ශ්රී ලාංකිකයෙකු අතින් නිමැවෙන රසදිය සුළි එන්ජිමක් හා ස්පන්ධන ප්‍රස්ඵෝටන එන්ජින් සහිත ප්‍රහාරක යානයක්??
අද ගොසිප් 9 වෙබ් අඩවියේ අපූරු ලිපියක් පලවී තිබේ. "දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි" යන ශ්‍රීර්ෂපාඨයෙන් හඳුන්වාදුන් මෙම දිගු ලිපියේ "පී.ඒ.වික‍්‍රමතුංග" නම්වූ අපේ ශ්‍රී ලාංකේය විද්‍යාඥයෙකු රසදිය සුළි එන්ජිමක් හා ස්පන්ධන ප්‍රස්ඵෝටන එන්ජින් 2කින් යුතු ( Mercury Vortex Engine හා Pulse Detonation Engine) නම්වූ 7වැනි පරම්පරාවේ ප්‍රහාරක යානයක් නිමවමින් සිටිනා බව දක්වා තිබුණි. මෙම යානය හයිටල් ලෙස නම්කර ඇති බව සඳහන් කොට තිබූ අතර රූපසටහනකුත් දක්වා තිබුණි.
![]() |
උපුටාගැනීම gossip9.com (සියලු හිමිකම් රූපසටහනේ මුල් අයිතිකරුවන් සතුය ) |
තොරතුර සැබෑවක් නම් ශ්‍රී ලාංකිකයින් ලෙසට අප ඉතාමත් සතුටුවිය යුතුය. අපේ මිනිහෙක් මෙවැනි අසමසම නිර්මාණයක් කරන්වා යන්න, සිංහලෙන් විද්‍යා දැනුම බෙදාදෙන්නට පෞද්ගලික කාළය හා ශ්‍රමය කැපකරන, විද්‍යාව හා තාක්ශණයට කුඩා කල සිටිම ඉමහත් ලෙස ඇලුම් කල මා වැන්නෙකුට ඉමහත් සතුටකි. අමෙරිකානුවන්ගේ, රුසියානුවන්ගේ, චීනුන්ගේ, ජපනුන්ගේ විද්‍යා තාක්ශණ හපන්කම් ලියමින් වෙබ් පිටු පුරවන මට අපේ මිනිහෙකුගේ හපන්කමක් ලියන්නට ලැබෙන්නේ වියසිදුරෙන් අහස බලන්නට ලැබෙන කැසබුවා මෙන් විරල අවස්ථාවකි. එබැවින් මේ gossip9 ලිපිය දෙතුන් වතාවක් මුල සිට අගට කියවූයේ ඌණ පූරණ සපයා ලිපියක් ලියන අදහසිනි. එහෙත් මෙම ලිපිය කියවන වාරයක් පාසා මීට කලකට ඉහතදී වතුරෙන් දුවන එන්ජිමක් තැනූ බව කියමින් ආයෝජකයින් පවා රැවැට්ටූ අපේ එකා සිහිවන්නට විය.
අපේ විද්‍යාඥයා නිර්මාණය කරනවා යයි කියන මේ හයිටල් ප්‍රහාරක යානයේ තාක්ශණය පිලිබඳව ගැටලු කිහිපයක්ම ඇත.
1] Mercury Vortex Engine
මොකක්ද මේ මර්කරි වෝටෙක්ස් එන්ජිම (රසදිය සුලි එන්ජිම)? ලිපියේ පවසන ආකාරයට මෙය රාවණ රජුගේ දඬුමොණර තාක්ශණයයි. එය ටිබෙටයේ ඉපැරණි බෞද්ධ ලාමා පන්සලක තිබූ හමුවූ පොත් කිහිපයක තිබූ බවත් චීනය ටිබෙටය ආක්‍රමණය කිරීම මෙම තාක්ශණය ලබාගැනීමට හේතුවක් බවත් කියැවේ. මේ කරුණුවල ගැටළු රාශියක් ඇත. ඔබ History Channel නාලිකාවේ සුප්‍රකට "Ancient Aliens" වාර්තා චිත්‍රපට මාලාව නරඹා ඇත්නම් එහි වැඩසටහන් ගණනාවකම මේ කියන මර්කරි වෝටෙක්ස් එන්ජිම පිලිබඳ කතාබහ වූ බව ඔබට මතක ඇති.
මර්කරි වෝටෙක්ස් එන්ජිම නමින් බටහිරයන් නම් තබා ඇති, රසදිය ආධාරයෙන් ප්‍රචාලන ශක්තිය ලබාගත්තායයි පැවසෙන "විමාන" නම් යානා ගැන පැරණි භාරතයේ වේද ග්‍රන්ථවල සඳහන් වනබව "ඒන්ෂන්ට් ඒලියන්" වැඩසටහනෙහි පුණ පුනා පැවසේ. මෙම තාක්ශණය පුරාණයේදී මහා භාරතයේ විසූ/ගවිෂණය කල පිටසක්වලයින්ගේ යානා වල විස්තරයක් බව ඒන්ෂන්ට් ඒලියන් වැඩසටහන මගින් තර්කයක් ඉදිරිපත් කරයි.
ඒන්ෂන්ට් ඒලියන් වැඩසටහන් මාලාව ගොඩනගන තර්කයේ හරිවැරැද්ද කෙසේවෙතත් රසදිය බලයෙන් පියාසර කරන පියාසර යානා ගැන අප දන්නා වාර්තා ලැබෙන්නේ, ඒන්ෂන්ට් ඒලියන් වැඩසටහන් මාලාවෙන්ද විස්තර කරන පරිදි, භාරතයේ ර්ර්‍ග් වේදයෙන්ය. මේ සඳහා සාක්ශි අන්තර්ජාලයේ ඕනෑතරම් ඇත. පුරාණ තිබ්බතයේ ග්‍රන්ථවලින් මෙවැනි පියාසර යානා පිලිබඳව විස්තර ලැබී ඇතිබවක් සොයාගන්නට නැත.
2] Area 51 & TR-3B
ඉන්පසු ලේඛකයා සුප්‍රකට ඒරියා 51 හිදී මේ තාක්ශණය අමෙරිකාව මගින් අත්හදා බැලූබව පවසයි. ඒරියා 51දී මෙම පර්යේෂණ පැවැත්වූ බව ලේඛකයා ස්ථිරව පවසන්නේ කෙලෙසදැයි පැහැදිලි නැත. (ඒරියා 51දී නිපැදවූ බවට හෝ අත්හදා බැලූබවට ස්ථිරව ප්‍රකාශ කල හැකි තාක්ශණයක් ගැන තොරතුරු නැති අතර ඇත්තේ අරයා මෙයා කිව්වා යයි කියන කටකතා පමණකි )
එමෙන්ම ඒරියා 51 අත්හදා බැලූ තාක්ශණයක් ශ්‍රී ලාංකිකයෙකු අතට පත්වන්නේ මේ කියන ශ්‍රී ලාකේය විද්‍යාඥයා ඒරියා 51 පර්යේශණවලට සහභාගීවූවෙකු නිසාද නැතිනම් පැරණි පොතපත කියවා මේ තාක්ශණය ඔහු තනිවම නිපදවූවාදැයි යන්නත් පැහැදිලි නැත.
මෙම ඒරියා 51 විස්තරයේ තවත් විකෘතියක් ඇත. එනම් ඒරියා 51දී මෙම රාවණ තාක්ශණය (එනම් ර්ර්‍ග් වේදයේ එන රසදිය ඇන්ජිම) TR-3B වර්ගයේ පැරණි ගුවන්යානයකට සවිකොට අත්හදාබැලූබව සඳහන් කිරීමයි. අලුත් ඇන්ජින් පැරණි යානා වලට (එනම් ක්‍රියාකාරිත්වය පිලිබඳ හොඳ විශ්වාසයක් ඇති යානා වලට) සවිකොට පියාසර පරීක්ශණ (flight test) පැවැත්වීම අලුත් දෙයක් නොවේ. එහෙත් ගැටලුව ඇත්තේ මේ කියනා TR-3B යානය පිලිබඳවයි. ගූගල් සෙවීමකදී මේ යානයේ ඇත්ත කතාව හෙලිවිය. මෙය පැරණි යානයක් නොව ඇමරිකාවේ ස්ථාන කිහිපයක දර්ශණය වී ඇති, තුන්හුලස් හැඩයක් ගන්නා බවට විශ්වාස කෙරෙන හඳුනා නොගත් පියාසර වස්තුවකි (එනම් යූ,ඇෆ්.ඕ එකකි). මෙය අතිශය රහසිගත ගුවන්යානා ව්‍යාපෘතියක නිර්මාණයක් බව පැවසේ. යානයේ යයි සැක කෙරෙන ඡායාරූපයක් හා අදාල විස්තරයක් පහත දැක්වේ.
![]() |
SOURCE : http://www.darkgovernment.com/news/tr-3b/ |
3] Hytle 7th Gen Strike Fighter
අප ලාංකේය විද්‍යාඥයා නිර්මාණය කරන යානය හයිටල් ලෙස හඳුන්වන බව පවසයි. රාවණ මහ නිරිඳාගේ දඬුමොනර යානය ආභාශයට ගත් මෙම යානය හයිටල් වැනි නට්සි ජර්මන් උරුවක් ඇති නමකින් හඳුන්වන්නට සිතුවේ ඇයිදැයි යන්න ගැන විචිකිච්චාවක් ඇතත්, ඊටවඩා බරපතල ගැටලු හයිටල් යානා විස්තරයේ ඇත.
යානයේ එන්ජින් 3ක් ඇති බවත්, එකක් රසදිය ඇන්ජිම බවත් අනෙක් දෙක පල්ස් ඩෙටොනේශන් එන්ජින් (PDE) වර්ගයේ ඒවා බවත් පැවසේ. රසදිය ඇන්ජිම ක්‍රියාකාරී නම් පල්ස් ඩෙටොනේශන් ඇන්ජින් කුමකටදැයි සාධාරණ පැණයක් නැගිය හැකිය. රසදිය ඇන්ජිමට උඩට පහලට පැත්තට යන්නට හා පල්ස් ඇන්ජිම මක් 5-10 වේගයෙන් යන්නට බව විස්තරයේ පැවසේ. එනම් රසදිය ඇන්ජිමට වේගයෙන් යා නොහැකි බව අනුමාන කල හැකිය. එහෙත් රසදිය ඇන්ජිමේ මුල් විස්තරය අනුව එය ග්‍රහලෝක අතර පවා ගමන් කල හැකි යානා වල ඇති එන්ජිමකි (පුරාණ ටිබෙට් පොත්පත් වලට අනුව - ර්‍රග් වේදයට අනුව රසදිය ඇන්ජින් ඇති යානා දෙවිවරුන්ගේ විමානයි - රාම කුමාරයාටද එකක් තිබූ බව කියැවේ). එවැනි එන්ජිමක් ඇති යානයකට තව පල්ස් ඩෙටොනේශන් එන්ජින් දෙකක් සවිකිරීම ෆෙරාරි එන්ජිමක් ඇති Anzo Ferrari කාරයක වේගය වැඩි කිරීමට තව මෝටර් සයිකල් එන්ජින් දෙකක් දෙපැත්තෙන් එල්ලීමක් වැනි යයි මට සිතේ.
පල්ස් ඩෙටොනේශන් එන්ජින් තාක්ශණය තවමත් ඉතා ළදරු අවදියේ තිබෙන තාක්ශණයකි. 2008 වසරේ මුල්වරට අත්හදා බැලුනු මේ පල්ස් ඩෙටොනේශන් එන්ජිමක් සහිත යානයක් එම ඒන්ජිමේ බලයෙන් පියාසරකල මුලු කාළය තත්පර 10ක් පමණය. පියාසර කොට ඇත්තේ අඩි 100ක උසකිනි! එන්ජිම විසින් සපයන ලද උපරිම පීඩනය නිව්ටන් 200කි!
මෙය සසඳා බලන කල මිග් 29 යානයක කිල්මොෆ් වර්ගයේ ජෙට් එන්ජින් 2ක් ඇති අතර එක් එන්ජිමකින් දෙන සාමාන්‍ය පීඩනය නිව්ටන් 50,000කි. එන්ජින් දෙකෙන් දෙන නිව්ටන් 100,000ක පීඩනයෙන් මිග් 29 යා හැක්කේ මක් 2කට අඩු සාමාන්‍ය වේගයකිනි. (උපරිම මක් 2.25)
ඒ අනුව මක් 5ක වේගයකින් යා හැකි පීඩනයක් ප්‍රායෝගිකව දිය හැකි පල්ස් ඩෙටොනේශන් එන්ජිමක් නිර්මාණයවීම 2016ට වඩා බොහෝ සෙයින් කල්ගතවන ව්‍යායාමක් බව නිසැකය.
වරද කොතනද?
අපගේ හයිටල් යානයට බලය දෙන රසදිය එන්ජිම රිග් වේදයේ හා ඒරියා 51 ඇති අතර පල්ස් ඩෙටොනේශන් එන්ජිම තවමත් බයිසිකල් තත්වයෙනුත් පහල ට්‍රයිසිකල් මට්ටමේ ඇත. එබැවින් එම යානයේ අඩංගු යයි කියවෙන අනෙකුත් තාක්ශණයන් පිලිබඳ විස්තර පසුවට තැබිය හැකිය.
කොතනක කුමක් හෝ වරදක් සිදුවී ඇත.
වැරදුනේ මට යයිද අප හෙල විදුදරුවාගේ සුපිරි හයිටල් යානයේ පරීක්ශණ පියාසැරිය අනාවැකිය පරිද්දෙන්ම 2016/2018 වසරවලදී සිදුවේවායයිද ශ්‍රී ලාංකිකයෙකු ලෙස මම උදක්ම ප්‍රාර්ථනා කරමි. සමහරවිට මේම යානය තනන විදුදරුවා මේ සියලු ගැටලු ලඟදීම නිරාකරණය කරනු ඇත.
patta machan oyage post nam igena ganna godak dewal tiyenwa,,,,,,,,,,,,
ReplyDeleteකිව්වත් වගේ මේක හරිම උභතෝකෝටික ප්‍රශ්නයක් !
ReplyDeleteහැබැයි ඔය වගේ නිර්මාණයක් කරනකොට රහසිගතව කරන්න ඕන ,නැත්නම් ප්‍රසිද්ධියෙ කරන්න ඕන.බලමුකෝ... 2016දි මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් වෙයි.කොහොම උනත් මේ වගේ දේකට සිංහල නමක් නොදාපු එකනම් බැලූබැල්මටම සැක සහගතයි...
කොහොම උනත් මේවගෙ දෙයක් ලංකාවෙ කවුරුහරි හදනවනම් ලොකු දෙයක්...
ara wathuren duwana engima boruwakda ethakota?eka ganat wistharayak daanna
ReplyDeleteඅපි ඉන්දියන් කාරයෝ කක්ක දාන්නෙ පාරේ කියල නම් උන්ට හිනා වෙනව.හැබැයි උන් උන්ගෙම කියල සුපර්සොනික් ජෙට් හදනවා.උන්ට අවුරුද්දකට පස්සෙ නිදහස හම්බ උන අපි මොනවද කරලා තියෙන්නෙ? මර්කරි වෝටෙක්ස් එන්ජින් දාල ප්‍රහාරක යානා හදන්න කලින් යකඩ බට ටිකක් පූට්ටු කරල ෆුට් සයිකලයක් හදපල්ලකො.ඕනම ගමනක් පටන් ගන්න ඕනෙ එක අඩියක් තියලා.අපේ උන් ගමන පටන් ගත්ත ගමන් අවසානෙට ටෙලිපෝට් වෙන්නනෙ හදන්නෙ.
ReplyDeleteඔබ කියනදේ හරි...
Deleteඅපි මොනවද කරලා තියෙන්නේ?
අපි හැමදාමත් අතීතකාමෙන් මත්වෙලා මුතුන්මිත්තෝ ගැන කියව කියවා සුද්දන්ට බැන බැන බුදියගෙන ඉන්නවා. ඉස්සර දුටුගැමුණු ගැන අතොරක් නැතුව දෙඩෙව්වා, දැන් රාවණ.
රාවණ මහරජතුමා ගැන මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා, කොටින්ම රාමරාවණ යුද්ධය පවා සැබැවින්ම සිදුවුනු බවට මට විශ්වාසයි.
ඒත් ඒවා ගැන කියව කියවා මුලු ලෝකෙටම අපහාස කරමින් හිනාවෙමින් සිටිම තමයි අපි ජාතියක් විධියටම වරද්දගෙන තියෙන්නේ...
+1
Deleteඇත්තටම ඒකනං ප්‍රශ්ණයක් තමා
ReplyDeleteමනස්ගාත !!
ReplyDeleteNice one. Keep writing.
ReplyDeleteමචන් මමත් මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ... ඒත් මෙන්න මේ සයිට් එකේ නං ඕව ගැන ගොඩක් විස්ර තියෙනවා... http://seuslsla.blogspot.com මේ බ්ලොග් ලියන කෙනා දඬුමොනරේ තාකෂනේ ගැන ලියල තියෙනවා....
ReplyDeleteබොහොම ස්තූතියි ලින්ක් එකට. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් වගේ.......
Deletehttp://helayugaya.blogspot.com මේකත් බලපන් කොල්ලා.... මචන් මට ප්‍රශ්නයක්... ඇයි ඔය වෛමානික මොකක්ද එක සුද්දන් දන්නවනේ අපිටත් වැඩිය... ඉතින් ඇයි බන් ඇයි ඕකුන් ඒක දියුණු කරලා හදන්නෙ නැත්තෙ.... ඔය හදන විදිය එහෙම ඔක්කොම ඕකෙ තියෙනවා කියලවනේ...
ReplyDeleteමම දන්න විධියට බටහිරයන් ඕවා බොහෝ සූක්ශමව අධ්‍යයනය කරනවා. ඒත් ඉතින් ඔය විස්තර වලට අනුව විතරක් විමානයක් හදන්න බෑනෙ.
Deleteseuslsla.blogspot.com එකෙන් උපුටාගන්නා ලදී...
රෞදී දර්පණය
රෞද්‍රී දර්පණය හෙවත් රෞද්‍රී කාචය යනු එයට මුහුණලා එන සියල්ල උණු කර ද්‍රව කල හැකි විමානයේ ඇති අවියකි.
පරානූක්ෂයන් පවසන පරිදි රුද්‍රාන්යෝෂරා සහ අබ්‍රලින්ග යන බලයන් ගැටුන විට රෞද්‍රී නැමැති රුදුරු බලය ඇති වේ. සුර්ය කිරණයන්ගෙන් ශක්තිය උරාගෙන රෞද්‍රි බලයෙන් සියල්ල උණු කර දැමිය හැකිවේ. මෙම රෞදී බලය හා සුර්ය කිරණ නැවතත් මිශ්‍ර වීමෙන් මාරික නැමති බලයක් හටගන්නා අතර එම බලය යොදාගැනීමෙන් සතුරු යනා විනාශ කල හැකි වේ.
දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.
ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක.
=======දැන් ඔය විස්තරේට අනුව ගෙදරදීම රෞද්‍රී දර්පණයක් හදාගෙන අහල පහල එවුන් උණුකරවා යවන්න පුලුවන්නෙ...
ඕක නං කියෙවුවා බන්.... මෙන්න මේ සයිට් එකත් හොදයි..ඒ සයිට් එකේ නං මේකෙ ටෙක් පැත්ත හොඳටම තියෙනවා http://sellipiya.blogspot.com/2009/09/blog-post_13.html ඒක නෙමෙයි ඔය වෛමානික ශාස්ත්‍රය පොත සිංහලට හරවපු එකෙක් එහෙම දන්නවද??
Deleteniyama lipiya....ape godak aya ravana ravan kiya kiya samajaya nomaga yavwanawa .....moun kiyana vidihata lokaye siyaluma de ravanaa soya gena etha ....meveni pehedhili kirim valin eva venas vei
ReplyDeleteඅනේ මන්දා මේවගේ ඇත්ත නැත්ත.... :-? කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් හා තාක්ෂණයට ආස කරන කෙනක් වශයෙන් 2016 එනතුරු බලා සිටිනවා. bt මේ වගේ දෙයක් වෙනවනම් ප්‍රවෘත්ති වලටවත් කිවිය යුතුයි නේද? (කිව්වද දන්නෑ මම දැක්කේ නැත)
ReplyDelete