අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අඟහරු අහසේ පාවෙන නාසා ක්‍රේන් යන්ත්‍රය [ NASA Sky Crane in Martian Sky]


අඟහරු විද්‍යාගාරය ලෙස හඳුන්වන රොබෝ ගවේශක යානය අඟහරු පෘශ්ඨය වෙත සීරුවෙන් පහත් කරන ස්කයි ක්‍රේන් යානය

අමෙරිකාවෙ කැනවරල් තුඩුවෙන්, ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙන් 2011 වසරේ නොවැම්බර් 26 වැනිදා අභ්‍යවකාශගත කරන ලද මාර්ස් සයන්ස් ලැබෝරටරි (Mars Science Laboratory- MSL) නම් අඟහරු විද්‍යාගාර රොබෝ යන්ත්‍රය සමන්විත අභ්‍යවකාශ යානය 2012 මාර්තු මාසයේදී අඟහරු ග්‍රහයා වෙත ලඟාවීය. අඟහරු ග්‍රහයා වෙත මෙතෙක් යවන ලද විශාලතම හා සංකීර්ණම උපකරණ තොගය අඩංගු අඟහරු විද්‍යාගාර රොබෝ යන්ත්‍රය බරින් කිලෝග්‍රෑම් නවසීයකි.


MSL ගවේශණ ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශණ අරමුණු සතරකි.

1] අඟහරු ග්‍රහයා මත යම්කිසි කාලයක (අතීතයේ හෝ වර්තමානයේ) ජීවය පැවතීමට හැකි සාධක තිබුණිදැයි සැක හැර තහවුරු කරගැනීම.

2] අඟහරුගේ දේශගුණය වැඩිදුර අධ්‍යයනය කිරීම (මීට කලින් අඟහරු වෙත ලඟාවූ සියලුම යානා යම් පමණකට අඟහරු දේශගුණය හා කාළගුණය අධ්‍යයනය කරන ලදී)

3] අඟහරු භූගෝලය පරීක්ශාවට ලක්කිරීම

4] අනාගත මිනිස් ගවේශණ සැළසුම් සඳහා දත්ත එකතු කිරීම

රෝද සයක ආධාරයෙන් ගමන් කරන ඇවිදින විද්‍යාගාරයක් වුනු MSL පද්ධතියේ ඇති සංකීර්ණත්වය හා විශාල බර නිසා කලින් අඟහරු මෙහෙයුම් වලදී ගවේශක යානය අඟහරු මතට ගොඩ බැස්සවීමට භාවිතාකරන ලද එයාර් බෑග් ලෑන්ඩින් (air bag landing) ක්‍රමය භාවිත කිරීම අපහසු විය. එයාර් බෑග් ලෑන්ඩින් ක්‍රමයේදී යානය ගෑස් පුරවන ලද විශාල බැලූන් ගොඩකින් ආවරණය කොට එය අඟහරු මතට වැටෙන්නට සලස්වන ලදී. ගෑස් බෑග් මගින් පෘශ්ඨය මත ගැටීමේ කම්පණයෙන් යානයේ උපකරණ ආරක්ශාකරන ලදී. එහෙත් මෙට්‍රික් ටොන් එකකට ආසන්න බරකින් යුතු MSL යානයට මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බව අවබෝධකරගත් නාසා ඉන්ජිනේරුවන් යානය ගොඩ බැස්සවීම සඳහා ස්ක්යි ක්‍රේන් ක්‍රමය නිර්මාණය කරන ලදී.

නාසා ආයතනය තුල MSL රෝවරය නිමැවෙමින් පවතින අයුරු


අඟහරු වෙත කලින් යවන ලද ගවේශණ යානා හා MSL අතර සංසන්දනය - MSL යානයේ විශාලත්වය මෙයින් ඔබට අවබෝධකරගත හැකිය.
ස්කයි ක්‍රේන් ගොඩබැස්සවීමේ ක්‍රමය පෙනුමෙන් සංකීර්ණ වුවත් MSL වැනි විශාල යන්ත්‍රයක් අඟහරු පෘශ්ඨය මත සීරුවෙන් ගොඩබැස්සවීමට මෙම ක්‍රමය වඩාත්ම සුදුසු බව නාසා  ඉන්ජිනේරු විශේෂඥයිගේ අදහසයි. ඔවුන්ට අනුව සාම්ප්‍රදායික රොකට්ටු මගින් සීරුවෙන් ගොඩ බැස්සවීමේ උපක්‍රමයක් (rocket assisted soft-landing) භාවිතා කලේ නම් එම රොකට්ටු පද්ධතිය MSL රෝවරයට පහලින් ස්ථානගත කල යුතු වනවා. 

කිලෝ 900ක් බර යන්ත්‍රය කිලෝමීටර් සිය ගණනක උසක සිට සෙමින් පහත් කිරීමට ඉතා බලසම්පන්න රොකට්ටු හා ඉන්ධන විශාල ප්‍රමාණයක් රැගෙන යායුතු නිසා මෙම ලෑන්ඩින් රොකට්ටු පද්ධතිය ඉතා විශාල වන අතර  ගොඩබැස්සවීමෙන් පසු MSL රෝවරය එම රොකට්ටු ඇටවුම මතින් අඟහරු පෘශ්ඨය වෙතට ගැනීම ඉතා විශාල ඉන්ජිනේරුමය භාධක රාශියක් ඇති කටයුත්තක් වෙනවා. 

පොලවට සැතපුම් මිලියන ගණනක් ඈතින් ඇති වෙනත් ග්‍රහයෙකු මතදී මෙවැනි සංකීර්ණ සැලසුම් ප්‍රායෝගික නොවන නිසා නාසා ඉන්ජිනේරුවන් MSL රෝවරයට යටින් රොකට් පද්ධතිය ස්ථානගත කරනවා වෙනුවට එය MSL රෝවරයට ඉහලින් ස්ථානගත කොට කේබල් ආධාරයෙන්  MSL රෝවරය  පෘශ්ඨය මතට පතිතකරන්න සැලසුම් කලේ එවිට ලෑන්ඩින් රොකට්ටු පද්ධතියෙන් MSL රෝවරය වෙන්කර ගැනීම පහසු නිසායි.

ස්කයි ක්‍රේන් උපක්‍රමය මගින් "කිව්රියෝසිටි" (curiosity - කුතුහලය) ලෙස නම් තබා ඇති MSL රෝවරය අඟහරු මතට පතිත කරන ආකාරය දැක්වෙන යූ ටියුබ් වීඩියෝව නරඹන්න


Comments