ස්ථානය : ශුකෝෆ්ස්කී ජාත්‍යන්තර යුධ-අවි ප්‍රදර්ශණය, මොස්කව්, රුසියාව
ගුවන්යානා නවතා තැබීමට ඉදිකරන ලද දැවැන්ත හැඟර් ගොඩනැගිල්ල (aircraft hanger) නවීනතම යුධ අවි පිලිබඳ තොරතුරු ලබාදෙන කුටිවලින් පිරී ඇත. නවීනතම සන්නද්ධ රථවල කුඩා පරිමාණයේ ආකෘති, නවතම වෙඩි නොවදින සන්නාහ ඇඳුම් (bullet-proof body armour) , ඉතා නිවැරදිව ඈත එල්ලයන් හට වෙඩි තැබිය හැකි ලේසර් මගින් ඉලක්ක ගන්වන නවතම ස්නයිපර් තුවක්කු, රුසියානු ගගනවිද්‍යා තාක්ශණයේ නවතම නිර්මාණ වන අවරපෙති දෙකේ (co-axial twin rotor) ප්‍රහාරක හෙලිකොප්ටර්, රොකට් පද්ධති, මිසයිල පද්ධති නිපදවන සමාගම් වෙළඳකුටි ඉදිරිපත් කොට ඇති අතර, ජාත්‍යන්තර අවි ගැනුම්කරුවන් සිය ප්‍රදර්ශණ කුටිවලට ආකර්ශණය කරගැනීමට සිය ආයුධවල ක්‍රියාකාරිත්වය පෙන්වාදෙන සජීවීකරණ ප්‍රචාරණ චිත්‍රපට හා එම ආයුධ යොදාගෙන සිදුකරණලද ක්ශේස්ත්‍ර පරීක්ශණ (field test)වල වීඩියෝ පට ප්‍රදර්ශණය කරති.
ප්‍රදර්ශණ කුටි තුල ආසියා, අප්‍රිකා හා මැදපෙරදිග රටවල අවි ගැනුම්කරුවන් හා නැගෙනහිර යුරෝපීය ගැනුම් කරුවන් නවීනතම රුසියානු යුධතාක්ශණය පිලිබඳ තොරතුරු එක් රැස් කරමින් සිටිති. මෙම වෙළඳ කුටි අතුරින් ඉරාණයෙන් පැමිණි ගැනුම්කරුවන් වැඩිමවේලාවක් ගතකල එක් වෙළඳ කුටියක් වන්නේ ගුවන්කළාප ආරක්ශණ පද්ධති (air-defense systems) නිර්මාණයේ දැවැන්ත රුසියානු සමාගමක් වන "ඇල්මාz-ඇන්ටේයි (Almaz-Antey)" සමාගමේ වෙළඳ කුටියයි.
ඩොලර් බිලියන 4කට වැඩි වාර්ෂික ආදායමක් ඇති මෙම සමාගමේ වෙළඳකුටියේ විශාල LED තිරයක දිවෙන පරිගණක සජීවීකරණයක් දෙස ඉරාණ ගැනුම්කරුවන් පිරිස නෙත් අයාගෙන බලාසිටී. එහි දිස්වෙන්නේ තවමත් සක්‍රිය සේවයට පවා එක් නොවුනු නවතම අමෙරිකානු ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන F-35 Lightening II යානයක් වෙත එල්ලවන මිසයිල ප්‍රහාරයකි. F-35, දැනට සක්‍රිය සේවයේ යොදවා ඇති F-22 ස්ටෙල්ත් යානයටත් වඩා නවතම නිර්මාණයකි. මක් 6ක්, එනම් ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයෙන් ඇදීයන මිසයිලය F-35 යානයේ වැදී එය ගිණිබෝලයක් වීමෙන් වීඩියෝව නිමාවෙයි. වීඩියෝව අවසානයේ ඉරාණ ගැනුම්කරුවන් වෙත සිනාමුසු මුහුණින් පැමිණෙන තරුණ රුසියානු අලෙවි නිළධාරියා වෙත ඉරාණ ගැනුම්කරුවන්ගෙන් ප්‍රශ්ණ වැළකි. ගගන විද්‍යා ඉංජිනේරුවෙකුද වන ඇල්මාz නියෝජිතයා ඉරාණ ගැනුම්කරුවන්ගේ ප්‍රශ්ණවලට ඉතා පැහැදිලි පිළිතුරු ලබාදෙයි.
F-35 Lightening II
අමෙරිකානු ලොක්හීඩ් මාටින් සමාගමේ නිපදවන F 35, වසර 16ක් පුරාවට ඩොලර් බිලියන 396 ආයෝජනය කොට නිපදවන ලද අතිශය සංකීර්ණ, ස්ටෙල්ත් ප්‍රහාරක යානයකි.
*** ශ්‍රී ලංකාවේ 2012 වසර සඳහා ඇස්තමේන්තු කරන ලද දළ ජාතික නිශ්පාදිතය ඩොලර් බිලියන 64ක් පමණකි - එනම් අමෙරිකාව F-35 යානය නිපදවීමට ලංකාවේ මුලු දළ ජාතික නිශ්පාදිතය මෙන් 6ගුණයක මුදලක් ආයෝජනය කොට ඇත.
Almaz-Antey S-300PMU Anti-Aircraft Missile System
S-300PMU ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය (නේටෝ සංවිධානය ලබාදී ඇති කේතය SA-21 Growler) ඇල්මාz සමාගමේ නවතම නිර්මාණයයි. ඉතාමත් වැඩි දියුණු කරන ලද මෙම පද්ධතියට විවිධ තරංග ආයාම වලින් සතුරුයානා සොයන රේඩාර් ඒකක 4ක් ඇති අතර මිසයිල විදින 4කින්ද (missile launchers) සමන්විතය. රේඩාර් පද්ධතියට එක්වර ඉලක්ක 100ක් පිලිබඳ අවධානයෙන් සිටිය හැකි අතර මිසයිල විදිනයට වෙනස් ඉලක්ක 4කට එකවර මිසයිල 4ක් මුදාහැරිය හැකිය.
![]() |
S300 ගුවන්යානා නාශක මිසයිල පද්ධතියේ පූර්ණ ස්ථානගත කිරීමක් (A fully deployed S300 system) |
Russian Anti-Stealth Technology
රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණය කොටස් දෙකකින් සමන්විතය. එකක් අධි-සංවේදී බහු-තරංග රේඩාර් (Super-sensitive, multi-band radar) පද්ධතියකින් සමන්විත වන අතර අනෙක් කොටස මිසයිල වලට ලබාදී ඇති අධි-සංවේදී ඉලක්ක සෙවුම් උපකරණයි (Super-sensitive X band seeker).
Super-sensitive, multi-band radar
රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණයේ වැදගත්ම කොටස වන්නේ අධිසංවේදී, බහු තරංග රේඩාර් පද්ධතියයි. මෙම පද්ධතිය, VHF, X band, S band හා L band තරංග පරාසවලින් සතුරු යානා සෙවීමට සමත්ය.
VHF තරංග මගින් ඉදිරියට එන සතුරු යානා හඳුනාගත හැකි අතර, S හා L තරංග නිකුත්කරන රේඩාර් මගින් යානාවල පැතිමගින් (sides) රේඩාර් තරංග පරාවර්තනය කොට ඡායාවක් ලබාදීමට හැකිය.මෙම බහු තරංග මගින් ලබාදෙන රේඩාර් පරාවර්තන ඩිජිටල් පරිවර්තක මගින් ඩිජිටල් සංඥා බවට හරවන අතර එම ඩිජිටල් සංඥා අතරින් ස්ටෙල්ත් යානාවලින් නිකුත්වන කුඩා රේඩාර් ඡායා හඳුනා ගැනීමට මෙම රේඩාර් පද්ධතියේ පරිගණක වැඩසටහන් වලට පුළුවන. ස්ටෙල්ත් යානයක රේඩාර් ඡායාවක් හඳුනාගත් වහාම එම තොරතුරු මිසයිල විදිනය වෙත යවන අතර විදිනය මගින් මිසයිලය ඉලක්කය වෙත එල්ල කොට දියත්කරයි.
Super-sensitive X band seeker + Mach 6 missile
මිසයිලය දියත්වුනු පසු, ඉලක්කය හඹායාමේ කාර්යය මිසයිලයේ ඇති ඉලක්ක සෙවුම් උපකරණයට (target seeker) භාරවෙන අතර මෙය X රේඩාර් සංඥාවලට සුපිරි සංවේදීත්වයක් දක්වයි. රේඩාර් පද්ධතියේ ඇති X කාණ්ඩයේ රේඩාර් තරංග, හඳුනාගත් යානය වෙත එල්ල කරන අතර එයින් පරාවර්තනය වන X කාණ්ඩයේ රේඩාර් තරංග ඡායා මිසයිලයේ target seeker මගින් හඳුනාගෙන මිසයිලයේ එල්ලය තබාගනී.
මෙම පද්ධතියේ අවසාන තාක්ශණික ජයග්‍රහණය වන්නේ මිසයිලයට ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයෙන් ඉලක්කය හඹායාමේ හැකියාවයි. මිසයිලයේ ඇති target seeker මගින් නිරන්තරවම මිසයිලය යානයවෙත ඉලක්ක කොට තබාගන්නා අතර අධික වේගය නිසා මිනිත්තු දෙක තුනකදී සතුරු යානය වෙත ලඟා වීමට මිසයිලයට හැකියාව තිබේ.
වෙනදා වගේම අලුත් යුධ තාක්ෂණය පිළිබඳ හොඳ ලිපියක්.
ReplyDeleteනියම ලිපියක්...
ReplyDeleteමැක්සා
ReplyDelete