අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TERROR : ඇෆ්ඝනිස්ථානය - ඉස්ලැමික් ස්ටේට් අලුත් තිප්පොල - සාමාජිකයින් දහස් ගණන් බඳවාගෙන!!!!




- ඇෆ්ඝනිස්ථානයේ අයි.සි.ස් ප්‍රහාර රැල්ල වෙනත් රටවල දැවැන්ත ප්‍රහාරවලට පෙරහුරුවක්?

- ඉරාකයෙන්, සිරියාවෙන් පලවාහැරීමෙන් සිදුවූ පසුබෑම දැන් නෑ

- ඇෆ්ඝන් විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල දක්ෂ තරුණයින් රැසක් බැඳිලා

- ඇෆ්ඝනිස්ථානයේ සිට බටහිර රටවල් හා වෙනත් රටවල්වල ප්‍රහාර මෙහෙයවීමට සැළසුම්

ඉරාකයේ හා සිරියාවේ කාලිෆේටය කුඩුපට්ටම් වීමෙන් පසු විශාල පසුබෑමකට ලක්වුනා යයි සිතූ ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලිය දැන් යලිත් හිස ඔසවලා. අරාබි භාශාවෙන් ඩේෂ් ලෙසින් හඳුන්වන ඉස්ලැමික් ස්ටේට් කල්ලිය යලිත් දරුණු ප්‍රහාර පටන්ගනු ඇතැයි විශාල බියක් බටහිර ආරක්ෂක අංශතුල පවතිනවා.

2014 සිටම රුසියානු හා ඇමරිකන් ප්‍රහාර නිසා දහස් ගණන් සාමාජිකයින් අහිමිවූ මොවුන් දැන් ඉරාකයේ හා සිරියාවේ පවත්වාගෙන සිය මූලස්ථාන විසුරුවා හැර තිබෙනවා. ඉරාක-සිරියා පරාජයෙන් පසු ඔවුන් ඉතා රහසිගතව ඇෆ්ඝනිස්ථානය කරා පසුබැස ඇති අතර දැන් දැන් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලැමික් ස්ටේට් ප්‍රහාර වැඩිවෙමින් යනවා.

මේ වනවිටත් පලපුරුදු ඇෆ්ඝන් සටන්කාමීන් දහස් ගණනක් ඉස්ලැමික් ස්ටේට් පතුරුවන දැඩි මූළධර්මවාදී ඉස්ලාමයට වහවැටී එයට බැඳෙමින් සිටිනවා. 2014-2015 කාළයේදී පාකිස්ථානු හා ඇෆ්ඝන් සටන්කාමීන් සුළුපිරිසක් සිටින, නොවැදගත් කල්ලියක්වූ ඉස්ලැමික් ස්ටේට් දැන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගෙන සිටින තලේබාන් සංවිධානයටත් විශාල අභියෝගයක් වෙමින් තිබෙනවා.


මේ වනවිට පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ මධ්‍යම ආසියාවේ මුස්ලිම් රටවලින් පැමිණි සටන්කාමීන් විශාල පිරිසක් මෙන්ම, අරාබි ජාතිකයින්, ඉන්දියානු මුස්ලිමුන්, රුසියානු චෙචෙන්වරුන් මෙන්ම චීනයේ මුස්ලිම් ජනවර්ගයක් වන වීගර්වරුන් විශාල පිරිසක් අයි.සිස් බලඇණිවල සිටින බව වාර්තාවෙනවා.

ඇෆ්ඝනිස්ථානයේ ඉතා දුෂ්කර කඳුකර පෙදෙස්වල සිය කඳවුරු අටවාගෙන සිටින ඇෆ්ඝන් අයිසිස් කල්ලියට පහරදීම ඉතාමත් අපහසු බවයි පැවසෙන්නේ. ඇමරිකානු ආක්‍රමණයේදී ඔසාමා බින් ලාඩෙන් පවා සැඟව සිටියේ මේ පෙදෙසේ බවයි ඇමරිකන් වාර්තා සඳහන් කරන්නේ.

2015දී මධ්‍යම ආසියාවේ උස්බෙකිස්ථාන් මුස්ලිම් සටන්කාමීන්ගේ සංවිධානය අයි.සිස් හෙවත් ඩේෂ් නායක අබුබකර් බැග්ඩෑඩීවෙත පක්ෂපාතීවී සිය සටන්කාමීන් ඇෆ්ඝනිස්ථානය වෙත යවන්නට පටන්ගැනීමත් සමගම ඇෆ්ඝනිස්ථානයේ අයි.සිස් ක්‍රියාකාරකම් ඉහල ගිය බවයි වාර්තාවන්නේ.

බටහිට බුද්ධි අංශ පවසන අන්දමට, ඇෆ්ඝනිස්ථානය අයි.සිස් ග්‍රහණයට නතුවීමට ඇති ප්‍රධාන බාධකය තලේබාන් සංවිධානයයි. ඔවුන්ගේ මතවාද අතර විශාල ගැටුමක් ඇති අතර අයි.සිස් හා තලේබාන් සටන්කාමීන් අතර අවිගැටුම් වැඩිවෙමින් පවතිනවා. ඇමරිකන් ආරක්ෂක විචාරකයින් පවසන අන්දමට අයි.සිස් කල්ලිය ඇෆ්ඝනිස්ථානය තුල පාලනය කලහැකි එකම මග, තලේබාන් සංවිධානය ශක්තිමත් කොට ඔවුන් අයි.සිස්ට එරෙහිව යෙදවීමයි. ඒ හැර විදෙස් හමුදා ඇෆ්ඝනිස්ථානයට යලි ඇතුලුවීම මහා විනාශයක් පමණක් බව ඔහු පවසනවා.

මේ අතර රුසියාවද, සිය හිතමිතුරු මධ්‍යම ආසියාතික රටවල් වන කිර්ගීස්ථානය, තජිකිස්ථානය වැනි මුස්ලිම් රටවල්වල යුධහමුදා හා කඳවුරු ශක්තිමත් කිරීම සඳහා අවි ආයුධ සැපයීම වේගවත් කොට තිබෙනවා. ඉතා ශක්තිමත් ප්‍රති-ත්‍රස්ත වැඩපිලිවෙලකි ඇෆ්ඝනිස්ථානයේ අයි.සිස් ව්‍යාප්තිය අඩපණ නොකලහොත් ඉදිරි වසරතුලදී ඔවුන් ඇෆ්ඝනිස්ථානයේ සිට වෙනත් රටවල ප්‍රහාර මාලාවක් මෙහෙයවීම වැලැක්වීම අපහසු බවයි රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ.

පසුගිය ජූනි 3වැනිදා රාමසාන් උපවාසකාලයේ ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර සිදුකල අයි.සිස් ප්‍රහාරයක්


Comments