BIONIC
Bionic යනු ස්වභාවධර්මයේ නිර්මාණ අනුකරණය කරමින් විවිධ ඉන්ජිනේරු නිර්මාණ කිරීමයි. බයොනික් යන යෙදුම ලොව හඳුන්වාදුන්නේ ජැක් ස්ටීල් නම් වෛද්‍යවරයායි. අමරිකානු ගුවන්හමුදාව වෙනුවෙන් පර්යේෂණ වල යෙදුනු ඔහු, 1958දී සිය පර්යේෂණ විස්තර කිරීම සඳහා බයොනික් යන නාමය භාවිතා කල අතර 1960දී එය නිළවශයෙන් විද්‍යා ශබ්දකෝශයට එකතුවිය.
BIONIC IN FICTION
බයොනික් වදන ලොව ජනප්‍රිය වූයේ 1974වසරේදී එලිදැක්වුනු "Six Million Dollar Man" නම් රූපවාහිනී විද්‍යා ප්‍රබන්ධ කථාමාලාව මගිනි. ඇමරිකාවේ ABC නාලිකාව මගින් විකාශය කරන ලද මෙය, 1980-1982 කාලය තුලදී, එකල TV Sri Lanka ලෙස හැඳින්වුනු (දැන් ITN) රූපවාහිනී චැනලය මගින් ශ්‍රී ලංකාවේ විකාශණය කරන ලදී.
දකුණු අත, පාද යුගල හා වම් ඇස වෙනුවට බයොනික් අංගෝපාංග බද්ධ කරන ලද අතර මෙම උපාංග මගින් ඔහුට සුපිරි ශක්තියක් ලබාදේ. බයොනික් පාද නිසා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දිව යාමේ හැකියාව ලැබෙන අතර, බයොනික් දකුණතහි ශක්තිය බුල්ඩෝසරයක ශක්තියට සමානවේ. වම් බයොනික් ඇස 20:1 zoom බලයක් ඇති ඩිජිටල් කැමරාවකින් සමන්විතය. එමනිසා බොහෝ දුර සිදුවෙනදේ බලාගැනීමේ හැකියාව ඔහුට ඇත.
අතිශයින්ම ජනප්‍රියවුනු මෙය කථාංග 99ක් දක්වා විහිදුනු අතර රූපවාහිනී චිත්‍රපට (made for TV movies) 6ක්ද ඒ අනුසාරයෙනු නිපදැවුනු අතර ඊට අනුබද්ධ The Bionic Woman නම් වැඩසටහන් මාලාවක්ද නිමැවිනි. එයද ඉතා ජනප්‍රිය වූ බැවින්
Bionic Woman, Six Million Dollar Man චරිත දෙකම එක් කල රූපවාහිනී චිත්‍රපට කිහිපයක්ද බිහිවිය.
Bionic eye from Bionics Institute
ඔස්ට්‍රේලියාවේ බයොනික්ස් ඉන්ස්ටිටියුට් නම් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් විසින් බයොනික් ඇසක් සාර්ථකව බද්ධ කොට ඇත. සම්පූර්ණයෙන්ම අන්ධව සිටි කාන්තාවකට, මේ බයෝනික් ඇස නිසා දැන් යම් තරමකට ආලෝකය පිලිබඳව සංවේදනය දැනෙන අතර යම් තරමකට හැඩයන් හඳුනාගැනීමේ හැකියාව ලැබී ඇත. බයොනික් ඇස බද්ධ කිරීමේ ශළ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඇය...
"කුමක් අපේක්ශා කරන්නදැයි මට සිතාගන්නවත් හැකියාවක් තිබුනේ නෑ, ඒත් දෑස් විවර කර මඳවේලාවකින් මට දිස්නයක් මෙන් යමක් පෙනුනා....ඒක හිතාගන්නටත් බැරි තරමේ අපූර්ව අත්දැකීමක්....."
බයොනික් ඇස ක්‍රියාකරන්නේ මෙහෙමයි
ඇස් කුහරයට බද්ධකල අක්ශිගෝලය තුල ඇති කැමරාව, දර්ශනයේ ඩිජිටල් අනුරුවක් මයික්‍රෝප්‍රොසෙසරයට යවන අතර, එය මගින් එම ඩිජිටල් අනුරුව දෘෂ්ටිවිතානයට සංවේදී විද්‍යුත් සංඥා බවට හරවයි. එම සංඥා සියුම් වයරයක් මගින් දෘශ්ඨිවිතානය වෙත ගෙනයයි. මෙම රෝගියාගේ දෘශ්ඨිවිතානය ආවේනික රෝගී තත්වයක් නිසා විනාශව ගොස් ඇති අතර දෘශ්ඨිවිතානය වෙනුවට බද්ධකොට ඇති උපාංගය මගින් මයික්‍රෝප්‍රොසෙසරයෙන් ලැබෙන සංඥා ලබාගෙන ප්‍රකාශ ස්නායුව (optical nerve) උත්තේජනය කරන අතර, ප්‍රකාශ ස්නායුවෙන් ලැබෙන සංඥා මගින් රූපය හඳුනාගනී.
දැනට බද්ධකොට ඇති කැමරාව මෙන්ම ප්‍රකාශ ස්නායුව උත්තේජනය කරන ඉලෙක්ට්‍රොනික උපාංගයද ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් ගෙනයාහැකි ඒවා වන අතර, අනාගතයේදී වඩා ප්‍රභල කැමරා, හා වඩා වැඩි ධාරිතාවයකින් යුතු කෘත්‍රිම දෘශ්ඨිවිතාන මගින් වඩා පැහැදිලි පෙනුමක් ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවේ.
Six Million Dollar Man ඩවුන්ලෝඩ කරගන්න පුළුවන් තැනක් දන්නවද? මට ලාවට වගේ මතකයි ඔය කතාව.. දැන් ආයෙත් බලන්න ආසයි...
ReplyDeleteමෙතනින් ගන්න.....හැබැයි ලොකු ෆයිල් එකක් 6.5GB
Deletehttp://thepiratebay.se/torrent/3584697/Six.Million.Dollar.Man.Season.1.Complete.xvid
This is really interesting, You’re a very skilled blogger.
ReplyDeletemobile repairing course in delhi
mobile repairing institute
mobile repairing course near me