික සංවිධානයක් බිහිකිරීමට සහයවන අතර ඔහු එහි ෂරියා කොමිටුවට පත්වේ. 

2004දී ඉස්ලාමීය අන්තවාදි සංවිධාන ගැන සොයමින් සිටින ඇමරිකානුවන් මොහුව ෆලූජා නගරයේදී අත් අඩංගුවට ගනී. 2004 දෙසැම්බරයේදී මොහු නිදහස ලබන්නේ, තර්ජනයක් නොමැති සිවිල්වැසියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුවය.

සබැඳි ලිපි අල්-ක්වේඩා / ISIS සංවිධාන දෙකම ඇමරිකාවේ නිර්මාණ!!!!

2006දී මෙම සංවිධනය "Mujahideen Shura Council (MSC)" නම් සන්නද්ධ සංවිධානයට එක් වන අතර 2006දීම මුජහිඩීන් ෂුරා කවුන්සිලය "ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක්" යන නමින් පෙනී සිටින්නට පටන්ගනී. ඒවනවිට අල් බැග්ඩෑඩී එහි ඉහල නායකයෙකු බවට පත්වී අවසන්ය.


ඊශ්‍රායල් බුද්ධිඅංශය වන මොසෑඩයේ Operation Hornet's Nest ක්‍රියාන්විතය.
සිමෝන් එලියට් නොහොත් අයිසිස් නායක අබු බකර් අල් බැග්ඩෑඩී ඇමරිකානු සෙනේට් සභික ජෝන් මැකේන් සහභාගීවූ මොසෑඩ් සාකච්ඡාවකදී.

විකල්ප ධාරාවේ ප්‍රවෘත්ති අඩවි හා සිරියන් / පලස්තීන මූලාශ්‍ර පවසන අන්දමට අබු බකර් අල් බැග්ඩෑඩී යනු ඊශ්‍රායල බුද්ධි අංශය විසින් නිර්මාණය කරන ලද චරිතයකි. මොහු ඇමරිකන් විරෝධී, බටහිර විරෝධී සටන්කාමියෙකු ලෙස වෙස් ගන්වන ලද්දේ 2004දී ඇමරිකන් අත් අඩංගුවට පත්වූ කාලයේදීය. සමහරවිට සැබෑ අබු බකර් මරාදමා, ඒ වෙනුවට, ඒ හැඩහුරුකම ඇති සිමෝන් එලියට් නම් විශේෂ මෙහෙයුම්කරුවා ආදේශ කරන්නට ඇත. 

නැතහොත් ආරම්භයේ සිටම කුලෑටි මුස්ලිම් පූජකයෙකුගේ වෙස්ගෙන සිටි බැග්ඩෑඩි රහසින් මොසෑඩ් ඔත්තුසේවයට වැඩකලා විය හැකිය. ඔහුව නව රාජකාරිය සඳහා පුහුණුකරවන ලද්දේ  ඉරාකයේ ඇමරිකානු සිරකඳවුරුවලදීය. 

2004දී හිරෙන් නිදස්වන (නිදහස්වූ බවට ලියකියවිලි තනා ලොවට මුදාහරින) මොහු සිරියාවේ අසාඩ් පාලනය පෙරලා දැමීමට ක්‍රියාත්මකවන සටන්කාමී සංවිධාන ඒකරාශීකරගෙන ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා යන ජිහාඩි සංවිධානය පිහිටුවාගත් පසු එහි ඉහල නායකයෙකු බවට පත්වේ. මුල් නායකයාවූ අල් සක්වාරි ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පසු අසහාය නායකයා බවට පත්වේ. අල් සක්වාරි සිටින තැන CIA ඩ්‍රෝනවලට පෙන්වා දුන්නේ බැග්ඩෑඩි විය නොහැකිද? ඔහු ඉතා සූක්ෂම ලෙසත්, දක්ෂ ලෙසත් ISIS නායකත්වය ලබා ගන්නා අතර දැන් එම සංවිධානය මෙහෙයවන්නේ ඇමරිකන් / ඊශ්‍රායල් න්‍යාය පත්‍රයකට අනුවය.

මේ ක්‍රියාන්විතය හෝනට්ස් නෙස්ට් / බඹර කූඩය ලෙස මොසෑඩය හඳුන්වයි.

කලක් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වූ අල් ක්වේඩාව පවා ඉස්ලැමික් ස්ටේස් සංවිධානය සමග ගණුදෙනු අත් හැර දමන්නේ බැග්ඩෑඩී එහි නායකත්වයට පත්වීමෙන් පසුවය. අපි ඔහු ගැන දන්නවා. ඔහු අවුරුදු 18ක් තිස්සේම මොසෑඩ් ඒජන්තයෙක්. මේ කියන්නේ අල් ක්වේඩාවේ නායකයායි.


විකිලීක්ස් නිකුත්කල ඇමරිකානු හමුදා බුද්ධිඅංශ (Defense Intelligence Agency) වාර්තාව කියන්නේ මොකක්ද?
















මේ වාර්තාවට අනුව ඉස්ලැමික් ස්ටේට් සංවිධානය ඉරාකය හා සිරියාව ඇතුලත් ඉස්ලාමිය රාජ්‍යයක් ප්‍රකාශයට පත්කල හැකි බව අනුමාන කරනවා. පුදුමය නම්, මේ ඩී.අයි.ඒ වාර්තාව ලියා තිබෙන්නේ 2012 වසරේ අගෝස්තු මාසයේ වීමයි. 


ඉස්ලැමික් ස්ටේට් කල්ලිය ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන් සිරියා නම් කාලිෆේටය බිහිකල බවට මුලින්ම සඳහන් කරන්නේ 2013 අප්‍රේල් මාසයේයි. මෙය අහම්බයක්ද? 

නැතිනම් ISIS කල්ලිය ඉතා පැහැදිලි සැලස්මකට, ඇමරිකානු/ඊශ්‍රායල් න්‍යාය පත්‍රයකට අනුව සිදුකරන මෙහෙයුමක්ද? 


ඇමරිකානු හමුදා, සිවිල් වැසියන් මරාදමන ISIS කල්ලිය ඇමරිකන් මෙහෙයුමක් කියලා හිතන්න පුලුවන්ද?

ජෝජ් බුෂ් ඉරාකයට හමුදා යැව්වේ 2001 ප්‍රහාරයට සදාම් හුසේන්ගේ සම්බන්ධයක් ඇති බවට කිසිදු සාධකයක් නැති අවස්ථාවකයි. එහි ප්‍රධාන අරමුණ ඉරාකයේ තෙල් ඇමරිකානු අයිතියට ගැනීමයි. ඊශ්‍රාලයට අවශ්‍ය වන්නේ සිය පැවැත්ම සඳහා අරාබිකරය විනාශකිරීමයි.

මේ අරමුණ සඳහා මේ වනවිට ඇමරිකානු භටයින් 6000ක් දිවිපුදා ඇති අතර දහස් ගණනක් අබ්බගාතයින් වී සිටි. ඉරාක සිවිල් වැසියන් ලක්ෂ ගණනක් මිය ගොස් සිටී. ඇමරිකානු යුධ වෙලෙන්දන්ට ඒ පිලිබඳව කිසිදු විචිකිච්චාවක් නැත. ඩොලර් බිලියන ගණනින් යුධ වෙළෙන්දන්ගේ සාක්කුවලට ගොස් ඇති බව හා ඔවුන් මිහිපිට ලොකුම ධන කුවේරයන් බව පමණක් පැහැදිලිය. ඒ සඳහා දහස්ගණන් ඇමරිකානු ලේ පමණක් නොව ලොව පුරා අහිංසකයින්ගේ ලේ හලන්නටද ඔවුන් සූදානම්ය.

එමෙන්ම ඉරාක යුද්ධය ලෝකයේ ලොකුම යුධමය පෞද්ගලීකරණ ක්‍රියාවලිය බවද බොහෝ දෙනෙකු නොදනී. ඉරාකයේ බොහෝ මෙහෙයුම් සිදුකරන්නේ ඇමරිකානු යුධ හමුදාව නොව, කොන්ත්‍රාත් පදනම  මත අවි දරන්නට, මිනී මරන්නට ඇමරිකානු රජයෙන් බළපත්‍ර ලැබූ ප්‍රයිවෙට් සිකියුරිටි කොන්ට්‍රැක්ටර්ස් හෙවත් පුද්ගලික කුළී හේවා භටයින් මගින්ය. ඇමරීකානු හමුදා සෙබලුන්ට අදාල නීති පවා ඔවුන්ට අදාල නොවේ. මේ කුලී හේවා පිටුපස සිටින්නේ ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් සතු බ්ලැක් වෝටර් වැනි  සමාගම්ය.


ISIS ලංකාවට එන්නේ චීනය බැලන්ස් කරන්නද?

බැග්ඩෑඩීට පක්ෂපාතිත්වය ශපතකොට සියගණන් අහිංසකයින් මරාගෙන මැරුනු සහරාන්, ඉබ්‍රාහීම් සොයුරන් වැනි මෝඩ හරකුන් සිතා සිටියේ ඔවුන් මුස්ලිම් විරෝධී බටහිරයන්ගෙන්, ක්‍රිස්තියානින්ගෙන් පලිගන්නට දිව්‍යමය අවස්ථාවක් ලැබුවා යන්න විය යුතුය. 


එහෙත් ඇත්ත කතාව, ඇමරිකන්/මොසාඩ් ISIS ලංකාවට එන්නේ චීන බලපෑම බැලන්ස් කරමින් ලංකාවට කොක්කක් ගසාගැනීමට යයි පැවසුවහොත්?

චීන ලැදි රාජපක්ෂ පාලනය පෙරලන්නට ඇමරිකාව හා ඉන්දියාව දැඩි ලෙස තිරය පිටුපස කටයුතු කල බව ප්‍රසිද්ධ රහසක් නොවන්නේද? එසේ බලයට පත්කල අලුත් රජයද චීනය පසුපස යනවිට, හම්බන්තොට වැනි උපක්‍රමීය වැදගත්කමක් ඇති, චීන සේද මාවතේ වරායක් චීනයටම පවරාදෙන විට කුමක් හෝ කරන්නට ඇමරිකාවට සිදුවුනා විය නොහැකිද?

බුදුපිලිම කඩමින් හැංගි මුත්තන්කල බයියන් රැලක් වසර දෙකතුනකින් මහා ප්‍රහාර වැලක් එල්ල කල හැකි, ටොන් ගණනක් පුපුරණ ද්‍රව්‍ය සතු, රටම බියපත් කරන ත්‍රස්ත ව්‍යාපාරයක් වෙන්නේ කොහොමද? 

එල්.ටී.ටීයට මෙවැනි ප්‍රහාරක හැකියාවක් ගොඩ නගා ගැනීමට දශකයටකත් වඩා ගියමුත්, තව්හීඩ් ජමාත් 2016-2019 අවුරුදු තුනට මෙතරම් ශක්තිමත් වූයේ කොහොමද?

ත්‍රස්තයන් තවමත් සක්‍රීයව ප්‍රහාරවලට අර අඳිනබව ඇමරිකානු තානාපතිනිය මෙතරම් විශ්වාසයෙන් කියන්නේ කොහොමද? ඇයට තොරතුරු ලැබෙන්නේ සී.අයි.ඒ එකෙන් විය යුතුය. ඔවුන්ගේ ගෝලයන් කරන කියන දෑ ඔවුන් නොදන්නේද?


බෝම්බ පුරලා හැරෙනකොට එෆ්.බී.අයි එක කටුණායකට දුවගෙන එන්නේ ඇයි? ඇමරිකානුවන් එකෙකු දෙන්නෙකු මිය ගිය නිසාමද?

මුලු රටම බියපත් කරමින්, ආණ්ඩුවද බියපත්කොට අකර්මණ්‍ය කරමින්, මේ සිදුකරන්නේ සැලසුම්කල ක්‍රියාන්විතයක්ද?


එමෙන්ම චීනයේ නිහඬ භාවයද පුදුම එලවන සුලුය. චීන ජාතිකයින්ද මියගොස් සිටී. එහෙත් චීන පොලීසිය හෝ විමර්ශකයින් මෙහි පැමිණිය බවට කතාවක් නැත. පැමිණ ඇත්තේ  ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු විමර්ශකයින් හා බුද්ධි අංශයි.

මේවා තනිකරම හිතලූ conspiracy theory බව යමෙකුට කිව හැකිය. සමහරවිට එය සත්‍ය විය හැකිය. ලේඛකයා ඒ ගැන නොදනී.

කෙසේ වෙතත් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් කියූ කතාවක් සිහිපත් කරමින් ලිපිය අවසන් කරන්නට කැමතියි.


"...පොඩි පොඩි බොරු කියනවට වඩා මහා විශාල බොරු / දැවැන්ත ප්‍රයෝග / දැවැන්ත කුමණ්ත්‍රණ කිරීම ලේසියි. ඒ මන්ද යත් කිසිවෙකුත් ඒවා කුමන්ත්‍රණ බව පිලිගැනීමට අකමැති නිසාය...." 

ඇමරිකන්කාරයින් මරණ, ඇමරිකාවේ පරම හතුරෙකු ලෙස පෙනී සිටින ISIS එක ඇමරිකන්/මොසෑඩ් නිර්මාණයක් බව පිලිගන්නට සූදානම් කවුරුන්ද? කවුරුවත්ම නැත. එය කිසිවිටක්ත් සිදුවිය හැකි බව පිලිගන්නට අපහසු නිසාය. 

ගොබෙල්ස් කිව්වේත් ඔය කතාවමය.



SOURCES:
https://www.asia-pacificresearch.com/easter-sunday-attack-sri-lanka-isis/5628595
https://en.azvision.az/news/51124/isis-leader-%E2%80%98al-baghdadi%E2%80%99-is-%E2%80%98jewish-mossad-agent%E2%80%99-named-simon-elliot-video-photos.html
https://www.politifact.com/punditfact/statements/2014/aug/19/blog-posting/edward-snowden-leaked-nsa-documents-show-us-israel/
https://www.dailystar.co.uk/news/latest-news/550882/conspiracy-ISIS-leader-Abu-Bakr-al-Baghdadi-Israeli-Intelligence-Agency-Mossad-spy
https://azvision.az/mobile/news.php?lang=en&id=51124

Comments

Post a Comment