අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සී.අයි.ඒ ඩ්‍රෝන යානා වලට ඇෆ්ඝනිස්ථානයේ හා පාකිස්ථානයේ අල් ඛයිඩා ඉලක්ක පෙන්නවන අධෝරක්ත සංවේදක


ඉහත පෙනෙන ඉලෙක්ට්‍රොනික පරිපථය අඟල් එකහමාරක් පමණ වන අතර කුඩා වොල්ට් නවයේ බැටරියකින් ක්‍රියාත්මක වේ. සංකීර්ණ බලශක්ති කළමණාකරන උපක්‍රම වලින් සමන්විත මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට බැටරි බලයෙන් පැය 100ක පමණ කාලයක් ක්‍රියාත්මක විය හැකි අතර එය ප්‍රභල අධෝරක්ත සංඥාවක් නිකුත් කරයි. සැතපුම් 5ක් පමණ ඉහල අහසේ සිට නිරීක්ශණය කල හැකි මෙම අධෝරක්ත කදම්භය පාකිස්ථානයේ හා ඇෆ්ඝ්නිස්ථානයේ දුශ්කර ප්‍රදේශ වල ඇති අල් ඛයිඩා ත්‍රස්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යන නිවාස හා ගොඩනැගිලිවල අමුණන්නේ සී.අයි.එ සංවිධානය මගින් ගෙවීම් කරන පශ්ඨාන් නම් ගෝත්‍රික කණ්ඩායමක් මගිනි.

සී.අයි.ඒ ඔත්තු කරුවන් ලෙස ක්‍රියාත්මක වන පශ්ඨාන් ගෝත්‍රිකයින් අල් ඛයිඩා කඳවුරු හා අල් ඛයිඩා නායකයින්, මෙහෙයුම් කරුවන් සැඟවී සිටින නිවාස පිලිබඳව සෙවිල්ලෙන් සිට හොර රහසේ මෙම කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථ එම නිවාසය අවට අටවා සී.අයි.ඒ මෙහෙයුම් කරුවන් හට දැනුම් දෙයි. අහසේ සිට මෙම අධෝරක්ත කදම්බ හඳුනාගැනීමට ඩ්‍රෝන යානාවල අධෝරක්ත කැමරා සමත්වන අතර දින ගනනාවක් අහසේ සැඟවී සිටිමින් මෙම නිවාස පිලිබඳව සෙවිල්ලෙන් සිටිනා ඩ්‍රෝන යානා සැක කටයුතු පුද්ගලයන් හෝ වාහන මෙම නිවෙස් කරා පැමිණි පසු සිය හෙල්ෆයර් මිසයිල දියත් කොට එම නිවාස අල් ඛයිඩා ත්‍රස්තයින් සමගම පුපුරවා හරියි.

මීට අමතරව අල් ඛයිඩා සාමාජිකයින් ලෙස සැක කෙරෙනවුන්ගේ ජංගම දුරකථනවලට කුඩා චිපයන් ඇතුලුකොට එම දුරකථන සංඥා අහසේ ඇති ඇමරිකන් ඩ්‍රෝන යානාවල සංවේදක වලට හසුකර ගැනීමේ තාක්ශණයක්ද ඇත. අල් ඛයිඩා සාමාජිකයින්ගේ ජංගම දුරකථනවලට මෙම සී.අයි.ඒ චිපයන් හොර රහසේ ඇතුලුකරන්නේද සී.අයි.ඒ සංවිධානයට සේවය කරන ඇෆ්ඝන් හා පාකිස්ථානු ජාතිකයින් විසින් බව පැවසේ.

ඇෆ්ඝනිස්ථානයේ ගෝත්‍රික ජනතාව සමග සම්මිශ්‍රව ගමන්ගන්නා ඇමරිකානු සී.අයි.ඒ හෝ විශේෂ මෙහෙයුම් ක්‍රියාකාරියෙකු..
මීට අමතරව ඇෆ්ඝන් ඔත්තුකරුවන්ගේ සහයෙන් සී.අයි.ඒ හා අමෙරිකානු ඒකබද්ධ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කොමාන්ඩෝ ඒකකද ඇෆ්ඝනිස්ථානය හා පාකිස්ථානයේ ඇෆ්ඝනිස්ථානය යාබද ප්‍රදේශවල සිවිල් ඇඳුමින් නිරන්තරව ගැවසෙමින් ඩ්‍රෝන ප්‍රහාර සඳහා බුද්ධි තොරතුරු එකතු කරමින් සිටින බව ඇෆ්ඝනිස්ථානයෙන් හා පාකිස්ථානයෙන් ලැබෙන නවතම වාර්තාවල සඳහන් වෙයි.

එමෙන්ම තවමත් එලිනොදැක්වුනු පොතක් වන "Obama's Wars" උපුටාගැනීමක් දක්වන වොශිංටන් පෝස්ට් පුවත්පත සී.අයි.ඒ සංවිධානයට හොඳින් පුහුණුකොට සන්නද්ධ කරන ලද 3000ක පමණ ඇෆ්ඝන් සටන් කණ්ඩායමක්ද සිටී. "Counterterrorist Pursuit Teams" ලෙස හඳුන්වන මෙම කණ්ඩායම් පාකිස්ථානයේ හා ඇෆ්ඝනිස්ථානයේ දුශ්කර ප්‍රදේශවල පිහිටි අල් ඛයිඩා කඳුවුරු වලට කඩා වැදී ඒවා විනාශ කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා ඇති බව පවසයි.

Comments

Post a Comment