පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?


ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණදීමට ඇති අනේක විධ ගැටලු අතර, තවමත් රජයේ මෙන්ම වෙනත් ඇල්මැති පාර්ශවයන්ගේ (stakeholders) අවධානයට යොමු නොවූ විශාල ගැටලුවක් මෝදුවෙමින් පවතී. එනම් ශ්‍රී ලංකාවේ තරුණ පිරිමි දරුවන් උසස් අධ්‍යාපන අවස්ථා මගහරවා ගනිමින් කුමක් හෝ රැකියාවක් කොට හම්බකිරීමේ මානසිකත්වයකට යොමුවීමයි. 

මේ අනුව පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය හැදෑරීම  මගහරිමින් ඉන්නා අතර ගැහැණු දරුවන් අතර උසස් අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය වේගයෙන් ඉහල යමින් තිබේ. ඕනෑම රටක උසස් අධ්‍යාපනයේ හිනිපෙත්ත වන විශ්වවිද්‍යාලවල ගැහැණු පිරීම් ප්‍රතිශත සලකා බැලීමේදී මෙම ප්‍රවණතාවය ඉතා පැහැදැලිව පෙනේ. ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල පාඨමාළාවල ගැහැණි පිරිමි අනුපාතය 55% ට 45% වේ. එනම් ඉන්ජිනේරු පීඨ හැරුණවිට අන් බොහෝ පීඨවල කාන්තා නියෝජනය ඉතා ඉහල ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්, ලෝකයේ වෙනත් රටවල කාන්තාවන් හා සසඳන විට ඉතා ඉහල දියුණුවක් අත්පත්කරගෙන ඇත. මෙය සැබැවින්ම සතුටට කාරණයකි. එහෙත් ගැටලුව ඇත්තේ කාන්තාවන් සීග්‍රයෙන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවෙද්දී, පිරිම දරුවන් වේගයෙන් (අපට පෙනෙන ආකාරයට ) උසස් අධ්‍යාපනයෙන් ඈත්වෙමින් සිටීමයි.

පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයෙන් ඈත්වීමෙන් ඇතිවෙන සමාජ ආර්ථික ගැටළු මොනවාද?

1] ඉතා සරලම උදාහරණයකින් පටන් ගතහොත් උගත් ගැහැණු දරුවෙකුට, සම-අධ්‍යාපනයක් ඇති, එනම් ගැළපෙන ආවාහ-විවාහයක් කරගැනීම කෙමෙන් කෙමෙන් අපහසු වෙමින් පවතී. 

ඉහල අධ්‍යාපනයක් ලබා, වෙනස් ආකාරයක චින්තන ක්‍රමයකට හුරුවූ ගැහැණු දරුවෙකු, එතරම් අධ්‍යාපනය නොලැබූ පිරිමියෙකු හා විවාහයේදී අදහස් හා ආකල්ප නොගැලපීමේ ගැටලුව නිසා විවාහ දෙදරායෑම, එමගින් දරුවන් දැඩි මානසික පීඩාවකට බඳුන්වීම යනාදී බරපතල ගැටලු ඇතිවේ. 

විවාහයන් දෙදරායෑම නිසා කාන්තාවන් තනිවීම, විශේෂයෙන් දරුවන් සමග තනිවීම එම කාන්තාවන් මෙන්ම දරුවන්ද අපයෝජනයට බඳුන්වීමේ අවස්ථා වැඩිකරයි.

2] පවුල් ජීවිතයකදී උගත් බිරිඳ ඉහල වැටුපක් ගනිද්දී එතරම් උගත් කමක් නැති සැමියා අඩු වැටුපක් ගැනීමේදී පවුල් සංස්ථාවේ පිරිමියාට හිමිවන ස්ථානය අහිමිවීම නිසා ඇතිවන ගැටලු හෙවත් ආදායම් පරතරය නිසා ඇතිවන ගැටලු. මෙහිදී ඉහල වැටුපක්, උසස් නිළයක් දරන බිරිඳ හා ඇයගේ ඉහල සමාජතත්වය  හා පිලිගැනීම පිරිමියාට, තමාට සිදුවන මදිපුංචිකමක් ලෙස අවබෝධවීමට හැකි අතර ඒ අනුව අමනාපකම්, එදිරිවාදිකම් හා වෛරී හැඟීම් දක්වා වර්ධනය විය හැකිය. 

3] එතරම් අධ්‍යාපනයක් නොලබන පිරිමින් පියවරුන් බවට පත්වීමෙන් පසු, ඔවුන්ගේ පිරිමි දරුවන්ද පියාගේ ආභාෂය ලබමින්, ඉගෙනුමට උනන්දු නොවීමේ ප්‍රවණතාවය හා උගත්කමෙහි වටිනාකම නොසලකන පියවරුන් තම පිරිමි දරුවන් ඉගෙනීමට උනන්දු නොකිරීමෙන්, පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය නොලැබීම තාත්තාගෙන් පුතාට උරුම වන විශම චක්‍රයක් බවට පත්වීමේ හැකියාව.

4] ඉහල අධ්‍යාපනයක් නොමැති නිසා, ඉහල ආදායමක්, හොඳ රැකියාවක් කොට ආදායම් ඉපදවාගැනීමේ අවස්ථා අහිමිවන පිරිමි දරුවන් ඉක්මණින් පොහොසත්විය හැකි යැයි සිතන නීති විරෝධී උපක්‍රම වෙත විශාල වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවය. මත්ද්‍රව්‍ය, නිතිවිරෝධී මත්පැන් ජාවාරම, හොරකම් කිරීම, මංකොල්ල කෑම් වල යෙදෙන බොහෝ දෙනා වැඩිදුර අධ්‍යාපනය නොලැබූ තරුණ පිරිමින් බව බැලූබැල්මට පෙනේ.

5] අඩු අධ්‍යාපනයක් අතැතිව ඉක්මණින් පොහොසත් වන්නට ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවලට කෙසේහෝ දිවි පරදුවට තබා පැනීමට තැත්කිරීම, අධ්‍යාපන අවස්ථා හිතාමතාම මගහරවාගෙන, අතමිට මිළමුදල් නොමැතිව ඉච්ඡාභංගත්වයට පත්වූ පිරිමි තරුණයන්ගේ තවත් උත්සාහයකි. මෙම හීනයට රැවටී, ජාවාරම්කරුවන්ට ලක්ශ ගණනින් ගෙවා මෙරට මෙන්ම පිටරටද, මහමූදේද අතරමංවූ තරුණ ජීවිතවල ගණන පිලිබඳව නිස සංඛ්‍යාලේඛන නොමැත.

රටක් නිසිලෙස සංවර්ධනය වීමට, කාන්තා හා පුරුෂ පාර්ශව දෙකම සමබර ලෙස ඉහලට ඉගනගෙන රටේ සංවර්ධනයට දායක විය යුතුය. උගත් ගැහැණුන් හා නූගත් පිරිමින් සිටින සමාජයක්, උගත් පිරිමින් හා නූගත් ගැහැණුන් සිටින සමාජයක් තරමටම පසුගාමීය, අසමබරය. 

පිරිමි දරුවන් පාසැල් තුල රඳවාගැනීම, ඔවුන් අධ්‍යාපනයට උනන්දුකරවීම පිලිබඳව ජාතික ප්‍රතිපත්තියක් පිලිබඳව සිතීම හෝ ආරම්භ කිරීමට කාළයයි මේ.

COMMENTS

1-1 of 1
ඉතා කඩිනමින් අධ්‍යාපනඥයන් වගේම අනෙකුත් විද්වතුන්ගේ සැලකිල්ල යොමු විය යුතු ගැටළුකි. ගැටළුව හොඳින් හඳුනාගැනීමේ වෑයම අතහැර සරළ ලෙස බැසගන්නා නිගමන මත පිළියම් යොදන්ට යාමෙන් විසඳිය නොහැකි බව පෙනියනවා. මෙසේ පිරිමි දරුවන් ගිලි හි යාමේ ප්‍රධාන හේතුව හෝ හේතු නිවැරදිව හඳුනා ගැනීම පිණිස පර්යේෂණ වහාම අවශ්‍ය කර තිබෙන බව පෙනීයනවා .මේ සම්බන්ධ කිසියම් අදහසක් සමාජ ගත කිරීමට ගත් වෑයම මහත්සේ අගය කරමි 


ඉක්මනින් පොහොසත් වියයුතුය, මොනවා නැතත් සල්ලි තිබිය යුතුය, යන්න, සමාජ හරයක් ලෙස, අද්‍යතන තරුණ පරපුර දැඩි අරමුණක් සෙ සැලකීම, ගැටලුවකි. ඒ තත්වය නිර්මාණය වූයේ විවෘත ආර්ථික සංකල්පය තුළයි. අද තරුණයාට යටත්පිරිසෙයින් අලුත් මෝටර් බයිසිකලයක්වත් නැත්නම් තරුණියන්ගේ අවධානය යොමු නොවේ. ඒ නිසයි කොරියාව බැරිනම් අපායට හෝ ගොස් මුදල් හොයන්නේ. කාලීනව ඇතිවන සමාජ තත්වයන් මත, විවාහය පිලිබඳ නිර්ණායක වෙනස් වෙයි. 1988 - 89 කාලයේදී පටන් ත්රිවිද්ද හමුදා පුද්ගලයන් කෙරෙහි තරුණියන් තුළ වූ ආකර්ෂණය මම හොඳින් නිරීක්‍ෂණය කර ඇත්තෙමි. මෙම ආකර්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස යන්තමින් සාමාන්‍ය පෙළ දක්වා උගත් කෝප්‍රල් වැනි කනිෂ්ඨ හමුදා නිලයක සිටින සමහර අයවලුන්ට උපාධිධාරී ගුරුවරියන් විවාහ කරගැනීමට අවස්ථාව ලැබුණා. උසස් පෙළ විෂයයන් තුනක් පමණක් සමත් කපිතන් වැනි නිලයක සිටිය අයවලුන්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය, ඉංජිනේරු, අධිකරණ විනිසුරු, වැනි ක්‍ෂේත්‍ර වල රැකියාවේ නියුතු කාන්තාවන් සමග විවාහ වුණා. කෙසේ වෙතක් මේ කාන්තාවන්ට තම සැමියා තමන් සිතන තරම් උගත් නොවන බව වැටහෙන්නේ පමා වෙලයි. කෙසේ වෙතත් මා හිතනවා, අනාගතයේදී, මෙවැනි විවාහ, ඇත්තවශයෙන්ම දැනට on පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?

හොඳ ලිපියක්. බොහෝ කරුනු සමග මාත් එකඟයි. හැබැයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඒ තරම් සාර්ථක නැති බවකුත් පෙනෙන්නට තියෙනව. on පිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?


Comments

  1. ඉතා කඩිනමින් අධ්‍යාපනඥයන් වගේම අනෙකුත් විද්වතුන්ගේ සැලකිල්ල යොමු විය යුතු ගැටළුකි. ගැටළුව හොඳින් හඳුනාගැනීමේ වෑයම අතහැර සරළ ලෙස බැසගන්නා නිගමන මත පිළියම් යොදන්ට යාමෙන් විසඳිය නොහැකි බව පෙනියනවා. මෙසේ පිරිමි දරුවන් ගිලි හි යාමේ ප්‍රධාන හේතුව හෝ හේතු නිවැරදිව හඳුනා ගැනීම පිණිස පර්යේෂණ වහාම අවශ්‍ය කර තිබෙන බව පෙනීයනවා .මේ සම්බන්ධ කිසියම් අදහසක් සමාජ ගත කිරීමට ගත් වෑයම මහත්සේ අගය කරමි

    ReplyDelete
  2. ඉක්මනින් පොහොසත් වියයුතුය, මොනවා නැතත් සල්ලි තිබිය යුතුය, යන්න, සමාජ හරයක් ලෙස, අද්‍යතන තරුණ පරපුර දැඩි අරමුණක් සෙ සැලකීම, ගැටලුවකි. ඒ තත්වය නිර්මාණය වූයේ විවෘත ආර්ථික සංකල්පය තුළයි. අද තරුණයාට යටත්පිරිසෙයින් අලුත් මෝටර් බයිසිකලයක්වත් නැත්නම් තරුණියන්ගේ අවධානය යොමු නොවේ. ඒ නිසයි කොරියාව බැරිනම් අපායට හෝ ගොස් මුදල් හොයන්නේ.

    කාලීනව ඇතිවන සමාජ තත්වයන් මත, විවාහය පිලිබඳ නිර්ණායක වෙනස් වෙයි. 1988 - 89 කාලයේදී පටන් ත්රිවිද්ද හමුදා පුද්ගලයන් කෙරෙහි තරුණියන් තුළ වූ ආකර්ෂණය මම හොඳින් නිරීක්‍ෂණය කර ඇත්තෙමි. මෙම ආකර්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස යන්තමින් සාමාන්‍ය පෙළ දක්වා උගත් කෝප්‍රල් වැනි කනිෂ්ඨ හමුදා නිලයක සිටින සමහර අයවලුන්ට උපාධිධාරී ගුරුවරියන් විවාහ කරගැනීමට අවස්ථාව ලැබුණා. උසස් පෙළ විෂයයන් තුනක් පමණක් සමත් කපිතන් වැනි නිලයක සිටිය අයවලුන්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය, ඉංජිනේරු, අධිකරණ විනිසුරු, වැනි ක්‍ෂේත්‍ර වල රැකියාවේ නියුතු කාන්තාවන් සමග විවාහ වුණා. කෙසේ වෙතක් මේ කාන්තාවන්ට තම සැමියා තමන් සිතන තරම් උගත් නොවන බව වැටහෙන්නේ පමා වෙලයි.

    කෙසේ වෙතත් මා හිතනවා, අනාගතයේදී, මෙවැනි විවාහ, ඇත්තවශයෙන්ම දැනට වඩා අවබෝධයකින් යුතුව සිදුවෙයි කියා. එවිට, රැකියාවේ තත්වය යන සංකල්පමය ගැටලුව, පළමුව මගහැරෙනු ඇති. දෙවනුව තම චර්යාව දෙදෙනා විසින්ම පාලනය කරගනු ඇති.

    ReplyDelete
  3. හොඳ ලිපියක්. බොහෝ කරුනු සමග මාත් එකඟයි. හැබැයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඒ තරම් සාර්ථක නැති බවකුත් පෙනෙන්නට තියෙනව.

    ReplyDelete

Post a Comment