NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

PSYCHOLOGY: මානසික වෙහෙස Cognitive Fatigue/Mental Fatigue යනු කුමක්ද?

 


අවසන් නොවූ මනස: 'සයිගාර්නික් බලපෑම' මගින් මානසික වෙහෙස පැහැදිලි කරන්නේ කෙසේද?

1920 දශකයේ මැද භාගයේදී, මනෝවිද්‍යාඥයින් පිරිසක් බර්ලින් නුවර කාර්යබහුල ආපනශාලාවකට රැස් වූහ. සමාජ මනෝවිද්‍යාවේ (social psychology) පතාක යෝධයෙකුවූ කර්ට් ලෙවින් (Kurt Lewin) සහ 26 හැවිරිදි ලිතුවේනියානු ජාතික සෝවියට් මනෝවිද්‍යාඥවරියක වූ බ්ලූමා සයිගාර්නික් (Bluma Zeigarnik) ඒ අතර වුනා.

ආහාර වේල අතරතුර, ලෙවින් එක්තරා විශේෂ දෙයක් නිරීක්ෂණය කලා. එනම්, එහි සිටි වේටර්වරයාට ලියා නොගත් සංකීර්ණ කෑම ඇණවුම් ගැන පුදුමාකාර මතකයක් තිබූ නමුත්, බිල්පත ගෙවා ගනුදෙනුව අවසන් වූ සැණින්, එම පිරිස අනුභව කළ එකම කෑම වර්ගයක්වත් ඔහුට මතකයේ තබා ගැනීමට නොහැකි වීමයි.

අසම්පූර්ණ වූ කාර්යයක් මගින් මනසේ මානසික ආතතියක් හෙවත් කෙටිකාලීන මතකය තුළ තොරතුරු සක්‍රියව තබන "මානසික කුතුහලයක්" ඇති වන බව ලෙවින් අනුමාන කළේය. 

කාර්යය නිම වූ පසු, එම ආතතිය නැති වී යන අතර, මොළයට එම දත්ත අමතක කිරීමට ඉඩ සැලසේ. මෙම නිරීක්ෂණයෙන් කුතුහලයට පත් සයිගාර්නික්, පාලිත පරීක්ෂණාගාර තත්ව යටතේ සිය ගුරුවරයාවූ ලෙවින්ගේ  මෙම මතය පරීක්ෂා කිරීමට පටන් ගත්තාය.

1927 දී ප්‍රකාශයට පත් කරන ලද ඇගේ අධ්‍යයනයේදී, සයිගාර්නික් විසින් පරීක්ෂණයට සහභාගී වූවන්ට තේරවිලි විසඳීම, පබළු ඇමිනීම හෝ ගණිත ගැටලු විසඳීම වැනි සරල කාර්යයන් 18 සිට 22 දක්වා ප්‍රමාණයක් කිරීමට උපදෙස් දෙන ලදී. 

මෙම කාර්යයන්ගෙන් අඩක් අතරමැදදී, පර්යේෂකයෝ ඔවුන්ට බාධා කර අලුත් කාර්යයකට යොමු කළහ.

පසුව ඔවුන් කළ සියලුම කාර්යයන් මතක් කරන ලෙස ඉල්ලා සිටි විට, සහභාගී වූවන්ට සම්පූර්ණ කළ කාර්යයන්ට වඩා අතරමැදදී බාධා වූ, අසම්පූර්ණ කාර්යයන් 90% කින් හොඳින් මතක තිබුණි. 

මොළය ස්වාභාවිකවම අවසන් නොවූ ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛතාවය දෙමින්, ඒවා සක්‍රිය මට්ටමේ තබා ගත්තේය. මෙම මානසික සංසිද්ධිය නිල වශයෙන් "සයිගාර්නික් බලපෑම" (Zeigarnik Effect) ලෙස නම් කරන ලදී.

නූතන ජීවිතයේ අසම්පූර්ණ වැඩ රාජකාරි බහුලවීමෙන් මානසික වෙහෙස ඇතිකරනවා.

සියවසකට ආසන්න කාලයකට පසුව, වර්තමානයේ අප මුහුණ දෙන මානසික වෙහෙසට සයිගාර්නික් බලපෑම පැහැදිලි පිළිතුරක් සපයයි. 20 වැනි සියවසේ මුල් භාගයේ සිටි වැඩිහිටියන් ක්ෂණික භෞතික කාර්යයන් ස්වල්පයක් පමණක් කළමනාකරණය කළ අතර, වර්තමානයේ අපි පිළිතුරු නොදුන් විද්‍යුත් තැපැල් (emails), නවතා ඇති ව්‍යාපෘති සහ නොකියවූ දැනුම්දීම් (notifications) වැනි අවසන් නොවූ වැඩ සිය ගණනක් එකවර කිරීමට උත්සාහ කරමු.

අවසන් නොවූ සෑම කාර්යයක්ම මනසේ කොටසක් සක්‍රියව තබාගනිමින් සිටියි. මොළය මේවා අසම්පූර්ණ ලෙස සටහන් කරගන්නා බැවින්, ඒවා මතකයේ තබා ගැනීමට නොකඩවා මානසික වෙහෙසක් දරයි. මෙසේ අවසන් නොවූ වැඩ රාශියක් ගොඩගැසෙන විට, ශාරීරික වෙහෙසක් නොමැතිව වුවද දැඩි මානසික වෙහෙසක් හටගනී.

සයිගාර්නික් බලපෑම තේරුම් ගැනීමෙන් මෙම මානසික වෙහෙසට සෘජු පිළියමක් ලැබේ. එනම්, අසම්පූර්ණ වැඩ ලැයිස්තුවක් සටහන් කර තැබීම (checklists), වැඩකරන දවස අවසානයේ පැහැදිලි සීමාවන් තබා ගැනීම හෝ ඊළඟට කළ යුතු දේ කලින්ම තීරණය කිරීමයි. එමගින් කාර්යය පාලනය කර ඇති බවට මොළයට සංඥා කරන අතර, මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ.

Comments