අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000ක් සිදුකල හැකි TITAN සුපිරි පරිගණකය


උපරිම වේගය - පෙටෆ්ලොප් 20කි (තත්පරයට ගණිතකර්ම ට්‍රිලියන 20,000)
නිශ්පාදකයා - ක්‍රේ සුපිරි පරිගණක සමාගම
සේවාදායකයා - ඕක් රිජ් ජාතික පර්යේශණායතනය, අමෙරිකා එක්සත් ජනපදය
ප්‍රොසෙසර් වර්ග හා ගණන - AMD Opteron 6274 ප්‍රොසෙසර් 299,008ක් හා nVidia Tesla K20 ප්‍රොසෙසර් 18,688ක්
ක්‍රියාත්මක වූ දිනය - ඔක්තෝම්බර් 2012
මතක ධාරිතාව - ටෙරාබයිට් 710කි

ටයිටන් සුපිරි පරිගණකය බලගන්වන ඒ.එම්.ඩී ඔප්ටෙරෝන් හා එන්විඩියා ටෙස්ලා ප්‍රොසෙසර්





Comments

  1. මටත් ඕකෙන් ප්‍රොසෙසර් 4ක් 5ක් වගේ දාලා එකක් හදාගන්න බැරිවෙයිද මනදා..
    ස්තූතියි දැනුවත් කලාට..

    ReplyDelete
  2. Aparade. Intel xeon use kalanam ochchara cpu one venne naha

    ReplyDelete
  3. සුපිරිම තමයි. ස්තුතියි දැනුවත් කලාට .

    ReplyDelete
  4. අම්මා ගහයි කිව්වලු. :) මරු

    ReplyDelete

Post a Comment