අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

මානව ගෝත්‍රයේ ආදීතම නෑයාගේ ෆොසිල හමුවේ!


වසර මිලියන 2.8ක් පැරණි මානව හකුධාතුවක ෆොසිලයක් ඉතියෝපියාවෙන් සොයාගෙන ඇත. මෙය මීට පෙර සොයාගත් ෆොසිල වලට වඩා වසර 500,000 පැරණිබව හෙලිවී තිබේ. මීට කලින් පැරණිම හෝමෝ ෆොසිලය වසර මිලියන 2.4ක් පමණ පැරණි බව තහවුරු කරගෙන ඇත. මේ අනුව හෙවත් මානව ගෝත්‍රය කලින් ඇස්තමේන්තුකලාට වඩා තවත් වසර ලක්ශ 5ක් පැරණි බව තහවුරුවී ඇත. නූතනයේ ජීවත්වන එකම මානව ගෝත්‍රය හෝමෝ සැපියන් වුවත්, ඈත අතීතයේදී තවත් මානව (homo) ගෝත්‍ර ගණනාවක් ලොව සැරිසරා ඇත.

මෙම ෆොසිලය සොයාගත්තේ 2013දී වුවත්, මෙතෙක් කල් එය ලොවට ඉදිරිපත් නොප්කලේ ඒ පිලිබඳව පරීක්ශණ පවත්වා එහි වයස පිලිබඳව දත්ත ස්ථිර කරගැනීම සඳහාය.


වයස තහවුරු කරගෙන ඇතත් මෙම LD-350-1 නම් කොට ඇති මෙම ෆොසිලය මෙතෙක් හඳුනා නොගත් අලුත්ම හෝමෝ ගණයක සාමාජිකයෙකුගේද නැතහොත් හෝමෝ හැබිලිස් වැනි ආදි මානවයෙකුගේ දැයි තවමත් තහවුරු වී නැත. මෙම ෆොසිලය හමුවී ප්‍රදේශයෙන්ම ඔස්ට්‍රෝලෝපිතිකස් මානවයාගේ ෆොසිලද හමුවී ඇති අතර එම ෆොසිල හා මේ ෆොසිලය අතර කාළ වෙනස වසර ලක්ශ 2ක් පමණය.



Comments