අමෙරිකන් යුධහමුදාවේ රොබෝ කොටළුවා

ව්‍යාපෘති නාමය                    : Legged Squad Support System (LS3)
ව්‍යාපෘති අධ්‍යක්ශණය          : එක්සත් ජනපද ආරක්ශක දෙපාර්තමේන්තුවේ DARPA ආයතනය
ව්‍යාපෘති නිර්මාණක සමාගම : බොස්ටන් ඩයිනැමික්ස්, එකසත් ජනපදය
සේවාලාභී ආයතන              : එක්සත් ජනපද යුධ හමුදාව හා නාවික හමුදා මැරීන් බලකාය
ව්‍යාපෘති තත්ත්වය                : ක්ශේෂ්ත්‍ර පරීක්ශණ (2012, පෙබරවාරි 7 නිකුත්වූ DARPA ප්‍රවෘත්ති නිවේදනය අනුව)

DARPA හෙවත් Defense Advanced Research Agency ආයතනය එක්සත් ජනපද ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් පර්යේශණ ආයතනයකි. මෙහි කාර්‍යභාරය වන්නේ අමෙරිකානු ත්‍රිවිධ හමුදාවන් හට නවීනතනම තාක්ශණයෙන් සපිරි අවි ආයුධ, උපකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය කොට සපයාදීමයි. මේ සඳහා ආයතනය විවිධ සංකල්ප පිලිබඳව පර්යේශණ පවත්වමින්, එම සංකළ්ප වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකාව පුරා විසිරී පවතින අධිතාක්ශණික සමාගම් වලට වගකීම භාරදී එම ව්‍යාපෘති අධීක්ශණය කරයි.

DARPA නිගමන වලට අනුව යුධබිමේ සිටිනා සෙබලෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් පමණ බරිකින් යුත් ආයුධ හා උපකරණ තොගයක් කරතබාගෙනයි යුධ බිමට පිවිසෙන්නේ. සිය ආයුධය හා අමතර වෙඩිඋණ්ඩ, බෝම්බ පමණක් නොව, වෙඩි නොවදින කබාය, දුරදක්ණ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, චන්ද්‍රිකා සමග පණිවුඩ හුවමාරුකරගැනීම සඳහා කුඩා චන්ද්‍රිකා ඇන්ටෙනා, අඳුරෙහි පෙනීම ලබාදෙන අධෝරක්ත නිරික්ශණ උපකරණ, ලැප්ටොප් පරිගණක වැනි උපාංග රාශියක් මොවුන් රැගෙනයා යුතු වෙනවා. මෙතරම් බරක් රැගෙන යාමට සිදුවීමෙන් යුධ සෙබළුන් ඉක්මණින් විඩාවට පත්වෙන අතර ඔවුන්ගේ විපරම්සහිත භාවය වෙහෙස නිසා අඩුවෙනවා පමණක් නොව සටනකදී වෙහෙසට පත් සෙබළුන් ඉතා ඉකමණින් අණතුරට පත්වෙනවා..

Combat load හෙවත් යුධ සෙබලෙකු සටනට රැගෙන යන බර පොදිය
සෙබළුන් කරතබාගෙන යායුතු මේ බර අඩුකිරීමේ ගැටළුවට අධිතාක්ශණික විසඳුමක් ලෙසයි ඩාර්පා ආයතනය බර රැගෙන ඕනෑම භූමි ප්‍රදේශයක පාබල සෙබළුන් සමග හරිහරියට ගමන්කළ හැකි පාදසහිත රොබෝ කොටළුවෙකු නිර්මාණය කළයුතුයි යන සංකළ්පය ක්‍රියාවට නැංවූයේ.

DARPA ආයතනය ලබාදුන් ව්‍යාපෘති සංක්ෂිප්තයට (project brief) අනුව මෙම රොබෝවා අර්ධ ස්වාධීන (semi-autonomous) විය යුතු අතර ඕනෑම පරිසරයක, ඕනෑම කාළගුණික දේශගුණික තත්වයක් යටතේ පාබල සෙබළුන් සමග ඔවුන්ගේ ගමන් වේගයෙන් ගමන්කල යුතු වනවා. එමෙන්ම නිහඬව ක්‍රියාකරන යන්ත්‍රසූත්‍ර වලින් මෙය සමන්විය යුතු අතර කිලෝග්‍රෑම් 200ක පමණ බරක් රැගෙන පැය ගණනාවක් ක්‍රියාත්මක විය යුතු වනවා.

මේ රොබෝවා තැනීම සඳහා ඩොලර් මිලියන 33ක් කොන්ත්‍රාත්තුව ලබාගත් Boston Dynamics සමාගම මුලින්ම Alpha dog නමින් මූලාකෘතියක් (prototype) නිර්මාණය කළ අතර එය දැඩි ලෙස විවිධ පර්යේශණයන් හට ලක් කරා. බොස්ටන් ඩය්නැමික්ස් විද්‍යාගාරය තුල සිදුකල මෙවැනි එක් පරීක්ශණයක් පහත ඇති යූ-ටියුබ් වීඩියෝවෙන් නැරඹිය හැකියි. මෙහිදී ඇවිදීමේ හා සමබරතාවය පිලිබඳ කෙරෙන පරික්ශණයකදී ඉන්ජිනේරුවන් ඇවිදිමින් සිටින රොබෝවාට පයින් ගසමින්, පැත්තකට තල්ලුකරමින් ඔහුගේ සමබරතාවය තබාගැනීමේ හැකියාව නිරීක්ශණය කරන අයුරු ඔබට දැකගත හැකියි.



Alpha dog මූලාකෘතිය යොදාගෙන කරන ලද පර්යේශණවල ප්‍රථිපලයක් ලෙස LS3 රොබෝවා බිහිවී ඇති අතර මෙයට පාබල සෙබළුන් ගමන්ගන්නා ඕනෑම පරිසරයක, එනම් එරෙන තරමට හිමපතනය ඇති ප්‍රදේශ, මඩ ගොහොරු, කඳුබෑවුම්, පල්ලම්, දිය පහරවල් වැනි ඕනෑම ස්ථානයක ස්වාධීනව කිසිදු මිනිස් උපකාරයක් නොමැතිව ගමන් කල හැකිය.

එපමණක් නොව, එයට සෙබළමුලුවේ යම් සෙබලෙකු පසුපස ඔහු යන ඕනෑම තැනක පසුගමන් යාමේ හැකියාවක් ඇත.එමෙන්ම මේ රොබෝවාට මිනිසුන්, ගස්, ගල් පර්වත වැනි ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් සිය පරිගණක දෘශ්‍ය පද්ධතිය භාවිතයෙන් හඳුනාගත හැකිය. එපමණක් නොව, මෙයට භූමියෙහි (සතුරු භූමි ප්‍රදේශයක් යයි සිතමූ) යම් ස්ථානයකට යන ලෙස විධාන කොට එම ස්ථානයේ GPS ඛන්ඩාංක ලබාදුන්විට එය GPS තාක්ශණය ආධාරයෙන් යායුතු දිශාව හා දුරප්‍රමාණය ගණනය කරගෙන, සිය පරිගණක ඇස් මගින් යායුතු මාර්ගය සොයාගෙන වෙනත් මගපෙන්වීමක් නොමැතිව ස්වාධීනය එම ස්ථානයට ලඟාවිය හැකි තාක්ශණයක් සහිත රොබෝවෙකි.

Big Dog කේත නාමයෙන් හඳුන්වන LS3 රොබෝවා දැනට DARPA ආයතනයේ හා එක්සත් ජනපද මැරීන් හමුදාවේ අධීක්ශණය යටතේ ක්ශේෂ්ත්‍ර පරීක්ශණවල යොදවා තිබෙන අතර දැනට කිලෝග්‍රෑම් 180ක බරක් රැගෙන අති දුශ්කර ප්‍රදේශයක සැතපුම් 20ක දුරක් පැය 24ක් තුල ගමන්කිරීමේ හැකියාව ඇතිබව පැවසේ.

ඉදිරි මාස18 පුරාවටම ක්ශේෂ්ත්‍ර පරීකශණ පැවැත්වෙන අතර මේ කාලය අතරතුර LS3 රොබෝවාට මිනිස් කටහඬ හඳුනාගෙන වාචික විධානවලට අවනත වීමේ හැකියාව ලබාදීමට බලපොරොත්තු වෙනවා. මේ අනුව මිනිසුන් සුනඛයින් වැනි සතුන්ට කථාකරන ආකාරයෙන් වාචික විධාන මගින් රොබෝවාට විධාන ලබාගැනීමේ හැකියාව එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

1 comments:

C.S.S Hunley : අවුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය


කාලය     : 1864 පෙබරවාරි 17
ස්ථානය  : අමෙරිකා එක්සත් ජනපදයේ (එවකට අමෙරිකානු කොන්ෆෙඩරේට් ජනපද ) දකුණු කැරොලයිනාවේ
                 චාල්ස්ටන් වරාය.


ඒ අමෙරිකානු සිවිල් යුද්ධය දරුණුව ඇවිලෙමින් තිබුණු සමයයි. අමෙරිකා එකසත් ජනපදයේ කාර්මීකරණය වූ උතුරු ජනපද ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේද, අමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්ව අමෙරිකානු කෙන්ෆෙඩරේට් ජනපද යනුවෙන් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරගත් ජනපද එකොලහක් ඔවුන් තෝරා පත්කරගත් ජෙෆර්සන් ඩේවිඩ් නම් ජනාධිපතිවරයා යටතේද සටන් වදිමින් සිටියේය. කොන්ෆෙඩරේට ජනපද කෘෂිකාර්මික ජනපද වූ අතර ඔවුන් වහලුන් සේවයේ තබාගැනීම තම අයිතියක් ලෙස සලකාගෙන සිටි අතර වහල් මෙහෙය අහෝසිකිරීමට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා යටතේ එක්සත් ජනපද රජය ගනිමින් තිබුණු පියවර දකුණු ජනපද වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරගෙන වෙන්වීමට ප්‍රධාන හේතුවක් විය.

1861 ඇරඹි සිවිල් යුද්ධය 1864 වනවිට දකුණේ කොන්ෆෙඩරේට් රාජ්‍යයන්හට අවාසිදායක වෙමින් පැවතින. ඒබ්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් එක්සත් ජනපද හමුදා කොන්ෆෙඩරේට් හමුදා මර්මස්ථාන විනාශකරමින් කොන්ෆෙඩරේට් ජනපද රාජ්‍යයේ හදවත වන වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයද වටකොට වාඩිලාගෙන සිටියහ.

කොන්ෆෙඩරේටයේ සාමාජිකයෙකු වූ දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් වරාය යුධමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද කොන්ෆෙඩරේට රජයට වැදගත් වූ අතර 1864 වනවිට ලින්කන්ගේ ෆෙඩරල් නාවික හමුදාව චාල්ස්ටන් වරාය වටකරගෙන කොන්ෆෙඩරේට හමුදාවන්ට මුහුදින් ආහාරපාන හා වෙඩි බෙහෙත් සැපයුම නවතාගෙන සිටියේය.

හන්ලි යුධ සබ්මැරීනය දියත් කිරීමට පෙර
ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වූ සී.එස්.එස් හන්ලි සටනට අවතීර්න වන්නේ ඔයවැනි අවස්ථාවකයි. හන්ලි සබ්මැරීනයේ නිර්මාතෲවරයා වන්නේ හොරේස් හන්ලි නම් ධනවත් නාවික ඉන්ජිනේරුවෙකි. 1861 වසරේ කොන්ෆෙඩරේට් රාජ්‍යයේ ඇලබාමා ප්‍රාන්තයේ මෝබිල් නගරයේදී නිර්මාණය කොට නිශ්පාදනය කරන ලද හන්ලි සබ්මැරීනය දුම්රිය මගින් දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් නගරයට ගෙන යන ලද්දේ චාල්ස්ටන් වරාය වටකොටගෙන සිටින ෆෙඩරල් යුධ නැව් ගිල්වා දැමීමේ අරමුණින්.

1863 වසරේ අඳින ලද හන්ලි සබ්මැරීනයේ ඇතුලත රුපසටහන්

නාවිකයින් අටදෙනෙකු ගෙනයා හැකිලෙස සකස්කොට තිබුණු හන්ලි සබ්මැරීනය බලගැන්වුනේ අතින් කරකවන අවරපෙත්තක් මගිනි (රූප සටහන බලන්න). අටවැනි නාවිකයාගේ රාජකාරිය වුනේ සබ්මැරීනය සුක්කානම ක්‍රියාත්මක කරමින් එය ඉලක්කයෙ වෙත රැගෙන යාමයි.

හොරේශස් හන්ලි කොන්ෆෙඩරේට් නාවික හමුදාවට නිර්මාණය කල සබ්මැරීනය, නවීන යුධ සබ්මැරීන වලට බොහෝසෙයින් සමාන බව යුධ විශේෂඥයින් ප්‍රකාශකරනවා. එයට ජලය කාන්දු නොවන ඇතුලුවීමේ කවුලු දෙකක් (water-tight hatches), කපිතාන් හට අවට පරිසරය නිරීක්ශණය කරහැකි කවුලු වලින් සමන්විත කුඩා පාලන කුළුණු දෙකක් (conning towers), වට ආවරණයක් සහිත ප්‍රචාලන අවරපෙත්තක් (shrouded propellers), මුහුද යටදී සබ්මැරීනය සමබරව තිරස් අතට තබාගන්නට මෙන්ම යාත්‍රාව මුහුද යට ගෙනයාමට හා අවශ්‍ය විට ජල මතුපිටට ගෙන ඒමට සැකසුනු සුලං පිරවූ ටැංකි දෙකක් (ballast tanks) ඇතුලු නවීන සබ්මැරීන වල අඩංගු සියලුම මූලික අංගෝපාංගවලින් සමන්විත වුනා.

ඒ අනුව බලනකල 1860 ගණන්වල ජීවත්වුනු හන්ලි ලොව දක්ශතම සමුද්‍ර ඉංජිනේරුවෙකු වනවා. අවාසනාවකට චාල්ස්ටන් වරායේ පුහුණු කටයුත්තක නිරතවෙමින් සිටියදී වුනු අණතුරකින් සබ්මැරීනය  හදිසියේ ගිලී ගිය අතර එය මෙහෙයවමින් සිටි හොරේශස් හන්ලිද දියේගිලී මියගියා. ගිලීගිය සබ්මැරීනය නැවත ගොඩගත් කොන්ෆෙඩරේට් නාවික හමුදාව එය 1864 පෙබරවාරි මස එහි ඓතිහාසික ගමනට සූදානම් කලා.

හන්ලි සබ්මැරීනයේ ග්‍රැෆික් සිතුවමක්. උපුටාගත්තේ http://hunley.org/index.asp
 සබ්මැරීනයේ ප්‍රධාන ආයුධය වූයේ සතුරු නෞකාවක ඇමිණිය හැකි ලෙස තැනූ හාපූන් හෙල්ලක අගට සවිකරන ලද විශාල මුහුදු බෝම්බයක්. ප්‍රහාරය එල්ල කිරීම සඳහා නැවියන් සබ්මැරීනය සතුරු නෞකාවේ ගැටෙන ලෙස පැදවිය යුතුයි. සබ්මැරීනයේ හාපූනය නෞකාවේ ගැටුනු විට එය ඇමිණී යන අතර එය තනා තිබුණේ සබ්මැරීනය ආපසු පසුපසට පදවද්දී ගැලවී සතුරු නෞකාවේ ඇමිණී තිබෙන පරිද්දෙන්. බෝම්බය පුපුරුවා හැරීම සඳහා එයට සේවා ලණුවක් මගින් ක්‍රියාත්මක වන ඇටවුමක් සකස් කොට තිබුණු අතර සබ්මැරීනය ආරක්ශිතව ඈතට ගෙනගොස් බෝම්බය පුපුරවා හැරීමට එම සේවා ලණුව සෑහෙන දිගකින් යුතු එකක් වූවා.

1864 පෙබරවාරි 17 රාත්‍රියේ සිය මෙහෙයුම දියත්කල හන්ලි සබ්මැරීනය චාල්ස්ටන් වරායේ මුවවිට අවහිර කරමින් නැංගුරම්ලාගෙන සිටි ෆෙඩරල් නාවික හමුදාවට අයත් ටොන් 1240 බරැති හූසටොනික් යුධ නෞකාව (USS Housatonic) පුපුරවා හැරියා. කොන්ෆෙඩරේට් හමුදාවේ ලුතිනන්වරයෙකු වුනු ජෝර්ජ් ඩික්සන් හා තවත් නැවියන් සත් දෙනෙකු මෙහෙයුමට සහභාගී වුනා.

රාත්‍රියේ අඳුටත් සමගම ප්‍රහාරය සාර්ථක කරගත් හන්ලි සබ්මැරීනය යුධ ප්‍රහාරයක් එල්ලකොට සතුරු නෞකාවක් ගිල්වා දැමූ ලොව ප්‍රථම යුධ සබ්මැරීනය වනවා. එම ඓතිහාසික සිදුවීමෙන් පසු නැවතත් යුධ සබ්මැරීනයකට සාර්ථකව සතුරු නෞකාවක් ගිල්වා දැමිය හැකිවන්නේ පලමුවන ලෝක සංග්‍රාමයේදී 1914 සැප්තැම්බර් මස ජර්මානු "යූ බෝට්" නම් සබ්මැරීනයක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් පාත්ෆයින්ඩර් (HMS Pathfinder) නෞකාව ගිල්වාදැමීමෙන්. එනම් හන්ලී සබ්මැරීන් ප්‍රහාරයෙන් හරියටම වසර 50කට පසුවයි!

ප්‍රහාරයෙන් උද්දාමය පත්වූ කොන්ෆෙඩරේට් හමුදාවන් ජයපැන් බීම සඳහා හන්ලි සබ්මැරීනය නැවත කඳවුරට පැමිණෙන තෙක් බලාසිටියත් එය යලිත් කිසි දිනක ආපසු පැමිණියේ නැතුවා පමණක් නොව එයට සිදුවූයේ කුමක්ද යන්න පවා වසර 100කටත් වඩා අභිරහසක්ව පැවතුනා.1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය (wreck) හමුවුනා.

1995 වසර වනතෙක්ම හන්ලි සබ්මැරීනයේට සිදුවූයේ කුමක්ද, එය ගිලීගියානම් ඒ කොතැනකද යන්න පවා හඳුනාගත නොහැකිව තිබුණා. 1995 වසරේ චාල්ස්ටන් වරායේ පුරාවිද්‍යා ගවේශණ සිදුකරමින් සිටි කිමිදුම් කරුවන් හා පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට හන්ලි සබ්මැරීන ප්‍රහාරයට ගොදුරු වූ හුසටොනික් නෞකාව මුහුදු පතුල තුල වැටී තීබූ ස්ථානයට යාර 100 ඈතින් ගිලී ගොස් තිබු හන්ලි සබ්මැරීනයේ නෞකාභංගය හමුවුනා. සැබ්මැරීනය එතෙක් කල් සොයාගැනීමට නොහැකිව තිබී ඇත්තේ එය අඩි 10කටත් වඩා ඝණකම රොන්මඩ තට්ටුවකින් වැසී පැවතුනු නිසයි. වසර 2000 අගෝස්තු 8 වැනිදා සංරක්ශණය සඳහා එය මුහුදු පතුලෙන් ගොඩගත් අතර වසර 10ක සංරක්ශණ කටයුතුවලින් පසුව මේ නොබෝදා එය පුරාවිද්‍යා පර්යේශකයින් සඳහා විවර වුනා.

සංරක්ශණය කෙරමින් පවතින් හන්ලි සබ්මැරීනයේ ඡායාරූප.









1 comments:

ඔත්තු සොයමින් පියාසර කරන රොබෝ සමනල්ලු [Robotic Spy Butterflies]

අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ශුද්‍ර රොබෝ විද්‍යාගාරය (Harvard Micro-robotics Lab)
මගින් නිර්මාණය කරන ලද සෙන්ටිමීටර් 3ක් දිගැති රොබෝ සමනලයා.

සැබෑ සමනල්ලුන් හා වෙනත් පියාඹන කෘමිසතුන්ගේ පියාසර හැකියාවන් ගැඹුරින් හදාරමින් නිර්මාණය කර ඇති මේ පියාඹන රොබෝ සමනලුන් තවමත් ඇත්තේ පර්යේශණ මට්ටමේ.

මේ පර්යේශණ අමෙරිකාවේ විවිධ විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේශණාගාරවල සිදුවන අතර අමෙරිකාවේ ආරක්ශක දෙපාර්ථමේන්තුව ඉමහත් උද්යෝගයෙන් මේ පර්යේශණ සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ අනාගත රොබෝ සමනල්ලුන් නුදුරු අනාගතයේදීම යුධ මෙහෙයුම් සඳහා යොදාගැනීමේ පරමාර්ථයෙන්.


අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව මෙම රොබෝ කෘමි ඔත්තු බලන්නන් සතුරු කඳවුරු හා බලකොටු වල ඔත්තු බැලීමට, ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවුනු ව්‍යසන ඇති ප්‍රදේශවල (උදාහරණයක් ලෙස මෑතකදී ජපානයේ න්‍යශ්ඨික බලාගාරයක සිදුවුනු පිපිරීම වැනි ව්‍යසන) තොරතුරු සොයා බැලීමට යොදා ගැනීමට බලාපොරොත්තු වනවා.

ඉතා අඩුවියදමකින් නිර්මාණය කල හැකිවීම, වරකට එකෙකු දෙන්නෙකු නොව, සිය ගණනක් වුවත් අවශ්‍ය ප්‍රදේශය වෙත මුදා හැර සෑම අස්සක් මුල්ලකම ඡායාරූප ලබාගැනීමට හැකිවීම මේ රොබෝ කෘමි පියාසැරිකයන් පිලිබඳව ආරක්ශක අංශ උනන්දුවක් දක්වීමට හේතු වනවා.

අවරපෙති හතරක හෙලිකොප්ටරයක් ලෙස නිර්මාණය කොට ඇති ක්ශුද්‍ර ගුවන් යන්ත්‍රයක්
අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘති පර්යේශකයින් විසින් Micro Arial Vehicles - MAV ලෙස හඳුන්වන මේ කෘමි රොබෝවරුන් ගොඩනැගිලි බහුල නාගරික ප්‍රදේශවල මෙහෙයුම් වලට ඉතා හොඳින් ගැලපෙන බව පැවසෙනවා. ඉතා තදබදය ඇති, ඉඩකඩ අඩු ප්‍රදේශ තුලින් අපහසුවකින් තොරව පියාසර කරගෙන යාමට හැකිවීම, ඉතා කුඩා හා නිෂ්ශබ්දව ක්‍රියාත්මක වන නිසා රහසින් මෙහෙයුම් වල නිරතවීමට හැකිවීම, දැනටමත් නිර්මාණය කොට ඇති ඉතා කුඩා වීඩියෝ කැමරා රැගෙන යමින් සජීව රූප ලබාදීමට හැකිවීම ක්ශුද්‍ර රොබෝ යානා වලින් ලැබෙන යුධමය වාසි අතර ප්‍රමුඛවෙනවා.

මෙම ක්ශුද්‍ර රොබෝ යානාවල දැනට ඇති එක් අඩුපාඩුවක් නම් ඒවා හැසිරවීමට ඇති අපහසුවයි. මෙම අවාසිය මගහරවාගැනීම සඳහා විද්‍යාඥයින් දැන් අධිවේගී ඩිජිටල් කැමරා ආධාරයෙන් සමනලුන්. මී මැස්සන් වැනි කෘමි සතුන්ගේ පියාසර ක්‍රියාවලි ඉතා සූක්ශමව අධ්‍යයනය කරමින් සිටිනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ සමනලුන් හෝ මී මැස්සන් මෙන් තටු ගසමින් ඉතා වේගයෙන් ඒ මේ අත පියාසර කරහැකි ක්ශුද්‍ර රොබෝ යානයක් ඉතා ඉක්මණින් නිර්මාණය කිරීමයි.

අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු ආචාර්‍ය උපාධිය සඳහා පර්යේශන පවත්වන ටිරාස් ලින් මෙවැනි එක් පර්යේශකයෙක්. ඔහු සිය ආචර්‍ය උපාධි නිබන්ධනය සඳහා සමනල්ලුන්ගේ පියාසර හැකියාවන් අධිවේගී ඩිජිටල් කැමරාවක් මගින් අධ්‍යනය කරන්නේ වඩාත් කාර්යක්ශමව පියාසර කල හැකි රොබෝ සමනලුන් නිර්මාණය කිරීමේ අභිලාශයෙන්.

ලින් හා ඔහුගේ සහායක ලින්සියාඕ සෙන්ග්, තත්පරයකට ඡායාරූප 3000ක් ලබාගත හැකි අධිතාක්ශණික කැමරා තුනක් ආධාරයෙන් මෙම අධ්‍යයනය සිදුකරනවා.


0 comments:

වසර මිලියන 20ක් අයිස් තට්ටු යට සැඟවී තිබුණු ඇන්ටාක්ටිකාවේ වොස්ටොක් විලෙහි ජලය පරීක්ශාවට රුසියානු විද්‍යාඥයින් සැරසෙයි.

වසර ගණනාවක් මහත් පරිශ්‍රමයක් දරමින් සැතපුම් දෙකක් පමණ ඝණකම් වූ අයිස්තට්ටුව සිදුරු කරමින් සෙමින් සෙමින් සිය ඉලක්කය වෙත ලඟාවෙමින් සිටි රුසියානු විද්‍යාඥයින් තව නොබෝ දිනකින් (2012 ඝ්‍රීස්ම සෘතුව අවසන් වීමට පෙර - එනම් 2012 පෙබරවාරි මස අවසනට පෙර) වොස්ටොක් විලෙහි ජලය කරා ලඟාවනු ඇත.

මෙම කාර්‍යයට මෙතරම් කාලයක් ගතවී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ  ක්ශේස්ත්‍ර පර්යේශණ සිදුකල හැක්කේ එහි ග්‍රීස්ම සෘතුව පවතින ඔක්තෝම්බර් හා පෙබරවාරි අතර මාස හතරක පමණ සුලු කාලයක වන නිසාය. අනෙක් කාලවලදී උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් සෘණ 100ක් දක්වා බසින අතර කුණාටු වැනි අධික වේගයෙන් හමන සුලං පවතී. මේ නිසා ඉතිරි මාස අටක කාලයේදී වොස්ටොක් වැනි පර්යේශණාගාර වල පර්යේශකයින් බොහෝ දෙනෙකු සිය මව් රටවල් බලා ගමන් කරයි.

වසර මිලියන 20ක් පමණ, එනම් ඔස්ට්‍රේලියා මහාද්විපයත්, ඇන්ටාක්ටිකා මහද්වීපයත් එකට යාව තිබුණු කාලයට පසු මෙම වොස්ටොක් විලෙහි ජලය මතට හිරු එලිය වැටී නැත. සැතපුම් දෙකක් පමණ ඝණකම අයිස් තට්ටුවකින් වැසී තිබුණත් මෙම විලෙහි ජලය නොමිදී පවතින්නේ පෘථිවිය මධ්‍යයේ සිට එන භූ උශ්ණත්වය (geothermal heat) හේතුවෙනි.


වොස්ටොක් විලහි ජල සාම්පල ලබා ගැනීම, දැනට හඳුනාගෙන ඇති අයිස් තට්ටු යට සැඟවුනු විල් 200ක පමණ පද්ධතියක විද්‍යාත්මක ගවේශණ වල ආරම්භය වනු ඇත.මේ ජල සාම්පල පරික්ශාවෙන් ලැබෙන දත්ත මගින් පෘථිවිය පිලිබඳව පමණක් නොව අයිස්තට්ටු යට සැඟවුනු ද්‍රව ජලය හෝ ද්‍රව මීතේන් පිරුණු විල් ඇතැයි සැලකෙන බ්‍රහස්පතී ග්‍රහයාගේ චන්ද්‍රයින් වන යුරෝපා හා ගැනීමීඩ් ගවේශණය සඳහාද උපකාරවන දත්ත ලැබෙනු ඇතැයි සැළකේ.



0 comments:

අඟහරු අහසේ පාවෙන නාසා ක්‍රේන් යන්ත්‍රය [ NASA Sky Crane in Martian Sky]


අඟහරු විද්‍යාගාරය ලෙස හඳුන්වන රොබෝ ගවේශක යානය අඟහරු පෘශ්ඨය වෙත සීරුවෙන් පහත් කරන ස්කයි ක්‍රේන් යානය

අමෙරිකාවෙ කැනවරල් තුඩුවෙන්, ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙන් 2011 වසරේ නොවැම්බර් 26 වැනිදා අභ්‍යවකාශගත කරන ලද මාර්ස් සයන්ස් ලැබෝරටරි (Mars Science Laboratory- MSL) නම් අඟහරු විද්‍යාගාර රොබෝ යන්ත්‍රය සමන්විත අභ්‍යවකාශ යානය 2012 මාර්තු මාසයේදී අඟහරු ග්‍රහයා වෙත ලඟාවීය. අඟහරු ග්‍රහයා වෙත මෙතෙක් යවන ලද විශාලතම හා සංකීර්ණම උපකරණ තොගය අඩංගු අඟහරු විද්‍යාගාර රොබෝ යන්ත්‍රය බරින් කිලෝග්‍රෑම් නවසීයකි.


MSL ගවේශණ ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශණ අරමුණු සතරකි.

1] අඟහරු ග්‍රහයා මත යම්කිසි කාලයක (අතීතයේ හෝ වර්තමානයේ) ජීවය පැවතීමට හැකි සාධක තිබුණිදැයි සැක හැර තහවුරු කරගැනීම.

2] අඟහරුගේ දේශගුණය වැඩිදුර අධ්‍යයනය කිරීම (මීට කලින් අඟහරු වෙත ලඟාවූ සියලුම යානා යම් පමණකට අඟහරු දේශගුණය හා කාළගුණය අධ්‍යයනය කරන ලදී)

3] අඟහරු භූගෝලය පරීක්ශාවට ලක්කිරීම

4] අනාගත මිනිස් ගවේශණ සැළසුම් සඳහා දත්ත එකතු කිරීම

රෝද සයක ආධාරයෙන් ගමන් කරන ඇවිදින විද්‍යාගාරයක් වුනු MSL පද්ධතියේ ඇති සංකීර්ණත්වය හා විශාල බර නිසා කලින් අඟහරු මෙහෙයුම් වලදී ගවේශක යානය අඟහරු මතට ගොඩ බැස්සවීමට භාවිතාකරන ලද එයාර් බෑග් ලෑන්ඩින් (air bag landing) ක්‍රමය භාවිත කිරීම අපහසු විය. එයාර් බෑග් ලෑන්ඩින් ක්‍රමයේදී යානය ගෑස් පුරවන ලද විශාල බැලූන් ගොඩකින් ආවරණය කොට එය අඟහරු මතට වැටෙන්නට සලස්වන ලදී. ගෑස් බෑග් මගින් පෘශ්ඨය මත ගැටීමේ කම්පණයෙන් යානයේ උපකරණ ආරක්ශාකරන ලදී. එහෙත් මෙට්‍රික් ටොන් එකකට ආසන්න බරකින් යුතු MSL යානයට මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බව අවබෝධකරගත් නාසා ඉන්ජිනේරුවන් යානය ගොඩ බැස්සවීම සඳහා ස්ක්යි ක්‍රේන් ක්‍රමය නිර්මාණය කරන ලදී.

නාසා ආයතනය තුල MSL රෝවරය නිමැවෙමින් පවතින අයුරු


අඟහරු වෙත කලින් යවන ලද ගවේශණ යානා හා MSL අතර සංසන්දනය - MSL යානයේ විශාලත්වය මෙයින් ඔබට අවබෝධකරගත හැකිය.
ස්කයි ක්‍රේන් ගොඩබැස්සවීමේ ක්‍රමය පෙනුමෙන් සංකීර්ණ වුවත් MSL වැනි විශාල යන්ත්‍රයක් අඟහරු පෘශ්ඨය මත සීරුවෙන් ගොඩබැස්සවීමට මෙම ක්‍රමය වඩාත්ම සුදුසු බව නාසා  ඉන්ජිනේරු විශේෂඥයිගේ අදහසයි. ඔවුන්ට අනුව සාම්ප්‍රදායික රොකට්ටු මගින් සීරුවෙන් ගොඩ බැස්සවීමේ උපක්‍රමයක් (rocket assisted soft-landing) භාවිතා කලේ නම් එම රොකට්ටු පද්ධතිය MSL රෝවරයට පහලින් ස්ථානගත කල යුතු වනවා. 

කිලෝ 900ක් බර යන්ත්‍රය කිලෝමීටර් සිය ගණනක උසක සිට සෙමින් පහත් කිරීමට ඉතා බලසම්පන්න රොකට්ටු හා ඉන්ධන විශාල ප්‍රමාණයක් රැගෙන යායුතු නිසා මෙම ලෑන්ඩින් රොකට්ටු පද්ධතිය ඉතා විශාල වන අතර  ගොඩබැස්සවීමෙන් පසු MSL රෝවරය එම රොකට්ටු ඇටවුම මතින් අඟහරු පෘශ්ඨය වෙතට ගැනීම ඉතා විශාල ඉන්ජිනේරුමය භාධක රාශියක් ඇති කටයුත්තක් වෙනවා. 

පොලවට සැතපුම් මිලියන ගණනක් ඈතින් ඇති වෙනත් ග්‍රහයෙකු මතදී මෙවැනි සංකීර්ණ සැලසුම් ප්‍රායෝගික නොවන නිසා නාසා ඉන්ජිනේරුවන් MSL රෝවරයට යටින් රොකට් පද්ධතිය ස්ථානගත කරනවා වෙනුවට එය MSL රෝවරයට ඉහලින් ස්ථානගත කොට කේබල් ආධාරයෙන්  MSL රෝවරය  පෘශ්ඨය මතට පතිතකරන්න සැලසුම් කලේ එවිට ලෑන්ඩින් රොකට්ටු පද්ධතියෙන් MSL රෝවරය වෙන්කර ගැනීම පහසු නිසායි.

ස්කයි ක්‍රේන් උපක්‍රමය මගින් "කිව්රියෝසිටි" (curiosity - කුතුහලය) ලෙස නම් තබා ඇති MSL රෝවරය අඟහරු මතට පතිත කරන ආකාරය දැක්වෙන යූ ටියුබ් වීඩියෝව නරඹන්න


0 comments: