අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අමෙරිකන් යුධහමුදාවේ රොබෝ කොටළුවා

ව්‍යාපෘති නාමය                    : Legged Squad Support System (LS3)
ව්‍යාපෘති අධ්‍යක්ශණය          : එක්සත් ජනපද ආරක්ශක දෙපාර්තමේන්තුවේ DARPA ආයතනය
ව්‍යාපෘති නිර්මාණක සමාගම : බොස්ටන් ඩයිනැමික්ස්, එකසත් ජනපදය
සේවාලාභී ආයතන              : එක්සත් ජනපද යුධ හමුදාව හා නාවික හමුදා මැරීන් බලකාය
ව්‍යාපෘති තත්ත්වය                : ක්ශේෂ්ත්‍ර පරීක්ශණ (2012, පෙබරවාරි 7 නිකුත්වූ DARPA ප්‍රවෘත්ති නිවේදනය අනුව)

DARPA හෙවත් Defense Advanced Research Agency ආයතනය එක්සත් ජනපද ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් පර්යේශණ ආයතනයකි. මෙහි කාර්‍යභාරය වන්නේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවන් හට නවීනතනම තාක්ශණයෙන් සපිරි අවි ආයුධ, උපකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය කොට සපයාදීමයි. මේ සඳහා ආයතනය විවිධ සංකල්ප පිලිබඳව පර්යේශණ පවත්වමින්, එම සංකළ්ප වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකාව පුරා විසිරී පවතින අධිතාක්ශණික සමාගම් වලට වගකීම භාරදී එම ව්‍යාපෘති අධීක්ශණය කරයි.

DARPA නිගමන වලට අනුව යුධබිමේ සිටිනා සෙබලෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් පමණ බරිකින් යුත් ආයුධ හා උපකරණ තොගයක් කරතබාගෙනයි යුධ බිමට පිවිසෙන්නේ. සිය ආයුධය හා අමතර වෙඩිඋණ්ඩ, බෝම්බ පමණක් නොව, වෙඩි නොවදින කබාය, දුරදක්ණ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, චන්ද්‍රිකා සමග පණිවුඩ හුවමාරුකරගැනීම සඳහා කුඩා චන්ද්‍රිකා ඇන්ටෙනා, අඳුරෙහි පෙනීම ලබාදෙන අධෝරක්ත නිරික්ශණ උපකරණ, ලැප්ටොප් පරිගණක වැනි උපාංග රාශියක් මොවුන් රැගෙනයා යුතු වෙනවා. මෙතරම් බරක් රැගෙන යාමට සිදුවීමෙන් යුධ සෙබළුන් ඉක්මණින් විඩාවට පත්වෙන අතර ඔවුන්ගේ විපරම්සහිත භාවය වෙහෙස නිසා අඩුවෙනවා පමණක් නොව සටනකදී වෙහෙසට පත් සෙබළුන් ඉතා ඉකමණින් අණතුරට පත්වෙනවා..

Combat load හෙවත් යුධ සෙබලෙකු සටනට රැගෙන යන බර පොදිය
සෙබළුන් කරතබාගෙන යායුතු මේ බර අඩුකිරීමේ ගැටළුවට අධිතාක්ශණික විසඳුමක් ලෙසයි ඩාර්පා ආයතනය බර රැගෙන ඕනෑම භූමි ප්‍රදේශයක පාබල සෙබළුන් සමග හරිහරියට ගමන්කළ හැකි පාදසහිත රොබෝ කොටළුවෙකු නිර්මාණය කළයුතුයි යන සංකළ්පය ක්‍රියාවට නැංවූයේ.

DARPA ආයතනය ලබාදුන් ව්‍යාපෘති සංක්ෂිප්තයට (project brief) අනුව මෙම රොබෝවා අර්ධ ස්වාධීන (semi-autonomous) විය යුතු අතර ඕනෑම පරිසරයක, ඕනෑම කාළගුණික දේශගුණික තත්වයක් යටතේ පාබල සෙබළුන් සමග ඔවුන්ගේ ගමන් වේගයෙන් ගමන්කල යුතු වනවා. එමෙන්ම නිහඬව ක්‍රියාකරන යන්ත්‍රසූත්‍ර වලින් මෙය සමන්විය යුතු අතර කිලෝග්‍රෑම් 200ක පමණ බරක් රැගෙන පැය ගණනාවක් ක්‍රියාත්මක විය යුතු වනවා.

මේ රොබෝවා තැනීම සඳහා ඩොලර් මිලියන 33ක් කොන්ත්‍රාත්තුව ලබාගත් Boston Dynamics සමාගම මුලින්ම Alpha dog නමින් මූලාකෘතියක් (prototype) නිර්මාණය කළ අතර එය දැඩි ලෙස විවිධ පර්යේශණයන් හට ලක් කරා. බොස්ටන් ඩය්නැමික්ස් විද්‍යාගාරය තුල සිදුකල මෙවැනි එක් පරීක්ශණයක් පහත ඇති යූ-ටියුබ් වීඩියෝවෙන් නැරඹිය හැකියි. මෙහිදී ඇවිදීමේ හා සමබරතාවය පිලිබඳ කෙරෙන පරික්ශණයකදී ඉන්ජිනේරුවන් ඇවිදිමින් සිටින රොබෝවාට පයින් ගසමින්, පැත්තකට තල්ලුකරමින් ඔහුගේ සමබරතාවය තබාගැනීමේ හැකියාව නිරීක්ශණය කරන අයුරු ඔබට දැකගත හැකියි.



Alpha dog මූලාකෘතිය යොදාගෙන කරන ලද පර්යේශණවල ප්‍රථිපලයක් ලෙස LS3 රොබෝවා බිහිවී ඇති අතර මෙයට පාබල සෙබළුන් ගමන්ගන්නා ඕනෑම පරිසරයක, එනම් එරෙන තරමට හිමපතනය ඇති ප්‍රදේශ, මඩ ගොහොරු, කඳුබෑවුම්, පල්ලම්, දිය පහරවල් වැනි ඕනෑම ස්ථානයක ස්වාධීනව කිසිදු මිනිස් උපකාරයක් නොමැතිව ගමන් කල හැකිය.

එපමණක් නොව, එයට සෙබළමුලුවේ යම් සෙබලෙකු පසුපස ඔහු යන ඕනෑම තැනක පසුගමන් යාමේ හැකියාවක් ඇත.එමෙන්ම මේ රොබෝවාට මිනිසුන්, ගස්, ගල් පර්වත වැනි ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් සිය පරිගණක දෘශ්‍ය පද්ධතිය භාවිතයෙන් හඳුනාගත හැකිය. එපමණක් නොව, මෙයට භූමියෙහි (සතුරු භූමි ප්‍රදේශයක් යයි සිතමූ) යම් ස්ථානයකට යන ලෙස විධාන කොට එම ස්ථානයේ GPS ඛන්ඩාංක ලබාදුන්විට එය GPS තාක්ශණය ආධාරයෙන් යායුතු දිශාව හා දුරප්‍රමාණය ගණනය කරගෙන, සිය පරිගණක ඇස් මගින් යායුතු මාර්ගය සොයාගෙන වෙනත් මගපෙන්වීමක් නොමැතිව ස්වාධීනය එම ස්ථානයට ලඟාවිය හැකි තාක්ශණයක් සහිත රොබෝවෙකි.

Big Dog කේත නාමයෙන් හඳුන්වන LS3 රොබෝවා දැනට DARPA ආයතනයේ හා එක්සත් ජනපද මැරීන් හමුදාවේ අධීක්ශණය යටතේ ක්ශේෂ්ත්‍ර පරීක්ශණවල යොදවා තිබෙන අතර දැනට කිලෝග්‍රෑම් 180ක බරක් රැගෙන අති දුශ්කර ප්‍රදේශයක සැතපුම් 20ක දුරක් පැය 24ක් තුල ගමන්කිරීමේ හැකියාව ඇතිබව පැවසේ.

ඉදිරි මාස18 පුරාවටම ක්ශේෂ්ත්‍ර පරීකශණ පැවැත්වෙන අතර මේ කාලය අතරතුර LS3 රොබෝවාට මිනිස් කටහඬ හඳුනාගෙන වාචික විධානවලට අවනත වීමේ හැකියාව ලබාදීමට බලපොරොත්තු වෙනවා. මේ අනුව මිනිසුන් සුනඛයින් වැනි සතුන්ට කථාකරන ආකාරයෙන් වාචික විධාන මගින් රොබෝවාට විධාන ලබාගැනීමේ හැකියාව එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

Comments

Post a Comment