අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [ SAVE OUR CHILDREN FROM DIRTY KFC FASTFOOD - PLEASE SHARE | අපේ දරුවන් කුණු කේ.එෆ්.සී වලින් බේරාගැනීමට මෙය හැකිතාක් බෙදා හරින්න ... ]


අද විශේෂ : KFC චිකන් බුරියානි සමඟ තඩි පණු මස් [Photo]

March 20, 2014 at 12:01 am | lanka C news




ක්‍ෂණික ආහාර අලෙවි කිරීමේ යෙදී සිටින ලෝ ප‍්‍රකට KFC අවන්හල් ජාලයේ මෙරට මීගමුවේ අලෙවි සැලෙන් අලෙවි කරන ලද කුකුල් මස් සහිත ඇණැවුමක පණුවන් සිටීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු 10 වන දින පස්වරු 05.00ට පමණ මීගමුවේ KFC අලෙවි සැලේදීය.
එහි පැමිණි පාරිභෝගිකයෙකු විසින් සිය ආහාරයේ ලණුවන් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් ආයතනයට දැනුම් දුන් පසු ඔවුන් විසින් සමාව ඉල්ලා බිල් පතේ මුදල ආපසු ගෙවීමට කටයුතු කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංගයට ඇමතුමක් ලබා ගෙන සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති අතර එතැනින් ඔහුට පාරිභෝගික සේවා අධාකාරියේ දුරකතන අංක දෙකක් ලබා දී ඊට මේ ගැන පැමිණිලි කරන ලෙස උපදෙස් දී ඇත. කෙසේ වෙතත් එම දුරකතන නාද වුවද ඊට පිළිතුරු දීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නැත.

මෙම පණුවන් සහිත ආහාරය එම පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනයෙන් රූපගත කර ඇති අතර පහත එම පින්තූර දැක්වෙයි.

මින් පෙරද අවස්ථාවක වැල්ලවත්තේදී මෙැවනිම සිද්ධියක් වාර්තා විය.

KFC ආයතනය විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරන ආහාර සඳහා භාවිතා කරන කුකුළු මස් බොහෝ විට මාස පහක් හෝ ඊට වඩා පැරණි ඒවා බවට චෝදනා එල්ල වන අතර ඔවුන්ගේ ආහාර පිසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදී ගැටළු මතු වී තිබිණ.





COMMENTS

[1] මේක පේන විදිහට නම් හාල් වල සිටි පණුවෙක්.කොහොමහරි ආහාරය ඒ හින්දා පරිභෝජනයට සුදුසු වන්නේ නම් නෑ.ඒත් මේ සිදුවීම නිසා යම් වෙළෙඳ නාමයක් වර්ජනය කරන්න කියන එක එච්චර ගවේෂණශීලී නෑ.එහෙම නම් ඒ වෙලෙඳ නාමයට සුවිශේෂී වෙච්ච යමක් හොයා ගන්න වෙනවා.මොකද ලංකාවේ වෙනත් කඩවල්වලත් බත් වල පණුවො ඉඳලා දඩ ගහලා තියෙනවා.ඒත් ඒ කඩ වහන්න කියලා නෑනේ.


REPLY

ඔබගේ දරුවන්ගේ කෑමවල පනුවන් සිටියා නම් ඔබ තව දුරටත් එම අවන්හල වෙත දරුවන් රැගෙන යනවාද? ඔබ නොයනවා නම් එය වර්ජනයක් නොවේද? දරුවන් ඇති අයට තමදරුවන් මෙම අවන්හල වෙත ගෙන නොයන්නයි කීම වරදක් වන්නේ කෙසේද?
කේ.එෆ්.සී වුනත්, වෙන බත්කඩ වුනත් කතාව එකයි. මම කේ.එෆ්.සී වහන්න කිව්වේ නෑ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ශාව වෙනුවෙන් මේකෙන් කෑම කන්න එපා කියලා දැනුවත් කිරීමක් කලා පමණයි.
 ගිණි ගණන්වලට මේවගේ ජරාව විකුණනවානම්, මිනිසුන් දැනුවත් විය යුතුයි. මිනිස්සු දරුවන් අරගෙන මේවාට ගිහින් දරන්න බැරි මිළකට මේවා අරගෙන දෙන්නේ පෝශණ ගුණය කොහොම වුනත්, අඩුම ගානේ පිරිසිදු කමවත් ඇති කියලා හිතාගෙනයි.
ඒකත් නැත්නම් මොන බම්බුවක්ද?

[2] මේ නිව්ස් එක බීබීසී එකෙත් ගියා. ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කෙන්ටකි ලගේ කෙරුවාව ලෝකය පුරාම ප්‍රශ්නකාරී උනා.




Comments

  1. මේ නිව්ස් එක බීබීසී එකෙත් ගියා. ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත කෙන්ටකි ලගේ කෙරුවාව ලෝකය පුරාම ප්‍රශ්නකාරී උනා..

    ReplyDelete
  2. මේක පේන විදිහට නම් හාල් වල සිටි පණුවෙක්.කොහොමහරි ආහාරය ඒ හින්දා පරිභෝජනයට සුදුසු වන්නේ නම් නෑ.ඒත් මේ සිදුවීම නිසා යම් වෙළෙඳ නාමයක් වර්ජනය කරන්න කියන එක එච්චර ගවේෂණශීලී නෑ.එහෙම නම් ඒ වෙලෙඳ නාමයට සුවිශේෂී වෙච්ච යමක් හොයා ගන්න වෙනවා.මොකද ලංකාවේ වෙනත් කඩවල්වලත් බත් වල පණුවො ඉඳලා දඩ ගහලා තියෙනවා.ඒත් ඒ කඩ වහන්න කියලා නෑනේ.

    ReplyDelete

Post a Comment