අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

MARS UPDATE: කිව්රියෝසිටි රෝවරය අඟහරු මත ගලා යන දිය පාරවල් තිබුණු බවට සළකුණු සොයාගනී.


අඟහරුවා මත ගොඩ බැස දින 50 ඉක්ම යද්දී කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය සිය විද්‍යා ගවේශණ චාරිකාවේ ප්‍රථම වැදගත් සොයාගැනීම වාර්තාකොට ඇත.

ඒ, යානය ගොඩබැස සිටින ගේල් ආවාටය අවට ප්‍රදේශයේ ගලා ගිය ප්‍රමාණයෙන් විශාල දොළ පහරක සාධක සොයා ගැනීමෙනි. රෝවරයේ ප්‍රධාන කැමරාවලින් ගන්නා ලද ඡායාරූප වලට අනුව එම ස්ථානය අඟහරුවා මත ගලා ගිය ඉපැරණි දොළ පහරක පතුලක් බවට සනාත කෙරෙන, දීර්ඝ කාළයක් ජලය ගලා යාමෙන් පමණක් ඇතිවන්නා රවුම්, සුමට ගල් කැබිළිති අඩංගු ප්‍රදේශයක් බව තහවුරු වී ඇත. මෙවැනි සුමට, රවුම් ගල් කැබලි ඇතිවන්නේ දීර්ඝ කාළයක්, එනම් අඩුම ගණනේ වසර දහස් ගණනක්වත් ගලා ගිය ජලප්‍රවාහයකින් බව විද්‍යාඥයින් පවසයි.



පහත ඡායාරූපය, අඟහරු විද්‍යාගාරය මගින් ගන්නා ලද, අඟහරුවාගේ වියලීගිය ජල පහරක පතුලේ පාශාණ හා සැළකිය හැකි ප්‍රදේශය හා පෘථිවියේ එවැනි වසර දහස් ගණනක් ගලාගොස් වියලීගිය දොළ පහරක පතුලේ ඡායාරූප හා කෙරෙන සැසඳීමකි. ඔබට පෙනෙන අන්දමට අඟහරුවාගේත්, පෘථිවියේත් මෙම ඡායාරූප දෙකෙහි දැකිය හැකි සැළකිය යුතු වෙනස වන්නේ අඟහරුවාගේ ඡායාරූපය, එයට ආවේනික මලකඩ රතු පැහැයෙන් තිබීම පමණකි.


මේ අනුව කලින් අනුමාන කල ආකාරයට වඩා ඉතා දීර්ඝ කාළයක් අඟහරුවා මත ගලායන ද්‍රව ජලය තිබූ බව තහවුරු වන බවත්, ඒ අනුව අඟහරුවා මත ජීවය හට ගැනීමට ඇති ඉඩකඩ වඩාත් වැඩි වන බවත් නාසා විද්‍යාඥයින් පවසනවා.

මෙම ප්‍රදේශය තව දුරටත් අධ්‍යයනය කෙරෙමින් පවතින අතර දැනට නාසා විද්‍යාඥයින් කර ඇති ඇස්තමේන්තු අනුව මෙම ජල පහර තත්පරයකට අඩි 3ක පමණ වේගයෙන් ගලා යන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර මිනිසෙකුගේ ඉන දක්වා, එනම් අඩි 3-4ක් පමණ ගැඹුරු වන්නට ඇතැයිද පැවසේ.

නාසා විද්‍යාඥයින්ගේ ඊලඟ අරමුණ මෙම ප්‍රදේශය තුල ජීවයේ සාධක වන ජීව කාබනික ද්‍රව්‍ය (organic carbon) තිබුණේදැයි සොයා බැලීමයි.

Comments

  1. අගහරු පිලිබද ලිපිපෙල දිගටමලියන්න.සමහරවිට කුරුමිට්ටෙක් හමුවන්නත් පුලුවන්

    ReplyDelete

Post a Comment