NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

වසර බිලියනයකට පෙර අඟහරුවා මත දැවැන්ත සාගරයක් තිබූ බව හෙලිවේ!



අඟහරු ගවේෂණ යානා මගින් එවන ලද දත්ත ආධාරයෙන් අඟහරුවා මත, එහි පෘශ්ඨයෙන් 1/5 ආවරණයවන ආකාරයේ අතිවිශාල සාගරයක් තිබූ බව දැන් සනාථවී තිබේ. මීට අමතරව එහි ගංගා ඇළදොල මෙන්ම මිරිදිය විල රාශියක්ද තිබී ඇත. දැන් වියලි, අධික ශීතලින් යුතු කාන්තාරයක් වූවත් එකල පැවති ජලයෙන් කොටසක් තවමත් අඟහරුවාගේ පෘෂ්ඨයට යටින් භූගත ජලය හෝ භූගත අයිස් ලෙස ඇතැයි සැකකෙරේ. දැනට සකස් කෙරෙන සිතියම් මගින්, මෙවැනි භූගත ජල්ක සම්පත හඳුනාගැනීමට අදහස් කෙරෙන අතර අනාගත මිනිස් ගවේෂකයින්ට මෙම ජලය අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

එපමණක් නොව අඟහරුවාගේ භූගත ජලගබඩා (aquifer) ඇතිනම්, එම ජලයතුල අඟහරුවාට ආවේණික ජීවයද සොයාගත හැකිවෙතැයි විද්‍යාඥයින් මහත් බලාපොරොත්තු තබාගෙන ඇත.


Comments