ඇපල් අයි ෆෝන් කැමරාවට වඩා හොඳ කැමරා ඇති ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් දැන් වෙළඳපොලේ | Finally there are Android phones with better cameras than iPhone 6s, 6s Plus


2015 වසර ලබන විටත් (එනම් 2014 වසරේ එලි දැක්වුනු මාදිලි අතරින්) ලොව හොඳම කැමරා ෆෝනය වූයේ ඇපල් සමාගමේ අයිෆෝන් 6/6S කැමරාවයි. කොතෙක් පාරම් බෑවද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නිර්මාපකයින්ට ඇපල් අයිෆෝනයේ කැමරාව තරම් සුපැහැදිලි ඡායාරූප ගත හැකි කැමරාවක් සිය ෆෝනවලට ඇතුලත් කරන්නට බැරිවී තිබුණා. එහෙත්, 2015 වසරේදී මෙය වෙනස් කරන්නට ඇන්ඩ්‍රොයිඩ් නිර්මාපකයින්ට හැකිවී තිබෙනවා.

DxOMark ලෙස හැඳින්වෙන සමාගමක් සෑම වසරකම ලොව ස්මාර්ට්ෆෝන් කැමරා පරීක්ශාකොට ඒවායේ ඡායාරූප ගැනීමේ හැකියාව හා සුපැහැදිලිබව පිලිබඳව වාර්තාවක් එලි දක්වනවා. ඩීඑක්සෝමාර්ක් කැමරාවිශ්ලේෂණ ක්‍රියාවලියේදී කැමරාවක ගුණාංග ගණනාවක් පරීක්ශාවට බඳුන්කරනවා. කැමරාවේ සෙන්සරය හා ලෙන්සය පිලිබඳව කරන පරීක්ශාවන් පහත ආකාරයෙන් වනවා.

DxOMark Sensor Tests - සෙන්සරයට අදාල පරීක්ශාවන්

    ISO sensitivity (speed) - සෙන්සරය ආලෝකයට දක්වන සංවේදී තාවය. මෙය වැඩිවන විට කැමරාවකට (හෝ ස්මාර්ට්ෆෝන කැමරාවකට ) මද ආලෝකයේදී බොඳ නොවූ, දීප්තිමත් ඡායාරූප ගැනීමේ හැකියාව වැඩිවනවා)

    Noise  - ඡායාරූප ප්‍රොසෙස් කිරීමේදී එයට එකතුවිය හැකි අනවශ්‍ය/ඡායාරූපය අපහැදිලි කරන දෑ නොයිස් ලෙස ගැනෙනවා.

    Color sensitivity - සෙන්සරයේ වර්ණ සංවේදීතාවය. මෙය ඉහල මට්ටමක ඇතිවිට, ඡායාරූපය ස්වභාවික වර්ණ එලෙසම ප්‍රතිනිර්මාණය කිරීමට සමත්වනවා.

DxOMark Lens Tests - කැමරා ලෙන්සයට අදාල පරීක්ශාවන්


    Resolution - ලෙන්සයෙන් ලබාදෙන විබේධනය (මෙය සෙන්සරයේ වේබේධනය මනින මෙගාපික්සල් වලින් වෙනස් මානයක්)

    Distortion - ලෙන්සයෙන් ඇතිකරන විකෘතිතා

    Vignetting - ඡායාරූපයේ කෙලවරයන් (edges) අඳුරුවීම විග්නෙටින් ලෙස හඳුන්වනවා.

    Light transmission - ලෙන්සය මගින් සෙන්සරයට ආලෝකය සම්ප්‍රේෂණය කිරීමේ කාර්යක්ශමතාවය

    Chromatic aberrations - ලෙන්සය මගින් ආලෝකය වර්ණාවලියක් ලෙස බෙදා පෙන්වීමේ දෝෂය

2015 වසරේ අවසාන කාර්තුවේ ඩීඑක්සෝමාර්ක් සමාගම අයිෆෝන් 6/6S කැමරාව පිලිබඳව ඉදිරිපත්කල වාර්තාවෙන්, එය ලකුණු 100න් 82ක් එනම් 82% ලබාගත් බව වාර්තාකලා. මෙය ඉතාම හොඳ කැමරාවක් බව එයින් පැහැදිලියි. එහෙත් 2015 වසර තුල වෙළඳපොලට ඉදිරිපත්කල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මාදිලි 7ක්ම, ඇපල් අයිෆෝන් 6/6S ලබාගත් 82% ලකුණු සංඛයාව අභිබවා යන්නට, එනම් ඇපල් අයිෆෝන් 6/6S හොඳම ස්මාර්ට්ෆෝන් කැමරාව ලෙස තමන් තමන් සතුකරගෙන සිටි වාර්තාව බිඳ හෙලන්නට මෙම කැමරා සමත්වී තිබෙනවා.

අයිෆෝන් 6/6S කැමරාවලට වඩා හොඳ කැමරා ඇති ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් 7 මෙන්න.

  • Sony Xperia Z5
  • Samsung Galaxy S6 Edge
  • Google Nexus 6P
  • LG G4
  • Samsung Galaxy Note 4
  • Motorola X Style
  • Sony Xperia Z3+



ඉහට තීරු ප්‍රස්තාරයේ පෙන්වන්නේ මෙම කැමරා ලබාගත් ඩෙක්සෝමාර්ක් පරීක්ශණ ලකුණු ප්‍රමාණයන්. මේ අනුව සෝනි එක්ස්පීරියා Z5 ස්මාර්ට්ෆෝන් කැමරාව ලකුණු 87ක් එනම් ඇපල් අයිෆෝන් 6/6S කැමරාවට වඩා ලකුණු 5ක් වැඩිපුර ලබාගෙන හොඳම ස්මාර්ට්ෆෝන් කැමරාව බවට පත්වී තිබෙනවා.




Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments