අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

US IRAN CONFLICT : ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්???


ඉරානය විසින් ඇමරිකාවේ ඩ්‍රෝන යානයක් බිම හෙලීමට එකට එක කිරීමක් ලෙස, පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 20) ඇමරිකාව ඉරානයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කල බව වාර්තා වෙනවා. මෙම පුවත් සත්‍ය බව  The Washington Post, The New York Times, Associated Press යන ජාත්‍යන්තර පුවත් ආයතන සිය තොරතුරු මූලාශ්‍ර හරහා තහවුරු කරගෙන ඇති බවයි එම ආයතන පවසන්නේ.

ඉරානයේ ප්‍රමුඛ ප්‍රහාරක බළ ඇණිය වන Iranian Revolutionary Guards හමුදාවේ ඩිජිටල් යටිතල පහසුකම් වලට හා ඉරාන ඔත්තුසේවයේ ඩිජිටල් යටිතල පහසුකම් වලට මෙම ප්‍රහරය එල්ල කල බව නම හෙලිකිරීමට අකමැති ඇමරිකානු හමුදා ප්‍රධානියෙක් පවසා තිබෙනවා. මෙම ප්‍රහාරය සඳහා ඩොනල්ට් ට්‍රම්ප් සිය අනුමැතිය ලබාදුන් බවද නිළ නොවන වාර්තාවල සඳහන් වෙනවා.

පසුගිය දිනවලදී තෙල් ගෙනයන නෞකා වලට ප්‍රහාල එල්ලකල බවට චෝදනා ලබා සිටින්නේද ඉරාන විප්ලවීය ආරක්ෂක සේනාවයි. ඉරානයේ මිසයිල පද්ධති හා ගුවන් ආරක්ෂක පද්ධති පාලනය කරන පරිගණක ජාලවලට මේ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවී ඇති බව පැවසෙනවා. එමෙන්ම ඉරාන විප්ලවීය හමුදාවේ පාලන හා අණදෙන ජාලවලටද ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මීට පෙරද (2016) ඇමරිකාව Stuxnet නම් වෛරසයක් උපයෝගී කරගෙන ඉරානයේ න්‍යෂ්ඨික ඉන්ධන නිස්සාරණය කරන කෙන්ද්‍රාපසාරක මධ්‍යස්ථානයක පරිගණක අඩපණකොට එම යන්ත්‍ර පාලනයකින් තොරව ක්‍රියාත්මකවී විනාශ වන්නට සැලැස්වූ බව වාර්තා වෙනවා.

සයිබර් ප්‍රහාරයෙන් අඩපණවූ පරිගණක පද්ධති හා ජාල නැවතත් යථා තත්වයට පත්කර ගැනීමට ඉරානයට කලක් ගත වනු ඇති බව විචාරකයින් පවසනවා. කෙසේ වෙතත් ඉරානය සතුව ලොව ඉතාමත් විශිෂ්ඨ පරිගණක විද්‍යාඥයින් හා මෘදුකාංග ඉන්ජිනේරුවන් සිටින බවද තහවුරු වූ සත්‍යයක්.


Comments

  1. Great Content, Super high-quality and keep it up :)

    https://100mcxtips.in/

    ReplyDelete

Post a Comment