අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

SPACE FLIGHT : ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සූලය ගොඩබසී


ප්‍රකෝටිපති තාක්ෂණවේදී ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කල ඩ්‍රැගන් ගගනගාමී අභ්‍යවකාෂ කැප්සූලය අද දින ඉතා සාර්ථකව පෘථිවියට ගොඩබැස්සා.

පසුගිය සෙනසුරාදා රාත්තල් 400ක බඩුබාහිරාදියද "රිප්ලී" නම් මානවරූපී ඩමියද රැගෙන අභ්‍යවකාෂගතවූ ඩ්‍රැගන් කැප්සූලය ස්වයංක්‍රීයවම අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානයට සම්බන්ධවූවා.

මෙම යානය ගගනගාමීන් තුන්දෙනෙකු රැගෙන යාමට නිර්මාණය කර තිබුණත් පලමු ගමන සිදුකලේ "රිප්ලි" ලෙස නම් කල ඩමියක් පමනයි. ඊට රිප්ලි යන නම තබා ඇත්තේද ඊලෝන් විසින්ම බවත් එය රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කල සුප්‍රකට "ඒලියන්" චිත්‍රපට මාළාවේ වීරවරිය වන වොරන්ට් ඔෆිසර් රිප්ලි (සිගර්නි වීවර්) සිහිවීම සඳහා බවත් පැවසෙනවා.

එම මානවරූපී ඩමිය ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කර තිබෙන ගගනගාමී ඇඳුම් කට්ටලය (spacesuit) පැලඳගෙන ගමන්කොට තිබෙන අතර එම ඩමිය පුරාවටම ගමනේදී ගගනගාමියෙකුට දැනෙන සංවේදන බොහොමයක දත්ත එකතුකල හැකි සංවේදක රැසක් සවිකොට තිබෙනවා.

දින පහක් අභ්‍යවකාෂයේ ගතකල ඩ්‍රැගන් යානය අද අලුයම අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානයෙන් වෙන්ව පැරිෂූට් ආධාරයෙන් ඉතා සෙමෙන් සාගරයට පහත්වූවා.

Demo 1 හෙවත් පලමු ආදර්ශනය ලෙස නම්කර තිබූ මේ මෙහෙයුමේ අරමුණු වන්නේ;

1. කක්ෂගත යානය පාලනය කරන එවියොනික්ස් ඉලෙක්ට්‍රොණික් පද්ධතියේ ක්‍රියාකාරිත්වය මැන බැලීම

2. අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්ථානය හා සම්බන්ධවන ඩොකින් යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම

3. සන්නිවේදන පද්ධති හා පණිවුඩ හුවමාරු පද්ධති පරීක්ෂාවට බඳුන් කිරීම.

4. යානයතුල ඔක්සිජන්, වායු පීඩනය හා උෂ්ණත්වපාලන පද්ධතිවල ක්‍රියාකාරිත්වය උරගාබැලීම.

5. සූර්යකෝෂ හා බළ-උත්පාදන පද්ධති පිරීක්සීම

6. යානයේ ගමන්මග පාලනය කරන කුඩා රොකට් පද්ධතියේ ක්‍රියාකාරිත්වය මැන බැලීම

7. ඩ්‍රැගන් කැප්සූලයා අභ්‍යවකාශයට විදීමේදී, කක්ෂගත අවස්ථාවේදී හා ආපසු පැමිණීමේදී එහි සියලු පද්ධතිවල ඒකාග්‍රතාවය මැනබැලීම.

8. ෆැල්කන් 9 රොකට්ටුව, ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඇතුලු සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අගැයිම.

නාසා ආයතනයෙන් ලැබුණ මූලික වාර්තා අනුව මේ කඩඉම් ඉලක්ක සියල්ලම ඉතා සාර්ථකව සැපිරීමට ඩ්‍රැගන් අභ්‍යවකාෂ යානය සමත්වී තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment