අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARCHAEOLOGY: වල්ලිපුරම් රන් සන්නස | Vallipuram Gold Plate Inscription

 


සොයාගත් ස්ථානය - 1936දී යාපනයේ වඩමාරච්චි පෙදෙසින් හමුවිය. 

දිස්වීම - රන් පත්‍රයක, පේලි හතරක ලියවුනු 2වැනි සියවසේ භ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විතය.

යුගය - ක්‍රිව: 126-170 රජකල වසභ රජ සමයේ පැරණි සිංහල භාෂාවෙන් (භ්‍රාමීය අක්ෂර යොදාගෙන) ලියා ඇත.

සන්නසේ පණිවුඩය - සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ

පරිවර්තනය - ශ්‍රේෂ්ඨ වසභ රජු රාජ්‍ය කරන සමයේදී, ඉසිගිරිය ඇමති නකදිව (නාගදීපය එනම් යාපනය ) පරිපාලනය ගෙන යන අතරතුර පියගුක තිස නැමැත්තෙක් බදකර-අතනේ (එනම් පැරණි වල්ලිපුරම් ප්‍රදේශයේ ) විහාරයක් කරවන ලදී.

වැදගත්කම - මෙම සන්නස ඉතිහාසඥයින්ට වැදගත් වන්නේ, එමගින් නකදිව හෙවත් නාගදීපය ලෙස මහාවංශයේ, චුලවංශයේ සඳහන් වන ස්ථානය නූතන යාපනය බවට තහවුරු වීමයි. නාගදීපය හෙවත් නූතන යාපනය බුදුන් වැඩි නාගදීපයම බවත්, සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට ගොඩබැස්ස ජම්මුකොළපටුණ වරාය යාපනයේ කන්කසන්තුරේ අසල වරායක් බවත් තහවුරු කරගැනීමටද මේ සන්නස උපකාරී වුනා.


Comments