අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව



රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.

මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප‍්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු බොහෝ ගැටළු ඇති බවයි.

රුසියානු ගුවන් ආරක්ෂණ බලසේනාව විසින් මෙහෙයවන ටිටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා රුසියාවේ සිවිල් සහ යුධ සන්නිවේදන චන්ද්‍රිකාවලින් 80%ක් පාලනය කෙරෙන අතර අභ්‍යවකාශ යානා සහ උපක‍්‍රමික බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම්ද පාලනය කරනු ලබයි.

නිලධාරීන් සහ සෙබළුන් 1000ක් පමණ ටිටොව් මධ්‍යස්ථානයේ සේවය කරන බව පැවසේ.  2011දී මිසයිල ආරක්ෂණය, ගුවන් යානා යුධ කටයුතු සහ අභ්‍යවකාශ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍ර රැසක් සඳහා පැවති සේනාංකයන් ඒකාබද්ධ කර රුසියානු අභ්‍යවකාශ බලසේනාව ගොඩනගනු ලැබිනි.

රේඩාර් මධ්‍යස්ථානයන් රැසක් සහිතව ගොඩනැගූ බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම පිළිබඳ අනතුරු හැගවීමේ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ චරපුරුෂ මධ්‍යස්ථානයක්, ප්ලෙසෙට්ක් හි පිහිටා ඇති මිලිටරි ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානය සහ කුරාහි පිහිටා ඇති මිසයිල අත්හදා බැලීමේ අංගණය මෙම බලසේනාව සතුව පවතී.

පිටසක්වල ප‍්‍රහාරයකට මුහුණ දිය නොහැකි වුවද ගෝලීය පරිමාණයේ තර්ජනයන්ට මුහුණදීම සඳහා අතිශය ප‍්‍රබල සහ අධි තාක්ෂණික මාධ්‍යයන් රුසියානු අභ්‍යවකාශ බලසේනා සතුවන බව යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි.


Sources : 
http://lankacnews.com/sinhala/foreign-news/102132/
http://rt.com/news/russian-space-troops-aliens-631/

Comments

  1. නියම පොස්ට් එකක් තව මේ වගේ දෙවල් වලින් අපිව දෑනුවත් කරන්න

    ReplyDelete
  2. පිටසවලයෝ මේක ආක්‍රමණය කරලා මොනවා ලබාගන්නද? මේක දැන් මැරීගෙන යන ග්‍රහලෝකයක්.

    ReplyDelete

Post a Comment