NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ARTIFICIAL INTELLIGENCE: How China Destroys America’s AI Economy

ස්කොට් ගැලෝවේ (Scott Galloway) යනු ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු ව්‍යවසායකයෙක්, කතුවරයෙක්, පොඩ්කාස්ට් මෙහෙයවන්නෙක් සහ NYU Stern වාණිජ විද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ සායනික මහාචාර්යවරයෙකි (Clinical Professor). දැවැන්ත තාක්ෂණික සමාගම් (Big Tech) සහ නූතන වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳ ඔහුගේ තියුණු මෙන්ම ප්‍රකෝපකාරී විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ඔහු ප්‍රකටය. 

ගැලෝවේ Prof G වැනි ජනප්‍රිය පොඩ්කාස්ට් මෙහෙයවන අතර, කාරා ස්විෂර් (Kara Swisher) සමඟ එක්ව Pivot පොඩ්කාස්ට් වැඩසටහන ද මෙහෙයවයි. ඔහු The Four, Post Corona, සහ The Algebra of Wealth ඇතුළු බෙහෙවින් අලෙවි වූ පොත් කිහිපයකම කතුවරයා ද වේ. 

මෙම ලිපියෙන් ස්කොට් ගැලෝවේ පැහැදිලි කරන්නේ චීනය විසින් ඇමෙරිකානු කෘත්‍රිම බුද්ධි (AI) කර්මාන්තය විනාශ කරමින් සිටින්නේ කෙසේද යන්නයි.

Dumping Cheap AI

වසර ගණනාවක් පුරා සිලිකන් නිම්නයේ තාක්ෂණවේදීන්, දැවැන්ත සමාගම් විශ්වාස කලේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ යුද්ධයෙන් ජය ගැනීමට නම්  වඩාත්ම බුද්ධිමත් මෙන්ම බලවත්ම අති-නවීන (frontier) ආකෘති නිර්මාණය කළ යුතු බවයි. 

බටහිර AI තාක්ෂණික කතිකාවත සම්පූර්ණයෙන්ම පාහේ යොමු වී තිබුණේ බුද්ධි මිනුම් (intelligence metrics), පරාමිතීන් සංඛ්‍යාව (parameter counts) සහ කාර්යසාධන ශ්‍රේණිගත කිරීම් (benchmark leaderboards) වෙත පමණි.

කෙසේ වෙතත්, තාක්ෂණ විචාරකයෙකු සහ NYU Stern හි මහාචාර්යවරයෙකු වන ස්කොට් ගැලෝවේ (Scott Galloway) පෙන්වා දෙන පරිදි, චීනය නිරත වී සිටින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවකය. චීනයට ඇමෙරිකාවට වඩා හොඳ කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නැත—ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමෙරිකානු AI තාක්ෂණය වාණිජමය වශයෙන් පවත්වාගෙන යා නොහැකි (unviable) තත්ත්වයට පත් කිරීම පමණි.

චීනයේ මෙම උපායමාර්ගය සම්ප්‍රදායික ආර්ථික මෙහෙයුමකි: එනම් AI ඩම්පිං (AI dumping) හෙවත් කෘත්‍රිම බුද්ධි නිෂ්පාදන ඉතා අඩු පිරිවැයකට වෙළෙඳපොළට මුදාහැරීමේ උපක්‍රමයයි.

ආර්ථික විද්‍යාත්මක පදමාලාවට අනුව, ඩම්පිං (dumping) හෙවත් නිෂ්පාදන වෙළෙඳපොළට අතිරික්තව ගොඩගැසීම යනු, දේශීය තරගකාරිත්වයට තවදුරටත් පැවැත්මක් නැතිව එය මුළුමනින්ම බිඳවැටෙන තෙක්, නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලකට හෝ ඉතා අඩු පිරිවැයකට විදේශීය වෙළෙඳපොළක් වෙත භාණ්ඩ ගලා ඒමට සැලැස්වීමයි. මෙය නවෝත්පාදන උපායමාර්ගයක් නොවේ; එය යටිතල පහසුකම් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මිල ගණන් පදනම් කරගත් යුධ උපායමාර්ගයකි (price warfare strategy).

Economics of Dumping

චීනය මීට පෙරද ගෝලීය කර්මාන්ත කිහිපයක් පුරා මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක ලෙස භාවිත කර ඇත:

  • යකඩ සහ වානේ කර්මාන්තය (Steel)

  • සූර්ය බලශක්තිය (Solar Energy)

  • අර්ධ සන්නායක (Semiconductors)

දැන්, මෙම ක්‍රමවේදයම ක්‍රියාත්මක කරමින් පවතින්නේ ඇමෙරිකාවේ අනාගත තාක්ෂණික පද්ධතියේ ප්‍රධානතම පදනම වන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ඉලක්ක කරගනිමිනි.

“Good Enough” Beats “Better” Every Time

ඉතා හොඳ භාණ්ඩයට වඩා මිලෙන් අඩු, තරමක් හොඳ භාණ්ඩය හෝ තාක්ෂණය වෙළඳපොල ජයගන්නා බවට උදාහරණ එමට ඇත. 1980 ගණන්වල වීඩියෝ කැසට් තාක්ෂණය එලිබසින විට වීඩියෝ කැසට් තාක්ෂණ දෙකක් එකට තරඟ වැදුනේය. සෝනි සමාගම නිර්මාණය කල බීටාමැක්ස් (Betamax) තාක්ෂණය වඩාත් හොඳ සුපැහැදිලි වීඩියෝ ගබඩාකරගත හැකි තාක්ෂණයක් වූ අතර ෆිලිප්ස් සමාගම හා ජපානයේ JVC සමාගම නිර්මාණය කල VHS තාක්ෂණය බීටාමැක්ස් තරම් හොඳ නොවූවත් මිලෙන් අඩුවුනා. බීටාමැක්ස් පරදා ලෝව පුරාම VHS ප්‍රචිලත වුනේ අඩුමිලට අවශ්‍ය පමණට හොඳ (good enough and cheap enough) තාක්ෂණයක් ලෙස VHS පිලිගැනුනු නිසයි.

ඉහළ මිලැති Subscription ආකෘති සමඟ සෘජුව තරඟ කරනවා වෙනුවට, චීන මෘදුකාංග සංවර්ධකයින් (Developers) ඉතා අඩු පිරිවැයකින් භාවිත කළ හැකි, සැහැල්ලු open-weight ආකෘති නිදහස් කරමින් සිටී. ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම්වලින් තුනෙන් එකක් පමණ දැනටමත් මෙම open-weight ආකෘති භාවිතා කරයි. මෙම ආකෘති බටහිර රටවල ඉහළම මට්ටමේ ආකෘති පරදා ඉදිරියට යාම අත්‍යවශ්‍ය නොවේ—ඒවා "ප්‍රමාණවත් තරම් හොඳ" මට්ටමක පැවතීම පමණක් සෑහේ.

ඕනෑම විශිෂ්ට නිෂ්පාදනයකට වඩා, අඩු මිලකට ලැබෙන "ප්‍රමාණවත් තරම් හොඳ" නිෂ්පාදන මගින් වෙළඳපොළ නායකයින් අභිබවා ගිය අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. සංස්ථාපිත මූල්‍ය ප්‍රධානීන් (CFOs) ආයතනික තීරණ ගැනීමේදී, අවසාන තීරණය බොහෝ විට රැඳී පවතින්නේ ලාභ ප්‍රතිශතය මතය. ප්‍රධාන පෙළේ AI සැපයුම්කරුවන්ගේ ඩොලර් මිලියන ගණන් වැයවන බලපත්‍ර වෙනුවට, කාර්යභාරයෙන් 80% සිට 90% දක්වා ප්‍රමාණයක් ඉටුකර ගත හැකි අඩු පිරිවැය open-source විකල්ප වෙත මාරුවීමට හැකියාව තිබේ නම්, මූල්‍යමය වාසිය උදෙසා ඔවුන් සෑම විටම එම තීරණය ගනු ඇත.

Effect on the U.S. Economy

ලොව ලොකු කුඩා සමාගම් සැමවිටම ඉහළ පෙළේ AI ආකෘති සඳහා අධික මිල ගණන් ගෙවනු ඇතැයි යන පූර්වනිගමනය මත පදනම්ව, ඇමරිකානු AI සමාගම් අතිශය ඉහළ වටිනාකම් (Valuations) ලබා ගනී. යම් හෙයකින් ආයතනික පාරිභෝගිකයින් මෙලෙස අධික පිරිවැයක් සහිත ගිවිසුම්වලින් ඉවත් වීමට පටන් ගන්නේ නම්:

  • වටිනාකම් කඩාවැටීම: පවතින මිල-සිට-ඉපැයීම් අනුපාත (Price-to-earnings multiples) සාධාරණීකරණය කිරීමට දැනට පවතින පුනරාවර්තන ආදායම් ආකෘති (Recurring revenue models) වලට නොහැකි බව වෙළඳපොළ ඉක්මනින්ම වටහා ගනු ඇත.

  • ප්‍රාග්ධන වියදම් (CapEx) අඩුවීම: ප්‍රාග්ධන ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ (ROI) පිළිබඳ අපේක්ෂාවන් නැවත ඇගයීමට ලක්කිරීමත් සමඟ, ප්‍රධාන තාක්ෂණික සමාගම්වල (Big Tech) ප්‍රාග්ධන වියදම් ශීඝ්‍රයෙන් මන්දගාමී වේ.

  • පුළුල් වෙළඳපොළ සංකෝචනය: AI තාක්ෂණික කොටස් සහ ඊට අදාළ සැපයුම් දාමයන්හි ප්‍රවේගය ගිලිහී යනු ඇත.

 සාර්ව ආර්ථික (macro-economic) තර්ජනය වඩාත් උග්‍ර වන්නේ මෙතැනදීය:

  • S&P 500 දර්ශකයෙන් 40% ක්ම සෘජුව හෝ වක්‍රව ඇමරිකාව AI කෙරෙහි තබා ඇති විශාල පඩිය (Bet) සමඟ බද්ධ වී ඇත.

  • පසුගිය වසර දෙක ඇතුළත එජනපදයේ (U.S.) දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයෙන් වැඩි ප්‍රමාණයකට පෝෂණය ලබා දී ඇත්තේ AI ප්‍රාග්ධන වියදම් (Capital expenditure) මගිනි.

Comments