අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

විද්‍යා ගවේශණ - විද්‍යා පුවත් සම්පින්ඩණය-1 [Science News Digest]

වසර 40,000ක් පැරණි ගුහා සිතුවම් සොයා ගැනේ!


ස්පාඥ්ඥයේ ගුහාවකින් හමුවී ඇති ආදිමානව ගුහා චිත්‍ර වසර 40,000 පැරණිබව සොයාගෙන ඇත. කාබන් කාළ නිර්ණ ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් වන යුරේනියම් කාළ නිර්ණ ක්‍රමය මගින් චිත්‍ර ඇඳ තිබෙන කාළය නිර්ණය කරගෙන තිබෙන අතර ඒවා විද්‍යඥයින් අනුමාන කලාට වඩා වසර 15,000 පැරණි බව දැන් පිලිගන්නට සිදුවී ඇත.


චිත්‍ර මෙතරම්ම පැරණි නිසා, එම චිත්‍ර අඳින්නට ඇත්තේ අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වූ හෝමෝ සැපියන් මානවයාද, නැතහොත් මීට වසර 40,000 කලින් යුරෝපයේ ජීවත්වුනු නියැන්ඩර්තාල් අර්ධමානව වර්ගයද යන්න ගැන විද්‍යාඥයින් අතර විවාදයක් හටගෙන ඇත.

නියැන්ඩර්තාල් මානවයින්ගේ බුද්ධි මට්ටම චිත්‍ර හා රූප නිර්මාණ කරනයට තරම් දියුණුව තිබෙන්නට නැතැයිද, එම හැකියාව තිබෙන්නේ හෝමෝසැඉයන් නූතන මානවයාඅට පමණක් බවද බහුතරයකගේ මතය වන අතර, අනෙක් කන්ඩායම පවසන් ආකාරයට නියැන්ඩර්තාල් මානවයාද ඉහල බුද්ධිමට්ටමකින් යුතු නිර්මාණශීලී මානවයෙකු බවට සාධක ඇතැයි පවසයි.

චීනයේ අලුත්ම අභ්‍යවකාශ ජයග්‍රහණය නව අභ්‍යවකාශ තරඟයකට මුලපිරීමක්ද?


චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද ශෙන්සු 9 නම් අභ්‍යවකාශ මොඩියුලය, චීනයටම අයත ටියන්ගොන්ග් 1 නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය සමග සාර්ථවක සම්බන්ධ වී නව අභ්‍යවකාශ ජයග්‍රහණයක් ලබාගෙන ඇත. අභ්‍යවකාශයේදී යානා දෙකක් එකිනෙක සම්බන්ධවීම (space docking) ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර දැනට මෙම තාක්ශණික හැකියාව තිබෙන්නේ අමෙරිකාවට හා රුසියාවට පමණකි.

කිලෝමීටර් 343 ඉහල පෘථිවි කක්ශයේ සිදුවුනු මේ තාක්ශණික වික්‍රමය චීන රූපවාහිණිය මගින් සජීවීව විකාශය කරන ලදී. චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනට ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදුකරන අතර එය ඔවුන්ගේ තාක්ශණික පරිණතබව ලොවට විදහා දක්වන අවස්ථාවක් ලෙස යොදාගෙන ඇත.

2020 වනවිට අමෙරිකාවේ ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සමාන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් උඩුගුවනට යැවීම චීනයේ අභ්‍යවකාශ ඉලක්කවලින් එකකි. සඳගවේශණය සඳහා රොබෝ යානයක් යැවීම ඔවුන්ගේ තවත් ඉලක්කයකි. 2003වසරේදි මුලින්ම මිනිසෙකු අභ්‍යවකාශයට යැවූ චීනය 2008දී මිනිසුන් 2කු සහිත යාන්නාවක් සාර්ථකව කක්ශගත කල අතර දැන් කාන්තාවකද ඇතුලු මිනිසුන් තිදෙනෙකු අභ්‍යවකාශයට යැවිය හැකි ලෙස ඔවුන් සිය තාක්ශණය දියුණුකරගෙන ඇත.

කුඩා ළමුන්ගේ ආදරණීය කාටූන් චරිතයක් වන මිකී මවුස්ගේ මුහුණට සමාන හැඩයක් ඇති අවාටයක් බුද ග්‍රහයා මතින් සොයාගැනේ.



බුද ග්‍රහයා වටා කක්ශගතවී සිටින නාසා ආයතනයේ "මැසෙන්ජර්" නම් අභ්‍යවකාශ යානය මෙම අපූරු ආවාටයේ ඡායාරූපය එවා ඇත. 2011 මාර්තුවේ සිට බුද ග්‍රහයා ඡායාරූපගත කරමින් සිටින මැසෙන්ජර් යානය බුදගේ පෘශ්ඨය සිතුවම් ගතකිරීමේ කටයුතුවලට සහයවෙයි.

අමෙරිකාව අලුත් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථවක කක්ශගත කරයි.


ඇමෙරිකාවේ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා පාලනයක කරන "National Reconnaissance Office - NRO" ආයතයන NROL-38 නම්වූ අලුත්ම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ඇට්ලස් රොකට්ටුවක් ආධාරයෙන් ගුවන්ගත කොට තිබේ. වර්ජීනියා ප්‍රාන්තයේ මූලස්ථානය ඇති NRO ආයතනයේ නිළකාර්යභාරය වන්නේ අමෙරිකාවේ සියලුම රහස් ඔත්තුසේවා හා ත්‍රිවිධහමුදාව සඳහා ඔත්තුසේවා චන්ද්‍රිකා නිර්මාණය කිරීම, ගුවන්ගත කිරීම හා ඒවා අභ්‍යවකාශයේදී පාලනය කරමින් රහසොත්තු ඒජන්සිවලට තොරතුරු සැපයිමයි.

පූර්ණ මාධ්‍ය වාරණයක් යටතේ සිදුවුනු මෙම චන්ද්‍රිකා ගුවන්ගත කිරීම, චන්ද්‍රිකා තුනක් අඩංගු ව්‍යාපෘතියක පලමුවැන්නයි.



Comments